දයාබර සොයුරු..සොයුරියනි
මට මේ මෑතක මෙහි පල කොට ඇති සටහන් කියවන කොට මගේ හිත මහ මොකද්දෝ යකඩ කූරකින් සුරනවා වගේ වේදනාවක් දැනෙන්න ගත්තා..
ඒක ඉවසගෙන ඉන්න බැරි තැන තමයි මෙහෙම අකුරු කරන්න හිතුවේ..
එකට කූඩු වෙලා එක බත් පත බෙදා ගනිමින් අනුන්ගේ දුකේදී පපුව හොඳටම ඇරල පෙන්වමින් හිටපු අපි ඇයි මේ මුර පදයකට මැසිවිලි දොඩමින් විරසක වෙන්න යන්නේ කියල හිතට මහ කාලකන්නි හැගීමකින් මාව වෙලාගෙන..
මම මෙතැනට ආව දවසේ ඉඳල අද වෙන තුරු නොතිබුනු ගැටළුවක් අද වෙනකොට මතුවෙලා..
අපිව වැටෙනකම් හිනා වෙන්න බලාගෙන ඉන්න අයට අපිම ඉණි මං බැඳල දීලා...ඒවා දිගේ උන් උඩටම නැගල වෙන්නේ මොනවද කියල ඔච්චමට වගේ බලං ඉන්නවා...
අපි එහෙම වෙන්න ඉඩ දිය යුතුද??
අපේ සමගිය..අපේ එකමුතුකම... අපේ මේ රත්තරං පුංචි පවුල කඩා ඉහිරවා ගත යුතුද???
කඩා ඉහිරවගන්න යන්නේ එක නිමේශයයි...නැවත හදන්න කල්පයක් බලා ඉන්න වෙනවා....
හැම කෙනෙකුටම තියෙනවා තමන්ගේ අදහස් නිදහසේ ප්‍රකාශ කිරීමේ අයිතියක්..ඒවා මත හා ප්‍රකාශන වශයෙන් පමනක් සලකා අපි මේ ආවේගශීලී සංවාදයට මෙතනින් තිත තියමු කියල මම මගේ සහෝදර...සහෝදරියන් හැමෝගෙන්ම මේ අවස්ථාවේ ආදරයෙන් ඉල්ලා සිටිනවා..
අපි මේවා කාලයට බාර දෙමු..කාලය මීට වඩා අසාධ්‍ය..දරුණු තුවාල සුව කරල තියෙනවා...
මගෙන් යම් සිත් රිදවීමක් මේ සංවාදයේදී කාට හෝ නොදැනුවත්ව සිදු වුවානම් එයටත් සමාව භජනය කරන්න මම මෙය අවස්ථාව කර ගන්නවා....
අපි එකට එක්වී පෙර සේ මෙම ජනතා මෙහෙවර අඛන්ඩව පෙරටම ගෙන යමු..
වාද විවාද පසෙක ලා අපි අපේ හෙට වෙනුවෙන් අද කැප කරමු....
අපි අද මේ හූය මෙලෙස අසීරුවෙන් හා එකමුතුවෙන් ඇදගෙන ගියොත් තමයි මතු පරපුරට මේක රිසි සේ පරිහරනය කරන්න ලැබෙන්නේ.....එය අප සියදෙනාම එක් රැස් කර ගන්නා විශාල කුසල කර්මයක්..
අප මෙතෙක් මෙම පුංචිම පුංචි හූයෙන් කර තිබෙන පුංචිම පුංචි දේ, අතු පතර විහිදුනු මහා විශාල හූයන්ගෙන් වත් කර නැති බව විතරක්ම හිතලා වුනත් කල්ප කාලයක් අපේ මේ රත්තරං පවුලේ ඔක්කෝටම හද පුරා ආඩම්බර වෙන්න පුළුවන්....
සියලු දෙනාටම සුබ ඉරිදා සැන්දෑවක්....

Last edited:
...ගොඩාක් ස්තුතියි සහෝ...ලස්සන සිංදුවක්...