123rd Founder's day of ANANDA is Celebrated TODAY. Thank you MOTHER ANANDA for 123 years of LEADERSHIP to the COUNTRY. May thousands more be guided under your shelter.
ωε, Aиαиdιαиs иεvεя тяч тσ яε-ιиvεит тнε ωнεει. ωε jυsт мαкε нιsтσяч...
මෙතෙක් ඉතිහාසය
ආනන්දය ජාතියේ හා දේශයේ අභිමානයයි . බෞද්ධ අධ්‍යාපනයේ මුදුන් මල්කඩ වන් ආනන්දයේ ආරම්ර්භයේ සිට අද වනතුරා වසර 123 ක් තුල සිදුවූ දෑ බොහෝය . ඒ කීර්තිමත් වූ ඉතිහාසය අභිමානයෙන් යුතුව සිහි කිරීමට මේ කාලයයි .
ශ්‍රීමත් හෙන්රි ස්ටීල් ඕල්කොට් මැතිතුමන් , හිකක්ඩුවේ ශ්‍රී සුමංගල හිමිපාණන් ඇතුළු බුද්ධිමතුන්ගෙන් රැස්වු පරමවිඥානාර්ථ බෞද්ධ සමාගමේ පැවැත්වු බෞද්ධ මහ සභාවේ තීරණයක් අනුව වර්ශ 1886 නොවැම්බර් 01 වන දින මැලිබන් වීදියේ අංක 64 දරන ස්ථානයෙහි ” දිනපතා බෞද්ධ ඉංග්‍රීසි පාඨශාලාව” නමින් බෞද්ධ සිසුන් සදහා ඉංග්‍රීසි මාධ්‍ය පාසැලක් විවෘත විය . මෙහි ආරම්භක සිසුන් සංඛ්‍යාව 35 ක් වූ අතර 1885 දී ශ්‍රී ලංකාවට පැමිණි සී.ඩබ්.ලෙඩ්බීටර් මහතා මෙහි පළමු විදුහල්පති ලෙස වැඩ ආරම්භ කරන ලදී.
එදා පැවති පාසල් ආණ්ඩුවේ ලියාපදිංචි කල යුතු වූ බැවින් පරමවිඥානාර්ථ බෞද්ධ සමාගම විසින් 1889 ජනවාරි 16 වැනි දින මෙම පාඨශාලාව ලියාපදිංචි කිරීම සදහා ඉල්ලුම් කරන ලදී . තවද මෙම දිනයේ සිදුවු විශේෂම සිදුවීම වනුයේ ආනන්දයේ ප්‍රථම ත්‍යාග ප්‍රධානෝත්සවය ශ්‍රීමත් ඕල්කොට් තුමන්ගේ ප්‍රධානත්වයෙන්
පැවැත්වීමයි . මින් මාස තුනකට පසු එනම් 1889 මාර්තු මස දී ” දිනපතා බෞද්ධ ඉංග්‍රීසි පාඨශාලාව ” ආණ්ඩුවේ ලියාපදිංචි කරන ලදී. මෙම මාසයේදී සිදුවු තවත් විශේෂ සිදුවීමක් වනුයේ ආනන්දයට අළුතින් ආචාර්යන් දෙදෙනකු එක්වීමයි . ඒ මදුරාසි සරසවියේ උපාධිය ලැබු ඔලිවර් ජේම්ස් මහතා සහ භාත් මහතායි .
මෙම පාසලේ සාර්ථකත්වය කොතෙක්ද යත් මැලිබන් වීදියේ අංක 64 දරන ස්ථානයෙහි ඉඩකඩ මදිවීම නිසා කුමාර වීදියේ අංක 19 දරන ස්ථානයට මෙම දිනපතා බෞද්ධ ඉංග්‍රීසි පාඨශාලාව ගෙන යන ලදී . මෙම 1889 වර්ශයේ දෙසැම්බර් මස මෙම පාසලෙන් ඉගෙනුම ලැබූ ජේ.පී.ආර්.වීරසූරිය සිසුවා කේම්බ්‍රිජ් ජුනියර්
විභාගයෙන් සමත්වීම විශේෂ සිදුවීමකි .
මින් වසර එකකට පසු එනම් 1890 වර්ෂයේ දී බෞද්ධ ඉංග්‍රීසි පාඨශාලාවේ විදුහල්පති ලෙස ඒ.ඊ.බුල්ජන්ස් මහතා විසින් වැඩ භාරගනු ලැබීය . ඔහුගෙන් පසු ඉතා කෙටි කලක
ඩී.ඒ.විට්ටච්චි මහතා විසින් වැඩ බලන ලද අතර බෝලිස් ඩැලී මහතා පාසල් කළමණාකරු ලෙස ක්‍රියාකරන ලදී .
මෙම වසරේ සිදුවු තවත් විශේෂ සිදුවීමක් වනුයේ බෞද්ධ ඉංග්‍රීසි පාඨශාලාව යලිත් මැලිබන් වීදියේ අංක 64 දරන ස්ථානයට ගෙන යෑමයි . මෙයට හේතුව වුයේ පිටකොටුව කතෝලික පාසලක ප්‍රධාන අචාර්යවරයකු ගෙන් ඇතිවු බලවත් විරෝධයයි . මෙම වසරේදීම ඔක්තෝම්බර් මසදී ශ්‍රීමත් ඕල්කොට් තුමන්ගේ ප්‍රධානත්වයෙන් ආනන්දයේ
දෙවන ත්‍යාග ප්‍රධානෝත්සවය පැවැත්වීමයි .ඉන්පසු 1892 වසරේදී පාසලේ සිසුන් සංඛ්‍යාව 200 ක් වූ නිසා පාසල් අරමුදලක්ද ආරම්භ කරන ලදී . පාසලේ සිසුන් සංඛ්‍යාව ක්‍රමයෙන් වැඩිවීමේදී බෞද්ධ පරිත්‍යාගශීලීන් පාසලට උදව් කිරීමට ඉදිරිපත් වූහ . ඒ අනුව 1894 ජනවාරි 18 වන දින මුදළිදු ටියුඩර් රාජපක්ෂ මහතා විසින් මරදාන පරණ වාඩිය ප්‍රදේශයෙන් අක්කර 3 1/2 ක භූමි ප්‍රදේශයක් පාසලට පරිත්‍යාග කරන ලදී . ඉන්පසු 1895 අගෝස්තු 17 වන දින මෙම ස්ථානයට ගෙන යන ලදී .
වසර 1898 දෙසැම්බර 15 වන දින ආනන්දයේ ප්‍රථම සිංහල විදුහල්පති පත්වුනි . ඒ ශ්‍රීමත් ඩී.බී.ජයතිලක මහතායි . ශ්‍රීමත් ඩී.බී.ජයතිලක මහතාගේ කාලය තුල සිදුවු විශේෂ සිදුවීම ලෙස ආනන්දයේ ප්‍රථම ආදී ශිෂ්‍ය සංගමය බිහිවීම වේ . 1910 මාර්තු මසදී එතුමා පාසලෙන් ඉවත් වූ අතර 1910 අප්‍රේල් 15 වන දින ඇම්.යූ.මුවර් මහතා විදුහල්පති පදවියට පත්වුනි . එතුමාගේ කාලය තුල සිදුවු විශේෂ සිදුවීම ලෙස ගොඩනැගිලි ප්‍රතිසංස්කරණය හා ඉදිකිරීම් වැදගත් වේ .
ඉන්පසු 1914 ජනවාරි 30 වන දින ප්රිට්ස් කූන්ස් නම් මහතා විදුහල්පති පදවියට පත්වුනි . ඒ මහතාගේ කාලය තුල සිදුවු විශේෂ සිදුවීම් ලෙස ආනන්දයේ ප්‍රථම ශිෂ්‍ය නිවාසය ආරම්භ කිරීම , 1915 දී ආනන්දයේ ප්‍රථම බාලාංශ පන්ති ආරම්භ කිරීම , 1916 දී ආනන්දයේ ප්‍රථම චිද්යාගාරය ” විල්සන් ඩයස් අනුස්මරණ චිද්යාගාරය” ලෙසින් විවෘත කිරීම වැදගත් වේ . ඉන්පසු විදුහල්පති පදවියට පත්වුයේ පී.ද.ඇස්.කුලරත්න මහතාය . ඒ 1918 ජනවාරි 1 දිනදීය . ඒ මහතාගේ කාලය තුල සිදුවු විශේෂ සිදුවීම් ලෙස දුටුගැමුණු අරමුදල ඇතිකර පන්ති කාමර සංවර්ධනය , භික්ෂූන් වහන්සේලාට ඉංග්‍රීසි පන්ති පැවැත්වීම , සිංහල පාළි සංස්කෘත පන්ති පැවැත්වීම , ආනන්දයේ වෛද්‍ය විද්‍යා අංශය ඇතිකිරීම , ” සිංහළ දරුවා ” මාසික සගරාව පළකිරීම ,ඒ . සිත්තම්පලම් මහතා යටතේ දෙමළ මාධ්‍ය පන්ති ආරම්භ කිරීම , 1920 දී ආනන්දයේ ප්‍රථම කැඩෙට් කණ්ඩායම ඇතිකිරීම හා කැම්බල් පෙදෙසින් අක්කර 4 ක භූමි ප්‍රදේශයක් පාසලට පරිත්‍යාග කිරීම , මැක්වුඩ් සමාගම ආනන්දයට අක්කර 1 1/2 ක භූමි ප්‍රදේශයක් පරිත්‍යාග කිරීම ඉස්මතුව පෙනේ . තවද එම වසරේ ත්‍යාග ප්‍රධානෝත්සවය සදහා මහා කවි රවීන්ද්‍රනාත් තාගෝර් තුමා සහභාගී වීම හා 1927 දී මහත්මා ගාන්ධි තුමා ආනන්දයට පැමිණීම විශේෂ සිදුවීම් වේ . ඉන්පසු 1945 වන වර්ෂයේ ඒ.බී.පෙරේරා මහතා විදුහල්පති පදවියට පත්වුනි. මෙතුමාගේ කාලය තුලදී තවත් අක්කර 1 1/2 ක භූමි ප්‍රදේශයක් ආනන්දයට පරිත්‍යාග විය. තවද කාන්තාවන් සදහා උසස් අධ්‍යාපන අංශයක්ද 1945 දී ආරම්භ කරන ලදී . 1945 නොවැම්බර් 5 දින ඒ.බී.පෙරේරා මහතා ඉවත් වු පසු එල්.එච්.මෙත්තානන්ද මහතා විදුහල්පති පදවියට පත්වුනි . ඒ මහතාගේ කාලය තුල සිදුවු විශේෂ සිදුවීම් ලෙස 1948 ජූලි මසදී “ගුරු සමූපකාර සමිතිය” ආරම්භ කිරීම ,
නව චිද්යාගාරයට මුල් ගල තැබීම , 1951 දී ආනන්දයේ ප්‍රථම ගුරු රැස්වීම ආරම්භ කිරීම , සිංහල සාහිත්‍යය සංගමය විසින් ” උදාව” සගරාව පළකිරීම හා එච්.පී.ජයසූරිය හා සී.පී.ජයසූරිය යන සොහොයුරන් ඔලිම්පික් නියෝජය කිරීම ඉස්මතුව පෙනේ .
1955 දෙසැම්බර මස එල්.එච්.මෙත්තානන්ද මහතා විශ්‍රාම ගැනීමෙන් පසු එස්.ඒ.විජයතිලක මහතා නව විදුහල්පති ලෙස වැඩ භාරගන්නා ලදී . එතුමාගේ කාලය තුල සිදුවු විශේෂ සිදුවීම් ලෙස බුද්ධ ජයන්තිය වෙනුවෙන් ” ඕල්කොට් අනුස්මරණ ගොඩනැගිල්ල” විවෘත කිරීම , ” සී.ඩබ්.ලෙඩ්බීටර් අනුස්මරණ ගොඩනැගිල්ල ” විවෘත කිරීම හා ආනන්දය රජයට පවරා ගැනීම සැලකිය හැකිය . 1961 දී එස්.ඒ.විජයතිලක මහතා විශ්‍රාම ගැනීමෙන් පසු ඇම්.ඩබ්.කරුණානන්ද මහතා නව විදුහල්පති ලෙස වැඩ භාරගන්නා ලදී . එම කාලය තුලදී එතුමා විසින් සිසුන්ගේ අධ්‍යාපන කටයුතු අතිසාර්ථක ලෙස ඉදිරියට ගෙන යන ලදි .

Last edited:

Long live Ananda 