දැන් ඔයාට යාලුවෙක්ට ලියුමක් යවන්න ඔනේ නම්, ඒ යාලුවාගේ ලිපිනය ඕනේ නේද? හැම ලිපිනයක්ම එකිනෙකට වෙනස් නිසානේ හරියටම ඔයාගේ යාලුවගේ ගෙදරටම යන්නේ. ඒ වගේ network එකක තියෙන උපකරණ දෙකකට කතා කරන ලිපින තමා IP Address කියන්නේ.
අද අන්තර්ජාලයේ සහ වෙනත් networks වල බහුලවම භාවිතා වන නීති පද්ධතියක්(protocol) තමා IP(Internet Protocol) කියන්නේ.
ඔයාගේ පරිඝනකය IP ගැන දන්නේ නැත් නම් ඔයාට බැහැ, පාවිච්චි කරන අනික් උපකරණ වලට network එකක් හරහා සම්භන්ද වෙන්න.
උපකරණ දෙකක් අන්තර්ජාලය හරහා(හෝ වෙනත් ජාලයක්) සම්බන්ධ වෙන්නේ, තොරතුරු අඩංගු පණිවිඩ(data units) හරහා. හැම පණිවිඩයකම අඩංගු වෙනවා, පණිවිඩය පටන් ගත්ත කෙනාගේ ලිපිනය හා පණිවිඩය යා යුතු තැන ලිපිනය. අවශ්‍ය කෙනෙකුට බලන්න පුලුවන් තමාගේ උපකරණවලට එන පණිවිඩ මොනවද කියා. එමගින් හොයා ගන්න පුලුවන් පණිවිඩ එන ලිපින.
(මේ පණිවිඩ හුවමාරුව ඇත්තටම මීට වඩා සංකීර්ණ දෙයක්. ඇත්තටම unqiue ලිපින තියෙන්නේ IP වල නෙවේ, වඩා පහලින් තියෙන MAC address කියන ලිපින වල. නමුත් දැනට IP Address කියලා හිතුවත් වැරැද්දක් නැහැ.)
අපට ජාලයකට සම්බන්ධ වෙන්න IP ලිපිනයක් අත්‍යාවශ්‍යයි. මේ ලිපින දෙයාකාරයි.(Dynamic IP and Static IP) SLT, වගේ සෙවා ලබා දෙන්නන් බොහෝ විට ලබා දෙන්නේ dynamic IP. මෙම විශේෂත්වය නම් ඔබට IP address ලබා දෙන්නේ ඔබ අන්තර්ජාලයට සම්බන්ධ වෙන මොහොතේ. ඒ වගේම IP pool එකකින් තමා ලිපිනය ලබා දෙන්නේ. ඒ කියන්නේ හිතන්න SLT ලඟ IP address 100ක් තියෙනවා කියා. ඔබ සම්බන්ධ වෙන හැම විටම අහඹු ලෙස එක ලිපිනයක් දෙනවා.
එතකොට දැන් rapidshare මොකද කරන්නේ. ඔයාගේ ක්‍රියාකාරීත්වය monitor කරනවා IP address එක හරහා. ඒත් ඔයා download එකක් කරාට පස්සේ සම්බන්ධතාවය අලුත් කරාම, SLT ඔයාට අලුත් ලිපිනයක් දෙනවා. එතකොට rapidshare හිතන්නේ ඔයා අර පරන user නෙවේ අලුත් එක්කෙනෙක් කියලා. ඒ හින්දා ඔයාට ආයෙත් download කරන්න පුලුවන් වෙනවා.
මට හැකි ලෙස උත්සාහ කලා මචන්, තව විස්තර ඕනේ නම් අහන්න. වෙලාව තියෙන හැටියට කියලා දෙන්නම්.