බුදු දහම, ශීලය, සිල් පද, සතුන් නො මැරීම, මස් ක&#3537

kalyanamithra

Well-known member
  • May 12, 2008
    1,289
    26
    48
    බුදු දහම, ශීලය, සිල්පද, සතුන් නොමැරීම, මස් කෑ&
     
    Last edited:
    • Like
    Reactions: sayu22

    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,355
    767
    113
    VERY GOOD ANSWER FOR THOSE WHO DONT UNDERSTAND THE MIDDLE PATH!
    THIS GOOD FOR ALL THOSE WHO FOLLOW EXTREMIST "VIEWS"
    Good post.
    Thanks!
     
    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    බොහොම පින් කළ්‍යාණ මිත්‍ර. පංචශීලයේ ඉතිරි සීලයන් ගැනත් මෙ විදිහටම විස්තර කර අප දැනුවත් කරාවියැයි බලාපොරොත්තු වෙනවා.

    ඔබ කියන එක ඇත්ත- ශීලය නිතර සිහි කරනවිට සිතට ප්‍රීතියක් උපදිනවා.
     
    kalyanamithra

    Well-known member
  • May 12, 2008
    1,289
    26
    48
    mata 1st post eka penne ne..:no:

    පින්වත් මිතුර,
    ඒ post එක යළි edit කරන්න වුනත් අසීරු තරම්, ගොඩක් දිගයි. ඒ නිසා වෙන්නැති.
    ඒත්, මා පාවිච්චි කරන්න Mozilla Firefox බ්‍රව්සරයට නම් ගැටළුවක් ආවේ නෑ එය පෙන්වන්න.

    ඒකෙ PDF හා TXT සංස්කරණ මෙතැනින් ගන්න පුළුවන්. :)

    http://www.kalyanamithra.info/elakiri/EKpost5878186.pdf
    http://www.kalyanamithra.info/elakiri/EKpost5878186.txt

    තෙරුවන් සරණයි!
     
    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land

    බොහොම ස්තූතියි...දැන් හරි..:)

    තෙරුවන් සරණයි!
    හුගක් පින්...:)
     
    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    බොහෝම පිං මිත්‍රයා :)

    හැබැයි, මස් කෑම ගැන මෙහෙමත් සිතන එක හොඳයි.
    රස තෘෂ්ණාවෙන් මස් පසු පස ම පන්නා යෑමෙන් වරදට හසු වන්න ඉඩ වැඩියි. විශේෂයෙන් ම දඩ මස් සොයා යන අය.
    වැදගත්, තමාගේ යැපීම සඳහා සුදුසු පෝෂණයක් ලබා දෙන ආහාර වේලක් සිහි නුවණින් යුතුව තෝරා ගැනීමයි. නිර්මාංශ ආහාරයකින් වූණත් පහසුවෙන් යැපෙන්න පුළුවන් බවත් කියන්න ඕනේ.
    මටනම් හිතෙන්නේ ගොඩක් අය මස් මාංශ පස්සේ යන්නේ රස තෘශ්ණාවෙන් කියලා
    දඩමස්ම වෙන්න ඕන්නෑ..
    කොහෙ හරි ආපන ශාලාවකට යන්නේ කෑම එකේ ගුණාත්මක භාවයට වඩා ලබා දෙන මාංශ ප්‍රමානය මත.
    උත්සවයකට ගියාම බලන්නේ දෙන මාංශ වර්ග ගැන.
    අනික් ආහාර කොච්චර හොද වුවත් මාළු හෝ මස්වල ප්‍රශ්නයක් තිබුනොත් කියන්නේ කෑම හොද නෑ කියලා නේද?

    අනික වෙළද සැළකින් මිළදී ගන්න එකයි පරිත්‍යාගයයි අතර වෙනසක් නැත්ද?

    තවත් ප්‍රශ්නයක් එලවළු කෑම වර්ග කෙරෙහි රස තෘශ්ණාව ඇති කර ගන්නා වෙජිටේරියන් ලා ඉන්නවා නේද ? ඒ දෙකොටසම කර්ම සකස් වෙන්නේ එකම ලෙස නේද?

    kalyanamithra

    Well-known member
  • May 12, 2008
    1,289
    26
    48
    බොහෝම පිං මිත්‍රයා :)

    මටනම් හිතෙන්නේ ගොඩක් අය මස් මාංශ පස්සේ යන්නේ රස තෘශ්ණාවෙන් කියලා
    දඩමස්ම වෙන්න ඕන්නෑ..
    කොහෙ හරි ආපන ශාලාවකට යන්නේ කෑම එකේ ගුණාත්මක භාවයට වඩා ලබා දෙන මාංශ ප්‍රමානය මත.
    උත්සවයකට ගියාම බලන්නේ දෙන මාංශ වර්ග ගැන.
    අනික් ආහාර කොච්චර හොද වුවත් මාළු හෝ මස්වල ප්‍රශ්නයක් තිබුනොත් කියන්නේ කෑම හොද නෑ කියලා නේද?

    ඒක නම් ඇත්ත...
    එහෙම වුණත්, ඒ නිසා ප්‍රාණ ඝාතයක් වෙන්නේ, අපගේ ඍජු මැදිහත් වීමෙන් සතා මැරෙණවා නම් විතරයි...

    අනික වෙළද සැළකින් මිළදී ගන්න එකයි පරිත්‍යාගයයි අතර වෙනසක් නැත්ද?

    කලින් order කළේ හෝ ඉල්ලා සිටියේ නැත්නම්, තමා වෙනුවෙන් මැරූ බවක් සිතන්න බෑ නේ.. ඉතින් මරණ චේතනාව සම්බන්ධයෙන් නම් මේ දෙකෙහි වෙනසක් නෑ...

    හිතල බලන්න, අපිට කෙනෙක් මස් පාර්සලයක් ගෙනත් දෙනවා...
    ඒකෙන් අපේ හිතේ මරණ චේතනාවක් එන්න බෑ නේ.. පණ ඇති සතෙක් නෑ නේ...

    හැබැයි, කුකුළු farm එකක් තියෙන හිතවතෙකුට අපි මස් ලැබීමේ ආසාවෙන් නිකමට කීවා කියමු: "කාලෙකින් මස් කෑල්ලක් වත් කෑවෙ නෑ කියා..." (මෙසේ මස් ලබා ගැනීම නම් අවදානම්!)
    - එයා, ඒ අනුව කුකුළෙක් මරා ගෙනාවොත්; ඒක ගත්තත් නැතත් පව වෙලා ඉවරයි (සතා මරපු වෙලාවේම ප්‍රාණ ඝාත පව වෙලා ඉවරයි...)
    - එයා, ඒ අනුව කලින් මරපු කුකුළෙක් ගේනවා... (මුල් වේතනාවෙත් පව්කාර යි තමා, ඉල්ලපු කෙනාට මැරීමේ පව වෙන්නෙ නෑ...)
    - ඒ කෙනාට අමතක වෙනවා; පස්සෙ දවසක (කලින් ඉල්ලපු හින්ද නෙමේ) මරල ගේනවා යාලුව ව බලන්න එන ගමන්... එතකොට මුලින් ඉල්ලපු කෙනාට මරණ පව වෙන්නෙ නෑ...

    ඒ හින්දා, මස් කන කෙනා නොසැළකිලිමත් වුණොත්, මැරීමේ පව උරුම කර ගන්න වෙන්න ඉඩ තියෙනවා...
    ඒ හින්ද, මස් කන අයට:
    - විකිණීමට 'මස්' ලෙස ඇති පොදු වෙළඳ සැළකින් ගන්න එක තමයි කරන්න හැකි...
    - මස් විකුණන කෙනා එක්ක මස් order කිරීම සම්බන්ධයෙන් ඇයි හොඳැයි කම් තියා ගන්න එපා...
    - order කරන්න වුනොත් (උදා: කෑම order කර ගන්නවා, මස් සහිත) ඒ order එකට මරණවා දැයි සොයා බලන්න; එහෙම නම් ගන්න එපා...
    - සැක සහිතන තැනක දී නම්, එළවළු ආහාර වේලක් ගන්න... :) සමහර අවන්හල් තියෙනවා නේ ඒ වෙලාවේ ම මරා උයා serve කරන...

    (මැරීම, මරණයට නියෝග කිරීම මෙන්ම, මරා දමන්න සතුන් දීම/විකිණීම ත් පවක්...)

    තවත් ප්‍රශ්නයක් එලවළු කෑම වර්ග කෙරෙහි රස තෘශ්ණාව ඇති කර ගන්නා වෙජිටේරියන් ලා ඉන්නවා නේද ? ඒ දෙකොටසම කර්ම සකස් වෙන්නේ එකම ලෙස නේද?

    රස තෘෂ්ණාව ප්‍රහාණය වෙන්නේ ආර්ය අෂ්ඨාංගික මාර්ගය වැඩීමෙන් විතරයි.
    අඩු තරමේ ආහාරයේ පිළිකුල් සඤ්ඤාව වත් ප්‍රගුණ කළොත් ඒක අඩු වෙයි.
    නැතිව, නොකා හිටියට ඒක ප්‍රහාණය වෙන්නේ නෑ නේ...

    මා රස තෘෂ්ණාව ගැන කථා කළේ ඒ අදහසින් නෙමේ...
    රසය පස්සේ යන විට, වරදක් වෙන බව පෙනි පෙනීත්, "කමක් නෑ, එක පාර නේ" කියා හරි ඒක සිතින් පිළිගන්න ඉඩ වැඩියි.. ඒ හින්දා, තමාගේ ඉල්ලීම නිසා සතෙක් මැරුණත් සිතින් ඉවසන්න ඉඩ තියෙනවා...
    එළවළු සම්බන්ධයෙන් ඒ ප්‍රශ්නෙ එන්න ඉඩ කඩ අඩුයි නෙ...

    තෙරුවන් සරණයි!
     
    kalyanamithra

    Well-known member
  • May 12, 2008
    1,289
    26
    48
    I would like to add something..

    109 pages PDF by Ven. Kiribathgoda Knanananda
    on vegetarianism vs killing animals..:)

    http://rapidshare.com/files/30722462...hnaya.pdf.html

    Special thanks to llrajitha for uploading this file.:)

    බොහොම පින් ඔබට.. :)
    මහමෙව්නාව නිල වෙබ් අඩවි තාවකාලිකව ක්‍රියාත්මක නොවන බැවින් මට එය ලිනක් කරන්න හැකියාවක් තිබුණේ නෑ...

    තෙරුවන් සරණයි!
     
    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    බොහෝම පිං මිත්‍රයා :)

    මටනම් හිතෙන්නේ ගොඩක් අය මස් මාංශ පස්සේ යන්නේ රස තෘශ්ණාවෙන් කියලා
    දඩමස්ම වෙන්න ඕන්නෑ..
    කොහෙ හරි ආපන ශාලාවකට යන්නේ කෑම එකේ ගුණාත්මක භාවයට වඩා ලබා දෙන මාංශ ප්‍රමානය මත.
    උත්සවයකට ගියාම බලන්නේ දෙන මාංශ වර්ග ගැන.
    අනික් ආහාර කොච්චර හොද වුවත් මාළු හෝ මස්වල ප්‍රශ්නයක් තිබුනොත් කියන්නේ කෑම හොද නෑ කියලා නේද?

    අනික වෙළද සැළකින් මිළදී ගන්න එකයි පරිත්‍යාගයයි අතර වෙනසක් නැත්ද?

    තවත් ප්‍රශ්නයක් එලවළු කෑම වර්ග කෙරෙහි රස තෘශ්ණාව ඇති කර ගන්නා වෙජිටේරියන් ලා ඉන්නවා නේද ? ඒ දෙකොටසම කර්ම සකස් වෙන්නේ එකම ලෙස නේද?

    රස තෘෂ්ණාව කිව්වම ඒක වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම තණ්හාව..ඉතිං ඔය තණ්හාව නිසා කාමඡ්ඡන්ද නීවරණය ඇතිවෙනවා...නිර්වාණය සුනංගු වෙනවා..

    අනික එළවළු කෑවත් මස් කෑවත් ඕවා කෙළ එක්ක කළවම් වෙලා මිශ්‍ර වෙලා ඇග ඇතුලට යන්නෙ නිකං බලු වමනයක් වගෙ..:eek::eek:

    අනික රස දැනෙන්නේ දිවේ සෛල මත කෑම වල තියෙන අංශු තැන්පත් වුනාමනෙ..එහෙම තැන්පත් වෙන අංශුන් නිත්‍ය නෑ..අනිත්‍යයි...කට හේදුවට පස්සෙ වතුරත් එක්ක දියවෙලා යනවා..

    කරුණු එසේ නම් කෑමක රසට තණ්හා ඇති කරගන්න එක නිස්සාරයි..කෑමක් ගන්න ඕනි පැවැත්මට විතරයි...:yes:

    අනික රස තෘෂ්ණාව කෑම වර්ගය මත ඇතිවෙන දෙයක් නෙමේ...පුද්ගලයා හිතන විදිය මත ඇතිවන දෙයක්..:)
     
    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    බොහොම පින් ඔබට.. :)
    මහමෙව්නාව නිල වෙබ් අඩවි තාවකාලිකව ක්‍රියාත්මක නොවන බැවින් මට එය ලිනක් කරන්න හැකියාවක් තිබුණේ නෑ...

    තෙරුවන් සරණයි!

    ඒ ලිපිගොනුව මහමෙවුනා වෙබ් අඩවියේ තියන බව දැන සිටියේ නෑ..මට ඒක හම්බවුනේ ධම්මමෙඩිසින් බ්ලොග් එකෙන්..බුදුසුවද කියලා අඩවියකට තමයි ලින්ක් කරලා තිබුනෙ..ඒ ලින්ක් එක වැඩ කරන් නෑ...

    http://budusuwanda.org/Amadahara/Publications/Nirmansha_Prashnaya.pdf
     
    kalyanamithra

    Well-known member
  • May 12, 2008
    1,289
    26
    48
    ඒ ලිපිගොනුව මහමෙවුනා වෙබ් අඩවියේ තියන බව දැන සිටියේ නෑ..මට ඒක හම්බවුනේ ධම්මමෙඩිසින් බ්ලොග් එකෙන්..බුදුසුවද කියලා අඩවියකට තමයි ලින්ක් කරලා තිබුනෙ..ඒ ලින්ක් එක වැඩ කරන් නෑ...

    http://budusuwanda.org/Amadahara/Publications/Nirmansha_Prashnaya.pdf

    පින්වත් මිතුර,

    බුදු සුවඳ කියන්නේ මහමෙව්නාව නිල බ්ලොග් අඩවියට ( http://mahamevnawa.blogspot.com ) file host කරන වෙබ් අඩවි කිහිපයකින් එකක් (ඇත්තටම, ප්‍රධාන එක වගේ). එයත්, මහමෙව්නා වෙබ් අඩවි නඩත්තු කටයුතු සඳහා නැවත්වූ පසූ තාවකාලිකව අත්හිටවා ඇති බවයි පෙනෙන්නේ...

    තෙරුවන් සරණයි!
     
    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    පින්වත් මිතුර,

    බුදු සුවඳ කියන්නේ මහමෙව්නාව නිල බ්ලොග් අඩවියට ( http://mahamevnawa.blogspot.com ) file host කරන වෙබ් අඩවි කිහිපයකින් එකක් (ඇත්තටම, ප්‍රධාන එක වගේ). එයත්, මහමෙව්නා වෙබ් අඩවි නඩත්තු කටයුතු සඳහා නැවත්වූ පසූ තාවකාලිකව අත්හිටවා ඇති බවයි පෙනෙන්නේ...

    තෙරුවන් සරණයි!

    මම ඒ බවක් දැන හිටියෙ නෑ...:)
    නඩත්තු කටයුතු සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරමි..:):yes:
     
    kalyanamithra

    Well-known member
  • May 12, 2008
    1,289
    26
    48
    පින්වත් මිතුරනි,

    සාරංශය කළොත්, බුදු දහමින් කියන්නේ මස් කන්න එපා කියන එක නෙමේ; මස් මැරීමකට හෝ සත්ව හිංසාවකට කිසි සේත් හවුල් වෙන්න එපා කියා...
    (බුදු දහම කරන්නේ ඕනෑම සමාජයක පරිසරයක හිත රැක ගෙන ඉන්න උදව් කරන එක... )

    එතකොට, ඔබට හිතේ වි මස් මැරීම තහනම් කරා නම් හරි නේ කියා.
    ඔව්, ශ්‍රේෂ්ඨ රජවරුන් (උදා: ධර්මාශෝක අධිරාජ්‍යයා) මේ දේ කර තිබෙනවා.

    ඒත්, අද සමාජයේ කොතෙක් එය සාර්ථක වේවි ද කියන්න බෑ; එයට මූලිකත්වය ගන්න කවුරු ඉදිරිපත් වේවි ද කියන්න බෑ.

    මොකද අප කැමති වුණත්, නැතත් අද බුදු දහමට එදා තිබූ සමාජමය බලපෑම නෑ...
    මොකද, බුදු රජාණන් වහන්සේ විසින් බෝධි මූලයේදී පරාජය කළ ධර්මයට විරුද්ධ ලෝක බලවේගය නැවත බලය පතුරවලා තියෙන්නේ...

    මෙම සාකච්ඡාව තව දුරට ගෙන යන්න සිතුනා; සත්ව අවිහිංසා ව්‍යාපාර ගැන ත්...

    බටහිර තිබෙන සත්ව අවිහිංසා ව්‍යාපාරයට, බෞද්ධ සාරධර්ම එක් වුවොත් (හරියට, ආතර් සී. ක්ලාක් මහතා ගේ "ගැඹුරු මුහුද" කෘතියේ කියැවෙනවා වගේ) එවැන්නක් වේවි. ඒත් අපේ ජීවිතයේ වේවිද කියා කියන්න බෑ.

    අපේ ජීවිතය කෙටි යි නේ; සමාජය හදන්න කලින් අපි හැදී ඉන්න ඕනෙ; ශ්‍රද්ධා, සීල, සුත, චාග, පඤ්ඤා කියන බල ධර්ම වඩා ගන්න ඕනෙ...

    ඊට සමගාමීව, සෙසු අය මස් මැරීමෙන් වළක්වන්න පුළුවන්...
    ඒ අයත් අවිහිංසා සංකප්පය මුල් කර ගෙන එයින් වැළකීම යි වැදගත් (බයට මස් නොමරා ඉඳීමත් නරක නෑ; ඒත් වඩා හොඳ අවබෝධයෙන් කරන එක).

    නාමිකව 'බෞද්ධ' අය සත්ව අවිහිංසාවෙන් වළක්වන්න හොඳම විධිය
    ඒ අය ධර්මය තුළ පිහිටුවන එක...
    ඒක ඒ අයටත් හිත සුව පිණිස වේවි...
    (නියම බෞද්ධයා තමා තුළින් ම වැළකිලා ඉන්නේ; වළක්වන්න දෙයක් නෑ නෙ)

    අවබෝධයෙන් නොකළොත්, ඒ වගේ හොඳ දෙයක් වුණත් දෘෂ්ටියක් ලෙස ගන්න ඉඩ තියෙනවා... (එහෙම වුවොත් ජීවිතයම, අන් අය එක්ක ගැටි ගැටී ඉන්න වෙන්නේ...)

    ධර්මයේ හැසිරෙන අයට නම්, අවබෝධයෙන් යුතුව පින් රැස් කර ගන්න එක කරන්න පුළුවන්... :)

    කොහොම වුණත් සත්ව අවිහිංසා වැඩ වළට උදව් වෙන්න හැකි නම් ඒක පිනක්... :)

    තෙරුවන් සරණයි!
     
    Last edited:

    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    නීතියක් දාලා සත්ත්ව ඝාතනය නවත්වන එක ප්‍රායෝගිකයි කියල මං හිතන්නෙ නෑ. මොකද, නීතියක් දැම්මම කවුරුත් බලන්නෙ ඒකට අහු නොවී ඒ වැඩේ කරන්න මිසක්, නොකර ඉන්න නෙවෙයි. අනික් අතින්, ආකල්පමය වෙනසක් ඇති වුණොත්, සත්ත්ව හිංසනයෙන් වළකින්නෙ අවබෝධයෙන්මයි.

    බටහිර තියෙන සත්ත්ව අවිහිංසාවට බුදු දහම සම්බන්ධ කර ගන්නවනම් හොඳයි. ඇතැම් අය තදබල අසනීපයක් හැදුණු සතුන්ව මරනවනෙ සතා දුක් විඳින එක වළක්වන්න. බුදුදහමෙ ආභාෂය ලැබුණනම් ඒ වගේ ක්‍රියා නතර වේවි.
     
    MS DOS

    Banned
    Dec 19, 2010
    430
    48
    0
    මෙන්න මේ VIDEO එක බැලුවම හිතා ගන්න පුලුවන් ලේසියෙන්ම නිවන්න දකින්න පෙරුම් පුරන බෞද්ධයන්ගේ තරම.:growl:
     
    Gstar

    Well-known member
  • May 20, 2008
    1,754
    866
    113
    මරණ මංචකය
    මෙන්න මේ VIDEO එක බැලුවම හිතා ගන්න පුලුවන් ලේසියෙන්ම නිවන්න දකින්න පෙරුම් පුරන බෞද්ධයන්ගේ තරම.:growl:
    යකෝ උඹත් අද නිදහසේ පාරෙ බැහල යන්නේ අපේ රණවිරුවො යුද්දෙ ඉවර කරපු නිසා..ඒ නිදහසට බෞද්ධ ද,මුස්ලිම් ද,සිංහලද,දෙමල ද කියල නෑ..නිදහස හැමෝටම එකයි. යුද්ධ කරන කොට දෙපැත්තෙම මිනිස්සු මැරෙනවා. කාටවත් ඒව වලක්වන්න බෑ. මේ Thread එකට අදාල දෙයක් post කරපන්,

    උඹ නම් Sure එකට යුද්ධෙ ඉවර වෙච්ච එක ඉවසන්න බැරි කොටි Diaspora කාලකන්ණියෙක් වෙන්නැති ගොඩක් Thread
    වල මේ Video එක post කරල තියෙන්නෙ..

    මොනා කරන්නද බන් කොටි පරාද වුනා..සිංහල හමුදාව දිනුවා..යුද්ධෙ ඉවර වුනා..උඹලගේ ඊලාම් රජ්‍යය සිහිනයක් උනා..දැන් අවුරුදු 2කටත් කිට්ටුයි.. දැන් වත් නාඬා:no: ඉඳපන් කොටියෝ...;)