බොහෝම පිං මිත්‍රයා
මටනම් හිතෙන්නේ ගොඩක් අය මස් මාංශ පස්සේ යන්නේ රස තෘශ්ණාවෙන් කියලා
දඩමස්ම වෙන්න ඕන්නෑ..
කොහෙ හරි ආපන ශාලාවකට යන්නේ කෑම එකේ ගුණාත්මක භාවයට වඩා ලබා දෙන මාංශ ප්‍රමානය මත.
උත්සවයකට ගියාම බලන්නේ දෙන මාංශ වර්ග ගැන.අනික් ආහාර කොච්චර හොද වුවත් මාළු හෝ මස්වල ප්‍රශ්නයක් තිබුනොත් කියන්නේ කෑම හොද නෑ කියලා නේද?
ඒක නම් ඇත්ත...
එහෙම වුණත්, ඒ නිසා ප්‍රාණ ඝාතයක් වෙන්නේ, අපගේ ඍජු මැදිහත් වීමෙන් සතා මැරෙණවා නම් විතරයි...
අනික වෙළද සැළකින් මිළදී ගන්න එකයි පරිත්‍යාගයයි අතර වෙනසක් නැත්ද?
කලින් order කළේ හෝ ඉල්ලා සිටියේ නැත්නම්, තමා වෙනුවෙන් මැරූ බවක් සිතන්න බෑ නේ.. ඉතින් මරණ චේතනාව සම්බන්ධයෙන් නම් මේ දෙකෙහි වෙනසක් නෑ...
හිතල බලන්න, අපිට කෙනෙක් මස් පාර්සලයක් ගෙනත් දෙනවා...
ඒකෙන් අපේ හිතේ මරණ චේතනාවක් එන්න බෑ නේ.. පණ ඇති සතෙක් නෑ නේ...
හැබැයි, කුකුළු farm එකක් තියෙන හිතවතෙකුට අපි මස් ලැබීමේ ආසාවෙන් නිකමට කීවා කියමු: "කාලෙකින් මස් කෑල්ලක් වත් කෑවෙ නෑ කියා..." (මෙසේ මස් ලබා ගැනීම නම් අවදානම්!)
- එයා, ඒ අනුව කුකුළෙක් මරා ගෙනාවොත්; ඒක ගත්තත් නැතත් පව වෙලා ඉවරයි (සතා මරපු වෙලාවේම ප්‍රාණ ඝාත පව වෙලා ඉවරයි...)
- එයා, ඒ අනුව කලින් මරපු කුකුළෙක් ගේනවා... (මුල් වේතනාවෙත් පව්කාර යි තමා, ඉල්ලපු කෙනාට මැරීමේ පව වෙන්නෙ නෑ...)
- ඒ කෙනාට අමතක වෙනවා; පස්සෙ දවසක (කලින් ඉල්ලපු හින්ද නෙමේ) මරල ගේනවා යාලුව ව බලන්න එන ගමන්... එතකොට මුලින් ඉල්ලපු කෙනාට මරණ පව වෙන්නෙ නෑ...
ඒ හින්දා, මස් කන කෙනා නොසැළකිලිමත් වුණොත්, මැරීමේ පව උරුම කර ගන්න වෙන්න ඉඩ තියෙනවා...
ඒ හින්ද, මස් කන අයට:
- විකිණීමට 'මස්' ලෙස ඇති පොදු වෙළඳ සැළකින් ගන්න එක තමයි කරන්න හැකි...
- මස් විකුණන කෙනා එක්ක මස් order කිරීම සම්බන්ධයෙන් ඇයි හොඳැයි කම් තියා ගන්න එපා...
-
order කරන්න වුනොත් (උදා: කෑම order කර ගන්නවා, මස් සහිත) ඒ order එකට මරණවා දැයි සොයා බලන්න; එහෙම නම් ගන්න එපා...
- සැක සහිතන තැනක දී නම්, එළවළු ආහාර වේලක් ගන්න...
සමහර අවන්හල් තියෙනවා නේ ඒ වෙලාවේ ම මරා උයා serve කරන...
(මැරීම, මරණයට නියෝග කිරීම මෙන්ම, මරා දමන්න සතුන් දීම/විකිණීම ත් පවක්...)
තවත් ප්‍රශ්නයක් එලවළු කෑම වර්ග කෙරෙහි රස තෘශ්ණාව ඇති කර ගන්නා වෙජිටේරියන් ලා ඉන්නවා නේද ? ඒ දෙකොටසම කර්ම සකස් වෙන්නේ එකම ලෙස නේද?
රස තෘෂ්ණාව ප්රහාණය වෙන්නේ ආර්ය අෂ්ඨාංගික මාර්ගය වැඩීමෙන් විතරයි.
අඩු තරමේ ආහාරයේ පිළිකුල් සඤ්ඤාව වත් ප්‍රගුණ කළොත් ඒක අඩු වෙයි.
නැතිව, නොකා හිටියට ඒක ප්රහාණය වෙන්නේ නෑ නේ...
මා රස තෘෂ්ණාව ගැන කථා කළේ ඒ අදහසින් නෙමේ...
රසය පස්සේ යන විට, වරදක් වෙන බව පෙනි පෙනීත්, "කමක් නෑ, එක පාර නේ" කියා හරි ඒක සිතින් පිළිගන්න ඉඩ වැඩියි.. ඒ හින්දා, තමාගේ ඉල්ලීම නිසා සතෙක් මැරුණත් සිතින් ඉවසන්න ඉඩ තියෙනවා...
එළවළු සම්බන්ධයෙන් ඒ ප්‍රශ්නෙ එන්න ඉඩ කඩ අඩුයි නෙ...
තෙරුවන් සරණයි!