ජෙනරාල් ෆොන්සේකා නිල නිවසින් එලවයි
ජෙනරාල් ෆොන්සේකා නිල නිවසින් එලවයි : නිවසක් කුලියට ගැනීමටවත් ඉඩ නොදේ
ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාට හමුදා මූලස්ථානයේ සිටි නිවස්නෙන්, ඔහුගේ බඩු භාණ්ඩ හෙට (19) වහාම ඉවත් කර ගන්නා ලෙසත්, කොළඹ බූලර්ස් පාරේ නිල නිවසින් ලබන ඉරිදා වන විට ඉවත්ව යන ලෙසත් ආරක්‍ෂක අමාත්‍යංශය දැනුම් දී තිබේ.
මේ තත්ත්වය නිසා ෆොන්සේකා මහතා සිය පදිංචිය සඳහා නිවසක් කුලියට ගැනීමට කටයුතු කරද්දී, නිවෙස් හිමියනට තර්ජනය කරමින් ජනරාල් ෆොන්සේකා මහතාට නිවෙස් කුලියට දීම වලක්වන තත්ත්වයක් මතුවී ඇත.
එල්ටීටීඊ ත‍්‍රස්තවාදය පරාජය කිරීමේ ‘වීරයා’ ලෙස රජයෙන් පිදුම් ලැබූ හිටපු හමුදාපති ෆොන්සේකා මහතාට, ප‍්‍රභාකරන් ඇතුළු එල්ටීටීඊයේ නායකයින් මරා දමා රට එක්සේසත් කිරීම සංකේතවත් කරමින් සේනාධිනායක, ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා විසින් ශ‍්‍රී ලංකා හමුදාවේ ඉහළම නිලය වන ‘ජනරාල්’ පදවියට උසස් කරන ලදී.
එවැනි පිදුම් හා උසස්වීම් ලැබූ ජනරාල් ෆොන්සේකා මහතාට තමන්ගේ මුදල් ගෙවා පදිංචියට නිවසක් කුලියට ගැනීමටවත් වර්තමාන ආණ්ඩුව යටතේ බාධා පැමිණ තිබේ.
Source :- http://wp.me/pI5Gy-3b

ඇයි ඩූඩ් අක්කි.