පවුලක් ලෙසට එකතුව එක්වී ඉන්න
තැවුලක් නැතිව කවි පද පෙල ගසන්න
එළකිරි නමින් ලොව පරසිදු වී හිදින
මිතුරු ඉමට සතුටින් ඔබ පැමිනෙන්න![]()
තැවුලක් නැතිය සැක සංකා නොමැති හිතේ
සසැළෙණ සිතට කවි සිතුවිලි නම් නොඑතේ
පෙරලෙන ගලේ පෙඳපාසී නොම බැදෙතේ
සුවඳකි මිතුරු කම සීමා මායිම් නොමැතේ








