ආහාර ගැනීම පිළිබඳව බෞද්ධ පිළිවෙත්

sudunone

Member
May 23, 2009
3,781
121
0
ආහාර ගැනීම පිළිබඳව බෞද්ධ පිළිවෙත්

ආහාර ගත යුත්තෙ කොහොමද කියල බුදු රජාණන් වහන්සෙ ශ්‍රාවකයන්ට පැහැදිලි කළ තැන් තියෙනවා. ඉන් එක් උදාහරණයක් තමයි ස්වාමීන් වහන්සේලා දන් පිළිගෙන වළඳන්න පෙරාතුව සජ්ජායනා කරන පාඨය:

මතක තියෙන කෙනෙක් මේක හරියට දාන්න. පාලි පාඨයත් සහිතව. මං කියන්නෙ මට වැටහී ඇති පරිදි අර්ථය.

මේ ආහාරය රසය නිසා නොවේ; මදය පිණිස නොවේ; ක්‍රීඩා පිණිස නොවේ; අඩු තැන් සපුරා ගනීමට නොවේ.
මේ ආහාරය හුදෙක් මාගේ යැපීම සඳහාය. නිකෙලෙස් ජීවිතකට රුකුලක් වීම සඳහාය. ආහාර නොගැනීම නිසා යම් පීඩාවක් වී ඇත්ද, එය නැති කර ගැනීම සඳහාය. ආහාර නැති වීමෙන් යම් පීඩාවක් ඇති වීමට ඉඩ ඇත්ද, එය වළකා ගනු පිණිසය. ධර්ම මාර්ගයේ හැසිරීම පිණිස සවියක් වීමටය.

කතාවක් තියෙනව ඉස්සර සංඝයාවහන්සේලා දානය වැළඳුවෙත් භාවනාවෙන්- ඒ කිව්වෙ මනා කොට සිහිය පිහිටුවාගෙන. දන් වළඳන අතරතුර මග ඵල ලබා ගත්තා කියලත් කියනවා.කායගතාසතියෙ සම්පජාන භාවනාවෙදිත් කියනව, ආහාර අනුභව කිරීමෙදිත්, පාන වර්ග ගැනීමෙදිත් කෙලෙසුන් ප්‍රහාණය කිරීමේ නුවණුඉන් යුතු වෙන්න ඕනෙ කියල.

ආහාර පාන ගැනීම පිළිබඳ බෞද්ධ වත් පිළිවෙත් අපි මෙතනට එකතු කරමු.
:D
 
  • Like
Reactions: samithbuddhika

ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
ආහාර ගත යුත්තෙ කොහොමද කියල බුදු රජාණන් වහන්සෙ ශ්‍රාවකයන්ට පැහැදිලි කළ තැන් තියෙනවා. ඉන් එක් උදාහරණයක් තමයි ස්වාමීන් වහන්සේලා දන් පිළිගෙන වළඳන්න පෙරාතුව සජ්ජායනා කරන පාඨය:

මතක තියෙන කෙනෙක් මේක හරියට දාන්න. පාලි පාඨයත් සහිතව. මං කියන්නෙ මට වැටහී ඇති පරිදි අර්ථය.

මේ ආහාරය රසය නිසා නොවේ; මදය පිණිස නොවේ; ක්‍රීඩා පිණිස නොවේ; අඩු තැන් සපුරා ගනීමට නොවේ.
මේ ආහාරය හුදෙක් මාගේ යැපීම සඳහාය. නිකෙලෙස් ජීවිතකට රුකුලක් වීම සඳහාය. ආහාර නොගැනීම නිසා යම් පීඩාවක් වී ඇත්ද, එය නැති කර ගැනීම සඳහාය. ආහාර නැති වීමෙන් යම් පීඩාවක් ඇති වීමට ඉඩ ඇත්ද, එය වළකා ගනු පිණිසය. ධර්ම මාර්ගයේ හැසිරීම පිණිස සවියක් වීමටය.

මේ පාඨය සදහන් වෙන්නෙ මජ්ඣිම නිකායෙ ගණක-මොග්ගල්ලාන සූත්‍රයෙ. මෙතනදි අරමුණ වෙන්නෙ රස තෘෂ්ණාව ප්‍රාහණය කිරීම.

weww.png

මෙතනදි 'පිණ්ඩපාතය' කියලා කිව්වට ගිහියන්ටත් මේක කිසි වෙනසක් නැතිව අදාල වෙනවා..වඩා වැදගත් වෙන්නෙ
මේ ආහාරය හුදෙක් මාගේ යැපීම සඳහාය. කියන ධර්මය. මේකෙන් කාමඡන්ද නීවරණය නැතිවීම සිද්ධවෙනවා..:yes::D

මේ විදර්ශනාවට කියන්නෙ "ප්‍රත්‍යාවෙක්ෂාව" කියලා...

sudunone

Member
May 23, 2009
3,781
121
0
වුවමනාවට වඩා ආහාර ගැනීමෙන් පීඩාවට පත් වෙලා හිටි කොසොල් රජතුමාට බුදු රජාණන් වහන්සේ දුන් උපදෙසත් මෙතනට එකතු කරන්නම්.

කොසොල් රජතුමා අසීමිතව ආහාර ගැනීම නිසා මහත් වූ සිරුරින් යුතුව සිටි කෙනෙක්. එක දවසක් ආහාර ගැනීමෙන් අනතුරුව ඔහු බුදු රජාණන් වහන්සේ බැහැ දැකීමට ගියා. මහ විසාල ආහාර තොගයක් ගිල දාල හිටපු නිසා ඔහු මහත් අපහසුවකින් පෙළුණා. :baffled: ඔහු එහාට මෙහාට ඇඹරෙමින් අපහසුවෙන් ඉන්නා ආකාරය දුටු බුදු රජාණන් වහන්සෙ ඒ පිළිබඳව විමසූවිට, තමන් ගන්නා ආහාර ප්‍රමාණය වැඩි බවත්, ඒ නිසාම අපහසුවට පත්ව ඇති බවත් කොසොල් රජතුමා පිළි ගත්තා. ඒ වගේම මේ අපහසුවෙන් මිදීමට ඇති කැමැත්තත් ප්‍රකාශ කළා.

බුදු රජාණන් වහන්සෙ මෙතනදි දුන් උපදෙස වර්තමානයේ වුණත් බර අඩු කර ගැනීම සඳහා උනන්දු කෙනෙකුට සුදුසුයි; ඒ වගේම ඩයට් කරනවා කියල තමන් අකමැති/ රසින් ගුණෙන් හීන/ නුපුරුදු ආහාර රටාවක් තාවකාලිකව අනුගමනය කරල, ටික දිනකින් කලින්ටත් වඩා ආහාර ගන්න යොමු වෙනවට වඩා බොහොම ප්‍රායෝගිකයි.

බුදු රජාණන් වහන්සේ ගාථා පාඨයක් ඉගැන්නුවා රජතුමාගෙ සේවකයෙකුට. (ගාථාව මට මතක නැත. :rofl: ) රජතුමා ආහාර ගෙන අවසන් වීමට කිට්ටු වෙනවිට රජුට ඇසෙන පරිදි එම ගාථාව කීමට උපදෙස් දුන්නා. රජතුමා එවිට අවසන් ආහාර පිඩ නොගෙන පිඟානෙ ඉතුරු කරන්න ඕනෙ. රජතුමාට ආහාර උයන කෙනා එම පිඩුවෙ ඇති බත් ඇට ප්‍රමාණෙට සරිලන ප්‍රමාණයක් අඩුවෙනුයි ඊළඟ දවසෙ උයන්නෙ. මේ විදිහට 'ඇඟට නොදැනෙන්න' දවසින් දවස ගන්නා ආහාර ප්‍රමාණය ටිකෙන් ටික අඩු කෙරෙනවා.

එහෙම ආහාර අයින් කරන්න අපි රජවරු නෙවෙයි කියල හිතන අයට පුලුවන් එම ඉවත් කරන ආහාර කොටස සතෙකුට දෙන්න.
දානමය කුසල කර්මයකුත් කර ගන්න පුලුවන්.
 
:yes::yes::D

ගාථාව මතක නෑ නේ...:baffled:
මේ කතාවයි, බර අඩුකරන්න බුදුන් කොසොල් රජුට කියා දීපු උපක්‍රමය නම් එළ!!
 
sudunone

Member
May 23, 2009
3,781
121
0
ආහාර ගැන කතා කරනකොට තවත් දෙයක් තමයි සිව් වැදෑරුම් ආහාර:

  1. කබලිංකාර ආහාර
  2. ඵස්ස ආහාර
  3. මනෝ සංචේතනා ආහාර
  4. විඤ්ඤාණ ආහාර
සංයුක්ත නිකායේ අභිසමය සංයුක්තයේ අත්ථිරාග සූත්‍රයේ විස්තර කර ඇති මේ කරුණු ආහාර ලෙස හැඳින්වීමට හේතුව ඒවා මෙලොව ජීවිතය මෙන්ම සංසාර ගමනත් පෝෂණය කිරීමට ඉවහල් වීමයි. මේ ආහාර වර්ගවලට ඇති ඇල්ම, ඇලීම නිසා පුද්ගලයා නැවත උපතක් කරා යනවා.
 
හරි...:)

සත්‍ය වශයෙන්ම සසරේ නැවත නැවත ඉපදෙන්නේ මෙවන් වූ ආහාර වලට ඇති ඇල්ම නිසා...

නමුත් ආහාර වලට ඇති ඇල්ම/තණ්හාව සසර දිග වීමට එක හේතුවක් පමණි.

මෙම සතර ආකාරයේ ආහාරවලින් 1 වන කොටස භෞතික ආහාරයක් වන අතර, ඉතිරි ආහාර 3 ම මානසික ආහාර යැයි දත යුතු ය.

පුද්ගලයා නැවත සසර උපතක් කරා රැගෙන යන්නේ මෙම ආහාර පවතින නිසා නොව, මෙකී සිව් ආකාර ආහාර පිළිබඳ පවතින ඡන්ද රාගය නිසාය.
 
ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
කබලිංකාර ආහාරය

කබලිංකාර ආහාරය පිළිබඳ සලකා බලන කල්හි මිනිස් ජීවිතයෙහි පැවැත්ම මේ මතම පිහිටා ඇති බව සත්‍යයකි. බුද්ධ දේශනයෙහි සබ්බේ සත්තා ආහාරට්ඨිතිකා වශයෙන් පෙන්වා ඇත්තේ ද මේ කරුණමය. අප ශරීර පෝෂණය පිණිස මුඛ මාර්ගයෙන් ගන්නා මෙම කබලින්කාර ආහාර කිසියම් හේතුවක් මුල්කොට අපව නැවත උපතක් කරා ගෙනයාමට හේතු වන්නේ යැයි සඳහන් කර කළ හැකි ය. ඒ කෙසේද යත් කිසියම් කබලිංකාර ආහාරයක් අනුභව කරන විට එහි රසය ජිව්හා ඉන්ද්‍රිය මගින් අපට දැනෙන්ට වෙයි. එසේ දිවට දැනුන මෙම කබලිංකාර ආහාරයෙහි රසය මිහිරි නම්, එම රස පිළිබඳව තණ්හාව හටගන්නේ ය. කබලිංකාර ආහාරය කෙරෙහියම් ඡන්ද රාගයක් තමා තුළ උපදී ද එම ආහාරය කෙරෙහි ඇල්ම, තෘෂ්ණාව උපදී ද, එහි විඤ්ඤාණය පිහිටියා වන්නේ ය. යම් තැනක විඤ්ඤාණය පිහිටියේ ද, වැඩුණේ ද, එහි නාම රූපයන්ගෙන් බැස ගැන්මක් ඇතිවන බව තේරුම්ගත යුතු ය. එම නිසා එහි සංස්කාරයන්ගේ් වැඩීම ද සිදු වන්නේය. බුද්ධ දේශනාවෙහි සඳහන් පරිදි යම් සංස්කාරයක් හටගනී ද, (සංස්කාර යනු චේතනා සහිත කර්ම රැස්වීම යැයි දත යුතු ය) එය නැවත නැවත උපතක් කරා මේ ජීවිතය රැගෙන යාමට හේතුවන කරුණක් වන්නේ ය.

කබලිංකාර ආහාර පිළිබඳ ඇති කරගන්නා වූ අත්හැර නොගත හැකි උපාදානය ඔහු නැවත උපතක් කරා යොමු කිරීම පමණක් නොව පේ‍්‍රත ආදී දුගති ප්‍රතිසන්ධි ඇතිකිරීම පිණිස ද හේතුවක් විය හැකි බව වටහාගත යුතුය. සසරින් නිදහස් වීම සඳහා පිළිවෙත් පුරන ශ්‍රාවකයා කබලිංකාර ආහාර පිළිබඳ පිළිපැදිය යුතු ආකාරය බුදුරදුන් විසින් පැහැදිලි කර දී ඇත. ආහාර අනුභව කරන විට එම ආහාරය තමන්ගේ රස තෘෂ්ණාව වැඩීම පිණිස නොව, මදය හා ජවය වර්ධනය පිණිස නොව, තම ජීවිකාවෙහි පැවැත්ම පිණිස පමණක් විය යුතු බව මෙනෙහි කළ යුතු බවයි, බුදුරදුන්ගේ අනුශාසනාව.

බුදුන් දේශනා කර ඇත්තේ ධර්ම හඳුනා නොගත් අය මරණාසන්න මොහොතේ දී පවා ඇතැම් විට (මට අසවල් රස ඇති ආහාර අවශ්‍ය යැයි) කියා ආහාරය කෙරෙහි තෘෂ්ණාව ඇතිකර ගනිති. එම ආහාරය නොලැබී ගියහොත් හඬා වැටී මරණින් මතු දුගති ප්‍රතිසන්ධි ලබති. එහෙයින් කබලිංකාර ආහාරයෙහි යථා ස්වභාවය දැන කටයුතු කිරීම යහපත් පිළිවෙතක් බව වටහාගත ගත යුතුය.
 
ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
ඵස්ස ආහාර

ඵස්ස ස්පර්ශය අරුත් දේ. ස්පර්ශය, සය වැදැරුම් ය. එය චක්ඛු සම්පස්ස, සොත සම්පස්ස, ඝාණ සම්පස්ස, ජිව්හා සම්ඵස්ස, කාය සම්පස්ස, මනෝ සම්පස්ස වශයෙනි. මෙය තවදුරටත් පැහැදිලි කළ විට ඇසෙහි ස්පර්ශය, කණෙහි ස්පර්ශය, නාසයෙහි ස්පර්ශය, දිවෙහි ස්පර්ශය, කයෙහි ස්පර්ශය, මනසෙහි ස්පර්ශය වශයෙන් සඳහන් කළ හැකි ය. යම් අවස්ථාවක ඇසට ඇරමුණු වන රූපය මුල්කොට ඇතිවන ස්පර්ශය තුළින් ඇතිවූයේ ජන්ද රාජයක්ද එහි රාගය පිහිටා සිටියේද, තෘෂ්ණාව පිහිටියේද විඤ්ඤාණය පිහිටා වැඩුණා වැන්නේ ය. යම් තැනක විඤ්ඤාණය පිහිටා ඇත්තේ ද එහි නාම රූපයන්ගේ බැස ගැන්ම ඇතිවන්නේ ය. නාම රූපයන්ගේ බැසගැන්මත් සමගම සංස්කාරයන්ගේ වැඩීම සිදුවන අතර ඉන් අනතුරුව චේතනා සහිතව කර්ම රැස්වීමෙන් නැවත උපතක් කරා ජීවිතය රැගෙන යන බව දත යුතුය. එසේනම් මෙකී ස්පර්ශ ආහාරය කෙරෙහි ඇතිකරගත් ඡන්ද රාගය අප නොදැනුවත්වම නැවත නැවතත් උපතක් සකස්කොට දේ.
 
ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
මනෝ සංචේතනා ආහාර

ඊළඟට මනෝ සංචේතනා ආහාරය , ඇසට දකින රූපය ඔස්සේ චේතනා පහළ කරනවා. ඇසයි රූපයයි නිසා ඇසේ විඤ්ඤාණය , ඇසයි රූපයයි විඤ්ඤාණයයි නිසා ඇසේ ස්පර්ශය හට ගන්නවා. මේ ස්පර්ශය නිසා වේදනා හට ගන්නවා.මේවා සැප වේදනා, දුක් වේදනා, උපේක්‍ෂා වේදනා වශයෙන් විවිධයි. ඊට පසු ඒ වේදනාව හඳුනා ගන්නවා. එය රූප සංඥාවයි. මෙසේ හඳුනාගත් වේදනාවම අනුව චේතනා පහළ කරනවා. ඒක තමයි රූප සංචේතනා මනස් මුල් කරගෙන හට ගන්නා වේදනාව මනෝ සංචේතනා ශබ්ද සංචේතනා , රස සංචේතනා ආදී සියල්ලම අයිති වන්නේ මනෝ සංචේතනා වලටයි.
 
ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
විඤ්ඤාණ ආහාරය

සතර ආහාරයන්ගේ මීළඟ ආහාරය විඤ්ඤාණ ආහාරය නම් වන්නේ ය. බුදුරජාණන් වහන්සේ විඤ්ඤාණය ආහාරය පහළවන ස්ථාන 6 ක් පෙන්වා වදාළහ. ඒ ඇස්, කණ, නාසය, දිව, කය, මනස යන ස්ථාන 6 යි. මෙහිදී ඇස මුල්කොට චක්ඛු විඤ්ඤාණය ද කණ මුල්කොට සෝත විඤ්ඤාණය ද, නාසය මුල්කොට ඝාණ විඤ්ඤාණය ද, දිව මුල්කොට ජිව්හා විඤ්ඤාණය ද කය මුල්කොට කාය විඤ්ඤානයද, මනස මුල්කොට මනෝ විඤ්ඤාණය ච උපදින්නේ ය. මෙකී 6 වැදෑරුම් විඤ්ඤාණය යමෙක් ජන්ද රාගයෙන් අල්ලා ගන්නේද, ඔහුගේ මේ ජීවිතයෙහි පෝෂණය මෙන්ම සංසාරික ජීවිතයද එමගින් සිදුවන බව දත යුතු ය. සය වැදෑරුම් විඤ්ඤාණ කෙරෙහි ඇතිකරගන්නා වූ යම් ජන්ද රාගයක් ඇත්තේ නම් එහි තෘෂ්ණාව ඇත්තේ නම් ද, එහි විඤ්ඤාණය ද පිහිටා වැඩෙන්නේය. එම නිසා එතුළ නාමරූප බැසගැන්මක් ඇතිවන්නේ ය. එම නාමරූප බැසගැන්ම මුල්කොට ගෙන සංස්කාරයන්ගේ වැඩීම ද ඇතිවන්නේය. එකී සංස්කාර නිසා නැවත උපතක් කරා එම ජීවිතය ගමන් කරන්නේය. එතැන් පටන් ජාති, ජරා, මරණ ආදිය ඇති වන්නේ ය. යම් තැනක නැවත මෙකී ජාති, ජරා, මරණ හටගැන්මක් ඇත් ද එය ශෝක සහිතය. පීඩා සහිතය. ආයාස සහිත ය.
 
sudunone

Member
May 23, 2009
3,781
121
0
:yes::yes::D

ගාථාව මතක නෑ නේ...:baffled:
මේ කතාවයි, බර අඩුකරන්න බුදුන් කොසොල් රජුට කියා දීපු උපක්‍රමය නම් එළ!!

ගාථාව හම්බුණා. :D

මිද්ධි යදා හොති මහග්ඝ සොව
නිද්දායිතා සම්පරි වත්තසායි
මහ වරාහොව නිවාපපුට්ඨො
පුනප්පුනං ගබ්භමුපෙති මන්ද්‍රෙ

මේ ගාථාව පටන් ගැන්මේම “මිද්ධි” යනුවෙන් අදහස් වන්නේ සිතෙහි හා කයෙහි අලස බවින් යුතුව වෙසෙන පුද්ගලයා පිළිබඳවය. “ථීන මිද්ධ “ යන නීවරණ යනුවෙන් දැක්වෙන්නේත් මෙයමය. නීවරණ වලින් සුගති සැප හා නිවනට බාධා පමුණුවයි. “පුනප්පුනං ගබ්හමුපෙති “ නම් කා බී වැඩුණු ගම් ඌරෙකු මෙන් නිදන අනුවණයා සසර දුකින් නොමිදී මවුකුස නැවත නැවතත් උපදින්නේය.

ඒ කාලෙත් ඌරො තමා උදාහරණෙට අරන් තියෙන්නෙ. කොහොමද රජ්ජුරුවන්ට ඌරා කිව්වම??:rofl:
 
sudunone

Member
May 23, 2009
3,781
121
0
මේ තවත් කරුණක්, ආහාර පරිභෝජනය ගැන. මේකනම් උපසපන් භික්ෂූන් වහන්සේලාට පිළිපදින්න කිව්ව එකක්.

චතුර් විධ පරිභෝග

1.ථෙය්‍ය පරිභෝගය 2. ඉණපරිභෝගය 3. දායජ්ජ පරිභෝගය 4.සාමි පරිභෝගය යනුවෙන් සතරකි. ථෙය්‍ය පරිභෝගය නම් සොර සිතින් කෑමයි. ඉණ පරිභෝගය තමා සිල්වත් වුවද ප්‍රත්‍යවේක්‍ෂා නොකොට වළදන්නේ නම් ඔහුගේ පරිභෝගය ඉණ පරිභෝගයයි. (ණයට කෑමයි) දානය වළඳනවිට පිඩක් පිඩක් පාසා ප්‍රත්‍යාවේක්‍ෂා කළ යුතුය. ප්‍රත්‍යවේක්‍ෂාව නම් දානය දුන් ගිහියන්ට පින් සිදුවේවායි සිතීමය. එසේ ප්‍රත්‍යවේක්‍ෂා නොකළේ නම් පෙරවරු , පස්වරු, පෙරයම හෝ ප්‍රත්‍යවේක්‍ෂා කළ යුතුය. එසේ ප්‍රත්‍යාවේක්‍ෂා නොකරම අරුණ නැග්ගේ නම් ඉණ පරිභෝගයට අසුවේ.
 
sudunone

Member
May 23, 2009
3,781
121
0
“චත්තාරො පංච ආලොපෙ – අභුත්වා උදකං පිවෙ
අලං පාසු විහාරාය – පහිතතස්ස භික්ඛුනො”

ආහාර පිඩු හතරක් පහක් තව කෑමට ඉඩ තියෙද්දී වතුර බොන්න. භාවනානු යෝගී භික්ෂුවගේ පහසුව පිණිස එය හේතුවෙයි.