රථ ගාය

tharinda07

Member
Mar 1, 2007
5,784
44
0
"රථ ගාය"

(තවදුරටත් නො පෙන්වනු ලැබේ)
http://www.divaina.com/2009/11/28/editor.html

ප්‍රභූවරුන් සහ ආරක්‍ෂක ප්‍රධානීන් රියවල නැගී මහ මඟ යද්දී පාරවල් වැසීමේ "ආරක්‍ෂක පුරුද්ද" පෙරේදා (26 දා) සිට නවත්වා දැමීම ගැන මේ පුවත්පත තරම් සතුටු වන වෙන කිසිවකුත් සිටින්නට ඉඩ නැත.

මන්ද යත්, එයට විරුද්ධව වැඩිපුරම සටන් කළේ මේ පුවත්පත බැවිනි. පාරවල් වැසීම නතර කළ පෙරේදා දවසේත් අපගේ කතුවැකිය මගින් කියන ලද්දේ පාරවල් වැසීම නිසා මිනිසුන්ට ඇති වන දුක්‌ කරදර ගැන ය. සාමාන්‍යයෙන් මේ රටේ පාරවල් වසන ලද්දේ මෙසේ යá සවස හතරහමාරට කොළඹ කන්තෝරු නිම වන්නේ යෑයි සිතමු. හරියටම සවස 5.05 ට පාරවල් වසනු ලැබේ. ගම්පහට, නුවරට, ගාල්ලට, මාතරට දිවෙන දුම්රිය කොටුවේ දුම්රියපළෙන් පටන් ගන්නේ සවස 5.09 ට, 5.19ට, 5.21 ට වැනි වේලාවන්ට ය. (දැන් ඔබට කටුනායක ගුවන් තොටුපලේ ගුවන් යානා ගොඩබාන සහ අහසට නංවන වේලාවන් සිහිපත් වනවා ඇත.) එසේ තිබියදී හවස 05.05 ට පාරවල් වැසුනොත් ඇතැම් විට සවස පහමාර වන තුරුත් ඇරෙන්නේ නැත.
එවිට ලක්‍ෂ සංඛ්‍යාත ජනයාට දුම්රිය "මිස්‌" වෙයි. මිනිස්‌සු ගල් රූප ලෙස පාරවල් අසල හිටගෙන ප්‍රභූවරුන්ට සාප කළහ. මන්ද යත් පාරවල් වැසීම නිසා මගීන්ට නියමිත වේලාවට දුම්රිය වෙත පැමිණීමට නො හැකි වීම සාධාරණ හේතුවක්‌ සේ සළකා දුම්රිය ප්‍රමාද කර තබා ගැනීම දුම්රිය දෙපාර්තමේන්තුවේ සිරිත නො වන හෙයිනි. සමහර විට ප්‍රභූවරයා ඒ පාරේ යන්නේත් නැත. ඔහු එක්‌කෝ ගමන අවලංගු කරයිá නැතහොත් වෙනත් පාරකින් ගමන් කරයි. අන්තිමේදී මගියා දුම්රියට හෝ බස්‌ පොළට එන විට එම රථ පිටත්ව ගොසිනි. ප්‍රභූවරයා කවරකු වේවා මිනිස්‌සු බනින්නේ ජනාධිපතිතුමාට ය. එය රටේ සිරිතයි. වැස්‌සත් පෑව්වත් මහින්ද රාජපක්‍ෂ, බැසිල් රාජපක්‍ෂ, ඝෝඨාභය රාජපක්‍ෂ යන තිදෙනාට බැණ වැදීම මේ රටේ සමහරුන්ගේ සිරිතය. ප්‍රභූවරයා හෙළිකොප්ටරයෙන් යන විට පවා කොළඹ පාරවල් වැසූ අවස්‌ථා තිබේ.

පාරවල් වැසීම ආරක්‍ෂක ක්‍රියාවලියකි. මෙයට වසර පහළොවකට පමණ පෙර "කු=ඩා බෝට්‌ටු සංකල්පයේ" නිර්මාතෘවරයා වූ එවකට නාවික හමුදාපතිව සිටි ක්‌ලැන්සි ප්‍රනාන්දු මහතා මරාගෙන මැරෙන කොටි ත්‍රස්‌තයකු විසින් ගාලු මුවදොරදී මරා දමන ලද්දේ නිසි ලෙස පාරවල් නො වැසූ හෙයිනි. (කුඩා බෝට්‌ටු සංකල්පය යනු මුහුදු කොටින්ට පහර දීම සඳහා නාවික හමුදාව විසින් කුඩා ප්‍රහාරක යාත්‍රා සමූහයක්‌ යොදා ගැනීම ය.) එදා ක්‌ලැන්සි ප්‍රනාන්දු නාවික හමුදාපතිතුමා ගාලු මුවදොර පාර දිගේ ගමන් කරන විට පාර වසන ලද්දේ නම් කොටියාට ඔහු මැරීමට ඉඩක්‌ ලැබෙන්නේ නැත. එහෙත් උදේ සිට හවස්‌ වන තුරු කන්තෝරුවල කල්ගත කර දුර ගමනාන්තවල පිහිටි සිය නිවෙස්‌ කරා යන ස්‌ථානයට ආරක්‍ෂාව සම්බන්ධයෙන් ඇති න්‍යායයික කරුණු කිසිත් වැදගත් වන්නේ නැත. ඔවුන් ඒවා පිළිගත්තෙත් නැත. පිළිගන්නෙත් නැත. අපට පුරුදු ක්‍රමය මෙසේ යá අශ්වයා ඉතා ලාබෙට ලබා ගත හැකි විය යුතු ය. ඌ නේරංජනා ගංගාවෙන් පැනීමටත් සමත් විය යුතු ය.

මෙය කතාවේ එක්‌ පැත්තකි. තමන් වටා තුවක්‌කු ගත් ආරක්‍ෂක නිලධාරීන්, වෙඩි නොවදින බී. එම්. ඩබ්ලිව්. රථ, පරිවාරක ජීප් සහ බස්‌ රථ, කාන්තා සෙබළියන් යනාදීන් තබා ගැනීමේ ආබාධයකින් පෙළෙන ඇතැම්හු ද මේ සමාජයේ වෙති. එය එක්‌තරා මානසික තත්ත්වයකි. තමන් පාරේ යන විට පාර වසනු දකිනු කැමැති, සයිරන් නළා පිඹගෙන යන පෙර ගමන් රිය තමන්ට කලින් යනු දකිනු රිසි " අමාරුකාරයෝ" අප අතර වෙති. මේ අමාරු කවදා හෝ සුවපත් කළ යුතුය. මේ රටේ දැන් කොටි කලබලයක්‌ නැති බැවින් ජනාධිපතිතුමාට සහ තවත් දෙතුන් දෙනකුට හැර වෙන කිසිදු අයෙකුට විශේෂ ආරක්‍ෂාවක්‌ අවශ්‍ය නැත. ඔවුන් ආරක්‍ෂා විය යුත්තේ ඡන්ද දායකයන්ගෙනි. පොරොන්දු ඉටු නො කෙරුණු ඡන්ද දායකයෝ ඔවුන් එනතුරු මඟ රැක සිටිති.
 
blacktarzan

Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    හොදින් කියවු විට මෙම පුවත්පත වක්‍රව මඩ ගසා ඇති බව පෙනේ
    ප්‍රතිවාදියාව කොටියන් ඉදිරියේ අතපය බැද දමා මහමග දමා ඇත..
     
    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    අර ගිය සතියෙ තුන්මුල්ලෙදි SFගේ වාහන පොලිසියෙන් නවත්තල උන සිද්ධියට අණ්ඩුවට උත්තර නැති උන එකත් ඕක කරන්න හේතුවක්. නැතුව අපිට අදරේට අණ්ඩුව කල දෙයක් නෙමේ ඕක.
    අන්තිම ඡෙදය හොදට කියවන්න....
    මේ හන්ගල ගහන්න හදන්නෙ කාටද........
     
    aragon

    Well-known member
  • Oct 16, 2008
    9,349
    978
    113
    38
    Dan janadipathi ara anith VIP kattiya merunata kamak nedda..?
    5.gif
    5.gif

    Janadiathi tath parawal wahanne nethuwa hitiyanam me wade sadaranai... :rofl::baffled:
     
    aragon

    Well-known member
  • Oct 16, 2008
    9,349
    978
    113
    38
    අර ගිය සතියෙ තුන්මුල්ලෙදි SFගේ වාහන පොලිසියෙන් නවත්තල උන සිද්ධියට අණ්ඩුවට උත්තර නැති උන එකත් ඕක කරන්න හේතුවක්. නැතුව අපිට අදරේට අණ්ඩුව කල දෙයක් නෙමේ ඕක.
    අන්තිම ඡෙදය හොදට කියවන්න....
    මේ හන්ගල ගහන්න හදන්නෙ කාටද........
    Oya kiyana widiye arakshawak rate thiyanawanam Janadipathi arakshawak ona na...Ethakota eya yaddi parawal wehenne nane..Ethakota minissunta thawath pahasui ne..:P :P
     
    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    අර ගිය සතියෙ තුන්මුල්ලෙදි SFගේ වාහන පොලිසියෙන් නවත්තල උන සිද්ධියට අණ්ඩුවට උත්තර නැති උන එකත් ඕක කරන්න හේතුවක්. නැතුව අපිට අදරේට අණ්ඩුව කල දෙයක් නෙමේ ඕක.
    අන්තිම ඡෙදය හොදට කියවන්න....
    මේ හන්ගල ගහන්න හදන්නෙ කාටද........

    ඔබ හරියටම හරි මම කලින් කිව්වේ ඒකමයි
    කාන්තා සෙබලියන් 5 දෙනෙකු ඉල්ලා තීබිම තමයි වක්‍රව මඩ ගැසිම පටන් ගන්න හදන්නේ නමුත් ඔනම කෙනෙකුට තේරෙනවා තමන්ගේ බිරිද සිටින විට තමන්ට ගෙදරට ලැබෙන ආරක්ෂාවට පිරිමි සෙබලුන් ගෙදරට දමන්න බැරි බව ඒ සදහා තමයි කාන්තා සෙබලුන් නිල වශයෙන් ඉල්ලන්නේ නැතිනම් අනිත් ඒවට නම් අද ලංකාවේ ඕන තරම් මුදලට වි‍කිනේන අය ඉන්නවා... ඉදිරියේදි මුදල් දී හිටපු හමුදා සෙබලියන් කිහිපදෙනෙකු ‍කරලියට ගෙන ඒමේ මඩක පල් ගද තමයි මේ හමන්නේ...
     
    "රථ ගාය"

    (තවදුරටත් නො පෙන්වනු ලැබේ)
    http://www.divaina.com/2009/11/28/editor.html

    ප්‍රභූවරුන් සහ ආරක්‍ෂක ප්‍රධානීන් රියවල නැගී මහ මඟ යද්දී පාරවල් වැසීමේ "ආරක්‍ෂක පුරුද්ද" පෙරේදා (26 දා) සිට නවත්වා දැමීම ගැන මේ පුවත්පත තරම් සතුටු වන වෙන කිසිවකුත් සිටින්නට ඉඩ නැත.

    මන්ද යත්, එයට විරුද්ධව වැඩිපුරම සටන් කළේ මේ පුවත්පත බැවිනි. පාරවල් වැසීම නතර කළ පෙරේදා දවසේත් අපගේ කතුවැකිය මගින් කියන ලද්දේ පාරවල් වැසීම නිසා මිනිසුන්ට ඇති වන දුක්‌ කරදර ගැන ය. සාමාන්‍යයෙන් මේ රටේ පාරවල් වසන ලද්දේ මෙසේ යá සවස හතරහමාරට කොළඹ කන්තෝරු නිම වන්නේ යෑයි සිතමු. හරියටම සවස 5.05 ට පාරවල් වසනු ලැබේ. ගම්පහට, නුවරට, ගාල්ලට, මාතරට දිවෙන දුම්රිය කොටුවේ දුම්රියපළෙන් පටන් ගන්නේ සවස 5.09 ට, 5.19ට, 5.21 ට වැනි වේලාවන්ට ය. (දැන් ඔබට කටුනායක ගුවන් තොටුපලේ ගුවන් යානා ගොඩබාන සහ අහසට නංවන වේලාවන් සිහිපත් වනවා ඇත.) එසේ තිබියදී හවස 05.05 ට පාරවල් වැසුනොත් ඇතැම් විට සවස පහමාර වන තුරුත් ඇරෙන්නේ නැත.
    එවිට ලක්‍ෂ සංඛ්‍යාත ජනයාට දුම්රිය "මිස්‌" වෙයි. මිනිස්‌සු ගල් රූප ලෙස පාරවල් අසල හිටගෙන ප්‍රභූවරුන්ට සාප කළහ. මන්ද යත් පාරවල් වැසීම නිසා මගීන්ට නියමිත වේලාවට දුම්රිය වෙත පැමිණීමට නො හැකි වීම සාධාරණ හේතුවක්‌ සේ සළකා දුම්රිය ප්‍රමාද කර තබා ගැනීම දුම්රිය දෙපාර්තමේන්තුවේ සිරිත නො වන හෙයිනි. සමහර විට ප්‍රභූවරයා ඒ පාරේ යන්නේත් නැත. ඔහු එක්‌කෝ ගමන අවලංගු කරයිá නැතහොත් වෙනත් පාරකින් ගමන් කරයි. අන්තිමේදී මගියා දුම්රියට හෝ බස්‌ පොළට එන විට එම රථ පිටත්ව ගොසිනි. (1)ප්‍රභූවරයා කවරකු වේවා මිනිස්‌සු බනින්නේ ජනාධිපතිතුමාට ය. එය රටේ සිරිතයි. වැස්‌සත් පෑව්වත් මහින්ද රාජපක්‍ෂ, බැසිල් රාජපක්‍ෂ, ඝෝඨාභය රාජපක්‍ෂ යන තිදෙනාට බැණ වැදීම මේ රටේ සමහරුන්ගේ සිරිතය. (2)ප්‍රභූවරයා හෙළිකොප්ටරයෙන් යන විට පවා කොළඹ පාරවල් වැසූ අවස්‌ථා තිබේ.

    පාරවල් වැසීම ආරක්‍ෂක ක්‍රියාවලියකි. මෙයට වසර පහළොවකට පමණ පෙර "කු=ඩා බෝට්‌ටු සංකල්පයේ" නිර්මාතෘවරයා වූ එවකට නාවික හමුදාපතිව සිටි ක්‌ලැන්සි ප්‍රනාන්දු මහතා මරාගෙන මැරෙන කොටි ත්‍රස්‌තයකු විසින් ගාලු මුවදොරදී මරා දමන ලද්දේ නිසි ලෙස පාරවල් නො වැසූ හෙයිනි. (කුඩා බෝට්‌ටු සංකල්පය යනු මුහුදු කොටින්ට පහර දීම සඳහා නාවික හමුදාව විසින් කුඩා ප්‍රහාරක යාත්‍රා සමූහයක්‌ යොදා ගැනීම ය.) එදා ක්‌ලැන්සි ප්‍රනාන්දු නාවික හමුදාපතිතුමා ගාලු මුවදොර පාර දිගේ ගමන් කරන විට පාර වසන ලද්දේ නම් කොටියාට ඔහු මැරීමට ඉඩක්‌ ලැබෙන්නේ නැත. එහෙත් උදේ සිට හවස්‌ වන තුරු කන්තෝරුවල කල්ගත කර දුර ගමනාන්තවල පිහිටි සිය නිවෙස්‌ කරා යන ස්‌ථානයට ආරක්‍ෂාව සම්බන්ධයෙන් ඇති න්‍යායයික කරුණු කිසිත් වැදගත් වන්නේ නැත. ඔවුන් ඒවා පිළිගත්තෙත් නැත. පිළිගන්නෙත් නැත. අපට පුරුදු ක්‍රමය මෙසේ යá අශ්වයා ඉතා ලාබෙට ලබා ගත හැකි විය යුතු ය. ඌ නේරංජනා ගංගාවෙන් පැනීමටත් සමත් විය යුතු ය.

    මෙය කතාවේ එක්‌ පැත්තකි. තමන් වටා තුවක්‌කු ගත් ආරක්‍ෂක නිලධාරීන්, වෙඩි නොවදින බී. එම්. ඩබ්ලිව්. රථ, පරිවාරක ජීප් සහ බස්‌ රථ, කාන්තා සෙබළියන් යනාදීන් තබා ගැනීමේ ආබාධයකින් පෙළෙන ඇතැම්හු ද මේ සමාජයේ වෙති. එය එක්‌තරා මානසික තත්ත්වයකි. තමන් පාරේ යන විට පාර වසනු දකිනු කැමැති, සයිරන් නළා පිඹගෙන යන පෙර ගමන් රිය තමන්ට කලින් යනු දකිනු රිසි " අමාරුකාරයෝ" අප අතර වෙති. මේ අමාරු කවදා හෝ සුවපත් කළ යුතුය. මේ රටේ දැන් කොටි කලබලයක්‌ නැති බැවින් ජනාධිපතිතුමාට සහ තවත් දෙතුන් දෙනකුට හැර වෙන කිසිදු අයෙකුට විශේෂ ආරක්‍ෂාවක්‌ අවශ්‍ය නැත. (3)ඔවුන් ආරක්‍ෂා විය යුත්තේ ඡන්ද දායකයන්ගෙනි. පොරොන්දු ඉටු නො කෙරුණු ඡන්ද දායකයෝ ඔවුන් එනතුරු මඟ රැක සිටිති.
    මේ ලිපියේ සියළු කරුණුවලට (කාගේ වුවත්) සම්පූර්‍ණ එකඟවිය නොහැකියි.රතු පාට කල වගන්ති කීපයට පිළිතුරක් ලිවීමට කැමතියි.
    1 රට පාලනය කරන්නේ(විශේෂයෙන්ම ආරක්‍ෂාව) ජනපති නම් එයා කවුරු වුනත් මහජනයාට පීඩා වන ආකාරයේ සියළු සිදුවීම් වැළක්විය යුතු නොවේ ද?
    2 ඒ මොන විකාරයක්ද?ඝාතකයා මුළාකිරීමට කරන උපක්‍රමයක්ද?:no:
    3 දැන් සිදුව ඇත්තේ එයයි.ජන්දයක් අත ළග බැවින් මහජනයාගේ දෙපා මුලට එන්න සිදුව තිබේ.දැන් සියල්ල සිදුවන්නේ ජනතා අපේක්‍ෂාවට ගරු කරමිනි.
    මෙයට අමතරව ජනාධිපතිට හැර වෙනත් අයට පාරවල් නොවැසිය යුතුයැයි නියෝග කර ඇත්තේ කිනම් අරමුණකින්දැයි ඉක්මනින්ම සිදුවන විනාශයකින් කාටත් අවබෝධ වනු ඇති.
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    අපරාදෙ හැබැයි
    අරහෙ රූපවහිනිය ලව්ව ප්‍රශස්ති ගී ගායනා කරවනවා.
    හාමුදුරුවො ලව්ව බණ කියවනවා

    පාරෙ යන මිනිස්සුන්ගෙ අදහස් විමසනවා. වැඩේ කියන්නෙ අහන එක්කෙනෙක්වත් ආණ්ඩුවේ දොස් කියන්නෙ නෑ ගුණමයි කියන්නෙ.

    ඒ මදිවට දෙවැටපාරක මඩ වලක් වැහුවත් අතිගරු ජනාධිපති රාජපක්ශ මැතිතුමාගෙ උපදෙස් මත තමා ඒකත් වෙන්නෙ :lol:

    දැන් පත්තරකාරයො ලව්ව මඩ ගස්සනවා
    මේ දවස් වල ඌරොත් මඩ වලවල් වල නැතුව රෑ 8 ට රූපවාහිනි News දාල තියෙන TV ගාව වෙන්නැති ලගින්නෙ:rofl:
    ඔය අතිගරුතුමාගෙ මේ ජාතියෙ විකට වැඩ නිසා තමා එතුමාව මටනං එපා උනෙ :oo:
     
    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    මේවා තෙරෙන්නෙ නැති අය ටිකක් හිතන්න.....
    SFගෙ ගෙදරට මහ රෑ ගිය එක ගැන අමත්‍ය කෙහෙලිය රඹුක්වල්ල , හමුදා මාධ‍ය ප්‍රකශක , හමුදාපති කියන හේතු එකින් එකට වෙනස් නේද?
    මේ යන්නෙ හමුදාවත් දේශපලනිකරනය කරන්නද?
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    අර ගිය සතියෙ තුන්මුල්ලෙදි SFගේ වාහන පොලිසියෙන් නවත්තල උන සිද්ධියට අණ්ඩුවට උත්තර නැති උන එකත් ඕක කරන්න හේතුවක්. නැතුව අපිට අදරේට අණ්ඩුව කල දෙයක් නෙමේ ඕක.
    අන්තිම ඡෙදය හොදට කියවන්න....
    මේ හන්ගල ගහන්න හදන්නෙ කාටද........

    මුන් හදන්නේ සරත් ෆොන්සේකාටත් ජානක පෙරේරාට දුන්න ගේම සෙට් කරලා දෙන්න තමා..........!! :angry::angry:
     
    Renesas

    Member
    Apr 15, 2009
    20,009
    431
    0
    Sihina wijithe
    මේවා තෙරෙන්නෙ නැති අය ටිකක් හිතන්න.....
    SFගෙ ගෙදරට මහ රෑ ගිය එක ගැන අමත්‍ය කෙහෙලිය රඹුක්වල්ල , හමුදා මාධ‍ය ප්‍රකශක , හමුදාපති කියන හේතු එකින් එකට වෙනස් නේද?
    මේ යන්නෙ හමුදාවත් දේශපලනිකරනය කරන්නද?

    hamudawa sampuranayen SF ge peththe anduwata kiyata wath hamudawa desha palanikaranaya karanna be oya anduwata baye kade yana ekek dennk era
     
    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    Oya ithin thread eke thiyena quality eka kanna hadanawa.......!! :angry: :angry:

    Divaina kaaraya, government ekata patta kadee yaamak nee yannee...................!! :growl::growl:

    මචන් ඊයේ කවුද එකෙක් කිවුව අද ලංකවෙ පත්තර වලින් මදයස්තව ලිපි පල කරන්නෙ "දිවයින" පත්තරෙ කියල. මට හොයගන්න බෑ ඌ කවුද කියල දැන්. අනේ මගෙ කට මුන්ගෙ මදයස්තකම දැක්කහම හිනා යනවා.......