ජෙනරාල්ගේ නිවසට කඩාවැදීම ගැන ඇමැති හා හමු
ජෙනරාල්ගේ නිවසට කඩාවැදීම ගැන ඇමැති හා හමුදා ප්‍රකාශකගෙන් මත දෙකක්
පසුගිය 26 දා හිටපු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාගේ නිල නිවසට මධ්‍යම රාත්රියේදී යුධ හමුදා පොලිසිය කඩා පැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයන් කළ ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය ප්‍රකාශක ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා සහ හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් උදය නානායක්කාර මහතා අදහස් දෙකක් ප්‍රකාශ කර ඇත.
මෙහිදී ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසුවේ "ජෙනරාල්ගේ නිල නිවස පිහිටා තිබෙන්නේ අධි ආරක්ෂක කලාපයකයි. ඒ අධි ආරක්ෂක කලාපයේමයි ජනාධිපතිවරයාගේ, අගමැතිවරයාගේ වගේම තවත් සුවිශේෂී පුද්ගලයින්ගෙ නිල නිවෙස් පිහිටා තිබෙන්නේ. ඒ නිසා මේ කියන විදියට හමුදාවට කොයි වෙලාවකවත් කඩා පනින් බැහැ. මේක සිදුවූ සිදුවීමක් නෙමෙයි" යනුවෙනි.
නමුත් යුධ හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් උදය නානායක්කාර මහතා යුද හමුදා පොලිස් නිලධාරීන් පිරිසක් ජෙනරාල් සරත්ෆොන්සේකා මහතා හමුවීමට පසුගියදා 26 වන දා රාත්‍රි හමුදා නිලනිවසට ගියේ ඔහු විසින් අනවසරයෙන් රඳවාගෙන සිටින හමුදා භටපිරිස හා රථවාහන කිහිපයක් පිළිබඳව විමසීමට බව පැවැසීය. එමෙන්ම රාත්‍රි 11.00 ට පමණ සරත් ෆොන්සේකා මහතා හමුවීමට යුද හමුදා පොලිස් නිලධාරීන් ඔහුගේ නිල නිවසට ගියේ ඔහු එතෙක් නිවසට පැමිණ නොතිබූ නිසා බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.
මේ අනුව දෙදෙනා මත දෙකක් ප්‍රකාශ කර ඇති අතර, ඇමැතිවරයා මෙම සිදුවීම ප්‍රතික්ෂේප කරද්දී, හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා මෙම සිදුවීම් සිදු වූ දෙයක් ලෙස පිළිගෙන ඇත. මේ අනුව රජයේ ඇමැතිවරුන් මේ වන විට ජෙනරාල් විරෝධි ක්‍රියාවක නිරත වෙමින් සිටින අතර, එහි ක්‍රියාකාරකම් සාධාරණීකරණය කිරීමට ඇමැතිවරු සැදී පැහැදී සිටින බවත්, රජයේ ආරක්ෂක භට පිරිස් වන හමුදා භට පිරිස් ආණ්ඩුවේ අණට යටත්ව කටයුතු කිරීමේ ක්‍රියාවලියක් සිදුවෙමින් පවතින බව හෙළි වන බවත්, මේ පිළිබඳ අදහස් දැක්වූ බොහෝ දෙනෙකු පැවසූහ.
Source :- http://wp.me/pI5Gy-4l