~ Kaviyen Kaviya ~.........Kamathida???

X men

Member
Aug 17, 2008
3,962
84
0
noʎ ɯoɹɟ ʎɐʍɐ ɹɐɟ
සදක් නොමැති තැන සද කැන් නැත දිලිසී
සදට ආවඩන අය ගැන නැත පැහැදී
සදෙන් එළිය ගෙන නැලවෙන ඇසිල්ලෙදී
සදට කවි තනන්නට පෙර පිං කරන්නැති

සදක් සේ ම සිතනට සිතුවිලි බන්දා
සදක් දකින්නට මෙත් මල් කැන් පුබුදා
සදක් වන් හදක් ඔබ ළය තුළ රන්දා
සදක් ලෙසින් පායා එන්නයි සැමදා

:):):)
 
සදක් නොමැති තැන සද කැන් නැත දිලිසී
සදට ආවඩන අය ගැන නැත පැහැදී
සදෙන් එළිය ගෙන නැලවෙන ඇසිල්ලෙදී
සදට කවි තනන්නට පිං කරන්නැති


සඳ දිලිසුනත් හැමදා කළුවර අහසේ
ඉඳ හිට තරැ ඇවිත් කෙලි නැටුවත් රිසිසේ
දිදුළන සඳට මිස කවි පබැඳුම් මිනිසේ
වැටෙන තරැ වලට කවි ලියවෙද රිසිසේ

 

Doly

Member
Aug 12, 2008
15,668
100
0
Kandy
සදක් සේ ම සිතනට සිතුවිලි බන්දා
සදක් දකින්නට මෙත් මල් කැන් පුබුදා
සදක් වන් හදක් ඔබ ළය තුළ රන්දා
සදක් ලෙසින් පායා එන්නයි සැමදා

:):):)


සදක් සදිසි ලදක් සේම පිවිතුරු බව රන්දා
මලක් දෝත ගෙන ආවෙමි මෙත් මල් හද තවරා
දුරින් ඉදන් හිනහෙන සද එළියට පෙම් වඩවා
සදයි මලයි ලග දැවටී මම ඉමි හිනහීලා
:)
 

X men

Member
Aug 17, 2008
3,962
84
0
noʎ ɯoɹɟ ʎɐʍɐ ɹɐɟ

සඳ දිලිසුනත් හැමදා කළුවර අහසේ
ඉඳ හිට තරැ ඇවිත් කෙලි නැටුවත් රිසිසේ
දිදුළන සඳට මිස කවි පබැඳුම් මිනිසේ
වැටෙන තරැ වලට කවි ලියවෙද රිසිසේ


අදුරු අහස රජකරනා සද කුමරී
අමාවකට රජකරනා තරු කුමරී
මේ දෙදනාම සිටියත් ලොව තුළ පැතිරී
හිරු රජු වැඩි විටදි නොපෙනී යයි සිපිරී


:)
 

X men

Member
Aug 17, 2008
3,962
84
0
noʎ ɯoɹɟ ʎɐʍɐ ɹɐɟ

සදක් සදිසි ලදක් සේම පිවිතුරු බව රන්දා
මලක් දෝත ගෙන ආවෙමි මෙත් මල් හද තවරා
දුරින් ඉදන් හිනහෙන සද එළියට පෙම් වඩවා
සදයි මලයි ලග දැවටී මම ඉමි හිනහීලා
:)

කවිකාරයි දැන් අහසත් සදේ පහස හන්දා
කවි කියනට සදත් සමග අහස වැඩිය හන්දා
කවි බදිනට තනියෙන් මාහට බල වෙර බන්දා
කවි කියනා ඔබ කිසිදා නොයනු මෙලොව හැරදා


:)
 

Doly

Member
Aug 12, 2008
15,668
100
0
Kandy

සඳ දිලිසුනත් හැමදා කළුවර අහසේ
ඉඳ හිට තරැ ඇවිත් කෙලි නැටුවත් රිසිසේ
දිදුළන සඳට මිස කවි පබැඳුම් මිනිසේ
වැටෙන තරැ වලට කවි ලියවෙද රිසිසේ



වැටෙන තරු ඇවිත් ඉගි බිගි පෑවාට
සදට මිසක තරු ගැන කවි ලියවේද
අහස පුරා පැතිරී දග දැම්මාට
සදක් සේ එළිය දෙන්නට හැකිවේද
:P
 

X men

Member
Aug 17, 2008
3,962
84
0
noʎ ɯoɹɟ ʎɐʍɐ ɹɐɟ


වැටෙන තරු ඇවිත් ඉගි බිගි පෑවාට
සදට මිසක තරු ගැන කවි ලියවේද
අහස පුරා පැතිරී දග දැම්මාට
සදක් සේ එළිය දෙන්නට හැකිවේද
:P

සදවත නොමැත සැමදා ලොව පායන්නේ
තරුකැළ නොවෙද සැමදා තනියට ඉන්නේ
තරුගැන බොහෝ කවි ගී පද මුමුණන්නේ
තනිකම දැනෙන හදවත් යයි සිහිවන්නේ


:dull::dull::dull:
 

Doly

Member
Aug 12, 2008
15,668
100
0
Kandy
කවිකාරයි දැන් අහසත් සදේ පහස හන්දා
කවි කියනට සදත් සමග අහස වැඩිය හන්දා
කවි බදිනට තනියෙන් මාහට බල වෙර බන්දා
කවි කියනා ඔබ කිසිදා නොයනු මෙලොව හැරදා


:)


අහස හැඩයි දැන් පෑයූ පුන් සද හින්දාම
පොළොව හැඩයි රටා මවන සද කැන් හින්දාම
පොළොවෙ ඉදන් මම සදටම පෙම් බැදි හින්දාම
සද හැඩවී දිලිසී එයි වෙනදට වැඩියෙන්ම
:)
 

Doly

Member
Aug 12, 2008
15,668
100
0
Kandy
සදවත නොමැත සැමදා ලොව පායන්නේ
තරුකැළ නොවෙද සැමදා තනියට ඉන්නේ
තරුගැන බොහෝ කවි ගී පද මුමුණන්නේ
තනිකම දැනෙන හදවත් යයි සිහිවන්නේ


:dull::dull::dull:


වැටෙන තරු මොටද ලග තනි රැක්කාට
අහස පුරා පැතිරී උන්නත් රැයට
එළිය මවන සද නැති එක දවසකට
කොතරම් පාලුවක් දැනුනද ඔය හදට:P
 

X men

Member
Aug 17, 2008
3,962
84
0
noʎ ɯoɹɟ ʎɐʍɐ ɹɐɟ
වැටෙන තරු මොටද ලග තනි රැක්කාට
අහස පුරා පැතිරී උන්නත් රැයට
එළිය මවන සද නැති එක දවසකට
කොතරම් පාලුවක් දැනුනද ඔය හදට:P

තරු සැමදා තනියට ළග සිටියාට
සදවතියමයි සිහිවන්නේ මා සිතට
සදවත යළි යළිත් පායා ආවාට
තනිකමමයි උරුම සැමදා අන්ධ මට


:)
 

X men

Member
Aug 17, 2008
3,962
84
0
noʎ ɯoɹɟ ʎɐʍɐ ɹɐɟ
අහස හැඩයි දැන් පෑයූ පුන් සද හින්දාම
පොළොව හැඩයි රටා මවන සද කැන් හින්දාම
පොළොවෙ ඉදන් මම සදටම පෙම් බැදි හින්දාම
සද හැඩවී දිලිසී එයි වෙනදට වැඩියෙන්ම
:)

මේ ලෝකය මෙතරම් සුන්දර වන්නේ
සදට පෙමින් බැදි සිත් මල් නිසා නොවේ
මේ ලොව සදා සුවපත් කළ හිරු රජිදුන්නේ
හිරු රැස් නිසා සද කැන් ලොව පවතින්නේ


:rofl::rofl::rofl:
 

NoWayOut

Member
May 13, 2009
578
13
0
Weda Karanaa Thena Nomatha Sinhala Akuru...
Heda Kotu Peney Siw Peliyakata Athiru...
Madatama Yanna Pelambena Sitha Men Uuru... :lol::lol:
Leda Wee Gedara Yannata Sithwey Mithuru...:(:(
 

Planthis

Member
Sep 13, 2009
3,684
235
0
~ On my Black Pearl ~
Weda Karanaa Thena Nomatha Sinhala Akuru...
Heda Kotu Peney Siw Peliyakata Athiru...
Madatama Yanna Pelambena Sitha Men Uuru... :lol::lol:
Leda Wee Gedara Yannata Sithwey Mithuru...:(:(


දැන් කවි ලියෙවන්ෙන සද ගැන විතරයි..
අපි ගැන ලියන්නට කවුරැත් නැති ගානයි..
සදයි තරැයි ෙමිවා දැක්ෙකාත් හිනැෙහයි
සද ගැන කවි කියවලා මට නමි ෙලඩ ගානයි..:P
 

ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
වුනත් කමක් නෑ ලෙඩ කියලා මිතුරු
සද ගැන කව් ලියව් සද හිරු තියෙන තුරු
 

Planthis

Member
Sep 13, 2009
3,684
235
0
~ On my Black Pearl ~
වුනත් කමක් නෑ ලෙඩ කියලා මිතුරු
සද ගැන කව් ලියව් සද හිරු තියෙන තුරු

සද හිරැ තිෙයන තුරැ අප ජීවත් ෙනාවන නිසා
දැන්වත් මගුල් සද අතහැර් දාපල්ලා
 

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
දැන් කවි ලියෙවන්ෙන සද ගැන විතරයි..
අපි ගැන ලියන්නට කවුරැත් නැති ගානයි..
සදයි තරැයි ෙමිවා දැක්ෙකාත් හිනැෙහයි
සද ගැන කවි කියවලා මට නමි ෙලඩ ගානයි..:P

කවි ලිවුමට පද පබැඳුමට සකී
නිමිත්තක් ලැබේනම් යෙහෙකී
අපිගැන ලියනට ගෙන පන්හිඳකී
සැරසී කවුරුත් නැහැ මිස්සකී
:rofl:
 

Planthis

Member
Sep 13, 2009
3,684
235
0
~ On my Black Pearl ~
කවි ලිවුමට පද පබැඳුමට සකී
නිමිත්තක් ලැබේනම් යෙහෙකී
අපිගැන ලියනට ගෙන පන්හිඳකී
සැරසී කවුරුත් නැහැ මිස්සකී
:rofl:

"මිස්සකි" ෙනාෙවි මම "මිස්සක" මිතුරැ
නම ෙවනස් කර කීම මට නමි වහකදුරැ:rolleyes:
ෙකාලයක් පන්හිදක් ෙගන ඉදෙගන නිසි අයුරැ
"මිස්සක" කියා සිය සැරයක් ලියනු ගරැ...;););).
( Jst kiddin ....k? )

ඊෙය් මට ෙදන්ෙනක් විරිත්තුවා
කවි ෙනාලියා පැන යනවායැයි කීවා
අහුවුෙනාතින් මට අද ෙමහි ඒ ෙදන්නා
ෙපන්වා ෙදමි මම කවුදැයි ෙමහි ඉන්නා;)


 
Last edited:

Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
නිදිමත අහලවත් නැති මේ සොදුරු රැයේ
කවි සිතුවිලි ඇවිත් හදවතෙ පිරෙන පැයේ
කවියක් දෙකක් ලියනට සිතෙනවා හුයේ
නිමිත්තක් අරන් කවි ලියමුද ආයේ
 

NoWayOut

Member
May 13, 2009
578
13
0
නිදිමත අහලවත් නැති මේ සොදුරු රැයේ
කවි සිතුවිලි ඇවිත් හදවතෙ පිරෙන පැයේ
කවියක් දෙකක් ලියනට සිතෙනවා හුයේ
නිමිත්තක් අරන් කවි ලියමුද ආයේ


නුඹ හට රැයකි මට නම් මහ දවාලකී
කවි සිතකට ඵහි වෙනසක් නැති හැඩකී
සඳ තරු ගැනම කියවා ඔලුවත් කැරකී
පෝයට ඔහොම දේ වෙනවලු නේද සකී
 

DiLakshika

Member
Nov 24, 2008
3,144
147
0
~~ Kandy ~~
"මිස්සකි" ෙනාෙවි මම "මිස්සක" මිතුරැ
නම ෙවනස් කර කීම මට නමි වහකදුරැ:rolleyes:
ෙකාලයක් පන්හිදක් ෙගන ඉදෙගන නිසි අයුරැ
"මිස්සක" කියා සිය සැරයක් ලියනු ගරැ...;););).
( Jst kiddin ....k? )

ඊෙය් මට ෙදන්ෙනක් විරිත්තුවා
කවි ෙනාලියා පැන යනවායැයි කීවා
අහුවුෙනාතින් මට අද ෙමහි ඒ ෙදන්නා
ෙපන්වා ෙදමි මම කවුදැයි ෙමහි ඉන්නා;)



ලියනට යමක් නැති තැන කවියට කවිය
එකෙකු හෙමින් මග හැරියයි කීවාය :P
ඇරඹුම කොතැන වූවත් මට කම් නැතිය
කවියට කවිය දෙන්නට මං ආවාය ;)