මුතුවන් දසන් පෙල පෙන්වා සිනාසෙ න
සුන්දර යුවතියකි ලෝ තතු නොම පෙනෙ න
රූපය සිහිනයකි, මේ මොහොතෙම නැසෙ න
මේ කුනු සිරුර මුසුවෙයි පසටම දෙර න
!
!!
!
![]()
අත් පා සිඳින ලද, බඩවැල් අදින ල ද
රූපයෙ සොඳුරු බව මොහොතින් නසන ල ද
මරුවා කොතැනකද නොපෙනෙන ලොවක අ ද
කෙලෙසින් හෙටක් වේදැයි අද සිතෙනව ද
!
!!
!
![]()
මිය ගොස් තුන් දිනකි, ඒ සුන්දර මුහු න
ඉදිමී තැලී හැකිලී ලේ ඇද හැලෙ න
පනුවන් කටින් නාහෙන් දඟලන දුව න
ලෝ තතු සමග සිහිවෙයි සම්බුදු සර න
!
!!
!
![]()
සැම හට පොදුයි මේ ඉරනම දැන ගන් න
හැම සිරුරකට හිමි වන ඉරනම මෙන් න
උඬගු දනා මේ ලෝ තතු නොම දන් න
බුදු හිමි දෙසු දහම සිහියට අරගන් න
http://sgunatunga.blogspot.com/2008/12/blog-post_23.html
every soul shell taste death
thx 4 posting bro 


this is the realityevery soul shell taste death
![]()


this is the realityevery soul shell taste death
![]()
හ්ම්. ඉපදුණානම් මැරෙනව. යථාර්තය.
ඒ වගේම තමා....මැරුණම......reincarnation

හ්ම්. එක මාර්ගයයි තියෙන්නෙ ගැළවෙන්න. යථාර්තය.![]()


මේ නූලෙ අපි කතා කළ හැම දෙයක්ම අමුතු දේවල් නෙවෙයි. ඒව හැබැහින් තියෙන දේවල්. නමුත් මේ ඇත්ත දැක්කම අපි ඒ ඇත්තට බය වෙනව. දුක හිතනව. එයින් ගැලවෙන විදිහ නොදන්න නිසා තැවෙනව. ඒ නිසා අපේ මනස අපව මායාව කරා ගෙන යනව තාවකාලිකව ඉන් මිදෙන්න. ඇස් පනා පිට පෙනෙන සත්‍යය අපි පේන්නෙ නෑ වගේ ඉන්නව. ලෝකෙ හැදිල තියෙන්නෙත් සත්‍යය වහන් කරන්න තමයි.
මට මතක් වෙනව සත්‍යයෙන් මුවා වීමට අප දරන ප්‍රයත්නය ගැන අජාන් බ්‍රහ්මවංසෝ මහ තෙරුන් වහන්සේ කියන කතාවක්:
තරුණ තරුණියන්, පෙම්වතුන් මුණ ගැහෙන්න තෝර ගන්නෙ romantic තැන්. ඒව සාමාන්‍යයෙන් අඩ අඳුරේ ගිලී පවතින ස්ථාන. මොකද එහෙම තැනකදි අපට පෙනෙන්නෙ නෑ පෙම්වතියගෙ මූණේ තියෙන කුරුලෑ; අපට පෙනෙන්නෙ නෑ පෙම්වතාගෙ බෙල්ලෙ කුණු පැල්ලම්; නහයෙ හොටු..... ඉතින් අපි හිතා ගන්නව 'හරී ෂෝක්' කියල.![]()

well..I will say everybody face death.
thanks for commenting brother..![]()
හ්ම්. ඉපදුණානම් මැරෙනව. යථාර්තය.
ඒ වගේම තමා....මැරුණම......reincarnation
අර ඉස්සෙල්ල නදුන් අහපු ප්‍රශ්නෙ ගැන මම තවත් කල්පනා කළා-මේ දේවල් එදිනෙදා ජීවිතයට ගලපන්න ගියාම ගැටීමක් ඇති වෙනවද කියන කාරණේ.
සමහර වෙලාවට සමහර අයගෙ පුරුද්දක් තියෙනව කොයි දේටත් මැක්ක වගේ අසුබෙ ඇදල ගන්න; නැත්නම් අනිත්‍ය ඇදල ගන්න. එහෙම වුණාමනම් වටේ ඉන්න අයට එපා වෙනව. උදාහරණයක් විදිහට ශරීරයෙ යථා ස්වභාවය තේරුම් අරගෙන අනවශ්‍ය සැරසිලි කිරීමෙන් තමන් වැලකී ඉන්නවා වෙන්න පුලුවන්. නමුත් තමන්ගෙ බිරිඳ, එහෙම නැත්නම් යෙහෙලියක් මෝස්තර කරන එකට, රුව රැකීම සඳහා ආලේපන ගල්වා ඉන්න විට, ඒවට අකුල් හෙළා 'යථාර්තය' පෙන්නන්න ගියොත්නම් අපව අනික් අයට එපා වෙනවා. (කොහොමත් ආගම බලෙන් ඇඟේ ගහන්න ගියාම මළ කරදරයක් වෙනවා.) බුදු රජාණන්වහන්සෙවත් එහෙම බලෙන් අවබෝධ කරවන්න ගියෙ නෑ. කොටින්ම සිඟාලෝවාද සූත්‍රෙදි උන්වහන්සෙ කියල තියෙනවා වස්ත්‍රාභරණ, තෑගි දීල බිරිඳ සතුටු කරන්න කියලත්.


බුද්ධිමත් විදිහට බුදුදහමේ තියෙන ඔනෙම දෙයක් අපේ ජිවිතයට ගන්න පුලුවන් 

බුදුහමුදුරුවො කවදාවත් කිසිම දෙයක් බලෙන් ඇඟේ ගහන්න උතසාහ කලේ නෑ..බුද්ධිමත් විදිහට බුදුදහමේ තියෙන ඔනෙම දෙයක් අපේ ජිවිතයට ගන්න පුලුවන්
උදාහරනයක් හැටියට, සියලු දේ අනිත්ය නම් අපිට ජිවිතේ ඇතිවෙන ප්‍රෂ්න උනත් අනිත්යයි කියල හිත හදා ගන්න පුලුවන්![]()

මෙන්න මේ කාරණය හුඟක් වැදගත්. ප්‍රශ්නයක් ආවම අපි හැසිරෙන්නෙ ඒක සදහටම තියෙන එකක් වගේ. දුක්, වේදනා, සිත් තැවුල්, කරදර හැම දෙයක්ම තාවකාලිකයි. මේ විදිහටයි ධර්මය ජීවිතයත් එක්ක සසඳලා අවබෝධ කර ගන්න ඕනෙ.![]()
දැන් කාලෙ කොච්චර අය ඉන්නවද පොඩි දෙයක් නිසා සියදිවි නසා ගන්න අය 