[FONT="]ඔන්න යාළුවො දෙන්නෙක් දුර ගමනක් යනවා [/FONT]'[FONT="]හණ[/FONT][FONT="]මි[/FONT][FONT="]ටි[/FONT][FONT="]'[/FONT][FONT="]දෙකක් කරේ තියාගෙන. ටික දුරක් යනකොට මේ දෙන්නට හමු වෙනවා තඹ ගොඩක්. එක්කෙනෙක් හණ මිටිය විසිකරල තඹ මිටියක් බැඳගෙන කරතියාගන්න අතරෙ අනිත් කෙනා කියනවා මම කරතියාගෙන ආපු හණ මිටිය මට හොඳයි කියලා. ඉතින් එතනින් පිටත් වෙලා ටික දුරක් යනකොට හමු වෙනවා රිදී ගොඩක්. තඹ මිටිය කර තියාගෙන ඉන්න කෙනා ඒක අතෑරල රිදී මිටියක් බැඳගෙන කරතියා ගන්නවා. අනිත් යාළුවා තාමත් හණ මිටිය කරගහගෙන යනවා. තව දුර යද්දි මෙයාලට මුණගැහෙනවා රත්තරං ගොඩක්. රිදී මිටිය කරේ තිබුනු කෙනා ඒක අතෑරලා ලොකු රත්තරං මිටියක් බැඳල කරතියා ගන්නවා. ඒ අතරෙ අනෙක් යාළුවා ගැන අනුකම්පාවෙන් කියනවා දැන්වත් ඔය හණ මිටිය විසිකරල රත්තරං මිටියක් බැඳගන්න කියලා. ඉතින් එයා කියනවා රත්තරං නම් වටිනවා තමයි. ඒත් මම මෙච්චර දුරක් කරතියාගෙන ආපු මේ හණ මිටිය අතාරින්නෙ කොහොමද කියලා ඒකම කරතියාගෙන යනවා......[/FONT][FONT="]ඉතින් බලන්න යාළුවනේ[/FONT][FONT="],[/FONT][FONT="]දෙන්නා ලඟම මුලින් තිබුනේ හණ මිටි. නුවණ තිබුන කෙනා හරි දේ[/FONT][FONT="],[/FONT][FONT="]වටිනා දේ හමුවෙනකොට නුවණ පාවිච්චි කරල ඒ දේ අල්ලගන්නවා. අනුවණ[/FONT][FONT="],[/FONT][FONT="]මෝඩ[/FONT][FONT="],[/FONT][FONT="]මාන්නක්කාර කෙනාගේ ඉරණම නම් ඇත්තටම සෝචනීයයි.
හණ මිටියක් අරන් යන කෙනා කවුද කියලා කට්ටිය තම තම නැණ පමණින් වටහා ගනීවා!!!!!
[/FONT]
හණ මිටියක් අරන් යන කෙනා කවුද කියලා කට්ටිය තම තම නැණ පමණින් වටහා ගනීවා!!!!!
[/FONT]
great post thx 4 posting
haNa miti atha harinnath poddak buddhiya thiyenna one. honda kathaawak.


