What exactly we know about the Greatest king on this earth- King Sri Ravana

Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
number1000qk7.png



ත්‍රෙඩ් එක පටන් ගත්තු දවස් වල මං යසස් ට pm එකක් ගහලා කිව්වා මල්ලි මේක කරං යන්න..පුළුවන් උදවුවක් කරන්නම් කියලා..මොකද එදා වෙද්දි එළකිරි මේ වගේ මාතෘකාවක් කතා කරන්න වාතාවරණයක් නොතිබුණා වගේම මීට කලින් මෙ වගේ ත්‍රෙඩ් දාපු අයට ( x-pert ඇතුළු) වරින් වර විවිධ වේශ වලින් ආපු විවිධාකාර සයිබර් මාරයන්ගෙන් ගෙන් වෙච්ච කරදර දැනන් හිටපු නිසා..අනික සමහරු මේ 2500 ට පෙර ඉතිහාසය කතා කරන විට මේවා හීන කියලා වෙනම හුයවල් පවා දාගෙන එයාලගේ මානසික ආශාවන් පෙන්නුවා.
ඒත් අපි කවුරුවත් හිතපු නැති විදිහට මේ ත්‍රෙඩ් එක වටා සෑහෙන පිරිසක් එකතු වුනා..
හැමෝම පුළු පුළුවන් විදිහට තෙඩ් එක ඇදන් යන්න උදවු කරා

ඒ අතර GTR අයියා History section එක පටන් අරන් අපිට ලොකු සහයක් දුන්නා

හරි සතුටුයි මෙ දේවල් නොදන්න, මේවා ගැන ඊට කලින් හිතපු නැති ගොඩක් දෙනෙක් මේ ත්‍රෙඩ් එක නිසා අපේ සැබෑ ඉතිහාසය සොයා යන චාරිකාවට එකතු වීම ගැන
11.gif
:D ඔහොම යං ඔහොම යං
 

sanidu

Member
Sep 18, 2008
32
4
0
අප්පොච්චියේ අපේ ත්‍රෙඩ් එකට ශතකයත් පිරිල නේද. ඉතිහාසය ගැන එළකිරි එකේ ත්‍රෙඩ් එකක් මේතරම්
දුරක් ඇදගෙන ආව හැමෝටම ස්තුතියි.:):) ඇත්තටම.
මේ රටට මේ රටේ ඉතිහාසයට ආදරය කරන හැමෝටම මෙතෙන්ට එක්වෙන්න කියල අපි ආරාධනා කරමු.
ශතකය වගේම කවදහරි මේකට දහසත් සපුරන්න ලැබේවා කියල මම ප්‍රාර්ථනා කරනව.:yes::yes::yes:

ජයවේවා.
රාවන, කසුප් රජුන් අප රටේ ඉතිහාසයෙන් මකා දමා අප බමුණන් ගෙන් පැවත එන්නන් බව ලොවට පෙන්වූ සුරංගනා වංස කතා කරුවන්ටත්, ඒවා ඉස්මුදුනින් පිලිගෙන ලක් ඉතිහාසය වනසන අලයන්ටත් කෙල කරමින් ඉදිරියට ඇදුනු හෙළ හුයට ජයවේවා.....
:cool::cool::cool:
 
  • Like
Reactions: nwnbs

nwnbs

Member
number1000qk7.png



ත්‍රෙඩ් එක පටන් ගත්තු දවස් වල මං යසස් ට pm එකක් ගහලා කිව්වා මල්ලි මේක කරං යන්න..පුළුවන් උදවුවක් කරන්නම් කියලා..මොකද එදා වෙද්දි එළකිරි මේ වගේ මාතෘකාවක් කතා කරන්න වාතාවරණයක් නොතිබුණා වගේම මීට කලින් මෙ වගේ ත්‍රෙඩ් දාපු අයට ( x-pert ඇතුළු) වරින් වර විවිධ වේශ වලින් ආපු විවිධාකාර සයිබර් මාරයන්ගෙන් ගෙන් වෙච්ච කරදර දැනන් හිටපු නිසා..අනික සමහරු මේ 2500 ට පෙර ඉතිහාසය කතා කරන විට මේවා හීන කියලා වෙනම හුයවල් පවා දාගෙන එයාලගේ මානසික ආශාවන් පෙන්නුවා.
ඒත් අපි කවුරුවත් හිතපු නැති විදිහට මේ ත්‍රෙඩ් එක වටා සෑහෙන පිරිසක් එකතු වුනා..
හැමෝම පුළු පුළුවන් විදිහට තෙඩ් එක ඇදන් යන්න උදවු කරා

ඒ අතර GTR අයියා History section එක පටන් අරන් අපිට ලොකු සහයක් දුන්නා

හරි සතුටුයි මෙ දේවල් නොදන්න, මේවා ගැන ඊට කලින් හිතපු නැති ගොඩක් දෙනෙක් මේ ත්‍රෙඩ් එක නිසා අපේ සැබෑ ඉතිහාසය සොයා යන චාරිකාවට එකතු වීම ගැන
11.gif
ජය වේවා..
11.gif
11.gif
11.gif
. මෙතනින් මමත් ගොඩක් දේවල් ඉගෙන ගත්තා... දිගටම කරගෙන යමු... කමෙන්ට් නොකරට හැමදාමත් මේක බලනව...
(කවදහරි අළුත් විස්තරයක් ලැබුනොත් අනිවාර්යයෙන්ම ඔයාලත් එක්ක බෙදාගන්නම්...)
 

YasasSudaraka

Active member
  • Apr 25, 2008
    463
    32
    28
    අම්බලන්ගොඩ
    number1000qk7.png



    ත්‍රෙඩ් එක පටන් ගත්තු දවස් වල මං යසස් ට pm එකක් ගහලා කිව්වා මල්ලි මේක කරං යන්න..පුළුවන් උදවුවක් කරන්නම් කියලා..මොකද එදා වෙද්දි එළකිරි මේ වගේ මාතෘකාවක් කතා කරන්න වාතාවරණයක් නොතිබුණා වගේම මීට කලින් මෙ වගේ ත්‍රෙඩ් දාපු අයට ( x-pert ඇතුළු) වරින් වර විවිධ වේශ වලින් ආපු විවිධාකාර සයිබර් මාරයන්ගෙන් ගෙන් වෙච්ච කරදර දැනන් හිටපු නිසා..අනික සමහරු මේ 2500 ට පෙර ඉතිහාසය කතා කරන විට මේවා හීන කියලා වෙනම හුයවල් පවා දාගෙන එයාලගේ මානසික ආශාවන් පෙන්නුවා.
    ඒත් අපි කවුරුවත් හිතපු නැති විදිහට මේ ත්‍රෙඩ් එක වටා සෑහෙන පිරිසක් එකතු වුනා..
    හැමෝම පුළු පුළුවන් විදිහට තෙඩ් එක ඇදන් යන්න උදවු කරා

    ඒ අතර GTR අයියා History section එක පටන් අරන් අපිට ලොකු සහයක් දුන්නා

    හරි සතුටුයි මෙ දේවල් නොදන්න, මේවා ගැන ඊට කලින් හිතපු නැති ගොඩක් දෙනෙක් මේ ත්‍රෙඩ් එක නිසා අපේ සැබෑ ඉතිහාසය සොයා යන චාරිකාවට එකතු වීම ගැන
    11.gif
    සහතික ඇත්ත අමිල අයියේ. මතකයිනෙ මේ ත්‍රෙඩ් එකටත් ආව පිස්සු මරගාත උතුරේ අවතැන් වූවන් ගැන
    එහෙම කතා කරා. මේව පිස්සු දේවල් කියල.
    ඇත්තටම GT අයියට මම පෞද්ගලිකව ස්තුති කරන්න ඕන කිහිප අවස්ථාවකදිම අපට උදව් කළාට.
    ඒ වගේම මේකෙ මුල්ම ප්‍රතිචාරය දක්වපු cool G ගෙ ඉදන් (හැමදාමත් මේක එක්ක හිටපු ) අමිල අයිය , පවිත්‍ර නංගි වගේම x-pert, tdevinda, zeus, කසුන් ගජ , නුවන් අයිය, සනිදු, සන්තුෂ්, සමිත් බුද්ධික,
    අයටත් මට නම මග ඇරුණු මෙහි එක් වරක් වත් අදහසක් පළ කළ හැමෝටමත් ගොඩාක් පින්.

     
    • Like
    Reactions: nwnbs
    May 17, 2006
    3,632
    90
    0
    මම මේක දැක්කේ පහුවෙලා.... මම මෙක තුන් පාරක් කියෙව්වා... ඒ තරමට මට මේක වැදගත් උනා...මම ස්තුති කරනවා මේක පටන්ගත්ත යසස්ට... බොහොම ස්තුතියි මල්ලි ඔයාට....සුද්දා අපිට හදලා දුන්න ඉතිහාසය අපි පිලිගන්න ඔන නැහැ කියන මතේ ඉන්නේ මම විතරක් නෙමේ කියලා ඔයාගේ මේ ලිපියෙන් මට තෙරුම් කරලා දුන්නට....

    මමත් මේ ලිපිය එක්ක හැමදාම ඉන්නවා මම හොයාගන්න හැම දේම ඔයාලත් එක්ක බෙදා ගන්නවා...අපිට බැරිවෙවි අපේ හරි ඉතිහාසය ඔප්පු කරන්න හැබයි මේක හොද ආරම්බයක් වෙවි...
     
    Last edited:

    stv

    Well-known member
  • Jan 4, 2008
    986
    212
    63
    ගෙදර
    number1000qk7.png



    ත්‍රෙඩ් එක පටන් ගත්තු දවස් වල මං යසස් ට pm එකක් ගහලා කිව්වා මල්ලි මේක කරං යන්න..පුළුවන් උදවුවක් කරන්නම් කියලා..මොකද එදා වෙද්දි එළකිරි මේ වගේ මාතෘකාවක් කතා කරන්න වාතාවරණයක් නොතිබුණා වගේම මීට කලින් මෙ වගේ ත්‍රෙඩ් දාපු අයට ( x-pert ඇතුළු) වරින් වර විවිධ වේශ වලින් ආපු විවිධාකාර සයිබර් මාරයන්ගෙන් ගෙන් වෙච්ච කරදර දැනන් හිටපු නිසා..අනික සමහරු මේ 2500 ට පෙර ඉතිහාසය කතා කරන විට මේවා හීන කියලා වෙනම හුයවල් පවා දාගෙන එයාලගේ මානසික ආශාවන් පෙන්නුවා.
    ඒත් අපි කවුරුවත් හිතපු නැති විදිහට මේ ත්‍රෙඩ් එක වටා සෑහෙන පිරිසක් එකතු වුනා..
    හැමෝම පුළු පුළුවන් විදිහට තෙඩ් එක ඇදන් යන්න උදවු කරා

    ඒ අතර GTR අයියා History section එක පටන් අරන් අපිට ලොකු සහයක් දුන්නා

    හරි සතුටුයි මෙ දේවල් නොදන්න, මේවා ගැන ඊට කලින් හිතපු නැති ගොඩක් දෙනෙක් මේ ත්‍රෙඩ් එක නිසා අපේ සැබෑ ඉතිහාසය සොයා යන චාරිකාවට එකතු වීම ගැන
    11.gif
    :lol::lol: මම දිගටම මේ Thread එක කියවගෙන ආවා මෙකන් ඉගෙන ගත්තු දේවල් ගොඩයි විස්තර දීපු සැමට බොහොම ස්තූති මගෙ යාලුවො කට්ටියකුත් දැන් රාවන ඉතිහාසය හොයන්න පටන් අරන් තියෙන්නේ ඒවා ප‍ටන් ගත්තේ මේ Thread එක නිසා දිගටම අපි ඉන්නවා එකතුවෙලා මොනවහරි සංවිධාන වෙනවා නම් ඕනම උදව්වකට අපිත් ඉන්නවා :lol::lol:
     
    • Like
    Reactions: nwnbs

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    මේ සතියෙ සිළුමිණ පත්තරේ පලවුණු ලිපියක් මේ. කියවලා බලලා අදහස් දක්වන්නකෝ. මේ යන විදිය‍ට අපි ඇත්ත ඉතිහාසෙ හොයමින් ඒක සමාජය ඉදිරියට ගේන්න හෝ මේ වගේ විවෘත මාධ්‍යයකින් ඒ ගැන කතා කරන්න කලින් දෙවරක් හිතන්න වෙනවා.


     
    • Like
    Reactions: nwnbs
    May 17, 2006
    3,632
    90
    0
    මේ සතියෙ සිළුමිණ පත්තරේ පලවුණු ලිපියක් මේ. කියවලා බලලා අදහස් දක්වන්නකෝ. මේ යන විදිය‍ට අපි ඇත්ත ඉතිහාසෙ හොයමින් ඒක සමාජය ඉදිරියට ගේන්න හෝ මේ වගේ විවෘත මාධ්‍යයකින් ඒ ගැන කතා කරන්න කලින් දෙවරක් හිතන්න වෙනවා.



    අමල්කා....මටනම් පෙන්නේ ඔක ලියපු කෙනා මොනවවත් නොදැන ලියලා කියලා....

    මොකද රාවනා මියගිය තැන විදිහට දෙවිනුවර මිනිස්සු ( අපේ සියලාගේ කාලේ ඉදන්) දෙවිනුවර ගල් වලින් කරපු ගේ...(ගල්ගේ) හදුන්වනවා...ඉතින් රාවනා සොහොන අලුත් දෙයක් නෙවි....

    අනික රාවනා ගැන ලියවුනු පොත් (ඉපරුනි පොත්) ලංකාවේ තාමත් තියනවා.... (කරුමේකට ඔය පොත් ටික ඔක්කොම එක තැනකට හොයාගන්න බැහැ)...

    අනික මම හිතන විදිහට අපිට මේක හොද මාධ්‍යයක්.... මොකද මේකෙන් අපිට පුළුවන් වෙනවා එක් එක් කෙනා දන්නා තොරතුරු හුවමාරු කරගන්න... එකෙන් පුළුවන් ඔය පැටලැවිල්ල විසදගන්න (මොකද අපිට බැහැනේ ඔය රුපවාහිනියේ වැරදි ඉතිහාසය ලංකාවේ මිනිස්සුන්ගේ ඔලුවලට දාන සාකච්චාවලට ගිහින් ඉපේ මත කියන්න)

    මම හිතන විදිහට අපිට මේක හොද මාධ්‍යයක්..හැබයි මෙකෙන් තොරතුරු ගන්න අයත් ඉනවා නරක පැත්තට ...සමහර අය රාවනාගේ වස්තු (නිදන්) හොයන අය... මන්ත්‍ර (බලය) හොයන අය ඉන්නවා.. ඉතින් අපි තැන් ගැන කියනකොට / පොත් ගැන කියනකොට (පොත්වල නම් නොකියන්න ) අපි පුළුවන් තරම් පරිස්සම් වෙනන ඔන.... නැත්නම් ඉතිහාසය හොයන අපි විසින්ම ඉතිහාසය හොයන්න ඉස්සර විනාශ කරලා තියෙන්න පුළුවන්.....
     
    • Like
    Reactions: nwnbs

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    මේ 2009 - 12 - 02 බදාදා දිවයින පත්‍රයේ පලවුන ලිපියක්. මේක කියවගෙන යද්දි එහි සදහන් එක් කරුණක් නිසා මට හිතුණා මේ ලිපිය මෙහි පල කරන්න. ලංකාවෙන් පිටත ඉන්දියාවේත් විවිධ පලාත් යක්ෂ ගෝත්‍රිකයන් හා යකුන්ගෙන් පැවතෙන්නන් විසින් පාලනය කල බවට මේක හොද සාක්ෂියක් වෙන්න පුළුවන්.

    හත්වන සියවස ඔපවත් කළ හර්ෂවර්ධන හා හියුංසෑන්

    හර්ෂවර්ධන යනු ක්‍රි. වර්ෂ හත්වැනි සියවසේදී ඉන්දියාවේ විශාල භූමි භාගයක්‌ පාලනය කළ ඉන්දීය ඉතිහාසයේ බිහි වූ අවසන් බෞද්ධ අධිරාජයා ය. හියුංසෑන් ද ක්‍රි. වර්ෂ හත්වෙනි සියවසේ දී දිවි ගෙවූ මානව ඉතිහාසයේ බිහි වූ විශිෂ්ටතම දේශාටකයන් අතරත් කැපී පෙනෙන චීන ජාතික බෞද්ධ භික්‌ෂුවකි.

    කනෞඡ් හී මහ රජු හා හන් ආක්‍රමණිකයන් අතර පැවැති සටනේ දී ජයග්‍රහණ පෙනි පෙනී තිබියදී මහ රජු මරණයට පත්වීම නිසා යුද්ධයෙන් පරාජයට පත්ව ඇත.

    එසේ මහරජු මරණයට පත්කළ හන්වරු රාජදේවිය වූ රාජ

    ශ්‍රී සිරකාරියක කළහ. එවිට රාජ ශ්‍රී ගේ සහෝදර රාජවර්ධන ඇයව නිදහස්‌ කර ගැනීම උදෙසා හන්වරුන් සමග සටන් වැදුණි. එම සටනේදී හන්වරුන් අතින් රාජවර්ධන රජුත් මරණයට පත්විය. ඉන්පසුව රාජවර්ධනගේ බාල සොහොයුරු හර්ෂවර්ධනයන් සිය වැඩිමහලු සොයුරිය වූ රාජ ශ්‍රී සොයා පිටත් වී හන්වරුන් ගෙන් මිදී වනගතව අපා දුක්‌ විඳිමින් සිටි සොයුරිය සොයා ගැනීමට සමත් විනි.

    මේ ආකාරයට සිය සොහොයුරිය සොයා ගැනීමෙන් පසුව, සිය පරපුරේ අභිමානය ගොඩ නැගීම උදෙසා සතුරු බලවේගවලට එරෙහිව සටන ඇරැඹීමටත් හර්ෂවර්ධන කුමරු පෙළඹුණි. ඒ අනුව ඉතාමත් කෙටි කාලයක්‌ තුළදී සමස්‌ත උතුරු ඉන්දියාව ම යටත් කර ගැනීමට හර්ෂවර්ධන සමත්වීම සුවිශේෂ සිද්ධියකි. උපතින්ම බෞද්ධයකු වූ හර්ෂවර්ධන රජු, ගුප්ත පාලන සමයේ බිඳ දමා තිබූ බෞද්ධ සිද්ධස්‌ථාන නැවත පිළිසකර කරමින් බුදුදහමට පුනර්ජීවනයක්‌ ලබාදීමට දැඩි උත්සාහයක නිරත විණි.

    බමුණන් ගිල ගනිමින් තිබූ බුදු දහම නැවත ඔසොවා තැබීමට පියවර ගත් හර්ෂවර්ධනයන් ගේ සමයේ දීම තවත් ඓතිහාසික සිද්ධියක්‌ සිදු විණි. කීර්තිමත් දේශාටකයකු වූ චීන ජාතික බෞද්ධයකු ද වූ හියුංසෑන් ඉන්දියාවට පැමිණීම එම සුවිශේෂ සිද්ධිය යි......

    ගංගා යමුණා යන දෙ නදියේ පාරිශුද්ධ වූ දෙමෝදර පිහිටි ප්‍රයාගයේ (අහලබාද්හී) හර්ෂයෝ පස්‌ වසරකට වරක්‌ ඉතා සංසුන් උළෙලක්‌ (කුම්භමේලා උළෙල) පැවැත්වීමට පුරුදුව සිටියහ. කනෞජයේ සම්මේලනය නිමා වූ පසු හර්ෂයෝ ප්‍රයාගයේ පැවැත්වුණු සවැනි පංච වාර්ෂික උළෙල නරඹනු සඳහා හියුංසෑන්ටත් ඇරැයුම් කළහ. දින හැත්තෑ පහක්‌ (75) මුළුල්ලේ පැවැති මෙම උළෙලට සහභාගී වනු පිණිස ඉන්දියාවේ නොයෙක්‌ දෙසින් රාජ කුමාරවරු බොහෝ පැමිණියහ. තාවකාලික වශයෙන් ඉදිකළ විහාරයකට පළමුවැනි දවසේ බුදුන්ගේ පිළිමයක්‌ වැඩම කරවා අගනා වටිනා බොහෝ දේ සැදැහැ සිතින් පූජා කළහ. දෙවැනි. තෙවැනි දිනවල දී ඉරු දෙවියන්ගේත්, සිව දෙවියන්ගේත්. පිළිම වැඩම කරවා පුදන ලදී. එහෙත් මේ දෙ දිනේ පිදූ දෑ පළමු වනදා පිදූ දෑ තරම් අගනා නොවීය. සිව් වෙනි දිනයේදී දස දහසක්‌ (10,000) බෞද්ධ භික්‌ෂුන් උදෙසා සිව්පසය දෙවිණි. ඊළඟ විසි දිනය තුළ බමුණන්ට දන්දීම සිදු කෙරිණි...

    හර්ෂයන්ගේ මුතුන් මිත්තෝ ඉරු දෙවියන් ඇදහූවෝ වූහ. හර්ෂයන් ද මුල් කාලයේ දී ශිව භක්‌තිකයකු ව සිට සිය බෞද්ධ සොහොයුරිය වූ රාජ්‍ය ශ්‍රී බිසවගේ මඟපෙන්වීම මත බෞද්ධයකු බවට පත් වූ බවට සිංහ හා බැනර්ජි ආචාර්යවරු විශ්වාසය පළකරති.

    හර්ෂයන්ගේ සාහිත්‍යය ක්‍රියාමාර්ග අතර වඩාත් කැපී පෙනෙන කාරණය වනුයේ රජය සතු බිමේ ආදායමින් සතරින් කොටසක්‌ උගතුන්ටත්, ගත් කතුවරුන්ටත් තෑගි දීමනා පිණිස වෙන් කිරීමය. බෞද්ධ අධ්‍යාපනය පිළිබඳ ලෝක ප්‍රසිද්ධ මධ්‍යස්‌ථානයක්‌ වූ නාලන්දාවට හර්ෂයෝ සුවිශාල ධන පරිත්‍යාග සිදු කළහ.

    හර්ෂයෝ තමනුත් නම් දැරූ කවියකු නිසාම දෝ ගත්කරුවනට විශේෂ අනුග්‍රහයක්‌ දැක්‌වූහ. ඔහුගේ රාජ සභාව ආලෝකමත් කිරීමට "හර්ෂ චරිතයේ" ත් කාදම්බරියේත්, කතුවරයාණන් වූ බාණභට්‌ටයන් විශේෂයෙන් හේතු විය. හර්ෂයෝත් "ප්‍රියදර්ශිකා, රත්නාවලී, නාගානන්ද" යන සුප්‍රකට දෘෂ්‍ය කාව්‍යයන් තුන රචනය කළහ.

    මේ ආකාරයට බුදු දහමට, අධ්‍යාපනයට, සාහිත්‍ය ක්‌ෂේත්‍රයට, සෙසු ආගම්වලටත්, භාරත සමාජය ආලෝකමත් කිරීමටත් අනූපමේය මෙහෙවරක්‌ ඉටුකළ හර්ෂවර්ධන අධිරාජයා ක්‍රි. වර්ෂ 646 - 647 අතරතුර දී කිසිවෙකු නොසිටීම මත අර්ජුන නමැති ඇමැතිවරයකු අත්පත් කරගත් බවත් ඉන්දීය ඉතිහාසය පෙන්වා දෙයි.

    ඌවතැන්නේ සුමන හිමි

     
    Last edited:

    santush13

    Member
    Jun 12, 2007
    99
    1
    0
    අපි 1000ත් පහු කරා ගොඩක් සන්තෝෂයි මම හැකි හැම වේලාවකම මේකට අවිත් බලනවා

    මම හිතන්නේ ඔගොල්ලෝ දැනටමත් දන්නවා ඇති මම ගිය සතියෙයි දැක්කේ අයි ටි එන් එකේ අයාල් කියලා ටේලි නාට්ටියක් යනවා එකේත් සමහර විට වැදගත් කරැනු යන්න ඉඩ තියෙනවා පුලුවන්නම් බලන්න. :):):):):):)
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    මේ දිවයින පත්‍රයෙන් උපුටා ගත්තු ලිපියක්. ලිපිය මෙහි පල කරන්න විශේෂම හේතුව මෙහි සඳහන් කරුණු වලටත් වඩා ඉතිහාස කතා තුල සැඟවුණු හා ව්‍යංගාර්ථයෙන් සදහන් කල කරුණු තර්කානුකූලව ඉදිරිපත් කරන්නට ගත් උත්සාහයයි. මීට හුරු වී තිබීම ලොකු රුකුලක් වේවි කියලා හිතුණා අපිටත්, ඉතිහාසෙ සොයා යන අපේ ගමනට. වංසකතා හෝ ජනශ්‍රැතියෙ සදහන් කරුණු ඒ ලෙසින්ම විශ්වාස නොකර තර්ක ගොඩනගමින් එහි සැබෑ අරුත වටහාගන්නට හුරුවී තිබීම ගොඩාක් වැදගත්.

    ලොව ප්‍රථම රක්‍ෂණය කරන ලද
    නෞකාව පැදවූ විහාර මහා දේවිය


    රක්‍ෂණ ක්‍රමය ලොවට පළමුවෙන් ම හඳුන්වා දුන්නේ ක්‍රි. පූ. 2 වැනි සියවසේ ජීවත් වූ කැලණිතිස්‌ස මහ රජතුමා ය. එතුමා විසින් රක්‍ෂණය කරන ලද පළමු නැව පැදවූයේ එතුමාගේ ආදරණීය දියණිය වන දේවි කුමරියයි. එහෙත් කිසිම ඉතිහාසඥයකුට අද වනතුරු එය තේරුම් ගැනීමට බැරිවිය. බැරි වූවාටත් වඩා තේරුම් ගැනීමට උත්සාහ නොකිරීමයි ඔවුන්ගේ වැරැද්ද. එය සිංහල ජාතියේ අවාසනාවකි.

    කැලණිතිස්‌ස රජුගේ මේ වැදගත් කාර්යය තේරුම් නොගත්තවුන් දේව කෝපයක්‌ මවා, සුනාමියකුත් මවා දේවි කුමරිය බිල්ලටත් දී ඇත. දෙවියන් කෝප වූයේ මහ රහතන් වහන්සේ නමක්‌ අපවත් කළ හෙයින් ය. එසේ නම් ඒ බෞද්ධ දෙවිවරුන් විය හැක. එහෙත් වරද කළ මහ රජු සිටිද්දීත් මහරජ එවැනි ක්‍රියාවකට පෙළඹීමට හැකි වාතාවරණය සැපයූ රජ බිසවත් පැත්තක සිටිද්දී දෙවියන් බිල්ලට ඉල්ලුවේ අහිංසක දේවි කුමරියයි. මේ අවනඩුව දෙයියන්ටම ඔප්පු වෙච්චාවේ.

    තම මවගේ අයථා ප්‍රේමය නිසා තම ආදරණීය පියා අතින් පංචානන්තරීය පාප කර්මයක්‌ වූ බව දොළොස්‌වැනි වියේ පසු වුවත් (රසවාහිනියට අනුව) දේවි කු==මරියට තේරුම් ගියේය. තම මව සමඟ තවත් මාලිගයේ විසීම ඇය ප්‍රතික්‍ෂේප කළාය. මේ කාලය වන විට එතුමිය තම පියා වෙතින් සමුද්‍ර ගවේෂණය ද සටන් කලාව ද ඉගෙන ගෙන තිබුණාය. (මැදි වියෑති දුටුගැමුණු රජතුමා පසු කාලයක එළාර හා සටනට යද්දී සැට වියත් ඉක්‌මවා සිටි මහලු විහාරමහා දේවිය රැගෙන ගියෙත් එතුමිය තුළ තිබූ මේ සටන් කෞෂල්‍ය නිසාය. එතුමිය යුද්ධ උපක්‍රම ගැමුණු පුතුට කියා දුන් බව වංස කතාවල දැක්‌වේ.)

    කැලණි රාජධානියට අයත්ව ඉතා හොඳ වරායක්‌ තිබිණි. බොහෝ ඈත අතීතයේ සිට ම මෙහි ජාත්‍යන්තර වෙළෙ¹ම පැවැති බව දැන් තහවුරු වී ඇත. මෙකල මේ වෙළෙ¹ම අධීක්‍ෂණය කරන ලද්දේ රටේ රජු විය යුතුය. එතුමා ඒ සඳහා නිතර මුහුදු ගමන්වල ද යෙදෙන්නට ඇත. රජතුමා මේ ගමන්වලට තම ආදරණීය දියණියන් ද සහභාගි කරවා ගන්නට ඇත. ඒ කවදා හෝ තම රාජ්‍යයේ උරුමක්‌කාරිය ඇය වනු ඇතැයි එතුමා තීරණය කර තිබූ නිසා විය යුතුය. ඇත්ත වශයෙන් ම කැලණිතිස්‌ස රජුගේ මේ මුහුදු ගමන් නිසා ම රජ බිසවට, රජුගේ මල්ලී උත්තිය කුමරු සමඟ අයථා සම්බන්ධයක්‌ ගොඩනගා ගැනීමට අවස්‌ථාව පෑදෙන්නටත් ඇත.
     
    Last edited:
    • Like
    Reactions: nwnbs

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    රජ ගෙදර මේ අලකලංචිය වරක්‌ රජුට හසුවිය. ඒ අවස්‌ථාවේ උත්තිය කුමරු පලා ගියේය. එහෙත් රජතුමා තම දේවියට කිසිම දඬුවමක්‌ නුදුන් බව පැහැදිලි වන්නේ එදා මහ රහතන් වහන්සේ දානයට වැඩිය දිනයේදීත් ඇය නිරුපද්‍රිතව එයට සහභාගි වූ හෙයිනි. (මෙය සාමාන්‍ය පිරිමි ස්‌වභාවයයි. බිරියන්ගේ අනියම් පෙම ඉදිරියේ තම ආත්ම අභිමානයට කැළලක්‌ වේ යෑයි සිතන පිරිමි බොහෝ විට පවසන්නේ පර පුරුෂයා තම බිරිය පොළඹවා ගන්නට උත්සාහ කළ බවයි.)

    රජ ගෙදරින් පලා ගිය උත්තිය කුමරා අවස්‌ථාවක්‌ බලා, රජ ගෙදරට කැලණිතිස්‌ස මහ රහතන් වහන්සේ දනට වඩින විට සිවුරු පොරවා ගත් වෙනත් අයකුගේ අත දේවියට ලැබෙන්නට පෙම් හසුනක්‌ එව්වේය. මේ හසුනේ අත් අකුරු මහ රහතන් වහන්සේගේ අත් අකුරු බවට රජු හඳුනාගත්තේය.

    මෙයින් ගම්‍ය වන්නේ කුමක්‌ද? එදා රජදරුවන් අධ්‍යාපනය ලබා ඇත්තේ පන්සල්වලිනි. උත්තිය කුමරා ඉගෙන ගෙත තිබුණේ මහ රහතන් වහන්සේගෙනි. ඒ නිසයි ඔහුට රහතන් වහන්සේගේ අත් අකුරුවලට සමානව ලිවීමට හැකි වූයේ. මේ අකුරු උන්වහන්සේගේ යෑයි වරදවා වටහා ගැනීම තුළින් ම රජු ද අධ්‍යාපනය ලබා තිබුණේ උන්වහන්සේගෙන් බව පැහැදිලිය. (සමහර විට මේ රජ දරුවන් දෙදෙනා මෙසේ අධ්‍යාපනය ලබන්නට ඇත්තේ උන්වහන්සේ රහත් භාවයට පැමිණීමට පෙර විය හැක.)

    වඩාම වැදගත් දෙයක්‌ ඉතිහාසඥයෝ මතුවන්නට නොදී සඟවා ගෙන සිටියහ. ඒ මේ හොර ලියුම උත්තිය කුමරු එවන්නේ රජ බිසවට ය. එසේ නම් රජ බිසවට ද එය කියවා ගැනීමට සාක්‍ෂරතාව තිබිය යුතුය. ඇය අධ්‍යාපනය ලැබුවේ පන්සලින්ම විය යුතුය. ලිපිය හසුවීමෙන් පසු රජතුමා මහා රහතන් වහන්සේ උණු තෙල් කටාරමක දමා අපවත් කිරීමට අණ කරනු ලැබේ. සමහරකෙ=ගේ මතයක්‌ වන්නේ රජ බිසව මුහුදට තල්ලු කර දැමූ බවකි. රජු එසේ කළා නම් දේවි කුමරිය මුහුදට බිලි දීමේ අවශ්‍යතාවක්‌ මතු නොවේ. හේතුව රජ බිසවටත් ඇත්තේ රාජකීය ලේ ය. දෙවියන්ට දේවි කුමරිය බිලි කරන්නට නෛමිත්තකයන් පැවසුවේ රාජකීය ලේ තිබෙන කෙනෙකු මේ කෝප වී සිටින බෞද්ධ දෙවිවරුන්ට අවශ්‍ය වූ නිසා ය. අනිත් අතට මේ වතාවේ නම් රජු ඇත්තට වරදවා වටහා ගත්තේ රහතන් වහන්සේ තම දේවිය රවටා ගන්නට උත්සාහ කරනවා කියා ය. එම නිසා රජ බිසව නිරුපද්‍රිතව රජ ගෙදර සිටි බවට අපට නිගමනය කිරීමට සිදු වේ.
     
    Last edited:

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    එහෙත් දේවි දුව පියා සේ මෝහයෙන් මුළා නොවන්නේ ඇය ස්‌ත්‍රී ලිංගික නිසා ය. මේ නිසාම මව ගැන කළකිරීමට පත්වන කුමරිය තවදුරටත් මව සමඟ මේ මාලිගයේ එකට ජීවත්වීම ප්‍රතික්‍ෂේප කළ හෙයින් තමාගේ නික්‌ම යැම පිය රජුට දන්වන්නට ඇත. දියණියගේ හිතුවක්‌කාර ගතිය පියා හොඳින් හැඳිනගෙන තිබුණි. (ඇත්ත වශයෙන්ම පසු කාලයක ගැමුණු පුතුට ද හිතුවක්‌කාර ගතිය ආවේ මවගෙනි.)

    දියණිය නවතාලිය නොහැකි බව දන්නා පිය රජුගේ ඊළඟ කාරිය වූයේ ඇයගේ පූර්ණ ආරක්‍ෂාව සැලසීමයි. ඒ අනුව තමාගේ හොඳම නැව සූදානම් කොට මසකට පමණ සෑහෙන ආහාර ද්‍රව්‍ය පුරවා ඉනුත් නොනැවතී තම දියණියගේ ආරක්‍ෂාව සඳහා "මේ එන්නේ කැලණිතිස්‌ස රජුගේ දුව දේවී කුමරියයි" කියා රන් අකුරෙන් ලියවීය.

    දෙවියන්ට දෙන බිල්ලකට අනන්‍යතාවක්‌ කුමටද? ඒ නිසා ම මේ වැකිය අපි හොඳින් විශ්ලේෂණය කරමු. ඇයි රන් අකුරෙන් ලිව්වේ? ඈත දියඹේ නැව යද්දී හිරු රශ්මිය නැව් බඳට පතිත වන විට රන් අකුරු දිලිසෙන්නට ගනී. ඉතා ඈත සිටින්නකුට වුව යමක්‌ නැව් බඳේ ලියා ඇති බව තේරුම් ගත හැක.

    කැලණිතිස්‌ස රජු නාග ගෝත්‍රිකයෙකි. නාග යනු නැවියන් බවයි අරිසෙන් අහුබුදු සූරීන්ගේ මතය. එය සත්‍ය විය යුතු බව අපට නිගමනය කළ හැක්‌කේ වැදගත් වරායක්‌ ආශ්‍රිතව මේ කැලණි රාජ්‍යය පැවතීම හේතු කොට ගෙනය.අනිවාර්යෙන්ම කැලණිතිස්‌ස රජු තම මුහුදු සීමාවේ ආධිපත්‍යය දරා සිටින්නට ඇත.

    ලොව ප්‍රථම

    ඒ නිසාම ඔහුගේ අණසකට ඕනෑම නැවියෙක්‌ යටත් වනු ඇත. මේ නිසා මේ නැවේ ඉන්නේ රජුගේ දියණියයි දන්නා කිසිම නැවියෙකුගෙන් දේවි කු=මරියට හිරිහැරයක්‌ නොවේ.

    මෙයයි තම දියණියට රජුට දිය හැකි එකම රක්‍ෂණ ආවරණය. ඉතුරු හරිය, එනම් නැව හැසිරවීම සහජ දක්‍ෂතාවක්‌ ඇති දේවි කුමරියට බාරය. කුමරිය නැව පදවාගෙන ගියේ තම පියාගේ මිතුරකුව සිටි, ආසියාවේ ප්‍රබලතම නැව් සමාගමේ අයිතිකරුව සිටි (ගෝඨවිය + අභය) ගෝඨාභය රජුගේ රාජධානියටය. මේ වන විට එහි රජ කරමින් සිටියේ ඔහුගේ පුත් කාවන්තිස්‌ස රජු ය.

    සුනාමියක්‌ ඇතිවීමට හේතු වන භූ චලනයක්‌ වන්නේ සිරස්‌ හෝ තිරස්‌ අතට බව සාගර විද්‍යාඥයන්ගේ අදහස ය. තිරස්‌ අතට වන භූ චලනයකින් එක්‌ ප්‍රදේශයකට පමණක්‌ බලපාන මුත් ඉන් තදබල හානි ඇති වීමට ඉඩක්‌ නොමැති බවයි ඔවුන්ගේ අදහස.

    එහෙත් වංසකතාවලට අනුව ගව් 7 ක්‌ දුරට මුහුද ගොඩ ගලා ඇත. ගව්වක්‌ යනු සැතපුම් 3.25 ක්‌ නිසාත්, සැතපුමක්‌ යනු කිලෝමිටර් 1.60 ක්‌ නිසාත්, ගව් 7 ක්‌ යනු මීටර් 36400 කි. කැලණිය සිට මන්නාරම දක්‌වා සියලුම පටුනු ගම් විනාශ වූ බව කියෑවේ. එසේ නම් මෙය ඉතා විශාල භූ කම්පනයක්‌ නිසා ඇතිවිය යුතු තත්ත්වයකි. එසේම එය සිරස්‌ අතට වූ භූ කම්පනයකුත් විය යුතුය.

    2004 ලංකාවට ආ සුනාමියත් සිරස්‌ අතට වූ සුනාමියක්‌ බව සාගර විද්‍යාඥයන්ගේ මතයයි. එය නැගෙනහිර වෙරළෙන් පටන් ගෙන විශාල හානියක්‌ කරමින් දිවයිනේ වෙරළ වටා ම ගොස්‌ බටහිර වෙරළ ද ආක්‍රමණය කොට වයඹ වෙරළට ද සුළු බලපෑමක්‌ කළේය. මෙතරම් තදබල හානියක්‌ කළ ද මේ සුනාමිය ආවේ බොහෝ තැන්වල මීටර් 100 ක්‌ පමණි. ඇතැම් තැන්වලදී පමණක්‌ එය මීටර් 500 ක්‌ දුරට ආවේය. එසේ නම් මීටර් 36500 ක්‌ දුර ආ සුනාමියක්‌ කාවන්තිස්‌ස රජුට අබ ඇටයකින්වත් තරම්වත් නොදැනී එන්නට විදියක්‌ නැත. එසේ නොදැණුනා නම් එතුමාගේ රාජ මාලිගය තිබෙන්නට ඕනෑ සිරිපා කන්දේ ය. මේ සියල්ල අතිශයෝක්‌තියෙන් කරන ලද විස්‌තර බව දැන් පැහැදිලි විය යුතුය.

    සුනාමිය දිනවල මහාචාර්ය සුනන්ද මහේJද්‍රයන් අපූරු ජනප්‍රවාදයක්‌ ගෙන හැර දක්‌වමින් පැවසුවේ කුමරිය පා කර හැරිය පසු තවමත් ඇයගේ නැව දර්ශනය වන බව මිනිසුන් කී විට කැලණිතිස්‌ස රජු ඇතු පිට නැගී වත්තල හැඳල අතර පිහිටි ප්‍රදේශයකට ගිය බවත් එහිදී රජුව ඇතුත් සමඟම නිරයට ගිය බවත් එම ප්‍රදේශය ඇතුබුන්වල කියා හඳුන්වන බවත් ය.

    මගේ "අභිමානි හෙළන්කා" ග්‍රන්ථයෙන් මේ සියලු කරුණු ගෙන හැර දක්‌වා මේ ජනප්‍රවාදයට ද අලුත් අර්ථකථනයක්‌ ලබා දී ඇත. රජු කළ පාප කර්මයට ඇතු නිරයට යා යුතු නොවේ. තම ආදර දියණිය සදහට ම පිටවී ගිය පසු ඇයගේ දසුන අවසන් වරට බලමින් සිටි රජු දියණියන් නොපෙනී යත්ම හද පැලී (යෑaරඑ aඑඒජන) මැරී ඇතුගේ පිටින් වැටුණි. ඇතුගෙන් බුන් වූ තැන ඇතුබුන්වල විය.

    තිලකා රන්දෙනි