එහෙත් දේවි දුව පියා සේ මෝහයෙන් මුළා නොවන්නේ ඇය ස්ත්‍රී ලිංගික නිසා ය. මේ නිසාම මව ගැන කළකිරීමට පත්වන කුමරිය තවදුරටත් මව සමඟ මේ මාලිගයේ එකට ජීවත්වීම ප්‍රතික්ෂේප කළ හෙයින් තමාගේ නික්ම යැම පිය රජුට දන්වන්නට ඇත. දියණියගේ හිතුවක්කාර ගතිය පියා හොඳින් හැඳිනගෙන තිබුණි. (ඇත්ත වශයෙන්ම පසු කාලයක ගැමුණු පුතුට ද හිතුවක්කාර ගතිය ආවේ මවගෙනි.)
දියණිය නවතාලිය නොහැකි බව දන්නා පිය රජුගේ ඊළඟ කාරිය වූයේ ඇයගේ පූර්ණ ආරක්ෂාව සැලසීමයි. ඒ අනුව තමාගේ හොඳම නැව සූදානම් කොට මසකට පමණ සෑහෙන ආහාර ද්‍රව්‍ය පුරවා ඉනුත් නොනැවතී තම දියණියගේ ආරක්ෂාව සඳහා "මේ එන්නේ කැලණිතිස්ස රජුගේ දුව දේවී කුමරියයි" කියා රන් අකුරෙන් ලියවීය.
දෙවියන්ට දෙන බිල්ලකට අනන්‍යතාවක් කුමටද? ඒ නිසා ම මේ වැකිය අපි හොඳින් විශ්ලේෂණය කරමු. ඇයි රන් අකුරෙන් ලිව්වේ? ඈත දියඹේ නැව යද්දී හිරු රශ්මිය නැව් බඳට පතිත වන විට රන් අකුරු දිලිසෙන්නට ගනී. ඉතා ඈත සිටින්නකුට වුව යමක් නැව් බඳේ ලියා ඇති බව තේරුම් ගත හැක.
කැලණිතිස්ස රජු නාග ගෝත්රිකයෙකි. නාග යනු නැවියන් බවයි අරිසෙන් අහුබුදු සූරීන්ගේ මතය. එය සත්‍ය විය යුතු බව අපට නිගමනය කළ හැක්කේ වැදගත් වරායක් ආශ්‍රිතව මේ කැලණි රාජ්‍යය පැවතීම හේතු කොට ගෙනය.අනිවාර්යෙන්ම කැලණිතිස්ස රජු තම මුහුදු සීමාවේ ආධිපත්‍යය දරා සිටින්නට ඇත.
ලොව ප්‍රථම
ඒ නිසාම ඔහුගේ අණසකට ඕනෑම නැවියෙක් යටත් වනු ඇත. මේ නිසා මේ නැවේ ඉන්නේ රජුගේ දියණියයි දන්නා කිසිම නැවියෙකුගෙන් දේවි කු=මරියට හිරිහැරයක් නොවේ.
මෙයයි තම දියණියට රජුට දිය හැකි එකම රක්ෂණ ආවරණය. ඉතුරු හරිය, එනම් නැව හැසිරවීම සහජ දක්ෂතාවක් ඇති දේවි කුමරියට බාරය. කුමරිය නැව පදවාගෙන ගියේ තම පියාගේ මිතුරකුව සිටි, ආසියාවේ ප්රබලතම නැව් සමාගමේ අයිතිකරුව සිටි (ගෝඨවිය + අභය) ගෝඨාභය රජුගේ රාජධානියටය. මේ වන විට එහි රජ කරමින් සිටියේ ඔහුගේ පුත් කාවන්තිස්ස රජු ය.
සුනාමියක් ඇතිවීමට හේතු වන භූ චලනයක් වන්නේ සිරස් හෝ තිරස් අතට බව සාගර විද්‍යාඥයන්ගේ අදහස ය. තිරස් අතට වන භූ චලනයකින් එක් ප්‍රදේශයකට පමණක් බලපාන මුත් ඉන් තදබල හානි ඇති වීමට ඉඩක් නොමැති බවයි ඔවුන්ගේ අදහස.
එහෙත් වංසකතාවලට අනුව ගව් 7 ක් දුරට මුහුද ගොඩ ගලා ඇත. ගව්වක් යනු සැතපුම් 3.25 ක් නිසාත්, සැතපුමක් යනු කිලෝමිටර් 1.60 ක් නිසාත්, ගව් 7 ක් යනු මීටර් 36400 කි. කැලණිය සිට මන්නාරම දක්වා සියලුම පටුනු ගම් විනාශ වූ බව කියෑවේ. එසේ නම් මෙය ඉතා විශාල භූ කම්පනයක් නිසා ඇතිවිය යුතු තත්ත්වයකි. එසේම එය සිරස් අතට වූ භූ කම්පනයකුත් විය යුතුය.
2004 ලංකාවට ආ සුනාමියත් සිරස් අතට වූ සුනාමියක් බව සාගර විද්‍යාඥයන්ගේ මතයයි. එය නැගෙනහිර වෙරළෙන් පටන් ගෙන විශාල හානියක් කරමින් දිවයිනේ වෙරළ වටා ම ගොස් බටහිර වෙරළ ද ආක්‍රමණය කොට වයඹ වෙරළට ද සුළු බලපෑමක් කළේය. මෙතරම් තදබල හානියක් කළ ද මේ සුනාමිය ආවේ බොහෝ තැන්වල මීටර් 100 ක් පමණි. ඇතැම් තැන්වලදී පමණක් එය මීටර් 500 ක් දුරට ආවේය. එසේ නම් මීටර් 36500 ක් දුර ආ සුනාමියක් කාවන්තිස්ස රජුට අබ ඇටයකින්වත් තරම්වත් නොදැනී එන්නට විදියක් නැත. එසේ නොදැණුනා නම් එතුමාගේ රාජ මාලිගය තිබෙන්නට ඕනෑ සිරිපා කන්දේ ය. මේ සියල්ල අතිශයෝක්තියෙන් කරන ලද විස්තර බව දැන් පැහැදිලි විය යුතුය.
සුනාමිය දිනවල මහාචාර්ය සුනන්ද මහේJද්රයන් අපූරු ජනප්‍රවාදයක් ගෙන හැර දක්වමින් පැවසුවේ කුමරිය පා කර හැරිය පසු තවමත් ඇයගේ නැව දර්ශනය වන බව මිනිසුන් කී විට කැලණිතිස්ස රජු ඇතු පිට නැගී වත්තල හැඳල අතර පිහිටි ප්‍රදේශයකට ගිය බවත් එහිදී රජුව ඇතුත් සමඟම නිරයට ගිය බවත් එම ප්‍රදේශය ඇතුබුන්වල කියා හඳුන්වන බවත් ය.
මගේ "අභිමානි හෙළන්කා" ග්‍රන්ථයෙන් මේ සියලු කරුණු ගෙන හැර දක්වා මේ ජනප්රවාදයට ද අලුත් අර්ථකථනයක් ලබා දී ඇත. රජු කළ පාප කර්මයට ඇතු නිරයට යා යුතු නොවේ. තම ආදර දියණිය සදහට ම පිටවී ගිය පසු ඇයගේ දසුන අවසන් වරට බලමින් සිටි රජු දියණියන් නොපෙනී යත්ම හද පැලී (යෑaරඑ aඑඒජන) මැරී ඇතුගේ පිටින් වැටුණි. ඇතුගෙන් බුන් වූ තැන ඇතුබුන්වල විය.
තිලකා රන්දෙනි