ඈත පෙරදිග රටවල පැතිරුණු සෙන් බෞද්ධ කතා සරල, බොහෝවිට හාස්‍යය දනවන සුලු කතන්දරයක් තුළින් මිනිසා සිතීමට පොළඹවනවා. අප දන්න සෙන් කතා මෙතනට එකතු කරමු.
මෙන්න මගෙන්:
ගුරුවරයා හා ගෝලයා වූ භික්ෂූන් වහන්සේලා දෙනමක් මග වඩිමින් සිටියහ. අතරමග මඳක් ගැඹුරු නදියක් විය. එගොඩ වීමට ඇත්තේ නදියට බැස පිහිනමිනි. නදිය අසළ සුරූපී තරුණියක් ළතැවෙමින් සිටියේ එගොඩ වීමට බියෙනි.
ගුරු හිමිනම ඇයගේ අවශ්‍යතාවය විමසා, ඇයව සිය කරෙහි තබාගෙන නදියෙන් එගොඩ කරවූ සේක.
ගෝල හිමිනමට මෙය මහත් ගැටලුවක් විය. ගුරු හිමිනම තම සිල් බිඳ ගත්තා නේද? නමුත් උන්වහන්සේ සිල්වත් ගුණවත් භික්ෂූන්වහන්සේ නමක් ලෙස ප්‍රසිද්ධ තෙරනමකි. ගුරු හිමිනමගෙන් මෙය විමසනවාද නැද්ද? උන්වහන්සේ කළ ක්‍රියාවෙන් පසු විශ්වාසය තැබිය හැකිද නැද්ද? වයසක කාන්තාවක්නම් තව කමක් නැත. නමුත් තරුණ සුරූපි කාන්තාවක්?
රාත්‍රියේ නවාතැන් ගන්නා ආරාමයට පැමිණෙන තුරුම ගෝල හිමිනම කල්පනා කළේ මේ පිළිබඳවය. තවත් ඉවසිය නොහැකි තැන උන්වහන්සේ ගුරු හිමියන්ගෙන් මේ ගැන විමසූහ.
"මම ඒ කාන්තාව ගං ඉවුරේ තියලයි ආවෙ." ගුරු හිමිනම පැවසූහ. "ඔබ තවමත් ඇය කරේ තියන් ඉන්නෙ මොකද?"

ප්‍රශ්න ඇසීම තහනම්.