සෙන් කතා

llrajitha

Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    මේ කතාව නම් මාරයි...

    පුරාණයේ එක්තරා පන්සලක සවස භාවනා කරන වේලාවෙහි පන්සලේ විසූ පූසා එතැනට පැමිණ බාධා කිරීමට පුරුදුව සිටියේය. වරෙක ඤාව්, ඤාවෝ කියමින් මරහඬ දෙන ඌ, වරෙක භාවනා කරන හාමුදුරුවරුන්ගේ කරෙහි නගී. තවත් වරෙක පූජාසනය මත නැග එහි ඇති පහන් පෙරළා දමයි. නැත්නම් සතෙකු දඩයම් කරගෙන අවුත් භාවනා යෝගීන්ගේ උකුළෙහි තබාගෙන කයි.

    මේ කරදරය නිසා සිසුන්ගේ භාවනාව නිසියාකාරව කර ගත නොහැකි විය. එනිසා නායක ස්වාමීන්වහන්සේ භාවනා කරන කාලය තුළ පූසා බැඳ දැමීමට නියම කළ සේක.

    බොහෝ කලකට පසු නායක ස්වාමීන් වහන්සේ අපවත් වූහ. මේ වනවිට වසර ගණනක් ගත වී තිබූ හෙයින් පූසා බැඳ තබන හේතුව කාහටත් අමතක වී තිබුණි. එනමුත් අපවත් වූ ස්වාමීන්වහන්සේ නියම කළ පරිදි භාවනා කරන වේලාවට පූසා බැඳ තැබීම පෙර පරිදිම සිදු විය.

    තවත් කලකට පසුව පූසා මිය ගියේය. එවිට ශිෂ්‍ය පරපුර අලුතින් පන්සලට පූසෙකු ගෙනවිත් ඌව භාවනා කරන වේලාවට බැඳ තැබීමට පටන් ගත්හ.

    සියවස් ගණනකට පසුව එම පන්සලෙන් බිහි වූ උගතුන්, භාවනා කරන වේලාවට පූසෙකු බැඳ තැබීමේ උසස් චාරිත්‍රය පිළිබඳව කෙස් පැලෙන තර්ක ඉදිරිපත් කරමින් ආගමික පතපොත රචනා කළහ.
     
    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    මේ කතාව නම් මාරයි...

    :D ප්‍රශ්න කිරීමකින් තොරව 'ආගමික පොතේ මෙහෙම ඇත.' 'පරම්පරාවෙන් පැවත ආවේය.' 'ගුරුවරයා කීවේය.' 'අනික් අයත් හැමෝම කරනවාය.' 'ඒ කාලෙ සමාජයෙ එහෙමය.' 'දැනුත් එහෙම කරන අය ඕනෙ තරම් ඉන්නවය.' 'එතුමා කිව්ව සියල්ල හරිය.' වගේ හේතු ඉදිරිපත් කරමින් ගෙනියන චාරිත්‍රවල මුල මෙහෙම තමා. :lol:

    මේ කතාවෙන් උත්සාහ කරන්නෙත් සිතන්න පුරුදු කරන්න; කරන දේවල අර්ථය මොකක්ද කියල දැනගෙන කරන්න; පොතපතේ තියෙන දේ ප්‍රශ්න කරල අවබෝධ කරගන්න. :)
     
    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land

    පොත ඔලුවෙ තියන් ඉන්න අය මේක කියෙව්වද දන්නෑ....
     
    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    එක්තරා විශ්වවිද්‍යාල මහාචාර්යවරයෙක් සෙන් ආචාර්යවරයා හමුවට පැමිණියේ සෙන් දහම පිළිබඳව වැඩිදුර ඉගෙන ගැනීමටය.

    ආචාර්යවරයා ඔහුට තේ බීමට ආරාධනා කළේය. තේ පැන් සාදන තුරු මහාචාර්යවරයා තමා අදහන ආගම ගැන, සෙන් දහම ගැන, සියලු ආගම් ගැන, ආදී විවිධ දේ පිළිබඳව ඔහුගේ දැනුම ප්‍රදර්ශනය කරන්නට විය. ආගම් පිළිබඳව විවිධ මත පළ කරන්නට විය. ඔහුට සවන් දෙමින්ම සෙන් ආචාර්යවරයා තේ පැන් වත් කිරීම පිණිස කෝප්පයක් මේසය මත තැබීය. අනතුරුව තේ පෝච්චියෙන් එයට තේ වත් කරන ලදී. තේ කෝප්පය ගැට්ට තෙක් පිරිණි. නමුත් ආචාර්යවරයා තවමත් තේ වත් කරයි. කෝප්පය උතුරා වත් කරන තේ ඉවත යන්නට විය.

    "ඔබ මොකද කරන්නෙ?" මහාචාර්යතුමා විමසීය. "කෝප්පෙ පිරිලයි තියෙන්නෙ. තවත් තේවලට ඉඩක් නැහැ; තේ නිකං අහක යනව."

    "ඔව්." සෙන් ආචාර්යවරයා පැවසීය. "ඔබේ හිසත් මේ වගෙයි. පිරිලයි තියෙන්නෙ එක එක දේවලින්. ඒකෙ සෙන් ඉගෙන ගන්න ඉඩ නැහැ."
     
    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    සත්‍යයෙන් කොටසක්

    දිනක් මාරයා සිය අතවැසියෙකුත් සමග ගමනක් යමින් සිටියේය. අතර මගදී ඔවුනට දක්නට ලැබුණේ සක්මන් භාවනාවේ නියැළෙමින් සිටි පුද්ගලයෙකි. අවධානයෙන් ඇවිදින මේ මිනිසා තමා ඉදිරියේ ඇති යම් කිසිවක් දැක උද්දාමයට පත්ව සිටියේය.

    "මොකක්ද ඔහු දැක්කෙ?" අතවැසියා ඇසීය.
    "ඔහු තමා වටා ඇති සත්‍යයෙන් බිඳක් දැකලා." මාරයා ගණනකට නොගෙන පැවසීය.
    "නමුත් මාරයා හැටියට ඔබ කලබල වෙන්නෙ නැද්ද මිනිහෙක් එහෙම ටිකක් හරි ඇත්ත දැන ගන්නවට?"

    "අපොයි නැහැ." මාරයා පැවසීය. "සාමාන්‍යයෙන් ඔහොම පොඩි ඇත්තක් දැක්ක ගමන් ඒගොල්ලො ඒක මත විශ්වාසයක් ගොඩ නගා ගන්නවා. එතනින් කතාව ඉවරයි."
     
    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    එගොඩ

    කලකට පසු නිවස බලා එමින් සිටි තරුණයකුගේ ගමන ඇන හිටියේ දෙගොඩ තලා යන සුවිසල් නදිය නිසාය. පාළමක් නැත. ඔරුවක් හෝ පාරුවක්ද නැත. බැස යාමට නොහැකි තරම් දිය ගැඹුරුය. මෙසේ ඈත් මෑත බලමින් කල්පනා කරන ඔහුට එහා ඉවුරේ සිටින ගුරුවරයකු පෙණිනි.
    ඔහු උදවු ඉල්ලා ගුරුවරයා ඇමතීය.
    "අනේ ගුරුතුමාණෙනි, මට මේ ගඟින් එගොඩට එන්න ක්‍රමයක් කියල දෙන්න."

    ගුරුවරයා ගැඹුරු ජලකඳ දෙස බලා තරුණයාට පිළිතුරු දුන්නේය.

    "පුතා, ඔබ ඉන්නේ එගොඩ තමයි."
     
    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    ආලෝකය

    අතීතයේදී ජපානයේ මිනිසුන් රාත්‍රී කාලයේදී ගමන් බිමන් යනවිට කඩදාසි හෝ උණ ලීයෙන් තැනූ ලන්තෑරුමක් තුළ දැල්වූ ඉටි පන්දමක් ගෙන ගියහ.

    එක්තරා අන්ධ මිනිසෙක් සිය මිතුරකු හමු වීමට ගොස් එහිදී රෑ බෝ විය. නැවත යාමට සැරසෙන අන්ධ මිනිසාට මිතුරා ලන්තෑරුමක් සකසා දුන්නේය.

    "නමුත් මට මොකටද ලන්තෑරුමක්?" අන්ධයා විමසීය. "මට දවල්ද රෑද කියන එකේ වෙනසක් නැහැ."
    "මේකයි." මිතුරා පැහැදිලි කළේය." මග යන එන අය ඔබව දකින්නෙ නැතුව ඔබේ ඇඟේ හැපෙන්න පුලුවනි. ඔබ ළඟ ඇති ආලෝකය නිසා ඔවුන් ඔබව දකීවි. එතකොට හැප්පෙන්නෙ නැතුව යයි."

    මෙය පිළිගත් අන්ධ මිතුරා ලන්තෑරුමද රැගෙන ගමන පිටත් විය. සෑහෙන දුරක් ගිය පසු කිසිවෙකු ඔහුගේ ඇඟේ වැදිණි. කෝපයට පත් අන්ධ මිනිසා මෙසේ විමසීය.
    "යන තැනක් බලාගෙන යන්නෙ නැත්තෙ ඇයි? පේන්නෙ නැද්ද අඩු ගාණෙ මේ එළිය?"

    "ඔබේ එළිය නිවී ගිහින් සහෝදරයා." අමුත්තා පිළිවදන් දුන්නේය.
     
    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    කලකට පසු නිවස බලා එමින් සිටි තරුණයකුගේ ගමන ඇන හිටියේ දෙගොඩ තලා යන සුවිසල් නදිය නිසාය. පාළමක් නැත. ඔරුවක් හෝ පාරුවක්ද නැත. බැස යාමට නොහැකි තරම් දිය ගැඹුරුය. මෙසේ ඈත් මෑත බලමින් කල්පනා කරන ඔහුට එහා ඉවුරේ සිටින ගුරුවරයකු පෙණිනි.
    ඔහු උදවු ඉල්ලා ගුරුවරයා ඇමතීය.
    "අනේ ගුරුතුමාණෙනි, මට මේ ගඟින් එගොඩට එන්න ක්‍රමයක් කියල දෙන්න."

    ගුරුවරයා ගැඹුරු ජලකඳ දෙස බලා තරුණයාට පිළිතුරු දුන්නේය.

    "පුතා, ඔබ ඉන්නේ එගොඩ තමයි."

    ඔඃ...යමක් කියනකොට පැහැදිලිව කියන් ඕනි.....:):rofl:
     
    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    ඔඃ...යමක් කියනකොට පැහැදිලිව කියන් ඕනි.....:):rofl:

    එහෙම කිව්වම මට මේ කතාව මතක් වුණා-සෙන් කතාවක්නම් නෙවෙයි.

    මුහුදේ තිබී අහුළාගත් බෝතලයේ විසූ භූතයා, තමා බේරා ගත් මිනිසාට කැමති වරයක් ප්‍රදානය කළේය.
    "ලෝකෙන්ම හොඳම ගැහැණිය" මිනිසා ඉල්ලා සිටියේය.
    සැණෙකින් භූතයා අතුරුදහන් වී තෙරේසා මවුතුමිය ඔහු ඉදිරියේ පහළ විය.
     
    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    එහෙම කිව්වම මට මේ කතාව මතක් වුණා-සෙන් කතාවක්නම් නෙවෙයි.

    මුහුදේ තිබී අහුළාගත් බෝතලයේ විසූ භූතයා, තමා බේරා ගත් මිනිසාට කැමති වරයක් ප්‍රදානය කළේය.
    "ලෝකෙන්ම හොඳම ගැහැණිය" මිනිසා ඉල්ලා සිටියේය.
    සැණෙකින් භූතයා අතුරුදහන් වී තෙරේසා මවුතුමිය ඔහු ඉදිරියේ පහළ විය.

    :lol::lol::lol:

    illapu waraya thamai deela thiyenne...hikz...
     
    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    වෙන්න පුලුවන්

    අපේ රටේ හරකුන් මෙන් මේ කතාව කියවෙන රටෙහි ගොවිතැනට උපකාර කර ගන්නේ අශ්වයන් ය.

    එක්තරා මහලු ගොවියෙක් සිටියේය. සීසෑමට ආසන්න දිනයකදී ඔහු සතු එකම අශ්වයා කැලෑවට පැන ගියේය. මේ ආරංචිය ලද ගම් වැසියෝ ඔහු සොයා පැමිණ ශෝකය ප්‍රකාශ කරන්නට වූහ.

    "අපිට හරිම කණගාටුයි. හරිම අකරතැබ්බයක් වුණේ, නේද?"
    "වෙන්න පුලුවනි." ගොවියා උත්තර දුන්නේය.

    දින දෙකතුනකින් කැලෑ අශ්වයන් කිහිපදෙනකු පිරිවරා අශ්වයා නැවත ගෙදර ආවිට කාගේත් ඇස් උඩ ගියේය. නිකම්ම ලැබුණු ලාභය අත් විඳිමින් සිටි ගොවියා වෙත ආ ගම්මු සිය ප්‍රීතිය ප්‍රකාශ කළහ.

    "ෂහ්, කොච්චර දෙයක්ද? හරිම වාසනාවක්, නේද?"
    "වෙන්න පුලුවනි." ගොවියා පිළිතුරු දුන්නේය.

    අලුත ලැබුණු කැලෑ අශ්වයන් හීලෑ කිරීම සඳහා අශ්වයකු පිට නගින්නට ගිය ගොවියාගේ තරුණ පුතු අශ්වයා විසින් වට්ටවනු ලැබ කකුල කඩා ගත් පුවත ගමේ පැතිරිණි. ගම්මු ගොවියා හමු වී ශෝකය ප්‍රකාශ කළහ.

    "අනේ, හොඳට හිටි ශක්තිමත් තරුණයා. මාස ගාණකට වැඩක් පළක් කරන්න වෙන්නෙ නෑ. මොන තරම් අවාසනාවත් සිදුවීමක්ද?"
    "වෙන්න පුලුවනි." ගොවියා පිළිතුරු දුන්නේය.

    පසුවදා ගමට පැමිණි රජයේ නිලදරුවා නිවේදනය කර සිටියේ හදිසියේ අසල්වැසි රටක් සමග යුද්ධයක් ඇවිල ඇති හෙයින්, සියලු තරුණයින් යුද හමුදාවට බැඳීම අනිවාර්ය බවයි. ගම්මු හඬා වැළපෙන්නට වූහ. නමුත් කකුල කැඩී සිටි තරුණයාට සටන් කළ නොහැකි හෙයින් ඔහුව අනිවාර්ය යුද සේවයෙන් මුදා හරින ලදී.

    "අනේ, මේ දරුවත්, දෙමවුපියොත් කොයි තරම් වාසනාවන්තද?" ගම්මු ගොවියා දක්වමින් කීහ.
    "වෙන්න පුලුවනි." ගොවියා පිළිතුරු දුන්නේය.
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK

    bohoma hodai. thank u for posting
     
    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    ගුරු පිළිවෙත

    ජපානයේ එක්තරා පන්සලක භාවනා පුහුණුව පිණිස බොහෝ ශිෂ්‍යයෝ නේවාසිකව සිටියහ. ඔවුන් අතරින් එක් ශිෂ්‍යයෙක් දිනක් හොරකමක් කර අසු විය. ගුරු හිමියන් ඔහුට අවවාද කර ඉන්නට හැරියේය. මේ පිළිබඳව අනෙක් ශිෂ්‍යයන් කළකිරීමට පත් වූහ.

    මේ අතර එම ශිෂ්‍යයා නැවත වරක් හොරකම් කර අසු විය. ගුරු හිමියන් ඔහුට වරද පැහැදිලි කර අවවාද දී ඉන්නට හැරියේය. මින් මහත් කළකිරීමට පත් ඉතිරි ශිෂ්‍යයෝ එකතුව මේ සඳහා කුමක් කළ යුතුදැයි සාකච්ඡා කළහ. අන්තිමේදී ඔවුන් ගුරු හිමියන් හමු වී පැවසුවේ වහාම හොරා පන්සලෙන් පිට නොකළහොත් ඔවුන් සියලු දෙනාම පිට වී වෙනත් ගුරුවරයකු සොයා යන බවයි.

    "දරුවනි," ගුරු හිමියන් ඔවුන් ඇමතූහ. "ඔබ සියලු දෙනා මෙතනින් පිටව ගියාට කමක් නැහැ. මන්ද, ඔබ වැරැද්ද හා නිවැරදි දෙය හඳුනනවා. හොරකමට හා හොරාට ඔබ විරුද්ධ වෙන්නේ ඒ නිසයි. නමුත් මොහු? ඔහු හරි වැරැද්ද දන්නෙ නැහැ. මමත් ඔහු ප්‍රතික්ෂේප කළොත් ඔහු යන්නේ කා ළඟටද? ඒ නිසා, ඔබ සියලු දෙනා පිටව ගියත් කමක් නැහැ. මා ඔහුව තියා ගන්නවා."

    මේ ඇසූ ශිෂ්‍යයන් ගුරු හිමියන්ගෙන් සමාව අයැද සිටි අතර ලජ්ජාවට පත් හොරා ඉන්පසු තම වරදින් මිදුනේය.
     
    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    හොරෙකු ධර්මයෙහි හැසිරීම

    ඉතා ප්‍රසන්න පුද්ගලයකු වූ සෙන් ආචාර්යවරයා හමුවට පැමිණි හොරෙක් ඔහු කෙරෙහි පැහැදී තමාව ශිෂ්‍යයකු කර ගන්නා මෙන් ඉල්ලීය.
    "නමුත් එකක් කියන්නම්, ආචාර්යතුමනි. මං හොරෙක්. ඒක වෙනස් කරන්නනම් මට කියන්න එපා. මීට කලින් මං ගිය හැම තැනකින්ම මට කිව්ව හොරකම නවත්තන්න කියල. මං ඒ තැන්වලින් හැරිල ආව. මම හොරකම අතාරින්නෙ නෑ. ඒක ගැනනම් කතාවත් කරන්න එපා.":no:

    "ආ, ඒකට කමක් නැහැ." ආචාර්යවරයා කියා සිටියේය. "ඔබ කැමතිනම් දිගටම එහෙම කරන්න. මම දන්නෙ නෑ හොරකම් ගැන. මම කියල දෙන්නම් ධර්මය පිළිපදින හැටි. ඔබ මොන දේ කළත් එය සිහියෙන් කරන්න. ගෙයක් බින්දත්, මංකොල්ල කෑවත්, වෙන දෙයක් වුණත් සිහිය පවත්වා ගන්න. ඒ ඇති.":cool:

    හොරා මින් සතුටට පත් විය. නමුත් සති කිහිපයක් ගත වෙත්ම සොරාට තමන් උගුලකට හසු වී ඇති බව තේරිණි. සොරකම් කරන වෙලාවට සිහිය පවත්වා ගත නොහැක; සිහිය පවත්වා ගන්නා වෙලාවට සොරකම් කළ නොහැක. ආචාර්යවරයා හමුවීමට ගිය ඔහු තමා වැටී ඇති අමාරුව හෙළි කළේය.:oo:

    "ඔබ බොහොම කපටියි, ආචාර්යතුමනි. මට දැන් හොරකම් කරන්න බැහැ ධර්මයේ හැසිරෙනවනම්. ඊයෙ මම ගියා රජ මාළිගයට. මැණික් පිරවූ මංජුසාවක් මා ඉදිරියේ තිබුණා. නමුත් සිහියෙන් සිටීමට තැත් කරනවිට මට ඒවා පෙනුණේ නිකම්ම නිකම් ගල් වගෙයි. මම මොකටද ඒවා හොරකම් කරන්නෙ? හරිම මෝඩ වැඩක්. නමුත් ඒවා දෙස හොර හිතින් බලනවිට මට ඒවා වස්තුව ලෙස පෙනෙන්නට වුණා. නමුත් සිහිය පවත්වා ගත යුතුයි- එහෙම හිතනකොට ඒවා ආපහු නිකම් ගල් බව වැටහුණා. නැවත හොර සිතින් බලනවිට මායාකාරී වටිනා ලස්සන ගතිය දුටුවා. මම බොහෝ වේලාවක් මාරුවෙන් මාරුවට සිහිය පවත්වාගනිමින්ද, සොර සිතින්ද ඒ ගල් දෙස බැලුවා. අවසානයේ මම සොරකම් නොකර හැරිල ආවා."
    :)
     
    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    http://www-usr.rider.edu/~suler/zenstory/zenstory.html

    http://www.spiritual-short-stories.com/spiritual-short-stories-2-11-Buddhist+Zen+Stories.html

    http://www.awakeblogger.com/2008/09/the-10-very-best-zen-stories/

    අපි කතා වුණානෙ පළ කරන දේවල මූලාශ්‍ර සඳහන් කරන්න. මේ කතා වැඩි හරියක් අරන් තියෙන්නෙ මේ දක්වලා තියෙන සයිට්ස් වලින්. සිංහලට පරිවර්තනය කළේ මම.
    සමහර ඒව මම කලින් අහල තිබුණු ඒව. එකම කතාව පොඩි පොඩි වෙනස්කම් ඇතුව කියවෙන තැනුත් තියෙනව. කොහොම වුණත් මූලික හරය එකයි.
     
    Last edited:

    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    අංග සම්පූර්ණ සොබා දහම

    එක්තරා ආරාමයක් ප්‍රසිද්ධව තිබුණේ එහි වූ සුන්දර ස්වභාව උද්‍යානය නිසාය. කුඩා වුවද මනරම් ලෙස පවත්වාගත් මේ උයන නැරඹීම පිණිස සොබාදහම අගයන පිරිස් බොහෝ දුර බැහැර සිට පවා පැමිණියහ.

    උයන රැක බලා ගැනීම සඳහා ඒ ආරාමයේ විසූ භික්ෂූන් වහන්සේ නම ඉමහත් පරිශ්‍රමයක් දැරූසේක. වෙහෙස මහන්සි වී පොහොර ගෙනවුත් නිසි කලට යෙදූ සේක; නිරතුරු අතු රිකිලි කප්පාදු කර ගස්, ලිය ගොමු පිළිවෙලකට සකස් කළ සේක. දවසකට කිහිප වරක් උයන ඇමද එක කොළයක්වත් බිම නොරඳන සේ පිරිසිදු කළ සේක.

    දිනක් ආරාමයට භාවනායෝගීව දිවි ගෙවන සිල්වත් සෙන් භික්ෂූන්වහන්සේ නමක් වැඩම කළසේක. උන් වහන්සේ පිළි ගැනීම සඳහා උයන විශේෂයෙන් සකසන ලදී. බිම සුදු වැල්ල පිවිතුරුව දිළිසිණි. ගස්කොලන් නිල ඇඳුම් ලාගත් කලෙක මෙන් පිළිවෙලට පිරිසිදුවට දිස් විය. උයන නැරඹීම පිණිස සෙන් භික්ෂූන්වහන්සේ රැගෙන යන ලදී.

    උන් වහන්සේ කිහිප වරක් උයන වටා සක්මන් කළහ. ගහකොළ දෙස බලමින් කල්පනා කළහ. මුහුණේ වූයේ ප්‍රශ්නාත්මක පෙණුමකි.

    "ඇයි, ස්වාමින්වහන්ස? මුකුත් අඩුපාඩුවක් එහෙම තියෙනවද?" උයන පවත්වාගන්නා ස්වාමීන්වහන්සේ විමසූ සේක.

    "පොඩි අඩුපාඩුවක් තියෙනව." සෙන් භික්ෂූන්වහන්සේ දන්වා සිටියහ. "හැබැයි ලේසියෙන් හරි ගස්සන්න පුලුවන්."

    "අනේ ස්වාමීන්වහන්ස, වරද හරි ගස්සන්න. මේ උයන හැම අතින්ම අංග සම්පූර්ණව තියා ගන්න තමයි මං නිතරම මහන්සි වෙන්නෙ."

    "මං උදවු කරන්නම්." කී සෙන් භික්ෂූන්වහන්සේ උයන මධ්‍යයේ වූ උසැති ගස මුලු වැර යොදා සොළවන්නට වූහ. ඉදුණු කොළ නටුවෙන් මිදී බිම වැටිණි. සුළඟ ඒ පත් උයන පුරා විසුරුවාලීය. පිළිවෙලක් නැතිව බිම හැම තැනම කොළ විසිරිණි.

    "ඔන්න," සෙන් භික්ෂූන්වහන්සේ ප්‍රීතියෙන් පැවසූහ. "දැන් අංග සම්පූර්ණ ස්වභාවික උයනක්."
     
    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    ඉතා ප්‍රසන්න පුද්ගලයකු වූ සෙන් ආචාර්යවරයා හමුවට පැමිණි හොරෙක් ඔහු කෙරෙහි පැහැදී තමාව ශිෂ්‍යයකු කර ගන්නා මෙන් ඉල්ලීය.
    "නමුත් එකක් කියන්නම්, ආචාර්යතුමනි. මං හොරෙක්. ඒක වෙනස් කරන්නනම් මට කියන්න එපා. මීට කලින් මං ගිය හැම තැනකින්ම මට කිව්ව හොරකම නවත්තන්න කියල. මං ඒ තැන්වලින් හැරිල ආව. මම හොරකම අතාරින්නෙ නෑ. ඒක ගැනනම් කතාවත් කරන්න එපා.":no:

    "ආ, ඒකට කමක් නැහැ." ආචාර්යවරයා කියා සිටියේය. "ඔබ කැමතිනම් දිගටම එහෙම කරන්න. මම දන්නෙ නෑ හොරකම් ගැන. මම කියල දෙන්නම් ධර්මය පිළිපදින හැටි. ඔබ මොන දේ කළත් එය සිහියෙන් කරන්න. ගෙයක් බින්දත්, මංකොල්ල කෑවත්, වෙන දෙයක් වුණත් සිහිය පවත්වා ගන්න. ඒ ඇති.":cool:

    හොරා මින් සතුටට පත් විය. නමුත් සති කිහිපයක් ගත වෙත්ම සොරාට තමන් උගුලකට හසු වී ඇති බව තේරිණි. සොරකම් කරන වෙලාවට සිහිය පවත්වා ගත නොහැක; සිහිය පවත්වා ගන්නා වෙලාවට සොරකම් කළ නොහැක. ආචාර්යවරයා හමුවීමට ගිය ඔහු තමා වැටී ඇති අමාරුව හෙළි කළේය.:oo:

    "ඔබ බොහොම කපටියි, ආචාර්යතුමනි. මට දැන් හොරකම් කරන්න බැහැ ධර්මයේ හැසිරෙනවනම්. ඊයෙ මම ගියා රජ මාළිගයට. මැණික් පිරවූ මංජුසාවක් මා ඉදිරියේ තිබුණා. නමුත් සිහියෙන් සිටීමට තැත් කරනවිට මට ඒවා පෙනුණේ නිකම්ම නිකම් ගල් වගෙයි. මම මොකටද ඒවා හොරකම් කරන්නෙ? හරිම මෝඩ වැඩක්. නමුත් ඒවා දෙස හොර හිතින් බලනවිට මට ඒවා වස්තුව ලෙස පෙනෙන්නට වුණා. නමුත් සිහිය පවත්වා ගත යුතුයි- එහෙම හිතනකොට ඒවා ආපහු නිකම් ගල් බව වැටහුණා. නැවත හොර සිතින් බලනවිට මායාකාරී වටිනා ලස්සන ගතිය දුටුවා. මම බොහෝ වේලාවක් මාරුවෙන් මාරුවට සිහිය පවත්වාගනිමින්ද, සොර සිතින්ද ඒ ගල් දෙස බැලුවා. අවසානයේ මම සොරකම් නොකර හැරිල ආවා."
    :)

    Wow....great story...:D
     
    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    උතුම් මිනිසා

    ඈත කඳුකරයේ ගිරි මුදුනක නුවණැති මහළු මිනිසෙක් වාසය කළේය. ඔහුගේ පිවිතුරු පැවැත්ම නිසා ඔහු පූජනීය පුද්ගලයකු ලෙස කීර්තියක් දිනා සිටියේය.

    ගම්මානයේ විසූ එක්තරා මිනිසෙකුට මේ උතුම් මනුෂ්‍යයා දැකීමට අවශ්‍ය විය. බොහෝ මහන්සියෙන් කඳු තරණය කොට, හෙතෙම උතුම් මිනිසාගේ නිවෙසට ළඟා විය. දොරට තට්ටු කළවිට වයසක මෙහෙකරුවෙක් විසින් දොර විවෘත කරන ලදී.

    "මට දැකීමට අවශ්‍යයි මෙහි වෙසෙන පූජනීය උතුමාණන්." ගම්මානයේ මිනිසා දන්වා සිටියේය.
    "ඇතුළට එන්න." මෙහෙකරු දොර විවෘත කළේය. ගම්මානයේ මිනිසා මෙහෙකරු පිටුපසින් ගෙට ඇතුළු විය. ඇතුළු වූ මොහොතේ පටන් ඔහු වටපිට බලන්නට වූයේ මෙවන් තැනැත්තකුගේ නිවසට මින්පෙර කවරදාකවත් පැමිණ නැති නිසාය. නිවෙසේ ඇති හැම දෙයක්ම බලා ගනිමින් මෙහෙකරු පිටුපසින් ඇවිද ගිය ඔහු නොදැනීම පිටුපස දොරින් තමාව පිටට ගෙන ගොස් ඇති බව දිටීය.

    "මේ මොකද?" දොර වැසීමට සූදානමින් සිටින මෙහෙකරු අමතා ඔහු විමසුවේය. "මට අවශ්‍යයි නුවණැති පූජනීය උතුමාණන් දැකීමට."

    "ඔබ දැනටමත් ඔහුව දැකලයි තියෙන්නෙ." වයසක මිනිසා පිළිතුරු දුන්නේය. "ඔබට හමුවෙන ඕනෑම පුද්ගලයෙකුව, ඔවුන් ඉතාම සරල සහ වැදගැම්මකට නැති අය සේ පෙණුනත්, උතුම් පුද්ගලයකු සේ දකින්න. එසේ දැකිය හැකිනම් අද ඔබ මෙහි ඒමට හේතු වූ ප්‍රශ්නය කුමක් වුණත්, ඊට විසඳුම ඔබට ලැබෙනු ඇත."
     
    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    අපි ඡාම් විදිහට ජීවත් වෙන්න පුරුදු වෙන්න ඕන. :yes:

    "ඔබට හමුවෙන ඕනෑම පුද්ගලයෙකුව, ඔවුන් ඉතාම සරල සහ වැදගැම්මකට නැති අය සේ පෙණුනත්, උතුම් පුද්ගලයකු සේ දකින්න. එසේ දැකිය හැකිනම් අද ඔබ මෙහි ඒමට හේතු වූ ප්‍රශ්නය කුමක් වුණත්, ඊට විසඳුම ඔබට ලැබෙනු ඇත."