සෙන් කතා

sudunone

Member
May 23, 2009
3,781
121
0
අපි ඡාම් විදිහට ජීවත් වෙන්න පුරුදු වෙන්න ඕන. :yes:
ow, alpechcha jeewithaya buduhamuduruwo anumatha kala.

e wagema bahira atopayata norawatee, bahira penuma diha balala theerana ganne nathuwa anik ayata garu karana ekath wadagath.:yes:
 

sudunone

Member
May 23, 2009
3,781
121
0
කෝපය

සෙන් ආචාර්යවරයා හමුවට ආ ශිෂ්‍යයා සිය ප්‍රශ්නය ඉදිරිපත් කළේය.

"ගුරුතුමනි, මගේ තරහ පාලනය කරන්න බැහැ. මට ඕනෙ මේ තරහව නැති කරගෙන සුවපත් වෙන්න."

"මට පෙන්නන්න පුලුවන්ද ඔබේ තරහ කොයි වගේද කියල?"

"ඒක ඉතින් දැන් මේ මොහොතෙ පෙන්නන්න බැහැ."

"එතකොට? කොයි වෙලාවටද තරහ එන්නෙ?"

"එහෙම කියන්න බැහැ. බලාපොරොත්තුවකින් තොරව, හිටි හැටියෙම තමයි තරහ එන්නෙ. මමවත් දන්නෙ නෑ."

"එහෙමනම් මට පේන්නෙ ඔය කියන තරහව ඔබේ ස්වභාවයට පිටස්තර දෙයක් වෙන්න ඕනෙ." ආචාර්යවරයාණෝ පැවසූහ. "මොකද, ඒක ඔබේ දෙයක්නම් ඔබට හිතුණ වෙලාවක ඇති කරගන්න පුලුවන් වෙන්න ඕනෙ. උපදිනකොට තිබුණ වෙන්න ඕනෙ. පොඩ්ඩක් ඒ ගැන කල්පනා කරල බලන්න."
 

sudunone

Member
May 23, 2009
3,781
121
0
එදිනෙදා සෙන්

වසර දෙකක් පුහුණුව ලැබූ පසු සෙන් උපදේශකයෙකු ලෙස ක්‍රියා කළ හැක. එවැනි නවක සෙන් උපදේශකවරයකු වරක් ප්‍රවීණ සෙන් ආචාර්යවරයකු හමු වීමට ගියේය. සිය පාවහන් හා කුඩය දොරකඩ තැබූ ඔහු ආචාර්යවරයා සිටි කුටියට ඇතුළු විය. ඔහුව පිළිගෙන අසුනක් පිරිනැමූ ප්‍රවීණ ආචාර්යවරයා එකම එක පැනයක් විමසීය.

"ඔබේ කුඩය තිබෙන්නෙ පාවහන් වලට දකුණු පැත්තෙන්ද, වම් පැත්තෙන්ද?"

නවක උපදේශකයා මඳක් කල්පනා කළේය. තම පුහුණුවේ අඩුපාඩුව තේරුම් ගත් ඔහු ප්‍රවීණ ආචාර්යවරයා යටතේ තවත් සය අවුරුද්දක් උගත්තේය.


එදිනෙදා කටයුතුවලදී මනාව සිහිය පවත්වා ගැනීම ගැන කියවෙන මේ සෙන් කතාව කියවනකොට මට මතක් වෙන්නෙ සතිපට්ඨානය. එලුව එලු ප්‍රශ්න අහන නිසා සෙන් කියන වචනයෙ තේරුම හෙව්වම, සෙන් කියන්නෙත් භාවනාවටලු. මේ විදිහට හැම වෙලේම සිහිය පවත්වා ගන්න පුලුවන්නම් අමතක වීම නිසා අප අතින් සිදුවන වැරදි, අඩුපාඩුකම් බොහොමයක් මගහරවා ගන්න පුලුවන් වෙයි.
 

sudunone

Member
May 23, 2009
3,781
121
0
නිශ්ශබ්දතාවය ඉගෙනීම

ශිෂ්‍යයන් සසිවු දෙනෙක් ආධ්‍යාත්මික දියුණුව උදෙසා නිශ්ශබ්දතාවය පුහුණු කිරීමට තීරණය කළහ. ආරම්භයක් ලෙස දින හතක් නිශ්ශබ්දව ගෙවීමට තීරණය විය.

පලමු දිනය සාර්ථකව ගෙවී ගියේය.
සවස් විය. දසතින් අඳුර ගලා එයි. අඳුරු නිවහන තුළට මදුරුවන්ද පැමිණේ. සේවකයා කුමක් කරන්නේද?

තවත් බලා සිටිය නොහැකි තැන එක් ශිෂ්‍යයෙක් සේවකයාට කතා කළේ පහනක් දල්වන ලෙස කීමටය.
"අපි කතා නොකර ඉන්නයි අදහස් කළේ. අමතකද?" දෙවන ශිෂ්‍යයා විමසීය.
"හරි මෝඩයිනෙ ඔය දෙන්න. එක දවසක් ඉන්නෙ නැතුව කතා කළා නේද?" තෙවැන්නා කෝපය ප්‍රකාශ කළේය.
"මං විතරයි කතා කළේ නැත්තෙ." සිවුවැන්නා ප්‍රීතියෙන් කීය.
 

sudunone

Member
May 23, 2009
3,781
121
0
ප්‍රාතිහාර්ය

සෙන් ආචාර්යවරයාණන් දේශනා කරමින් සිටි ශාලාවට, ප්‍රාතිහාර්ය මත රැඳුණු ආගමක් අදහන පූජකවරයෙක් පැමිණ බාධා කරන්නට විය.

"ඔබට මොනවද කියන්න තියෙන්නෙ?" ආචාර්යවරයාණෝ විමසූහ.

"මගේ ආගම සොයාගත් ශුද්ධවන්තයාට," පූජකවරයා ආඩම්බරයෙන් පැවසීය. "ප්‍රාතිහාර්ය පෑමට පුලුවන්. ඔහුගෙ අනුගාමිකයකු ගඟේ එහා ඉවුරෙ තිරයක් අල්ලාගෙන සිටිනවිට, අපේ උතුමානන්ට පුලුවනි මෙහා ඉවුරෙ ඉඳගෙන පින්සලකින් ඒ තිරයෙ දෙවියන් වහන්සෙගෙ නම ලියන්න. ඔහේටත් පුලුවනිද එහෙම ප්‍රාතිහාර්ය දක්වන්න?"

"බැහැ." සෙන් ආචාර්යවරයාණෝ පිළිතුරු දුන්හ. "මට පුලුවන්නෙ ඔය පුංචි පුංචි ප්‍රාතිහාර්ය විතරයි: බඩගිනි වුණහම කන්න; තිබහ වුණහම බොන්න; අපහාස කළාම සමාව දෙන්න වගේ ඒව."
 

ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
සෙන් ආචාර්යවරයා හමුවට ආ ශිෂ්‍යයා සිය ප්‍රශ්නය ඉදිරිපත් කළේය.

"ගුරුතුමනි, මගේ තරහ පාලනය කරන්න බැහැ. මට ඕනෙ මේ තරහව නැති කරගෙන සුවපත් වෙන්න."

"මට පෙන්නන්න පුලුවන්ද ඔබේ තරහ කොයි වගේද කියල?"

"ඒක ඉතින් දැන් මේ මොහොතෙ පෙන්නන්න බැහැ."

"එතකොට? කොයි වෙලාවටද තරහ එන්නෙ?"

"එහෙම කියන්න බැහැ. බලාපොරොත්තුවකින් තොරව, හිටි හැටියෙම තමයි තරහ එන්නෙ. මමවත් දන්නෙ නෑ."

"එහෙමනම් මට පේන්නෙ ඔය කියන තරහව ඔබේ ස්වභාවයට පිටස්තර දෙයක් වෙන්න ඕනෙ." ආචාර්යවරයාණෝ පැවසූහ. "මොකද, ඒක ඔබේ දෙයක්නම් ඔබට හිතුණ වෙලාවක ඇති කරගන්න පුලුවන් වෙන්න ඕනෙ. උපදිනකොට තිබුණ වෙන්න ඕනෙ. පොඩ්ඩක් ඒ ගැන කල්පනා කරල බලන්න."

සරල කතාවක් වුනාට මේකෙන් බුදුදහමේ ගැඹුරු යථාර්ථයක් වන ත්‍රිලක්ෂණයේ අනාත්ම ලක්ෂණය තමයි පිළිඹිබු වෙන්නෙ...
 

sudunone

Member
May 23, 2009
3,781
121
0
සරල කතාවක් වුනාට මේකෙන් බුදුදහමේ ගැඹුරු යථාර්ථයක් වන ත්‍රිලක්ෂණයේ අනාත්ම ලක්ෂණය තමයි පිළිඹිබු වෙන්නෙ...

:yes:



මේ සෙන් කතා තියෙන සමහර සයිට්ස්වල, හැම කතාවක් එක්කම පාඨකයින් ඒ කතාව ගැන තම තමන්ගෙ අදහස පළ කරල තියෙනවා. තමුන් ඒ පණිවිඩය තේරුම් ගත්තු හැටි, නැත්නම් ඒ කතාව එදිනෙදා දිවියට සම්බන්ධ කර ගත හැකි ආකාරය වගේ දේවල්. අපි නොහිතන පැති ඔස්සේ හිතන්න යොමු වෙනවා ඒ අදහස් කියෙව්වම.
 

ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
:yes:



මේ සෙන් කතා තියෙන සමහර සයිට්ස්වල, හැම කතාවක් එක්කම පාඨකයින් ඒ කතාව ගැන තම තමන්ගෙ අදහස පළ කරල තියෙනවා. තමුන් ඒ පණිවිඩය තේරුම් ගත්තු හැටි, නැත්නම් ඒ කතාව එදිනෙදා දිවියට සම්බන්ධ කර ගත හැකි ආකාරය වගේ දේවල්. අපි නොහිතන පැති ඔස්සේ හිතන්න යොමු වෙනවා ඒ අදහස් කියෙව්වම.

aththa...:yes:
 

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
ස්වාමීන්වහන්සේලා දෙනමක් නදියක් අසල සිය පාත්‍ර සෝදමින් සිටියහ. නදියෙහි ගිලෙන්නට යන ගෝනුස්සෙක් දුටු එක් හිමිනමක් ඌව බේරාගෙන ගොඩට දැමූහ. ගොඩට වැටුණු ගෝනුස්සා ඉදිරියට පැන එම හිමිනමට දෂ්ඨ කළේය. නමුත් හිමිනම කිසිත් නුවූවා සේ නැවතත් පාත්‍රය සෝදන්නට වන්හ. ඉවුර මත දඟලමින් සිටි ගෝනුස්සා නැවත වරක් ජලයට වැටිණී. මුල් හිමිනම නැවත වරක් ගෝනුස්සා බේරාගෙන ගොඩට දමද්දී, ගෝනුස්සා නැවත වරක් දෂ්ඨ කළේය.

"මොකටද බේරන්න ගියෙ?" අනික් හිමිනම විමසූහ. "දෂ්ඨ කරන එක ගෝනුස්සගෙ ස්වභාවය බව දැන දැන?"

"දන්නව." ගෝනුස්සා බේරාගත් හිමිනම සන්සුන්ව පැවසූහ. "නමුත් බේරා ගන්න එක මගෙ ස්වභාවය."
මේක නම් විශිෂ්ඨයි :)
 

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
එදිනෙදා කටයුතුවලදී මනාව සිහිය පවත්වා ගැනීම ගැන කියවෙන මේ සෙන් කතාව කියවනකොට මට මතක් වෙන්නෙ සතිපට්ඨානය. එලුව එලු ප්‍රශ්න අහන නිසා සෙන් කියන වචනයෙ තේරුම හෙව්වම, සෙන් කියන්නෙත් භාවනාවටලු. මේ විදිහට හැම වෙලේම සිහිය පවත්වා ගන්න පුලුවන්නම් අමතක වීම නිසා අප අතින් සිදුවන වැරදි, අඩුපාඩුකම් බොහොමයක් මගහරවා ගන්න පුලුවන් වෙයි.
තමන් කරන කාර්යයේ සිත පිහිටුවා කිරීම නිරවුල් මනසකට උපකාරී වෙනවා
විභාගයකට පාඩම් කරන කෙනෙක් උදාහරණයට ගන්න..පැය ගානක් පාඩම් කරත් වැඩක් නෑ සමහර වි.ඒත් සිත පිහිටුවා වැඩ කරන මිනිත්තු පහත් ඊට වඩා ප්‍රයෝජනවත් :)
 

sudunone

Member
May 23, 2009
3,781
121
0
මේක නම් විශිෂ්ඨයි :)

ඔව්, නමුත් එදිනෙදා දිවියෙදි මගෙ අතින් වෙන්නෙ බොහෝවිට ඕකෙ අනික් පැත්ත: අනික් මිනිස්සු මට සලකන ආකාරය අනුව මං එයාල කෙරෙහි පවතින ආකාරය වෙනස් කරනවා. උදාහරණයක් විදිහට අනික් අයට උදවු නොකරන කෙනෙක් හැටියට මම යමෙක්ව හඳුනා ගත්තොත්, මම ඒ කෙනාට එක්කො උදවු නොකර ඉන්නවා; නැත්නම්, කළත් අකමැත්තෙන්, හිතින් බැන බැන තමයි කරන්නෙ.

නමුත් මා සමග වැඩ කරන කෙනෙක් ඉන්නව එහෙම අනුන් නරක වුණු පළියට තමගෙ හොඳ ගතිගුණ නැති කර නොගන්නා කෙනෙක්. (මගෙ ජීවිතේට මට එහෙම මිනිස්සු දෙන්නයි හම්බෙලා තියෙන්නෙ. මේ එක්කෙනෙක්.) තමන්ට විරුද්ධවාදිව වැඩ කරන කෙනාට පවා ඇය වෙනස්කමක් කරන්නෙ නෑ.

මට කවදා එච්චර හොඳ වෙන්න පුලුවන් වෙයිද මන්ද.:(
 

ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
අමිල සහෝදරයා අළුත් අවුරුද්දෙ ධර්මයට නැඹුරු වෙලා වගේ...අන්න හොදයි..
 

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
දානය

සෙන් ගුරුතුමකු වූ කඳු පාමුලක කුඩා පැල්පතක බොහෝම චාම් ව්දියට ජීවත් වුණා.එක් හැන්දෑවක එක් හොරෙක් පැල්පතට ඇතුලු වුණා.ඔහු යමක් හොරා ගන්නට බලද්දී එසේ කිරීමට කිසි වැදගත් දෙයක් නැති බව දැන ගත්තා.රියොකාන් ගුරුතුමා පැමිණ හොරා අල්ලා ගත්තා.
"ඔබ හුඟක් දුර ඉඳන් එන්නට ඇති නේද?"ඇසූ සෙන් ගුරුතුමා තව දුරටත් මෙහෙම කිව්වා

"ඔබ හිස් අතින් යන්ට හොඳ නැහැ.මගේ මේ අඳින ඇදුම අරන් යන්න තෑග්ගක් වශයෙන්".

තමන්ගේ ඇඳුම හොරාට බාර දුන් රියොකාන් ගුරුතුමා නිරුවත්ව සිටියා.හොරාට මහ පුදුමයි.හොරා ඇඳුම් අරන් පැන දිව්වා.රියොකාන් ගුරුතුමා නිරුවත්ව හඳ දිහා බලා සිටියා."දුප්පතා" ඔහු කල්පනා කළා.
"මට පුළුවන් කමක් තිබුණා නම් මේ සුන්දර හඳ ඔහුට දෙන්න!".

මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර:සෙන් කතන්දර
 

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
අවතාරය දමනය

එක්‌ මිනිසකුගේ තරුණ බිරිඳ රෝගාතුර වී මරණාසන්න වූවාය.

මං ඔයාට හරිම ආදරෙයි. ඔයා අත්හැරල යන්න බෑ. ඔයත් මාව අතහැරල වෙන ගෑනියක්‌ ගාවට යන්න එපා. ඔයා ගියොත් මං අවතාරයක්‌ වෙලා දස වද පමුණුවනවා "යි පවසමින් ඇය අවසන් හුස්‌ම හෙළුවාය.

තුන් මසක්‌ යනතුරු තරුණ සැමියාට බිරිඳගේ වදන් මතක තිබුණේය.

ටික කලකට පසු ඔහුට සුරුපී ලලනාවක්‌ මුණගැසුණාය. ඇය සමග ආදරයෙන් වෙළුණු හෙතෙම ඇය විවාහ කර ගන්නා බවට පොරොන්දු විය.

එදිනම රාත්‍රිභාගයෙහි අවතාරය ඔහු සොයා ආවේය. පොරොන්දු කඩ කිරීම ගැන අවතාරය ඔහුට දෝෂාරෝපණය කළේය. එපමණක්‌ නොව ඔහු කරන හැම දෙයම දැනගැනීමට තරම් අවතාරය දක්‌ෂ වූයේය.

ඔහු පෙම්වතියට තෑග්ගක්‌ දුන් විට රාත්‍රියට පැමිණෙන අවාතරය එහි සියලු විස්‌තර ඔහුට කියයි. ඇතැම් විට ඔවුන් අතර හුවමාරු වන ප්‍රේම සංවාද පවා ඔහු වෙත නැවත ඉදිරිපත් කරයි.

මේ නිසා ඔහුට බලවත් අසහනයක්‌ ඇති විය. රාත්‍රි නිදාගැනීම අසීරු විය. අවසන ඔහුගේ මිතුරෙක්‌ සෙන් හිමි නමක්‌ හමුවීමට යන ලෙස අවවාද කළේය. විඳ දරා ගත නොහැකි තැන තරුණ සැමියා සෙන් හිමි නමකට සිය දුක්‌ ගැනවිල්ල කියා සිටියේය.

"ඔබ කියන කරන හැම දේම ඔබේ පැරණි බිරිඳගෙන් අවතාරයට පේනවා. ඇය හරිම දක්‌ෂ අවතාරයක්‌ වෙලා. ඇත්තෙන්ම ඒ වගේ අවතාරයකට ඔබ ප්‍රශංසා කරන්න ඕනෑ. ලබන වතාවෙ අවතාරය ආවහම අවතාරය එක්‌ක පොඩි ඔට්‌ටුවක්‌ අල්ලන්න. අවතාරයට කියන්න කිසි දෙයක්‌ අවතාරයට හංගන්න ඔබට බැරි බව. ඒ වගේම ඔබ අහන එක ප්‍රශ්නයකට උත්තර දෙන්න අවතාරය කැමැති නම් විවාහ පොරොන්දුව කඩලා සදහටම අවිවාහකව ඉන්න බවත් කියන්න යෑයි සෙන් හිමි පැවැසීය.

"මොකක්‌ද, මං අහන ප්‍රශ්නය?"

"මෙන්න මේකයි, ඔබ කළ යුත්තේ සෝයා බෝංචි අහුරක්‌ ගන්න. අවතාරයට කියන්න, ඔබේ අතේ බෝංචි ඇට කීයක්‌ තියනවද කියල හරියටම කියන්න කියල. ඇයට කියන්න බැරි වුණොත් තේරුම්ගන්න ඒ අවතාරය ඔබ හිතින් මවාගත්ත එකක්‌ බව."

එදින රාත්‍රිභාගයෙහි අවතාරය පැමිණියේය."ඔබ සේරම දේවල් දන්න කෙනෙක්‌." යෑයි තරුණ සැමියා අවතාරය වර්ණනා කළේය.

"සත්තකින්ම මම දන්නවා සේරම. මම දන්නවා ඔබ අද සෙන් හාමුදුරු නමක්‌ සොයාගෙන ගිය බවත්" යයි අවතාරය පිළිතුරු දුන්නේය.

එවිට තරුණ සැමියා අවතාරයෙන් මෙසේ ඇසීය.

"හොඳයි ඔබ ඔක්‌කෝම දන්නවා. ඒ නිසා මට කියන්න, මගේ අතේ බෝංචි ඇට කීයක්‌ තියෙනවද කියලා"

මේ ප්‍රශ්නයට පිළිතුරු දීමට අවතාරයක්‌ ඉතුරු නොවීය.
 

sudunone

Member
May 23, 2009
3,781
121
0
ඔය සෝයා බෝංචි අවතාරය ගැන එක්තරා සයිට් එකක පාඨකයින් විවිධ මත පළ කරල තිබුණා.
'අවතාරය' ඉන්නෙ මිනිහගේ හිතේ; මිනිහා නොදන්න දෙයක් අවතාරය දන්නෙත් නෑ. ඒක පෙන්නලා දුන්නම හිතේ අවතාරයක් ඉතුරු වෙන්නෙත් නෑ.
 

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
ගුරුගෝල හබයක්‌


බන්කේයි හිමියන්ගේ පන්සලේ දානය පිළියෙල කිරීමට සිටියේ තරුණ හිමි නමකි. බන්කේයි හිමියන් වයසක නිසා තරුණ හිමියෝ උන්වහන්සේට විශේෂ ආහාරපාන වර්ග පිළියෙල කළහ.

බන්කෙයි හිමියන්ට එබැව් දැනගන්නට ලැබිණ. එයින් කලකිරිමට පත් එතුමෝ සිය කුටියට වී දොර වසාගෙන නිරාහාරව උන්හ. තරුණ භික්‌ෂූව ගුරුතුමාගෙන් සමාව අයෑදමින් දොර ළඟට වී සිටියේය.

දින හතක්‌ ගතවිය. දොර විවෘත වීමක්‌ හෝ සැනසිලි වදනක්‌ හෝ ගුරුතුමාගෙන් නොලැබිණි. අන්තිමේදී කර කියා ගත හැකි කිසිදු උපාය මාර්ගයක්‌ නුදුටු අනික්‌ ශිෂ්‍යයෝ දොර ළඟට ගියහ.

තමුන්නාන්සේ ගැන නොවෙයි නායක හාමුදුරුවනේ. මේ පොඩි එකා ගැන අනුකම්පා කරන සේක්‌වා. එයා ඉන්නෙත් කුසගින්නේ. සාදුකින්. එයාට හැමදාමත් හාමතේ ඉන්න පුළුවන්කමක්‌ නැහැ."

දොර විවෘත විය. එළියට පැමිණි බන්කේයි හිමියෝ සිනහ මුසු මුහුණින් තරුණ භික්‌ෂූවට මෙසේ වදාළ සේක.

අනෙක්‌ අයට හදන කෑමවලින්ම මටත් කෑම හදන්න. ඔබ ගුරුවරයකු වූ දවසක මේක අමතක කරන්න එපා. "

 

sudunone

Member
May 23, 2009
3,781
121
0
සෙන් ගුරුතුමා පිරිත් සජ්ජායනය කරමින් සිටින රාත්‍රියක සොරෙක් නිවසට ඇතුලු විය. ගුරුතුමා අවදිව සිටිනු දුටු සොරා තිගැස්සිණි. නමුත් ගුරුතුමා වරක් හැරී බැලුවා පමණි.

"ඔය තියෙන දෙයක් අරන් යන්න." කියූ ගුරුතුමා දිගටම සජ්ජායනයේ නිරත විය. බඩු පොදි බැඳගත් සොරා පිටව යාමට සැරසුණුවිට ගුරුතුමා නැවත ඔහු ඇමතීය.
"ස්තුති කරල යනවනම් හොඳයි නේද?"
විශ්මයට පත් සොරා "ස්තුතියි" කියා පිටව ගියේය.

කලකට පසු සොරා නිලධාරීන්ට හසු වී තමා කළ සොරකම් පිළිබඳව පාපොච්චාරණය කළේය. නිලධාරීන් සොරාද කැඳවාගෙන සොරකමට ලක් වූ නිවෙස් වෙත ගියේ සොරා අල්ලා ගත් බව කීමටය. සෙන් ගුරුතුමාගෙ නිවසටද ඔවුහු පැමිණියහ.
"මගෙන් මොනවත් හොරකම් කරල නැහැ." ගුරුතුමා කියා සිටියේය. "ඒව සේරම මං මෙයාට දුන්නා. කොටින්ම එයා මට ස්තුති කරලයි ගියෙ."

සිය සිර දඬුවම විඳ අවසන් වූ සොරා කෙළින්ම ගියේ සෙන් ගුරුතුමාගේ නිවසටය.
"කරුණාකර මාව ශිෂ්‍යයෙක් කරගන්න." ඔහු ඉල්ලා සිටියේ එපමණකි.
 

ex-muslim Ahmed

Well-known member
  • Mar 7, 2009
    3,362
    769
    113
    එල කතා ටික.

    අර හොරා ජපානේ හිටිය හින්ද හොඳයි. අරාබියේ හිටිය නං ..
    :sorry: