සෙන් කතා

sudunone

Member
May 23, 2009
3,781
121
0
ඈත පෙරදිග රටවල පැතිරුණු සෙන් බෞද්ධ කතා සරල, බොහෝවිට හාස්‍යය දනවන සුලු කතන්දරයක් තුළින් මිනිසා සිතීමට පොළඹවනවා. අප දන්න සෙන් කතා මෙතනට එකතු කරමු.

මෙන්න මගෙන්:

ගුරුවරයා හා ගෝලයා වූ භික්ෂූන් වහන්සේලා දෙනමක් මග වඩිමින් සිටියහ. අතරමග මඳක් ගැඹුරු නදියක් විය. එගොඩ වීමට ඇත්තේ නදියට බැස පිහිනමිනි. නදිය අසළ සුරූපී තරුණියක් ළතැවෙමින් සිටියේ එගොඩ වීමට බියෙනි.

ගුරු හිමිනම ඇයගේ අවශ්‍යතාවය විමසා, ඇයව සිය කරෙහි තබාගෙන නදියෙන් එගොඩ කරවූ සේක.

ගෝල හිමිනමට මෙය මහත් ගැටලුවක් විය. ගුරු හිමිනම තම සිල් බිඳ ගත්තා නේද? නමුත් උන්වහන්සේ සිල්වත් ගුණවත් භික්ෂූන්වහන්සේ නමක් ලෙස ප්‍රසිද්ධ තෙරනමකි. ගුරු හිමිනමගෙන් මෙය විමසනවාද නැද්ද? උන්වහන්සේ කළ ක්‍රියාවෙන් පසු විශ්වාසය තැබිය හැකිද නැද්ද? වයසක කාන්තාවක්නම් තව කමක් නැත. නමුත් තරුණ සුරූපි කාන්තාවක්?

රාත්‍රියේ නවාතැන් ගන්නා ආරාමයට පැමිණෙන තුරුම ගෝල හිමිනම කල්පනා කළේ මේ පිළිබඳවය. තවත් ඉවසිය නොහැකි තැන උන්වහන්සේ ගුරු හිමියන්ගෙන් මේ ගැන විමසූහ.

"මම ඒ කාන්තාව ගං ඉවුරේ තියලයි ආවෙ." ගුරු හිමිනම පැවසූහ. "ඔබ තවමත් ඇය කරේ තියන් ඉන්නෙ මොකද?"
 
ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land

:lol::lol:

සිල්වත් බාවය බිදිලා නෑ...එළ..

"සෙන් කතා" කියන වචනය තව ටිකක් පැහැදිලි කරන්න පුලුවන්ද...:)
 
sudunone

Member
May 23, 2009
3,781
121
0
:lol::lol:

සිල්වත් බාවය බිදිලා නෑ...එළ..

"සෙන් කතා" කියන වචනය තව ටිකක් පැහැදිලි කරන්න පුලුවන්ද...:)

:growl: ප්‍රශ්න ඇසීම තහනම්. :lol:

සෙන් (zen) කියන්නෙ මහායාන බුද්ධාගමේ අංගයක්. චීනයේ විසූ බෝධිධර්ම නම් භික්ෂූන්වහන්සේ තමයි මෙහි ආරම්භකයා. චීන බසින් චෑන් කියලයි කියන්නෙ. ජපන් බසින් සෙන්.
මෙහි විශේෂත්වය තමයි අත්දැකීම් ඇසුරින් ධර්මය දැකීමට උපකාරී වීම. සෙන් කියන්නෙ භාවනාවක් වගෙයි කියලත් කියනවා. සරල අත්දැකීම් ඇසුරින් ගැඹුරු දහම් පැහැදිලි කරනවා. (ගැඹුරු එව්ව නොතේරුණත් මේ කතා රස විඳින්න පුලුවන්.) ඔය ඉහත දැක්වූ කතාව කියෙව්වම පේනවා විනය නීති ගැන වුණත් වචනමාත්‍රයෙන් තේරුම් ගන්න තරමට වඩා අවබෝධයෙන් තේරුම් ගන්න එකේ වැදගත්කම. (මං කියන්නෙ විනය නීති ඕනෙ නෑ කියල නෙවෙයි. සමාජයක් පාලනය කරනකොට නීති අවශ්‍යයි. නමුත් අවබෝධය හා නීතිය නිසා සිල්වත් වීම අතර වෙනස පේනවනෙ.)
 
Last edited:

sudunone

Member
May 23, 2009
3,781
121
0
වනයේ ඇවිද ගිය මිනිසකු පසුපස කොටියෙක් පන්නන්නට විය. හෙතෙම දිව ගොස් නතර වූයේ ගල් කුලක් මතය. කොටියා ළඟ ළඟම එයි. බේරීමට අන් මගක් නුදුටු හෙතෙම ගල් කුළින් පහළට බැසෙන වැලක් දිගේ පහළට බැස එල්ලෙන්නට විය. ඔහු පසුපස පැන්නූ කොටියා ගිරි කුළ මත සිට ඔහු දෙස බලා හිඳී. පහත බැලූ කල ඔහු දුටුවේ තවත් කොටියෙකු කුරුමානම් අල්ලමින් පහළින් රැක සිටින බවය. මේ අතර සුදු සහ කලු පැහැ මීයන් දෙදෙනෙක්, ඔහු එල්ලී සිටි වැල විකා දමන්නට වූහ.

වැලේ එල්ලෙමින් සිටි මිනිසා තමා අසල වූ අත්තක පිහිටි මිහිරි පලතුරක් දකින්නේ මේ අතරතුරය. එක අතකින් වැලේ එල්ලී හිඳ අනික් අතින් එම පලතුර නෙලා ගන්නා ඔහු එය අනුභව කරයි.

"අහා, කෙතරම් මිහිරිද?"
 
kalyanamithra

Well-known member
  • May 12, 2008
    1,289
    26
    48

    බොහොම පින් මිතුර...
    හැබැයි මේ කථා ඇසුරින් ධර්මය විනය ගැන තේරුම් ගන්න උත්සාහ කරන එක නම් අවදානම්...

    තෙරුවන් සරණයි!
     
    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    ලිඳේ පණිදාය මුදුනේ ගජිඳාය
    අතේ කරවැලෙකි අනෙකේ දඞුබෑය
    මරණ තුනක් ඇති මිනිසෙක් පැණි කෑය

    මේ කවිය සම්පූර්ණයෙන්ම මට මතක නෑ... කවුරුහරි පුලුවන්නම් නිවැරදි කරන්න.

    වනයේ ඇවිද ගිය මිනිසකු පසුපස කොටියෙක් පන්නන්නට විය. හෙතෙම දිව ගොස් නතර වූයේ ගල් කුලක් මතය. කොටියා ළඟ ළඟම එයි. බේරීමට අන් මගක් නුදුටු හෙතෙම ගල් කුළින් පහළට බැසෙන වැලක් දිගේ පහළට බැස එල්ලෙන්නට විය. ඔහු පසුපස පැන්නූ කොටියා ගිරි කුළ මත සිට ඔහු දෙස බලා හිඳී. පහත බැලූ කල ඔහු දුටුවේ තවත් කොටියෙකු කුරුමානම් අල්ලමින් පහළින් රැක සිටින බවය. මේ අතර සුදු සහ කලු පැහැ මීයන් දෙදෙනෙක්, ඔහු එල්ලී සිටි වැල විකා දමන්නට වූහ.

    වැලේ එල්ලෙමින් සිටි මිනිසා තමා අසල වූ අත්තක පිහිටි මිහිරි පලතුරක් දකින්නේ මේ අතරතුරය. එක අතකින් වැලේ එල්ලී හිඳ අනික් අතින් එම පලතුර නෙලා ගන්නා ඔහු එය අනුභව කරයි.

    "අහා, කෙතරම් මිහිරිද?"
     
    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    තම සෙන් ගුරුවරයා හමු වූ කාන්තාවක් ඔහු කෙරේ තම සිතෙහි පහළ වී ඇති ප්‍රේමණීය හැඟීම් පිළිබඳව දන්වා සිටියාය.

    " කමක් නැහැ. ඔබට අවශ්‍ය තරම් ප්‍රේමණිය හැඟීම් හිතේ තියා ගන්න." ගුරුවරයා කියා සිටියේය. "අපි දෙන්නටම සෑහෙන තරම් හික්මීමක් මගේ හිතේ තියෙනවා."
     
    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    සමුරායි සොල්දාදුවෙක් සෙන් ගුරුවරයකු හමුවට පැමිණියේය.

    "ඇත්තටම දිව්‍ය ලෝක සහ අපායවල් කියල තැන් තියෙනවද?" ඔහු ඇසීය.

    "ඔබ කවුද?" ගුරුවරයා විමසීය.
    "මම සොල්දාදුවෙක්"
    "මොනව? සොල්දාදුවෙක්?" ගුරුවරයා ඔහු දෙස අපහාසාත්මක ලෙස බැලීය. "කාටද නුඹව ආරක්ෂකයෙක් වශයෙන් අවශ්‍ය? නුඹව දැක්කමනම් හිතෙන්නෙ හිඟන්නෙක් කියල"
    කෝපයට පත් සොල්දාදුවා සිය අසිපතට අත යැවීය.
    "හහ්, කඩුවකුත් තියෙනව. අහන්න දෙයක් නැහැ. ඒකෙන් මගෙ බෙල්ල කපන්න බැරි තරමට මොට්ට ඇති"
    තරහ ඉවසාගත නුහුණු සොල්දාදුවා අසිපත එළියට ඇද්දේය.

    "ඔන්න අපායෙ දොරටුව විවෘත වෙනවා." ගුරුවරයා පැවසීය.
    කරුණු අවබෝධ වුණු සොල්දාදුවා ගුරුවරයාට දණ නමා ආචාර කළේය.

    "ඔන්න දිව්‍ය ලෝකයෙ දොරටු විවෘත වෙනවා. ගුරුවරයා පැවසීය.
     
    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    ලිඳේ පණිදාය මුදුනේ ගජිඳාය
    අතේ කරවැලෙකි අනෙකේ දඞුබෑය
    මරණ තුනක් ඇති මිනිසෙක් පැණි කෑය

    මේ කවිය සම්පූර්ණයෙන්ම මට මතක නෑ... කවුරුහරි පුලුවන්නම් නිවැරදි කරන්න.

    මටත් ඔය කතාව මතක් වුණා මේ කතාව කියවනකොට.
     
    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    අසන්නන් ඇඳ බැඳ තබා ගැන්මෙහි දක්ෂයෙකු වූ සුප්‍රකට සෙන් ආචාර්යවරයාගේ දේශනවලට බෞද්ධයන් මෙන්ම අබෞද්ධයන්ද එක් රොක් වීම නිසා එක්තරා පූජකයකුට සිය අනුගාමික පිරිස අහිමි විය. කෝපයට පත් ඔහු සෙන් ආචාර්යවරයාට හොඳ පාඩමක් ඉගැන්වීමට සිතා උන් වහන්සේගේ දේශනයකට ගියේය. දේශනය ඇරඹීමට පෙරාතුව නිසොල්මන්ව සිටි පිරිස මධ්‍යයේ සිට ඔහු මහ හඬින් කෑ ගසන්නට වූයේ ආචාර්යවරයා අපහසුතාවයට ලක් කොට අවමානයට පත් කිරීමටය.

    " මහ ලොකු දේශකයා. ඔහේට කීකරු වෙනව ඇති ඔහේට ගරු කරන මෝඩයො. නමුත් මං එහෙම නැහැ. පුලුවන්නම් මාව කීකරු කර ගන්නව බලන්න."

    "බොහොම හොඳයි." ආචාර්යවරයා පැවසීය. "ඔබට පුලුවන්ද කාටත් පේන්න මේ වේදිකාවට එන්න?"

    පූජකයා ඉමහත් ආඩම්බරයෙන් සෙනග පීරාගෙන වේදිකාවට ගියේය.

    "ම්ම්ම්, ඔබ එන්න මගෙ වම් පැත්තට. මෙතනින් හිට ගන්න." ආචාර්යවරයා පැවසීය. තමා දෙස පුදුමයෙන් බලා සිටින සෙනග දැක තවත් ඉදිමුණු පූජකයා එතුමා පෙන්වූ තැනින් හිට ගත්තේය.

    " නමුත් ඒක හොඳ නැහැ වගෙයි. වඩාත් හොඳයි, ඔබ එන්න මගෙ දකුණු පැත්තට. ඒ විදිහට කතා කරන්න ලේසියි." ආචාර්යවරයා ඉල්ලා සිටියේය. පූජකයා ඉමහත් ආඩම්බරයෙන් අනික් පැත්තට පැමිණ සිට ගත්තේය.

    "බලන්න, ඔබ මට කීකරු වෙනවා." ආචාර්යවරයා කරුණාවෙන් පැවසීය. " ඔබ බොහොම සෞම්‍ය පුද්ගලයෙක් බව පේනවා. දැන් ඉතින් ගිහින් වාඩි වෙලා දේශනයට සවන් දෙන්න."
     
    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    ස්වාමීන්වහන්සේලා දෙනමක් නදියක් අසල සිය පාත්‍ර සෝදමින් සිටියහ. නදියෙහි ගිලෙන්නට යන ගෝනුස්සෙක් දුටු එක් හිමිනමක් ඌව බේරාගෙන ගොඩට දැමූහ. ගොඩට වැටුණු ගෝනුස්සා ඉදිරියට පැන එම හිමිනමට දෂ්ඨ කළේය. නමුත් හිමිනම කිසිත් නුවූවා සේ නැවතත් පාත්‍රය සෝදන්නට වන්හ. ඉවුර මත දඟලමින් සිටි ගෝනුස්සා නැවත වරක් ජලයට වැටිණී. මුල් හිමිනම නැවත වරක් ගෝනුස්සා බේරාගෙන ගොඩට දමද්දී, ගෝනුස්සා නැවත වරක් දෂ්ඨ කළේය.

    "මොකටද බේරන්න ගියෙ?" අනික් හිමිනම විමසූහ. "දෂ්ඨ කරන එක ගෝනුස්සගෙ ස්වභාවය බව දැන දැන?"

    "දන්නව." ගෝනුස්සා බේරාගත් හිමිනම සන්සුන්ව පැවසූහ. "නමුත් බේරා ගන්න එක මගෙ ස්වභාවය."
     
    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    :growl: ප්‍රශ්න ඇසීම තහනම්. :lol:

    සෙන් (zen) කියන්නෙ මහායාන බුද්ධාගමේ අංගයක්. චීනයේ විසූ බෝධිධර්ම නම් භික්ෂූන්වහන්සේ තමයි මෙහි ආරම්භකයා. චීන බසින් චෑන් කියලයි කියන්නෙ. ජපන් බසින් සෙන්.
    මෙහි විශේෂත්වය තමයි අත්දැකීම් ඇසුරින් ධර්මය දැකීමට උපකාරී වීම. සෙන් කියන්නෙ භාවනාවක් වගෙයි කියලත් කියනවා. සරල අත්දැකීම් ඇසුරින් ගැඹුරු දහම් පැහැදිලි කරනවා. (ගැඹුරු එව්ව නොතේරුණත් මේ කතා රස විඳින්න පුලුවන්.) ඔය ඉහත දැක්වූ කතාව කියෙව්වම පේනවා විනය නීති ගැන වුණත් වචනමාත්‍රයෙන් තේරුම් ගන්න තරමට වඩා අවබෝධයෙන් තේරුම් ගන්න එකේ වැදගත්කම. (මං කියන්නෙ විනය නීති ඕනෙ නෑ කියල නෙවෙයි. සමාජයක් පාලනය කරනකොට නීති අවශ්‍යයි. නමුත් අවබෝධය හා නීතිය නිසා සිල්වත් වීම අතර වෙනස පේනවනෙ.)

    ඔඔඔඔඔඔඔ....හරි හරි...ස්තූතියි...:)
     
    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    චාරිත්‍රය

    පුරාණයේ එක්තරා පන්සලක සවස භාවනා කරන වේලාවෙහි පන්සලේ විසූ පූසා එතැනට පැමිණ බාධා කිරීමට පුරුදුව සිටියේය. වරෙක ඤාව්, ඤාවෝ කියමින් මරහඬ දෙන ඌ, වරෙක භාවනා කරන හාමුදුරුවරුන්ගේ කරෙහි නගී. තවත් වරෙක පූජාසනය මත නැග එහි ඇති පහන් පෙරළා දමයි. නැත්නම් සතෙකු දඩයම් කරගෙන අවුත් භාවනා යෝගීන්ගේ උකුළෙහි තබාගෙන කයි.

    මේ කරදරය නිසා සිසුන්ගේ භාවනාව නිසියාකාරව කර ගත නොහැකි විය. එනිසා නායක ස්වාමීන්වහන්සේ භාවනා කරන කාලය තුළ පූසා බැඳ දැමීමට නියම කළ සේක.

    බොහෝ කලකට පසු නායක ස්වාමීන් වහන්සේ අපවත් වූහ. මේ වනවිට වසර ගණනක් ගත වී තිබූ හෙයින් පූසා බැඳ තබන හේතුව කාහටත් අමතක වී තිබුණි. එනමුත් අපවත් වූ ස්වාමීන්වහන්සේ නියම කළ පරිදි භාවනා කරන වේලාවට පූසා බැඳ තැබීම පෙර පරිදිම සිදු විය.

    තවත් කලකට පසුව පූසා මිය ගියේය. එවිට ශිෂ්‍ය පරපුර අලුතින් පන්සලට පූසෙකු ගෙනවිත් ඌව භාවනා කරන වේලාවට බැඳ තැබීමට පටන් ගත්හ.

    සියවස් ගණනකට පසුව එම පන්සලෙන් බිහි වූ උගතුන්, භාවනා කරන වේලාවට පූසෙකු බැඳ තැබීමේ උසස් චාරිත්‍රය පිළිබඳව කෙස් පැලෙන තර්ක ඉදිරිපත් කරමින් ආගමික පතපොත රචනා කළහ.
     
    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    නැවතුම්පොළ

    ප්‍රසිද්ධ සෙන් ආචාර්යවරයෙක් රජුගේ මාළිගයට පැමිණියේ රෑ බෝ වීගෙන එනවිටය. මුර කරුවෝ බාධාවකින් තොරව උන්වහන්සේට ඇතුලු වීමට ඉඩ හැරියහ. රජතුමා වෙත පැමිණි සෙන් ආචාර්යවරයා මෙසේ විමසීය.

    "මට අද මේ නවාතැන්පොළේ රාත්‍රිය ගත කළ හැකිද?"

    "ඔබට නවතින්න ඉඩ දෙන එක ප්‍රශ්නයක් නොවෙයි." රජතුමා පැවසීය. "නමුත් මේක නවාතැන්පොළක් නොවෙයි. මේක මගෙ මාළිගය."

    "ඔබේ මාළිගය?" ආචාර්යවරයා විමසීය. "ඔබට පෙර මේක කාගෙද?"
    "මගේ පියාගෙ. නමුත් ඔහු දැන් ජීවතුන් අතර නැහැ."
    "ඔහුට පෙර මෙය කාගෙද?"
    "මගේ සීයගෙ. ඔහුත් දැන් ජීවතුන් අතර නැහැ."
    "ඒ කියන්නෙ මිනිසුන් ඇවිත්, ටික කලක් ඉඳල යන තැනක්." ආචාර්යවරයා පැවසීය. "ඉතින් ඔබ කියන්නෙ එය නවාතැන්පොළක් නොවෙයි කියලද?"
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,418
    2,135
    113
    Leeds, UK
    අසන්නන් ඇඳ බැඳ තබා ගැන්මෙහි දක්ෂයෙකු වූ සුප්‍රකට සෙන් ආචාර්යවරයාගේ දේශනවලට බෞද්ධයන් මෙන්ම අබෞද්ධයන්ද එක් රොක් වීම නිසා එක්තරා පූජකයකුට සිය අනුගාමික පිරිස අහිමි විය. කෝපයට පත් ඔහු සෙන් ආචාර්යවරයාට හොඳ පාඩමක් ඉගැන්වීමට සිතා උන් වහන්සේගේ දේශනයකට ගියේය. දේශනය ඇරඹීමට පෙරාතුව නිසොල්මන්ව සිටි පිරිස මධ්‍යයේ සිට ඔහු මහ හඬින් කෑ ගසන්නට වූයේ ආචාර්යවරයා අපහසුතාවයට ලක් කොට අවමානයට පත් කිරීමටය.

    " මහ ලොකු දේශකයා. ඔහේට කීකරු වෙනව ඇති ඔහේට ගරු කරන මෝඩයො. නමුත් මං එහෙම නැහැ. පුලුවන්නම් මාව කීකරු කර ගන්නව බලන්න."

    "බොහොම හොඳයි." ආචාර්යවරයා පැවසීය. "ඔබට පුලුවන්ද කාටත් පේන්න මේ වේදිකාවට එන්න?"

    පූජකයා ඉමහත් ආඩම්බරයෙන් සෙනග පීරාගෙන වේදිකාවට ගියේය.

    "ම්ම්ම්, ඔබ එන්න මගෙ වම් පැත්තට. මෙතනින් හිට ගන්න." ආචාර්යවරයා පැවසීය. තමා දෙස පුදුමයෙන් බලා සිටින සෙනග දැක තවත් ඉදිමුණු පූජකයා එතුමා පෙන්වූ තැනින් හිට ගත්තේය.

    " නමුත් ඒක හොඳ නැහැ වගෙයි. වඩාත් හොඳයි, ඔබ එන්න මගෙ දකුණු පැත්තට. ඒ විදිහට කතා කරන්න ලේසියි." ආචාර්යවරයා ඉල්ලා සිටියේය. පූජකයා ඉමහත් ආඩම්බරයෙන් අනික් පැත්තට පැමිණ සිට ගත්තේය.

    "බලන්න, ඔබ මට කීකරු වෙනවා." ආචාර්යවරයා කරුණාවෙන් පැවසීය. " ඔබ බොහොම සෞම්‍ය පුද්ගලයෙක් බව පේනවා. දැන් ඉතින් ගිහින් වාඩි වෙලා දේශනයට සවන් දෙන්න."

    ha haaa ela para meka nam.