පුරාණයේ එක්තරා පන්සලක සවස භාවනා කරන වේලාවෙහි පන්සලේ විසූ පූසා එතැනට පැමිණ බාධා කිරීමට පුරුදුව සිටියේය. වරෙක ඤාව්, ඤාවෝ කියමින් මරහඬ දෙන ඌ, වරෙක භාවනා කරන හාමුදුරුවරුන්ගේ කරෙහි නගී. තවත් වරෙක පූජාසනය මත නැග එහි ඇති පහන් පෙරළා දමයි. නැත්නම් සතෙකු දඩයම් කරගෙන අවුත් භාවනා යෝගීන්ගේ උකුළෙහි තබාගෙන කයි.
මේ කරදරය නිසා සිසුන්ගේ භාවනාව නිසියාකාරව කර ගත නොහැකි විය. එනිසා නායක ස්වාමීන්වහන්සේ භාවනා කරන කාලය තුළ පූසා බැඳ දැමීමට නියම කළ සේක.
බොහෝ කලකට පසු නායක ස්වාමීන් වහන්සේ අපවත් වූහ. මේ වනවිට වසර ගණනක් ගත වී තිබූ හෙයින් පූසා බැඳ තබන හේතුව කාහටත් අමතක වී තිබුණි. එනමුත් අපවත් වූ ස්වාමීන්වහන්සේ නියම කළ පරිදි භාවනා කරන වේලාවට පූසා බැඳ තැබීම පෙර පරිදිම සිදු විය.
තවත් කලකට පසුව පූසා මිය ගියේය. එවිට ශිෂ්‍ය පරපුර අලුතින් පන්සලට පූසෙකු ගෙනවිත් ඌව භාවනා කරන වේලාවට බැඳ තැබීමට පටන් ගත්හ.
සියවස් ගණනකට පසුව එම පන්සලෙන් බිහි වූ උගතුන්, භාවනා කරන වේලාවට පූසෙකු බැඳ තැබීමේ උසස් චාරිත්‍රය පිළිබඳව කෙස් පැලෙන තර්ක ඉදිරිපත් කරමින් ආගමික පතපොත රචනා කළහ.
මේ කතාව නම් මාරයි...
ප්‍රශ්න කිරීමකින් තොරව 'ආගමික පොතේ මෙහෙම ඇත.' 'පරම්පරාවෙන් පැවත ආවේය.' 'ගුරුවරයා කීවේය.' 'අනික් අයත් හැමෝම කරනවාය.' 'ඒ කාලෙ සමාජයෙ එහෙමය.' 'දැනුත් එහෙම කරන අය ඕනෙ තරම් ඉන්නවය.' 'එතුමා කිව්ව සියල්ල හරිය.' වගේ හේතු ඉදිරිපත් කරමින් ගෙනියන චාරිත්‍රවල මුල මෙහෙම තමා. 

මේ කතාවෙන් උත්සාහ කරන්නෙත් සිතන්න පුරුදු කරන්න; කරන දේවල අර්ථය මොකක්ද කියල දැනගෙන කරන්න; පොතපතේ තියෙන දේ ප්‍රශ්න කරල අවබෝධ කරගන්න.![]()
කලකට පසු නිවස බලා එමින් සිටි තරුණයකුගේ ගමන ඇන හිටියේ දෙගොඩ තලා යන සුවිසල් නදිය නිසාය. පාළමක් නැත. ඔරුවක් හෝ පාරුවක්ද නැත. බැස යාමට නොහැකි තරම් දිය ගැඹුරුය. මෙසේ ඈත් මෑත බලමින් කල්පනා කරන ඔහුට එහා ඉවුරේ සිටින ගුරුවරයකු පෙණිනි.
ඔහු උදවු ඉල්ලා ගුරුවරයා ඇමතීය.
"අනේ ගුරුතුමාණෙනි, මට මේ ගඟින් එගොඩට එන්න ක්‍රමයක් කියල දෙන්න."
ගුරුවරයා ගැඹුරු ජලකඳ දෙස බලා තරුණයාට පිළිතුරු දුන්නේය.
"පුතා, ඔබ ඉන්නේ එගොඩ තමයි."

ඔඃ...යමක් කියනකොට පැහැදිලිව කියන් ඕනි.....![]()
එහෙම කිව්වම මට මේ කතාව මතක් වුණා-සෙන් කතාවක්නම් නෙවෙයි.
මුහුදේ තිබී අහුළාගත් බෝතලයේ විසූ භූතයා, තමා බේරා ගත් මිනිසාට කැමති වරයක් ප්රදානය කළේය.
"ලෝකෙන්ම හොඳම ගැහැණිය" මිනිසා ඉල්ලා සිටියේය.
සැණෙකින් භූතයා අතුරුදහන් වී තෙරේසා මවුතුමිය ඔහු ඉදිරියේ පහළ විය.

අපේ රටේ හරකුන් මෙන් මේ කතාව කියවෙන රටෙහි ගොවිතැනට උපකාර කර ගන්නේ අශ්වයන් ය.
එක්තරා මහලු ගොවියෙක් සිටියේය. සීසෑමට ආසන්න දිනයකදී ඔහු සතු එකම අශ්වයා කැලෑවට පැන ගියේය. මේ ආරංචිය ලද ගම් වැසියෝ ඔහු සොයා පැමිණ ශෝකය ප්‍රකාශ කරන්නට වූහ.
"අපිට හරිම කණගාටුයි. හරිම අකරතැබ්බයක් වුණේ, නේද?"
"වෙන්න පුලුවනි." ගොවියා උත්තර දුන්නේය.
දින දෙකතුනකින් කැලෑ අශ්වයන් කිහිපදෙනකු පිරිවරා අශ්වයා නැවත ගෙදර ආවිට කාගේත් ඇස් උඩ ගියේය. නිකම්ම ලැබුණු ලාභය අත් විඳිමින් සිටි ගොවියා වෙත ආ ගම්මු සිය ප්‍රීතිය ප්‍රකාශ කළහ.
"ෂහ්, කොච්චර දෙයක්ද? හරිම වාසනාවක්, නේද?"
"වෙන්න පුලුවනි." ගොවියා පිළිතුරු දුන්නේය.
අලුත ලැබුණු කැලෑ අශ්වයන් හීලෑ කිරීම සඳහා අශ්වයකු පිට නගින්නට ගිය ගොවියාගේ තරුණ පුතු අශ්වයා විසින් වට්ටවනු ලැබ කකුල කඩා ගත් පුවත ගමේ පැතිරිණි. ගම්මු ගොවියා හමු වී ශෝකය ප්‍රකාශ කළහ.
"අනේ, හොඳට හිටි ශක්තිමත් තරුණයා. මාස ගාණකට වැඩක් පළක් කරන්න වෙන්නෙ නෑ. මොන තරම් අවාසනාවත් සිදුවීමක්ද?"
"වෙන්න පුලුවනි." ගොවියා පිළිතුරු දුන්නේය.
පසුවදා ගමට පැමිණි රජයේ නිලදරුවා නිවේදනය කර සිටියේ හදිසියේ අසල්වැසි රටක් සමග යුද්ධයක් ඇවිල ඇති හෙයින්, සියලු තරුණයින් යුද හමුදාවට බැඳීම අනිවාර්ය බවයි. ගම්මු හඬා වැළපෙන්නට වූහ. නමුත් කකුල කැඩී සිටි තරුණයාට සටන් කළ නොහැකි හෙයින් ඔහුව අනිවාර්ය යුද සේවයෙන් මුදා හරින ලදී.
"අනේ, මේ දරුවත්, දෙමවුපියොත් කොයි තරම් වාසනාවන්තද?" ගම්මු ගොවියා දක්වමින් කීහ.
"වෙන්න පුලුවනි." ගොවියා පිළිතුරු දුන්නේය.

ඉතා ප්‍රසන්න පුද්ගලයකු වූ සෙන් ආචාර්යවරයා හමුවට පැමිණි හොරෙක් ඔහු කෙරෙහි පැහැදී තමාව ශිෂ්‍යයකු කර ගන්නා මෙන් ඉල්ලීය.
"නමුත් එකක් කියන්නම්, ආචාර්යතුමනි. මං හොරෙක්. ඒක වෙනස් කරන්නනම් මට කියන්න එපා. මීට කලින් මං ගිය හැම තැනකින්ම මට කිව්ව හොරකම නවත්තන්න කියල. මං ඒ තැන්වලින් හැරිල ආව. මම හොරකම අතාරින්නෙ නෑ. ඒක ගැනනම් කතාවත් කරන්න එපා."
"ආ, ඒකට කමක් නැහැ." ආචාර්යවරයා කියා සිටියේය. "ඔබ කැමතිනම් දිගටම එහෙම කරන්න. මම දන්නෙ නෑ හොරකම් ගැන. මම කියල දෙන්නම් ධර්මය පිළිපදින හැටි. ඔබ මොන දේ කළත් එය සිහියෙන් කරන්න. ගෙයක් බින්දත්, මංකොල්ල කෑවත්, වෙන දෙයක් වුණත් සිහිය පවත්වා ගන්න. ඒ ඇති."
හොරා මින් සතුටට පත් විය. නමුත් සති කිහිපයක් ගත වෙත්ම සොරාට තමන් උගුලකට හසු වී ඇති බව තේරිණි. සොරකම් කරන වෙලාවට සිහිය පවත්වා ගත නොහැක; සිහිය පවත්වා ගන්නා වෙලාවට සොරකම් කළ නොහැක. ආචාර්යවරයා හමුවීමට ගිය ඔහු තමා වැටී ඇති අමාරුව හෙළි කළේය.
"ඔබ බොහොම කපටියි, ආචාර්යතුමනි. මට දැන් හොරකම් කරන්න බැහැ ධර්මයේ හැසිරෙනවනම්. ඊයෙ මම ගියා රජ මාළිගයට. මැණික් පිරවූ මංජුසාවක් මා ඉදිරියේ තිබුණා. නමුත් සිහියෙන් සිටීමට තැත් කරනවිට මට ඒවා පෙනුණේ නිකම්ම නිකම් ගල් වගෙයි. මම මොකටද ඒවා හොරකම් කරන්නෙ? හරිම මෝඩ වැඩක්. නමුත් ඒවා දෙස හොර හිතින් බලනවිට මට ඒවා වස්තුව ලෙස පෙනෙන්නට වුණා. නමුත් සිහිය පවත්වා ගත යුතුයි- එහෙම හිතනකොට ඒවා ආපහු නිකම් ගල් බව වැටහුණා. නැවත හොර සිතින් බලනවිට මායාකාරී වටිනා ලස්සන ගතිය දුටුවා. මම බොහෝ වේලාවක් මාරුවෙන් මාරුවට සිහිය පවත්වාගනිමින්ද, සොර සිතින්ද ඒ ගල් දෙස බැලුවා. අවසානයේ මම සොරකම් නොකර හැරිල ආවා."![]()

"ඔබට හමුවෙන ඕනෑම පුද්ගලයෙකුව, ඔවුන් ඉතාම සරල සහ වැදගැම්මකට නැති අය සේ පෙණුනත්, උතුම් පුද්ගලයකු සේ දකින්න. එසේ දැකිය හැකිනම් අද ඔබ මෙහි ඒමට හේතු වූ ප්රශ්නය කුමක් වුණත්, ඊට විසඳුම ඔබට ලැබෙනු ඇත."