සංඝයාවහන්සේලාගෙ ලේ සෙලවීම ආනන්තරිය පාප කර්මයක් නෙවෙයි.
කොහොම වුණත් මමනම් එල්ලාවල හාමුදුරුවන්ට ගරු කරනවා පුරා විද්‍යාව වෙනුවෙන් කරල තියෙන සේවය ගැන හිතල. කොච්චර සෙල් ලිපි කියවල, උතුරු නැගෙනහිර අපේ උරුමය ගැන හොයල තියෙනවද?
අපි බලාපොරොත්තු වුණු තරම් සේවයක් සිහළ උරුමයෙන් කෙරුණෙ නැති බව ඇත්ත. නමුත් හෙළ උරුමයෙ හා ජවිපෙ සාමාජිකයින් එජාප/ ශ්‍රීලනිප/ද්‍රවිඩ හා මුස්ලිම් පක්ෂ/ කොමියුනිස්ට් සමසමාජ පක්ෂවල මිනිස්සු විතරනම් හොරු නෙවෙයි.
අඩුම ගානෙ, මුල ඉඳලම ත්‍රස්තවාදී ප්‍රශ්නෙට යුදමය විසඳුමක් ඕනෙ කියන මතයෙ හිටියෙ ඔය පක්ෂ දෙක විතරයි.
එහෙම නැතුව යූඑන්පියට ඕනෙ තාලෙට නටන්න හම්බුණානම් මෙලහට අපිට රටක්වත් ඉතිරි නැහැ. මතකනෙ කොටි ළඟ තිබුණු ආයුධ?