මම මහත් සේ රස වින්ද ගීත එකතුවක් තමයි නන්දා මාලිනියන්ගේ පැරැණි ගීත 16. සාර්ථක ගේය පද රචනා, එයට ගැලපෙන තනු හා සංගීත නිර්මාණ සමගින් නන්දා මාලිනියන්ගේ ප්රාණවත් කටහඩ අලුත් තාක්ෂණයෙන් එකතු වෙලා සම්පූර්ණ මෙන්ම අර්ථවත් රසාස්වාදයක් සහෞර්දයන් හට ගෙන එනවා...මම ඔබ සැම දෙනාටම ආරාධනා කර සිටිනවා එම ගීත රස විදින ලෙසට....
ඒ අතරම මගෙන් ගීත ඉල්ලීමක් තියෙනවා. නන්දා මාලිනියන්ගේ "පවන 2" කැසට් පටයේ තිබුන ගීත ඔයාලා කා ගාව හරි තියෙනවා නම් මේ හුයට එකතු කරන්න පුලුවන්ද.... මා ගාව "පවන 1" කැසට් පටයේ ගීත තියෙනවා. සමාවෙන්න ඕනේ.මම දන්නේ "පවන 2" කියලා කැසට් පටයක් තිබුන වග විතරයි. මොනවද ගීත කියලා දන්නේ නැහැ.
මම තව දෙයක් දන්නවා. මේ රටේ කාලයක් තිබුනා එම කැසට් පට ලග තබා ගැනීම තම තරුණ ජීවිතයෙන් වන්දි ගෙවිය යුතු වරදක් වුනු...