පින්වත් මිතුරනි,
බුදු රජාණන් වහන්සේ වදාළ විදිහට නුවණින් විමසන්න නොහැකි වුණොත් වෙන්නේ අප අවුලින් අවුලට පත් වන එක තමයි...
අන්තරාභව, චුති/ප්රතිසන්ධි සිත්, සිතිවිලි පරම්පරා ආදිය පටලවා ගන්නවාට වඩා සුදුසු පටිච්ච සමුප්පාදය බුදුරජාණන් වහන්සේ වදාළ ලෙස තේරුම් ගැනීම නේ...
උදාහරණයක් ලෙස:
1.) අප කීවොත් පව් කරපු කෙනෙක් සුගතියේ උපදින්න බෑ කියා; නැත්නම් සුගතියේ උපදින්නේ අකුසල් නොකළ අය විතරයි කියා. ඒක වැරදි යි.
බුදුරජාණන් වහන්සේ මහාකම්මවිභංග සූත්රයේ විස්තර කරල එය තියෙනවා තථාගතයන් වහන්සේගේ මහාකම්මවිභංගය ලෙස පිළිතුර. එයින් පිට ඒ ගැන අපට නිගමනයකට එන්න බෑ...
ධර්මය තර්කය තුළින් දකින්න බෑ නේ...
2.) භවයෙන් භවයට විඤ්ඤාණය යෑම නම් මහා තණ්හාසංඛය සූත්රයේ ප්රතික්ෂේප කර තියෙනවා නේ. එසේ ප්රතික්ෂේප කිරීමේදී පවා බුදුරජාණන් වහන්සේ භවයෙන් භවයට යන සිත් වැලක් ලෙස සිතන්න කීවේ නෑ... උන්වහන්සේ එතැනදීත් පෙන්වා දුන්නේ විඤ්ඤාණය පටිච්චසමුප්පන්න බවයි...
මේ සූත්ර දෙකම මජ්ඣිම නිකායේ තියෙන්නේ...
තෙරුවන් සරණයි!