[for Buddhist friends] Discussing Dhamma (Buddhism) on Elakiri

ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
මනෝකාය කියන අදහසත් පිළිකෙව් කරලා තියෙනව අර ලිපියෙ. කලකට ඉහත ටෙලි නාට්‍යයකුත් තුබුණනෙ මනෝකාය ගැන.

අපිට නං තියෙන්නෙ රූපකාය තමයි....:D
 
sudunone

Member
May 23, 2009
3,781
121
0
මාර්ගඵල ලැබීම ගැන මොකද හිතන්නෙ? මමනම් හිතන්නෙ තවමත් ඉන්නව මාර්ගඵල ලාභීන්. නමුත් තව පිරිසක් ඉන්නව දැන් මාර්ගඵල ලබන්න බෑ කියල කියන.

භයානකම දේ තමයි, තව පිරිසක් ඉන්නව මාර්ගඵල ලබා දෙන කට්ටිය- සෝවාන් කරවනව සති දෙකෙන්; සහතික දෙනව සෝවාන් කියල. කලකට ඉහත දකුන පැත්තෙ හිටිය කාරෙකක් එහෙම තියාගෙන, පවුල් ජීවිතයක් ගත කරන ගමන් රහත් වුණා කියන කෙනෙක්-මිනිහ අනික් අයටත් මාර්ගඵල ලබා දෙනව. ඔන්න ඔය වගේ විකාර කාරයො.
 
ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
භයානකම දේ තමයි, තව පිරිසක් ඉන්නව මාර්ගඵල ලබා දෙන කට්ටිය- සෝවාන් කරවනව සති දෙකෙන්; සහතික දෙනව සෝවාන් කියල. කලකට ඉහත දකුන පැත්තෙ හිටිය කාරෙකක් එහෙම තියාගෙන, පවුල් ජීවිතයක් ගත කරන ගමන් රහත් වුණා කියන කෙනෙක්-මිනිහ අනික් අයටත් මාර්ගඵල ලබා දෙනව. ඔන්න ඔය වගේ විකාර කාරයො.

:shocked::shocked:

හ්ම්ම්....ඕක කීවම මතක් වුනේ....බුදුහාමුදුරුවන්ගෙ කාලෙත් හිටියනෙ තමන් බුදුවරු කියලා කියාගත්ත අය...
 
sudunone

Member
May 23, 2009
3,781
121
0
එතන කෙලෙස් සහිත වෙන්න ඕනි නේද...printing mistake එකක්...:baffled:

කෙලෙස් භරිත

මහප්‍රාණ බයන්න. හයන්න නෙවෙයි. කෙලෙස් බර කියන අරුත
 
Renesas

Member
Apr 15, 2009
20,009
431
0
Sihina wijithe
ඒ ලිපියෙ තව දුරටත් පැහැදිලි කරනව මේ කෙලෙස් භරිත පෘතග්ජනයන්ට දෙව් ලොව සිත පිහිටෙව්ව කියල එහෙ උපදින්න බෑ කියලත්. කලකට ඉහත අපි මේ ගැන කතා කළා. ඒක මට එතකොට පැහැදිලිව තිබුණෙ නෑ.

nuwanin wimasanna puluwan ayata mona tharam hithe keles thibbath ihalama brakma loka wala hitan upadinna puluwan dananjani bamunata wage
 
sudunone

Member
May 23, 2009
3,781
121
0
:shocked::shocked:

හ්ම්ම්....ඕක කීවම මතක් වුනේ....බුදුහාමුදුරුවන්ගෙ කාලෙත් හිටියනෙ තමන් බුදුවරු කියලා කියාගත්ත අය...

:yes: සර්වඥ කියල හිතා ගත්තු අය එදත් හිටියා, අදත් ඉන්නවා. මේවට රැවටෙන් අය එදත් හිටියා, අදත් ඉන්නවා.
 
ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
කෙලෙස් භරිත

මහප්‍රාණ බයන්න. හයන්න නෙවෙයි. කෙලෙස් බර කියන අරුත

ඕ!!!...එහෙනං හරිනෙ...අර්ථය පැහැදිලියි...කෙලෙස් තියන අය ඉහල ලෝක වල උපදින්න තියන ඉඩකඩ අඩුයි නෙ...
 
sudunone

Member
May 23, 2009
3,781
121
0
nuwanin wimasanna puluwan ayata mona tharam hithe keles thibbath ihalama brakma loka wala hitan upadinna puluwan dananjani bamunata wage

:confused:

නුවණින් විමසනකොට උසස් උපතක් ලැබීම සඳහා සුදුසු කර්ම රැස් වෙලා නෙවෙයිද? මොකද, ඒ සඳහා සමාධියක්, ධ්‍යාන වැඩීමක් අවශ්‍යයිනෙ. සතුන් මරන, හොරකම් කරන, බොරු කියන කෙනෙකුට එහෙම කරන්න බෑ නේද? කලින් එහෙම අකුසල් කරලා තිබුණත්, ඒ පවු වැඩ අතෑරල හොඳ වෙන්න ඕනෙ නැද්ද?
 
ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
:confused:

නුවණින් විමසනකොට උසස් උපතක් ලැබීම සඳහා සුදුසු කර්ම රැස් වෙලා නෙවෙයිද? මොකද, ඒ සඳහා සමාධියක්, ධ්‍යාන වැඩීමක් අවශ්‍යයිනෙ. සතුන් මරන, හොරකම් කරන, බොරු කියන කෙනෙකුට එහෙම කරන්න බෑ නේද? කලින් එහෙම අකුසල් කරලා තිබුණත්, ඒ පවු වැඩ අතෑරල හොඳ වෙන්න ඕනෙ නැද්ද?

නෑ...නුවණින් විමසුවා කියලා උසස් උපතක් ලැබෙන් නෑ...පුනර්භවය කර්මය මත තීරණය වෙන්නෙ...උසස් උපතකට කුසල කර්ම අවශ්‍ය වෙනවා...
 
sudunone

Member
May 23, 2009
3,781
121
0
karmanurupiwa karmayanta gela pena sharirayak ha karma patha wipaka denna sudusu isthanayaka upadinna yam yam kala sima gath wenawa

ඔයා කියන්නෙ අන්තරාභවයක් තියෙනව කියලද?
 
Renesas

Member
Apr 15, 2009
20,009
431
0
Sihina wijithe
:confused:

නුවණින් විමසනකොට උසස් උපතක් ලැබීම සඳහා සුදුසු කර්ම රැස් වෙලා නෙවෙයිද? මොකද, ඒ සඳහා සමාධියක්, ධ්‍යාන වැඩීමක් අවශ්‍යයිනෙ. සතුන් මරන, හොරකම් කරන, බොරු කියන කෙනෙකුට එහෙම කරන්න බෑ නේද? කලින් එහෙම අකුසල් කරලා තිබුණත්, ඒ පවු වැඩ අතෑරල හොඳ වෙන්න ඕනෙ නැද්ද?

ekedi mehemai me bawayedi pas pau adiya karala thibba ta pera bawayan waladi samatha adi samadi bawana piliku sancha purudu karala thiyana kenekuta nuwanain wimasala keles yatapath karala samadi upadawanna puluwan
 
ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
ekedi mehemai me bawayedi pas pau adiya karala thibba ta pera bawayan waladi samatha adi samadi bawana piliku sancha purudu karala thiyana kenekuta nuwanain wimasala keles yatapath karala samadi upadawanna puluwan

හැබැයි ඔයා කියන විදියට පෙර භවයන් වල කරන කරපු පිං වල කර්ම විපාක බලාපොරොත්තුවෙන් ඉන්න එකනං භයානකයි...:oo:

පෙර භවයේ කොහොම හිටියද කවුද දන්නෙ...
 
sudunone

Member
May 23, 2009
3,781
121
0
karmanurupiwa karmayanta gela pena sharirayak ha karma patha wipaka denna sudusu isthanayaka upadinna yam yam kala sima gath wenawa

මට මේ කරුණ පැහැදිලි නෑ.

මං හිතුවෙ මේ භවයෙන් චුත වෙනකොට ඊළඟ භවයෙ උපත ලබන සිරුර හා සම්බන්ධ ප්‍රතිසන්ධි සිත ඇති වෙනවා කියල-මේ සිතුලිලි පරම්පරාව නොකැඩි.

ඔයා කියල තියෙන විදිහට ගැළපෙන් තැනක් හම්බෙන්න ටිකක් කල් යන්නත් පුලුවන් වගෙයි. එහෙම ටිකක් කල් යනවනම් තමයි ඔය කට්ටිය තියෙනවාය කියන අන්තරාභවය ඇති වෙන්නෙ.
 
sudunone

Member
May 23, 2009
3,781
121
0
ekedi mehemai me bawayedi pas pau adiya karala thibba ta pera bawayan waladi samatha adi samadi bawana piliku sancha purudu karala thiyana kenekuta nuwanain wimasala keles yatapath karala samadi upadawanna puluwan

භාවනා කරල සමාධියක් උපදවගන්නකොට, ධ්‍යානයක් ලබා ගන්නකොට, අර කලින් කළ අකුසල් යටපත් වෙන බලගතු කර්මයක් රැස් වෙලානෙ නේද?
 
ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
ඔව්, බෝධි සත්ත්වයන්ට පුලුවන් කම තිබුණනෙ ගැළපෙන තැනක උපදින්න.

බුදුහාමුදුරුවෝ ඉපදීමට පෙර කාලය, දීපය, දේශය, කුලය, මව කියන පස්මහ බැලුම් බැලුවානෙ....:yes::yes:
 
ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
භාවනා කරල සමාධියක් උපදවගන්නකොට, ධ්‍යානයක් ලබා ගන්නකොට, අර කලින් කළ අකුසල් යටපත් වෙන බලගතු කර්මයක් රැස් වෙලානෙ නේද?

සමාධිය හෝ මාර්ගඵල ලැබූ පමණින් කලින් තිබූ අකුසල කර්ම අහෝසි වෙනවමයි කියන්න බෑ...මාර්ගඵල ලබපු චක්කුපාල රහතන් වහන්සේ රහත් වීමත් සමගම ඇස් අන්ධ වීමත් එකවර සිද්ධ වුනේ...

http://www.elakiri.com/forum/showthread.php?t=286044
මෙතන කතාව තියනවා...