ෆෙඩි්රකාගේ පටි රෝල්.! සන්ඬේ ලීඩර් පීචං.!! මීලඟ කුමන්ත්‍රණය මෙන්න.!!!
(ලංකා ඊ නිව්ස් -2009.දෙසැ.25, ප.ව.7.30) ආණ්ඩුව සමග ‘ද සන්ඬේ ලීඩර්’ කතුවරිය එක්ව කළ මීලඟ කුමන්ත්රණයේ තොරතුරු ‘ලංකා ඊ නිව්ස්’ වෙත වාර්තා වී තිබේ. කතුවරිය අමතා මෙම කුමන්ත්‍රණ කටයුත්ත බාරදී ඇත්තේ ආරක්ෂක අමාත්‍යාංශයේ ඉහල නිලයක් දරණ අයෙකි. එනම් ලබන සති අන්තයේ(27) එම පුවත්පතේ පළ කිරීම සඳහා මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සමග සම්මුඛ සාකච්ඡුාවක් ලබා ගන්නා ලෙසත් එය ජෙනරාල් සරත් ෆොන්සේකා කපා දමන ආකාරයේ එකක් විය යුතු බවටත් ඔහු ඇයට උපදෙස් දී ඇත.
එ් අනුව පසුගිය 22 වන දා හමුදා මූලස්ථානය වෙත ගිය ඇය ඉහල නිලධාරියාගේ උපදෙස් මත ශවේන්ද්‍ර සිල්වා මහතා හමුවී සම්මුඛ සාකච්ඡුාව කර ඇත. පසුව ‘සන්ඬේ ලීඩර්’ පුවත් පතේ සම්ප්‍රදායයන්ට පිට යමින් සහ කිසිදු කතුවරයෙකු හෝ කතුවරියක නොකරන ආකාරයෙන් තමන් විසින් ලියන ලද ලිපියේ හරි වැරදි ලකුණු කිරීම පිණිස යළි මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා වෙත එම ලිපිය යවා ඇත.
එසේ යැවූ ලිපියේ පිටපතක් අප මෙහි පළ කරමු.
ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්ෂ මහතා ජයග්‍රහණය කරවීම පිණිස ආණ්ඩුව සහ ලීඩර් කතුවරිය අතර පවතින සම්බන්ධය ආරක්ෂක ආමාත්‍යාංශයේ වුවමනාව මත කළ මෙම සම්මුඛ සාකච්ඡුාවෙන් මෙන්ම එහි හරි වැරදි බැලීම සඳහා දළ පිටපත මේජර් ජෙනරාල් වරයා වෙත යැවීමෙන්ද පැහැදිලිය.
කර්තෘ සම්ප්රදායයන් උල්ලංඝණය කරමින් ෆෙඩි‍්‍රකා කළ මෙම ක්‍රියාව ගැන ලීඩර් කර්තෘ මණ්ඩලයේ බෙහෝ දෙනෙකුගේ දැඩි විරෝධය ඇය වෙත එල්ල වී ඇත.
පහත දැක්වෙන්නේ ලබන 27 ඉරිදා ‘ද සන්ඬේ ලීඩර්’ පුවත් පතේ පළ වීමට නියමිත එම සම්මුඛ සාකච්ඡුාවේ දළ පිටපතයි.
More :-
http://www.lankaenews.com/Sinhala/news.php?id=11667