Thawath Hora Wadak

lkdood

Member
Apr 7, 2008
56,856
1,798
0
Washington, D.C. / London, U.K.
309ixx3.png
 
urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,038
    3,489
    113
    Inside Your Laptop ;)
    ෆෙඩි‍්‍රකාගේ පටි රෝල්.! සන්ඬේ ලීඩර් පීචං.!! මීලඟ කුමන්ත‍්‍රණය මෙන්න.!!!

    (ලංකා ඊ නිව්ස් -2009.දෙසැ.25, ප.ව.7.30) ආණ්ඩුව සමග ‘ද සන්ඬේ ලීඩර්’ කතුවරිය එක්ව කළ මීලඟ කුමන්ත‍්‍රණයේ තොරතුරු ‘ලංකා ඊ නිව්ස්’ වෙත වාර්තා වී තිබේ. කතුවරිය අමතා මෙම කුමන්ත‍්‍රණ කටයුත්ත බාරදී ඇත්තේ ආරක්‍ෂක අමාත්‍යාංශයේ ඉහල නිලයක් දරණ අයෙකි. එනම් ලබන සති අන්තයේ(27) එම පුවත්පතේ පළ කිරීම සඳහා මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සමග සම්මුඛ සාකච්ඡුාවක් ලබා ගන්නා ලෙසත් එය ජෙනරාල් සරත් ෆොන්සේකා කපා දමන ආකාරයේ එකක් විය යුතු බවටත් ඔහු ඇයට උපදෙස් දී ඇත.

    එ් අනුව පසුගිය 22 වන දා හමුදා මූලස්ථානය වෙත ගිය ඇය ඉහල නිලධාරියාගේ උපදෙස් මත ශවේන්ද්‍ර සිල්වා මහතා හමුවී සම්මුඛ සාකච්ඡුාව කර ඇත. පසුව ‘සන්ඬේ ලීඩර්’ පුවත් පතේ සම්ප‍්‍රදායයන්ට පිට යමින් සහ කිසිදු කතුවරයෙකු හෝ කතුවරියක නොකරන ආකාරයෙන් තමන් විසින් ලියන ලද ලිපියේ හරි වැරදි ලකුණු කිරීම පිණිස යළි මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා වෙත එම ලිපිය යවා ඇත.

    එසේ යැවූ ලිපියේ පිටපතක් අප මෙහි පළ කරමු.

    ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්ෂ මහතා ජයග‍්‍රහණය කරවීම පිණිස ආණ්ඩුව සහ ලීඩර් කතුවරිය අතර පවතින සම්බන්ධය ආරක්‍ෂක ආමාත්‍යාංශයේ වුවමනාව මත කළ මෙම සම්මුඛ සාකච්ඡුාවෙන් මෙන්ම එහි හරි වැරදි බැලීම සඳහා දළ පිටපත මේජර් ජෙනරාල් වරයා වෙත යැවීමෙන්ද පැහැදිලිය.

    කර්තෘ සම්ප‍්‍රදායයන් උල්ලංඝණය කරමින් ෆෙඩි‍්‍රකා කළ මෙම ක‍්‍රියාව ගැන ලීඩර් කර්තෘ මණ්ඩලයේ බෙහෝ දෙනෙකුගේ දැඩි විරෝධය ඇය වෙත එල්ල වී ඇත.

    පහත දැක්වෙන්නේ ලබන 27 ඉරිදා ‘ද සන්ඬේ ලීඩර්’ පුවත් පතේ පළ වීමට නියමිත එම සම්මුඛ සාකච්ඡුාවේ දළ පිටපතයි.

    More :- http://www.lankaenews.com/Sinhala/news.php?id=11667
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,038
    3,489
    113
    Inside Your Laptop ;)
    ආණ්ඩුව ජෙනරාල්ගේ හඬට සමාන ව්‍යාජ හඬ පටයක් සකසමින් ඉන්නවා -අනුර දිසානායක

    (ලංකා ඊ නිව්ස් -2009.දෙසැ.25, ප.ව.8.20) ජෙනරාල් සරත් ෆොන්සේකා සන්ඬේ ලීඩර් පුවත් පතේ කතුවරියට පසුගිය 13 වෙනිදා කළැයි කියන ප‍්‍රකාශය යැයි කියමින් ව්‍යාජ හඬ පටයක් මාධ්‍ය වෙත නිකුත් කිරීමට ආණ්ඩුවේ ඉහල තැනක් මේ වන විට කටයුතු කරමින් සිටින බව ජවිපෙ පාර්ලිමේන්තු මන්ත‍්‍රී අනුර දිසානායක මහතා ‘ලංකා ඊ නිව්ස්’ හා පැවසීය.

    තමන් කළ ප‍්‍රකාශය විකෘති කර පළ කර ඇතැයිද එය නිවැරදි කරමින් ජෙනරාල් වරයා පසුදාම ප‍්‍රකාශයක් කළද ආණ්ඩුව පුන පුනා එයම පවසන බැවින් විපක්‍ෂය විසින් ලීඩර් කතුවරියගෙන් එහි හඬ පටයක් තිබේ නම් හෙළි කරන ලෙස සති දෙකක් පුරා අභියෝග කළ ද ඇය නිහඬව සිටියා ය. විපක්‍ෂයේ අභියෝගය බලවත් වීම නිසා මෙවැනි ව්‍යාජ හඬ පටයක් සකස් කරමින් සිටින බවත් ව්‍යාජ ලෙස සැකසිය හැක්කේ කුඩා කොටසක් පමණක් නිසාත් හැකිනම් සම්පූර්ණ ප‍්‍රකාශයම ඇතුලත් හඬ පටය ඉදිරිපත් කරන්නැයි අභියෝග කරන බවද දිසානායක මහතා වැඩිදුරටත් පැවසීය.

    More :- http://www.lankaenews.com/Sinhala/news.php?id=11669
     
    :shocked: