වැද්දන්ගෙන් වත් යමක් උගනිමු

වැද්දන්ගෙන් වත් යමක් උගනිමු

වැස්සකට වත් පාසලකට නොගිය වර්‍තමාන වැදි නායකයා දක්වන සමහර අදහස් තුළ ඇති විශ්වකාලීන ස්වභාවය බලන්න.අද උපාධි ගනනක් ඇති විශ්ව ගම්මානයේ දියුනුයැයි හිතන මිනිසාට බොහෝ දේ සිතන්නට ඉඩ ඉතිරිකල කතාවක්.
(උපුටා ගැනීම-පෙරඹර)
‘‘ දියුණුව කියන වචෙන ඇහෙනකොටත් මට හරි පිළිකුලක් තරහක් දැනෙනවා. මොකද අපේ පරම්පරාවල් නැති කරපු හතුරා තමයි දියුණුව කියන්නෙ. අහක හිටපු අපිට කිසිම ගැලවීමක් තිබුණේ නැහැ. දියුණුවේ විපාක ඔක්කොම විඳින්න වුණේ අපිට. නිදහසේ ඉපදිලා නිදහසේ මැරිච්ච අපට ජීවත් වෙන්න තව කෙනෙකුට අත පාන්න සිදුවුණා.’’ ආදීවාසීන්ගේ නායකයා වන ඌරු වරිගයේ වන්නිල ඇත්තෝ පවසන්නේ ආවේගශීලීවය. සිය වරිගයාගේ පිරිහීම සිදු වන්නේ දියුණුවේ ආරම්භයත් සමඟ බව ඔහු පෙන්වා දෙයි.
‘‘මේ මහ විනාසයෙන් මිනිස්සුන්ගේ ඔලූව නරක් වෙන්න කළින් අවුරුද්දෙ වැසි වහින කාලයක් තිබුණා. පායන කාළයක් තිබුණා. සුළඟ හමන කාළයක් තිබුණා. අපට හද දිහා බලලා හෙට වෙන්නෙ මොකක්ද කියලා කියන්න පුළුවන්. අද වෙන්නෙ ඒකෙ අනිත් පැත්ත. ඉස්සරහට වෙන්නෙ මොකක්ද කියලා හිතාගන්න අමාරුයි.’’ ඌරු වරිගයේ වන්නිල ඇත්තෝ පවසති.
පේරාදෙණිය විශ්ව විද්‍යාලය විසින් සංවිධානය කළ ලෝක දේශගුණික විපර්යාසය පිළිබඳ මහ ජනයා දැනුවත් කිරීමේ වැඩමුළුවේ ප‍්‍රධාන ආරාධිත දේශනය පැවැත් වූයේ ඌරුවරිගයේ වන්නිල ඇත්තෝ විසිනි. එහිදී ඔහු විසින් පරිසරය රැක ගැනීමේ වැදගත්කම මෙලෙස පෙන්වා දුන්නේය.
‘‘ ඉච්චර කාල මැව්වේ මේ ඇත්තන්ටයි හිත්ලාන කැවිල්ලාන එකමයි. සතුටු තැනැයි ආරක්ෂා පොජ්ජයි නිකමෙම්ම මන්ද වුණා’’
‘‘ ඉස්සර අපට කෑම බීමයි සතුටයි ආරක්ෂාවයි ඉබේම වගේ ලැබුණා. අද ඒවා ලබා ගන්න කොච්චර මහන්සි වෙන්න ඕනද..
තමන් පරිසරය රැුකගැනීම හේතුවෙන් අතීතයේදී සිය වරිගයාට කෑමේන් බීමෙන් හිඟයක් නොවූ බව වන්නිල ඇත්තෝ පැවසුවේය. ඔහු පවසන පරිදි අතීතයේදී සීමා කරගත් බිම් කඩක ඔවුන් විසින් සියලු කටයුතු සිදු කර ඇත.
‘‘ හේං පොජ්ජක් පට අරින්නෙ මැද තැනේ රඳාලා. ගල් පොජ්ජක් මන්ෙදා කරන තැනමක. හේං පොජ්ජට ලොකුතැනේ රුකං පොජ්ජවල් තිබෙන කැලෑ පොජ්ජ පටඅරින්න කොදොයි.’’
හේනක් වගා කිරීමට ගලක් විසි කළ හැකි ප‍්‍රමාණයක දුරක බිම් කඩක් තොරා ගැනිමට ආදීවාසීන් කටයුතු කළේ පරිසර රැකගැනීමේ අරමුණෙනි. නායකයා පවසන ආකාරයට කඳු මුදුන් කඳු බෑවුම් උල්පත් හෝ ජල මාර්ග උසල හෝ තද බෑවුම් බුරුල් වැලි සහිත බිම් හේන් සඳහා තෝරා නොගත යුතුය. අනෙක් අතට එක යායට හේන් තැනීමද සිදු නොකෙරේ. හේන් දෙකක් අතර හූවක දුරක් පවත්වාගනී. මේ සියල්ලම සිදු කෙරෙන්නේ පරිසරය රැුකගැනීමේ අරමුණෙන් බව වන්නිල ඇත්තෝ පවසති.
ආදිවාසීන්ගේ දඩයම් පිළිවෙතද පරිසර හිතකාමීය.‘‘ දඩයම් පොජ්ජක් සිරිත් පොජ්ජ කොදෝවෙං මන්ෙදා කරපු එකමක් කොෙදායි. කැකුලෙක් බඩපොජ්ජේ රදන එකමෙක් අත්පොජ්ජවල් පට පොජ්ජ වල් පටෑරිච්ච එකමෙක් මියඹට දමන්නත් කොදොයි.’’
‘‘දඩයම් කිරීමත් සිරිතක් නැතුව කරන කටයුත්තක් නොවෙයි. පැටියෙක් ගැබ්බර දෙනක් අබ්බගාත සතෙක් මරන්නෙ නැහැ. වල් කන දිය බොන රැුලේ යන සෙල්ලම් කරන වෙලාවකදී සතෙක් මරන්නෙ නැහැ. වැඩුණු පිරිමි සතෙක් මැරී තමයි ඟොදම කාරීය.’’ වන්නිල ඇත්තෝ ප‍්‍රකාශ කලේය. ඔවුන් සතුන් දඩයම් කොට ජීවත් වුවද ඒ සඳහා පැහැදිලි පිළිවෙතක් වූ බව මින් පසක් කෙරේ.
‘‘කැලේ තියෙන කිසිම දෙයක් අපිට අයිති නැහැ. හිතුමතේ කැලේ තියෙන දෙයක් පරිහරණය කළොත් යක්කුත් පරිසරයත් අමනාප වෙනවා. අපට කිසිම දෙයක් දෙන්නෙත් නැහැ. ලෙඩ රෝග ඇති කරවනවා. කැලේ සතුන් ලවා කරදර කරවනවා. සමහර වෙලාවට අපව මරා දානවා.’’ වන්නිල ඇත්තෝ එසේ පවසති.
වඩාත් අපූරු කතාව වනුයේ වන්නිල ඇත්තෝ නවීන ලෝකය දකින ආකාරයයි.
‘‘ අපේ පරම්පරාවේ විතරක් නොවෙයි. ඉස්සර මේරටේ හිටපු ඔක්කොම මිනිස්සු අපේ වගේම සිරිත් විරිත් තිබිච්ච මිනිස්සු කියල මං අහලා තියෙනවා. පරම්පරා ගානක් ගියත් මේ ලෝකේ වෙනස් වුණේ නැත්තෙ එ් නිසා කියළා මම අහලා තියෙනවා. පස්සෙ කාලේ ඉපදුණ මිනිස්සුන්ගේ ඔලූව නරක් වුණා.’’
‘‘ මහ පොළවට වැට කඩොලූ බැඳලා සීමාවල් හදාගත්තා. සිරිත් විරිත් ඇදහිලි අතහැර දැම්මා. ඉවක් බවක් නැතුව එක යායට අක්කර සිය දහස් ගානක ගස් කපා දැම්මා.එක දවසට සත්තු දාස් ගාණක් මරා දැම්මා. ඔය කෙරුවාවට මිනිස්සු කීවේ දියුණුව කියලයි’’
‘‘ ඉස්සර ඉර හද ගහ කොළ සතා සීපාවා දැක්කාම ඇතිවුණේ පුදුම සතුටක් යාළුකමක්. හරියට නෑදෑයෝ වගේ. ඇෙඟ්ම කොටසක් වගේ.’’ ඒත් මේ වන විට සියල්ල වෙනස් වී ඇතැයි වැදි රැහේ නායකයා පෙන්වා දෙයි. තමන් සැනසිල්ලේ ජීවත් වූ සොබා දහම විනාශ වූයේ මිනිසාගේ නොහික්මුණු ක‍්‍රියාකලාපය හේතුවෙන් බව ආදීවාසී නායකයාගේ මතයයි.
‘‘ මේ ඇත්තෝ මේ රඳන කාල මැච්චෙම ලෝක පොජ්ජ දෙක මත රඳෙව්වා. මේ ඇත්තන්නේ ආත්තිල ඇත්තො මුත්තිල ඇත්තො මියඹට දමව්වේ මන්ෙදා විච්ච ලෝක පොජ්ජෙම තමයි’’
‘‘ මගේ ජීවිත කාලේ ඇතුළත මම ලෝක දෙකක ජීවත් වුණා. ඒ වුණාට අපේ අත්තල මුත්තල මිය ගියේ උපන් ලෝකයේම තමයි.’’ආදීවාසීන්ගේ නායකයා මෙලෙස පවසන්නේ ලෝකය වෙනස් වූ අකාරය සිය වරිගයේ ඇත්තන්ගේ ජීවිත රටාව උඩු යටිකුරු කිරීමට එ් වෙනස සමත් වූ නිසාය.

‘‘ මම මහ කැලේ ඉපදුණ නිකම්ම නිකං වැද්දෙක්. මම කියන දේවල් ලෝකේ මිනිස්සු පිළිගන්නේ නෑ කියලා මම දන්නවා. ඒත් ඇත්ත නොකියා බැහැ. දැන් ගහ කොල ඉවරයි. සතා සීපාවා ඉවරයි. දැන් ඉන්නේ මිනිස්සු. දැන් මිනිස්සුත් ඉවර වෙන්නයි. මුහුද ගොඩගලනවා. නම්වත් දන්නෙ නැති ලෙඩ වල් හැදෙනවා. ලෝකෙට කරපු විනාසේ හැටියට මෙහෙම නොවෙනවා නම් තමයි පුදුමේ.’’ ලෝකය විනාශ වීම වලක්වා ගැනීමට ඉතා ඉක්මන් පියවර ගත යුතුව ඇතැයි වන්නිලා ඇත්තෝ පවසති. එ් සඳහා බාල පරම්පරාව යොමු කිරීමේ කාලය එළඹ ඇතැයි ඔහු පවසති.
‘‘ තමන්ගේ උපන් දිනය මතක් වෙන්න අවුරුද්දෙන් අවුරුද්ද හරි දිනය මතක් වෙන්න හරි මේ මහ පොළවේ කොතනක හරි පුංචි අත් වලින් පැළයක් ඇටයක් හිටවන්න. ගහ කොළ වලට යාළුවෙකුට වගේ සලකන්න. ඉරට හ`දට මහ පොළවට හුළඟට වතුරට ගරු කරන්න. පුංච් එවුන් අමාරුවෙන් හරි මේ ලෝකේ හදා ගනියි. ඒ පැටවුන්ට මගේ පුංචි කාලේ ලෝකය ලැබෙනවා නම් මොන තරම් සැනසීමක්ද..’’
‘‘ හැමෝටම සියලු යකුන් දෙවියන්ගේ පිහිටයි.’’ .
 
malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    අපේ මිනිස්සු මෙවා දන්නවා....ඒත් මෙවා ඔනකමින්ම අමතක කරල දාලා තම්න්ගේ වාසියට.... වැදගත් ත්‍රෙඩ් එකක් නංගි..... ස්තුතියි අපිත් එක්ක බෙදාගත්තට.... :):)
     
    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    නිදහසේ හුස්මක් අරන් ජීවත් වෙන්න තියෙනවානම් ඊටත් වඩා සැපක් තියෙනවද ?

    පොතේ දැනුමට පමණක් උගත් කම් තියෙන සියල්ලදත්ලට වඩා පරිසරයත් එක්කම ගැටෙන මේ නායකයගේ වචන මොනතරම් අවාජ්‍යද ?

    පරිසරයත් එක්කම ගැටී ජීවත් උනු මේ වගේ මිනිස්සුන්ගේ හිත් ගැනත් කියවන්න යමක් ඉතුරු කරලා තියෙනවා......

    මේ මිනිස්සු පරිසරයට මොනතරම් ආදරය කරනවද ?

    මම හිතන්නේ මේ තරම්ම ආදර්ශවත් කථාවක් පවත්වන්න ඔය මහ ලොකුයි කියන රට රටවල මහ උපාදි ගත්ත අපේ සලෝලයිට් කටවල්වලටවත් බැරුව ඇති

    ස්තුතියි ඔබට මෙවැනි දෙයක් කියවන්නට සැලැස්සුවට
     
    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    මිනිසාට ස්වභාවධර්මය හා තරඟකොට ජයග්‍රහණය කළ නොහැක..
    යමෙකු හෝ කණ්ඩායමක් එසේ සොබාදහම පරයා නැගෙන්නට සිතනවානම් ඔවුන්ගේ විනාශය එතැනය\\
    ස්තූතියි ශම්මී
     
    :)වැදි නායකයා මේක කියල තියෙන්නෙ විශ්ව විද්‍යාලයේදී ආරාධිත මුල් දේශනය විදිහට.මේ පරිණත මිනිසාගෙ ආත්ම ශක්තිය කොතරම්ද?ටයි කෝර්ට් දාපු කලු සුද්දෝ ඉස්සරහා තම නිර්ව්‍යාජ මතය නොබියව කියන්න තරම්.
     
    අපේ මිනිස්සු මෙවා දන්නවා....ඒත් මෙවා ඔනකමින්ම අමතක කරල දාලා තම්න්ගේ වාසියට.... වැදගත් ත්‍රෙඩ් එකක් නංගි..... ස්තුතියි අපිත් එක්ක බෙදාගත්තට.... :):)
    :)මිනිස්සු කොහොමත් හදවත අමතක කරලා ගොඩක් කල්.:(
     
    The_CN

    Member
    May 2, 2009
    1,614
    7
    0
    34
    Anuradapura
    අපේ මිනිස්සු මෙවා දන්නවා....ඒත් මෙවා ඔනකමින්ම අමතක කරල දාලා තම්න්ගේ වාසියට.... වැදගත් ත්‍රෙඩ් එකක් නංගි..... ස්තුතියි අපිත් එක්ක බෙදාගත්තට.... :):)

    100 % ඇත්ත :yes::yes::yes::yes::yes:
     
    මිනිසාට ස්වභාවධර්මය හා තරඟකොට ජයග්‍රහණය කළ නොහැක..
    යමෙකු හෝ කණ්ඩායමක් එසේ සොබාදහම පරයා නැගෙන්නට සිතනවානම් ඔවුන්ගේ විනාශය එතැනය\\
    ස්තූතියි ශම්මී
    සහතික ඇත්ත.:)
     
    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    :)වැදි නායකයා මේක කියල තියෙන්නෙ විශ්ව විද්‍යාලයේදී ආරාධිත මුල් දේශනය විදිහට.මේ පරිණත මිනිසාගෙ ආත්ම ශක්තිය කොතරම්ද?ටයි කෝර්ට් දාපු කලු සුද්දෝ ඉස්සරහා තම නිර්ව්‍යාජ මතය නොබියව කියන්න තරම්.

    ඒකම තමා මාත් මේ හිතන්නේ.
    කීප සැරයක් කියෙව්වත් කියවන්න ආස හිතෙනවා. මොකද බොරුව කියන දේ එක වචනයක් අතුලෙවත් රිංගලා නෑ..

    ඔක්කොටම වඩා
    ආරාධිත මුල් දේශකයා වශයෙන් ආරාධනා කල අයට ස්තූතිවන්ත වෙන්න ඕනේ. නැත්තම් කවදාවත් මෙවැනි කතාවක් අහන්නවත් ලැබෙන්නේ නෑනෙ
     
    thilina1024

    Well-known member
  • May 10, 2009
    1,015
    53
    48
    Colombo, Sri Lanka
    වැද්දොත් මිනිස්සුද?. උන් මොනවද දන්නේ?. සතෙක් මරන් කන්නයි, ගිනි වටේ නටන්නයි විතරයි උන්ට පුලුවන්. අපි ගොඩක් දියුණු වෙලා තියෙන්නේ. අපිට මොකවත් වෙන්නේ නෑ. අපි නවීන තාක්ෂනයත් එක්ක ජීවත් වෙන මිනිස්සු. ඔය කොළ, පට්ට අදින එවුන්ගෙන් අපිට මොන උපදෙස්ද.
     
    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    වැද්දොත් මිනිස්සුද?. උන් මොනවද දන්නේ?. සතෙක් මරන් කන්නයි, ගිනි වටේ නටන්නයි විතරයි උන්ට පුලුවන්. අපි ගොඩක් දියුණු වෙලා තියෙන්නේ. අපිට මොකවත් වෙන්නේ නෑ. අපි නවීන තාක්ෂනයත් එක්ක ජීවත් වෙන මිනිස්සු. ඔය කොළ, පට්ට අදින එවුන්ගෙන් අපිට මොන උපදෙස්ද.

    හොද ටොක්කක්
    නියමයි මල්ලි
    :yes:
     
    වැද්දොත් මිනිස්සුද?. උන් මොනවද දන්නේ?. සතෙක් මරන් කන්නයි, ගිනි වටේ නටන්නයි විතරයි උන්ට පුලුවන්. අපි ගොඩක් දියුණු වෙලා තියෙන්නේ. අපිට මොකවත් වෙන්නේ නෑ. අපි නවීන තාක්ෂනයත් එක්ක ජීවත් වෙන මිනිස්සු. ඔය කොළ, පට්ට අදින එවුන්ගෙන් අපිට මොන උපදෙස්ද.
    ශිෂ්ඨාචාරය දවසකින් ගොඩ නැඟුන දෙයක් නෙවෙයි.ඔබ අද මෙතන ඉන්නේ අනාදිමත් කාලයක් තිස්සේ පැරණි මිනිසුන් රැකගන ආ සමහර වටිනා සිරිත් විරිත් සම්පදායන් නිසයි.වැද්දන් තමන්ට ආවේනික සිරිත් අනුගමනය කලත් ඔවුන් සතුව ඇති පරිසර දැනුම ඉතා ඉහළයි.ඔබ වැනි අතීතය අමතක කරන උඩඟු මිනිසුන් මේ දේශණය කරන තැන හිටියා නම් මේ වටිනා අදහස් සමාජගත නොවන්නත් තිබුනා.ඔය කොළ පට්ටා අඳින මිනිසුන් හෘද රෝගීන් වී මුල් වරට මිය ගියේ ඔය කියන තාක්ෂනික යුගයේ අනුහසින් තමයි.
    (මෙයින් අදහස් කරනුයේ නවීන තාක්ෂණික යුගයේ මෙවළම්-නිපුනතා ගැන නොවේ.සපුරාම පරිසරය ගහ කොල ගැන නැවත හිතන්න පෙළඹවීමක් පමණි.වැද්දන්ගෙන් සියල්ල උගත නොහැකියි.කරුනාකර ඔවුන් තම පරිසරය කෙරේ දැක්වූ ළෙන්ගතුකම හිතන්න.)
     
    හෙහෙ. අක්කි, DiLakshika අක්කිගෙ කොමන්ට් එක බලන්න. ඔයා මම කියපු දේ අනිත් පැත්තට තේරුම් අරන් තියෙන්නේ.:)
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    මට මේ කතාව දැක්කම මතක් වෙන්නෙ සියැට්ල් ව
    පොත පතේ දැනුම නැති උනත් එතුමාට වගේම වන්නිල ඇත්තොන්ටත් නුවණින් දුර දකින්න පුළුවන් උනා:)
    ප්‍රශ්නෙ තියෙන්නෙ මේ දේවල් තේරුම් ගන්න තරම් ,
    උසස් අධ්‍යාපනය පවා ලබපු අපිට නුවණ තියෙනවද කියන එකයි
    ඉතාම වැදගත් හොඳ Thread එකක් ශම්මි අක්කෙ:)
    (+4)
     
    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    පරිසරය වේගෙන් වෙනස් වෙනව.
    මම ස්වභාව ධර්මය තමන් විසින්ම නැවත සමතුලිත බාවය ලබා ගනියි කියල.
    හැබැයි එතකොට පොලොවෙ මොන මොන වෙනස්කම් වෙලා තියේවිද දන්නෙ නෑ...
     
    sam@

    Well-known member
  • Apr 17, 2007
    4,087
    496
    83
    39
    Jem city
    ඇත්තටම වටිනවා..තේරුම් ගන්න ඕනි අත්ත මෙක තමයි