ow, alpechcha jeewithaya buduhamuduruwo anumatha kala.අපි ඡාම් විදිහට ජීවත් වෙන්න පුරුදු වෙන්න ඕන.
e wagema bahira atopayata norawatee, bahira penuma diha balala theerana ganne nathuwa anik ayata garu karana ekath wadagath.

ow, alpechcha jeewithaya buduhamuduruwo anumatha kala.අපි ඡාම් විදිහට ජීවත් වෙන්න පුරුදු වෙන්න ඕන.

සෙන් ආචාර්යවරයා හමුවට ආ ශිෂ්‍යයා සිය ප්රශ්නය ඉදිරිපත් කළේය.
"ගුරුතුමනි, මගේ තරහ පාලනය කරන්න බැහැ. මට ඕනෙ මේ තරහව නැති කරගෙන සුවපත් වෙන්න."
"මට පෙන්නන්න පුලුවන්ද ඔබේ තරහ කොයි වගේද කියල?"
"ඒක ඉතින් දැන් මේ මොහොතෙ පෙන්නන්න බැහැ."
"එතකොට? කොයි වෙලාවටද තරහ එන්නෙ?"
"එහෙම කියන්න බැහැ. බලාපොරොත්තුවකින් තොරව, හිටි හැටියෙම තමයි තරහ එන්නෙ. මමවත් දන්නෙ නෑ."
"එහෙමනම් මට පේන්නෙ ඔය කියන තරහව ඔබේ ස්වභාවයට පිටස්තර දෙයක් වෙන්න ඕනෙ." ආචාර්යවරයාණෝ පැවසූහ. "මොකද, ඒක ඔබේ දෙයක්නම් ඔබට හිතුණ වෙලාවක ඇති කරගන්න පුලුවන් වෙන්න ඕනෙ. උපදිනකොට තිබුණ වෙන්න ඕනෙ. පොඩ්ඩක් ඒ ගැන කල්පනා කරල බලන්න."
සරල කතාවක් වුනාට මේකෙන් බුදුදහමේ ගැඹුරු යථාර්ථයක් වන ත්රිලක්ෂණයේ අනාත්ම ලක්ෂණය තමයි පිළිඹිබු වෙන්නෙ...

මේ සෙන් කතා තියෙන සමහර සයිට්ස්වල, හැම කතාවක් එක්කම පාඨකයින් ඒ කතාව ගැන තම තමන්ගෙ අදහස පළ කරල තියෙනවා. තමුන් ඒ පණිවිඩය තේරුම් ගත්තු හැටි, නැත්නම් ඒ කතාව එදිනෙදා දිවියට සම්බන්ධ කර ගත හැකි ආකාරය වගේ දේවල්. අපි නොහිතන පැති ඔස්සේ හිතන්න යොමු වෙනවා ඒ අදහස් කියෙව්වම.

මේක නම් විශිෂ්ඨයිස්වාමීන්වහන්සේලා දෙනමක් නදියක් අසල සිය පාත්‍ර සෝදමින් සිටියහ. නදියෙහි ගිලෙන්නට යන ගෝනුස්සෙක් දුටු එක් හිමිනමක් ඌව බේරාගෙන ගොඩට දැමූහ. ගොඩට වැටුණු ගෝනුස්සා ඉදිරියට පැන එම හිමිනමට දෂ්ඨ කළේය. නමුත් හිමිනම කිසිත් නුවූවා සේ නැවතත් පාත්‍රය සෝදන්නට වන්හ. ඉවුර මත දඟලමින් සිටි ගෝනුස්සා නැවත වරක් ජලයට වැටිණී. මුල් හිමිනම නැවත වරක් ගෝනුස්සා බේරාගෙන ගොඩට දමද්දී, ගෝනුස්සා නැවත වරක් දෂ්ඨ කළේය.
"මොකටද බේරන්න ගියෙ?" අනික් හිමිනම විමසූහ. "දෂ්ඨ කරන එක ගෝනුස්සගෙ ස්වභාවය බව දැන දැන?"
"දන්නව." ගෝනුස්සා බේරාගත් හිමිනම සන්සුන්ව පැවසූහ. "නමුත් බේරා ගන්න එක මගෙ ස්වභාවය."

තමන් කරන කාර්යයේ සිත පිහිටුවා කිරීම නිරවුල් මනසකට උපකාරී වෙනවාඑදිනෙදා කටයුතුවලදී මනාව සිහිය පවත්වා ගැනීම ගැන කියවෙන මේ සෙන් කතාව කියවනකොට මට මතක් වෙන්නෙ සතිපට්ඨානය. එලුව එලු ප්‍රශ්න අහන නිසා සෙන් කියන වචනයෙ තේරුම හෙව්වම, සෙන් කියන්නෙත් භාවනාවටලු. මේ විදිහට හැම වෙලේම සිහිය පවත්වා ගන්න පුලුවන්නම් අමතක වීම නිසා අප අතින් සිදුවන වැරදි, අඩුපාඩුකම් බොහොමයක් මගහරවා ගන්න පුලුවන් වෙයි.

මේක නම් විශිෂ්ඨයි![]()
