පාදඩයා

thilina1024

Well-known member
  • May 10, 2009
    1,015
    53
    48
    Colombo, Sri Lanka
    බූන්දියේ, පහත සම්බන්ධකයට ඈඳුනු, අන්තර්ගතයට එරෙහිව...
    http://tinyurl.com/Padhadaya

    පාදඩයා
    29ne79t.jpg
     
    sampathdishan

    Member
    Jan 6, 2009
    146
    6
    0
    දේශය පාවා දීම , දේශයට ද්‍රෝහී වීම , ඉතිහාසයේ සිටම කර ඇත්තේ ඔවුන්මය..
    ශ්‍රේෂඨ දාර්ශනිකයෙකු වූ ජීසස් නම් මිනිසාව පාවා දෙන්නේද ඔහුගේම සගයෙකි ,
    සුද්දාට අත්පත් කර ගැනීමට නොහැකිවූ කන්ද උඩරට පාවා දෙන්නේද අපේම හිවලුන්ය....
    එහෙයින් මෙවන් තිරිසනුන් කොතැනත් දැක ගත හැකිය...

    මවට ආදරය කරන්නන්ට කල හැකි එක් දෙයක් ඇත ,, ඒ මෙවන් නීචයන්ට විරුද්දව නැගී සිටීමකි.
     
    sampathdishan

    Member
    Jan 6, 2009
    146
    6
    0
    Ellawala medananda p*k*y* neda

    තමුන්ගේ බස හැසිරීම සම්බන්ධයෙන් සැලකිලිමත් වන්න..

    (කර්මය බොහෝ විට මෙලොවදීම ඵ්ල දෙනු ඇත.. )
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,461
    5,795
    113
    හෝම් ස්වීට් හෝම්
    කවිය තෙරුම ගත්තෙ පහුවෙලා !!!

    මුලින ම මෙක කියෙව්ව නිසා ආවෙ වෙන අයිඩියා එකක්
    පස්සෙ අගමුලක් ඇතුව කියෙව්වා දැන් වැඩෙ මීටර්

    එක එකාට කඩෙ යන උන්ගෙ ලැජ්ජාවක් නැති වැඩ
     
    Last edited:

    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    ඇත්ත ඇති සැටියෙන්....

    නියමයි තිලින මල්ලි
    ගරු කල යුත්තාට ගරු කල යුතු නමුත් කිවයුතුදේත් කිවයුතුයි.
    ඒක තම නිර්මාණ කරුවගෙ වගකීම

    Bravoooooooooooo
     
    thilina1024

    Well-known member
  • May 10, 2009
    1,015
    53
    48
    Colombo, Sri Lanka
    දේශය පාවා දීම , දේශයට ද්‍රෝහී වීම , ඉතිහාසයේ සිටම කර ඇත්තේ ඔවුන්මය..
    ශ්‍රේෂඨ දාර්ශනිකයෙකු වූ ජීසස් නම් මිනිසාව පාවා දෙන්නේද ඔහුගේම සගයෙකි ,
    සුද්දාට අත්පත් කර ගැනීමට නොහැකිවූ කන්ද උඩරට පාවා දෙන්නේද අපේම හිවලුන්ය....
    එහෙයින් මෙවන් තිරිසනුන් කොතැනත් දැක ගත හැකිය...

    මවට ආදරය කරන්නන්ට කල හැකි එක් දෙයක් ඇත ,, ඒ මෙවන් නීචයන්ට විරුද්දව නැගී සිටීමකි.

    Ellawala medananda p*k*y* neda

    ඇත්ත ඇති සැටියෙන්....

    නියමයි තිලින මල්ලි
    ගරු කල යුත්තාට ගරු කල යුතු නමුත් කිවයුතුදේත් කිවයුතුයි.
    ඒක තම නිර්මාණ කරුවගෙ වගකීම

    Bravoooooooooooo

    මුලින්ම, මම ඔබ සියලු දෙනාටම බොහොමත්ම ස්තූතියි කරන්න කැමතියි අදහස් පළ කිරීම ගැන.

    නමුත්, සහෝලාගෙ අදහස් කියෙව්වම මට හිතුනා ඔයාලට මම කියන දේ තේරුම් ගිහින් නෑ කියල.
    ඇත්තටම මම අදහස් කළේ, ඔයාලා හිතපු විදියෙ අනිත් පැත්ත. මම ලියපු එක කියවන්න කළින්, තව දෙයක් කියවන්න මම සම්බන්ධකයක් (Link) දැම්මා. ඒ සම්බන්ධකයෙන් දුන්නේ, මට මේක ලියන්න හේතු වුන දේ. කවුරුහරි, මුල් සම්බන්ධකයේ තියෙන දේ කියෙව්වෙ නැත්නම්, මම කැමතියි කියන්න, ඒක කියවල ආයෙත් මම ලියපු එක කියවන්න කියලා.:yes:

    මම කෙළින්ම විෂයට බහින්නම්. කුමන කරුණක් අරඹයා භික්ෂුන් වහන්සේ දේශපාලනය කියන ක්ෂේත්‍රයට සම්බන්ධ වුණත්, ඉන් ඊට සම්බන්ධ වුන භික්ෂූන්වහන්සේලාට වගේම, සමස්තයක් විදියට සියලු දෙනාටමත් අපහසුතාවයන්ට පත්වෙන්න වුනා. බොහෝ දෙනෙක් තුළ, භික්ෂූන් කෙරෙහි තිබ්බ ගෞරවය, භක්තිය හීන කරන්න මේ කාරණය හේතු වුනා.

    නමුත්, කිසිවිටක අමතක කරන්න එපා අපි මේ කතා කරන්නෙ ලංකාවෙ බුද්ධ ශාසනයට පමණක් නෙමේ, සංස්කෘතියට පවා කේන්ද්‍රීය අයිතමයක් වන කසාවත ගැන බව. අපි ඒ කසාවත ගැන මිස පුද්ගල වශයෙන් පමණක් නොසිතිය යුතුයි. ඔබ කිසිවෙක් අසා තිබෙනවද, ක්‍රිස්තියානි පියතුමෙක්ට ක්‍රිස්තියානි ආගම, දර්ශනය අදහන්නෙක් ප්‍රසිද්ධියේ වචනයකින් හෝ පහර දෙන බවක්. නැත්නම්, හින්දූ හෝ ඉස්ලාම් පූජකවරයෙක්ට එරෙහිව?. ඒ ගැන ටිකක් හිතන්න. අපි (මා ඇතුලු) දන්නෙ නෑ, අපි උඩ බලාගෙන කෙළ ගහගන්නෙ අපිටම බව.

    මම හිතන්නෙ, මම මීට වඩා පැහැදිලි කරන්න ඕනෙ නෑ. ඔයාලා හැමෝටම බොහොම ස්තූතියි.
    :)
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    මට මේ වෙලාවේ සිහියට නැගෙන්නේ ජාතිය පන පොවපු මහා සඟ පඬිරුවන්..

    අපේ සංස්කෘතිය නගා සිටවපු, දේශය දිවි දෙවෙනි කොට සැලකූ වචනයේ පරිසමාප්තයෙන්ම කහවතින් සැරසුනු දේශාභිමානී මහා සංඝ පීතෘවරයින් වහන්සේලා කීප නමක්:

    ඇස්.මහින්ද හිමි...වැලිවිටියේ ශ්‍රී සෝරත හිමි..යක්කඩුවේ ප්‍රඟ්දාරාම හිමි..කළුකොඳයාවේ හාමුදුරුවෝ... බඹරැන්දේ සිරිසීවලී හිමි..කිරිවත්තුඩුවේ ප්‍රග්ජාසාර හිමි..බලංගොඩ ආනන්ද හාමුදුරුවෝ...

    අද ඒකටත් හරියන්න ඉන්නේ මාර දේසපාලුවෝ රැලක්..

    බුද්ධ ධර්මය විකුනන් කන කහවතට යටින් පිස්තෝලය එල්ල ගත්තු මිනී මරුවෝ රැලක්....

    නිර්මානකරුවෙකුගෙන් අපි නිරන්තරයෙන් අපේක්ෂාකල යුත්තේ ඇත්ත ඇති සැටියෙන් නිර්භයව ජනතාව්ට තම නිර්මාන තුලින් පෙන්වා දී ඔවුන්ව හොඳින් දැනුවත් කිරීමයි..

    එය ඔබගෙන් ඉටුවන ලකුනු දිනෙන් දින ඔබේ නිර්මාන කියවනා මට හොඳින් පසක් කරවයි..

    අනාගතය බාර දිය හැකි කීප දෙනෙක් හෝ අප අතර අද දවසේ සිටිනවා යැයි සිතා මම සිත හදා ගනිමි..

    ඔබ එහි පෙර ගමන් කරුවෙකි....

    ඔබට ජය...
     
    maxa යාළුවා..

    කියන්න තියෙන දේ නියමෙටම කියලා..

    නියමයි

    මේකත් පොඩ්ඩක් කියවන්න.
    http://www.elakiri.com/forum/showpost.php?p=6273484&postcount=7

    අදහස් දැක්වීමට බොහොමත්ම ස්තූතියි.
    :)