භූතයෝ ඉන්නේ ලංකාවේ විතරද?

භූතයන් කියලා කොට

  • අනිවාර්යයෙන්ම ඔව්

    Votes: 13 29.5%
  • බොරු මනස්ගාතයක්

    Votes: 14 31.8%
  • සමහර විට

    Votes: 17 38.6%

  • Total voters
    44
භූතයෝ ඉන්නේ ලංකාවේ විතරද?

භූතයෝ ඉන්නේ ලංකාවේ විතරද?
butha1.jpg
butha2.jpg
ලංකාවේ පමණක්‌ නොව ලෝකයේ ඕනෑම සමාජයක භූතයන් එහෙම නැත්නම් මේ අමනුස්‌සයන් පිළිබඳ විශ්වාස තිබෙනවා. ඒවා ගොඩ නැගෙන්නත් කරුණු කාරණා රාශියක්‌ හේතු වෙලා තියෙනවා.

මිනිසුන් අතීතයේ සිටම තමන්ගේ පියවි ඇසින් පෙනෙන ලෝකය පමණක්‌ නොව, පංච ඉන්ද්‍රියන්ගෙන් විඳින්න බැරි දේ ගැන පවා විශ්වාස තබා තියෙනවා. එයට උදාහරණයක්‌ විදිහට දෙවියන් පිළිබඳ විශ්වාසය දක්‌වන්න පුළුවන්. ඒ වගේම තමයි අමනුෂ්‍යයන් පිළිබඳ ඇති විශ්වාසයන්

ඕනම සමාජයක, අමනුෂ්‍යයන් ගැන තිබෙන විශ්වාස පොදුයි. මෙය එක්‌තරා සංස්‌කෘතියක්‌ ලෙස දක්‌වන්න පුළුවන්. ඒ දිහා අපට දෘෂ්ටි කෝණ කිහිපයකින් බලන්න පුළුවන්. ඒවා නම්, ගුප්ත විද්‍යාත්මකව, ජ්‍යෙතිෂ්‍ය විද්‍යාත්මකව, ආගමිකව, විද්‍යාත්මකව සහ සමාජ විද්‍යාත්මක හා සමාජ මානව විද්‍යාත්මක දෘෂ්ටි කෝණයකින් බලන්න පුළුවන්.

මේ දක්‌වා නොදියුණු සමාජ පිළිබඳ කර ඇති අධ්‍යයනවලින් පෙනී යන්නේ අමනුෂ්‍යයන් පිළිබඳ විශ්වාස ගොඩ නැගී ඇත්තේ ප්‍රාථමික සමාජවලින් බවයි. එයට හේතුව එම සමාජවල සිටින මිනිසුන් සතු අඩු බුද්ධි මට්‌ටමයි. ඔවුන්ට තේරුම් ගත නොහැකි බලවේග හෝ ක්‍රියාකාරිත්වයන් අමනුෂ්‍යයන් මගින් සිදුකරන දේ බවට ඔවුන් හඳුනාගත්තා. පරිසර වෙනස්‌කම්, ලෙඩ රෝග, පීඩා, මරණ, උපත්, වැඩිවිය පත්වීම වැනි දෙයෙහිදි පවා අමනුෂ්‍ය විශ්වාස ගැන ඔවුන් අවධානය යොමු කළා. මේ විශ්වාස ලෝකයේ තවමත් තිබෙනවා. ඒ අනුව අපට පෙනෙනවා අමනුෂ්‍යයන් ගැන විශ්වාසවලට සමාජයේ යම් ඉඩක්‌ තිබෙන බව.

මෙයට හේතු කීපයක්‌ තිබෙනවා.
 
1. යථාර්ථවාදීව ඇතැම් ක්‍රියා තේරුම් ගත නොහැකි වීම

උදා - ඇතැම් බැක්‌ටීරියාවක්‌, වෛරසයක්‌ විද්‍යාත්මකව හඳුනාගන්නට බැරි කාලයේදී ඒවා අමනුෂ්‍ය බලවේග මගින් සිදු කරන දේ හැටියට හිතනවා.

2. මානසික කාරණා මත ගොඩනැගෙන විවිධ සංසිද්ධීන් නිවැරදිව තේරුම් ගත නොහැකි වීම. එවිට ඒවාට අමනුෂ්‍ය බලවේග ආරෝපනය කරනවා. ඒ වගේ සංකල්ප දෙකක්‌ තමයි කලුකුමාරයා හා මෝහිනි කියන්නේ.

ලිංගික අවශ්‍යතාවයන් තෘප්තිමත් නොවී යටපත් වූ විට ඒවා පෞරුෂත්වයේ සංකුලතාවක්‌ ලෙස මතුවෙනවා. මෙය පිරිමි අයෙකුට සිදු වූ විට මෝහිනි සංකල්පයත්, ගැහැනු අයෙකුට සිදු වූ විට කළුකුමාර සංකල්පයත් ආරෝපණය වෙනවා.

3. අප තුළ ඇතිවන මනෝ භාවයන් නිසා ඇති විය හැකි ප්‍රතිඵල, අමනුෂ්‍ය විශ්වාසයන් ලෙස පිළිගැනීම

වෛරය, කෝපය, පලිගැනීම වැනි දේ මේ අතර වෙනවා. මෙයින් සිදුවන්නේ හානියක්‌ නිසා මේවාට අමනුෂ්‍ය සංකල්පය එකතු කළා. රීරි යකා, මහසෝනා සංකල්ප එහිදී ප්‍රධාන වුණා.

මෙහිදි පුද්ගල හැසිරීම හෝ සමාජයේ හැසිරීම පාලනය කරන්නත් මේ සංකල්ප, විශ්වාස උදව් වුණා. අපි කියපු මහසෝනා කියන අමනුෂ්‍ය බලවේගය ගැන බලමු. මහසෝනා ඉන්නේ තුංමංහන්දි , සුසාන භූමි, පාලු තැන්වල, කියලයි විශ්වාස කරන්නේ. රටපුරාම හැමතැනම මේ එකම මහසෝනාට ඉන්න බෑනේ. එහෙම නං එක තැනකයි ඉන්න පුළුවන්.

මෙහිදි සිද්ධ වෙන්නේ අවේලාවේ, අනාරක්‌ෂිතව ගමන් බිමන් යැම වැළැක්‌වීමයි. රාත්‍රි 12-1 ට සුසාන භූමියක්‌ හෝ පාලු තැනකදි මහසෝනාට බිය වීමට හේතුව අවේලාවේ ගමන් යැමයි. ගැමි සමාජය මේවා වැළැක්‌වීමට අමනුෂ්‍ය සංකල්පය යොදා ගත්තා. මෙය බොහෝම තාර්කිකයි. තවත් අපි දන්න දෙයක්‌ තරුණියකට මද්දහනේ තනිවම ගමන් යන්න එපා කියන එක. එහෙම යන්න වුණොත් තව කාව හරි අඬගහගෙන යන්න ඕන. හේතුව විදියට කියන්නේ අමනුෂ්‍ය බලවේගවලට ලක්‌වෙන්න පුළුවන් කියන එකයි. නමුත් යථාර්ථය ඒක නෙමෙයි. අපිට තිබුණේ කෘෂිකර්මය පදනම් කරගත් ජීවන රටාවක්‌. උදේ ඉඳලා අව්වේ වෙහෙස වුණ පිරිමි විවේකයට හෙවනකට යන්නේ මද්දහනේ. ලේ රත්වෙලා, ආවේගශීලිව සිටින අය අසලින් තරුණියෙක්‌ තනියම ගමන් කිරීම අනතුරකට අතවැනීමක්‌. ඇයට සිදුවෙන අයහපත පාලනය කරන්න තමයි මේ වගේ විශ්වාස බිහි වුණේ.

මේ විශ්වාස නිසා තමයි ගම ආරක්‌ෂා වුණේ.

හේතුවාදි අදහස්‌ දරන අය, භෞතිකවාදීන් අතර මේ අමනුෂ්‍ය විශ්වාස නැහැ. ඔවුන්ගේ මතයට අනුව මෙවැනි පිරිසක්‌ ඉන්න බැහැ. නමුත් අපට වින කරන බැක්‌ටීරියා, වෛරස, දිලීර ආදිය භෞතික විද්‍යාව සොයා ගන්නේ බොහෝම මෑත කාලයේදී නමුත් ඒවා ලෝකයේ තිබුණා. ගහකොළවලට, සතුන්ට හෝ මිනිසාට මේවායින් හානි පැමිණුනා. හඳුනා ගැනීමෙන් පසු අපි දන්නවා මේවා පියවි ඇසට නොපෙනුනාට ලෝකයේ තිබෙන දේවල් කියලා. ඒ නිසා දැනට අපට පුළුවන් ලෝකයේ අමනුෂ්‍යයන් නෑ කියලා විශ්වාස කරන්න. නමුත් ඉන්නවාද, , නැද්ද කියන කාරණය එකවර පිළිගන්න හෝ බැහැර කරන්න අපට බැහැ.

බටහිර විද්‍යාව ලෝකය තුළ සොයාගෙන ඇත්තේ ඉතාම අල්ප දේ පමණයි. මරණයෙන් පසු වෙන දේ, පිළිසිඳ ගැනීම ආදි දේ ගැන නිශ්චිතව අපි දන්නේ නෑ. මේවායේ ජීව විද්‍යාත්මක සංසිද්ධිය විතරයි සොයාගෙන තිබෙන්නේ. ඒ නිසා අපි දන්නා දෙයට වඩා නොදන්නා දේ වැඩියි.

එහෙම වුණත් අපිට අමනුෂ්‍යයන් ලෝකයේ ඇත හෝ නැත කියන්න බෑ. ප්‍රත්‍යක්‌ෂ කරගෙන නැති නිසා තවමත් අපට ස්‌ථිර දෙයක්‌ කියන්න බෑ. බටහිර විද්‍යාව මෙවැනි දේ හඳුන්වන්නේ "ප්‍රපංච" කියලා. ඒ කියන්නේ "ඇත්තේද නැත. නැත්තේද නැත." අපට පියවි ඇසට නොපෙනෙන ශක්‌තීන් තිබෙනවා. උදාහරණයක්‌ විදිහට විද්යුතය අපට පෙනෙන්නේ නෑ. නමුත් දැනෙනවා.

අද තාක්‌ෂණය දියුණු නිසා, දියුණු කැමරා නිපදවෙලා තියනවා. ඇසට නොපෙනෙන දේ මේ කැමරාවලින් ග්‍රහනය කරගෙන තිබෙනවා.

ලංකාවේ වගේම බොහෝ සමාජවල විශ්වාසයක්‌ තිබෙනවා මේ අමනුෂ්‍යයින් සැරි සරන්නේ රාත්‍රි කාලයේ කියලා. එය පිළිගත හැකියි කියන මතයක්‌ද තිබෙනවා. පොළොව පවතින්නේ සුර්ය ශක්‌තියෙන් දිවා කාලයේ වෙනත් කිසිම ශක්‌තියකට රැඳෙන්න බෑ. සූර්ය ශක්‌තියේ ප්‍රබලකම නිසා සියුම් ශක්‌තීන් විනාශ වෙනවා. රාත්‍රියේදි හිරු එළිය අඩු නිසා වෙනත් සියුම් ශක්‌තීන්ට ක්‍රියා කරන්න පුළුවන්. අමනුෂ්‍ය ශක්‌තීන් ලෝකය තුළ සිටිනවා කියලා විශ්වාස කරන අය මේ මතය දරනවා.

වෛරස, බැක්‌ටීරියා වැනි දේ වුවත් එලෙසමයි. සූර්ය ශක්‌තියට ඒවා විනාශ වෙනවා. ඒ නිසා විද්‍යාත්මක සත්‍යයක්‌ද එහි තියෙනවා.

මොනම දෘෂ්ටි කෝණයකින් හෝ අපට අමනුෂ්‍ය විශ්වාස බැහැර කරන්න බැහැ. අමනුෂ්‍යයන් පිළිබඳ විශ්වාසය ලෝකයේ බොහෝ සමාජවල, ගෝත්‍රවල ආදි ගැනිය නොහැකි තරම් සමූහ අතර පැතිරි තිබෙනවා. එය මනෝ විද්‍යාත්මකයි. බිය, සැක, පාලනය කළ නොහැකි බලවේග ගැන අපේ මනස තුළ තිබෙනවා. ඒ නිසා කිව යුත්තේ මේ විශ්වාස ගැන දැඩිව එල්බගෙන ඒ අනුව කටයුතු කරන අය ඉන්නේ ලංකාවේ පමණක්‌ නොවෙයි කියලයි.

සමාජීය වශයෙන් වැදගත් වන්නේ අමනුෂ්‍යයන් ඉන්නවාද, නැද්ද කියන එක සෙවීම නොවේ. අපට පාලනය කළ හැකි දේත්, නොහැකි දේත් තියනවා. මිනිසුන් ලෙස වැදගත් වන්නේ අමනුෂ්‍යයන්ට බියවීම හෝ ඒ අනුව කටයුතු කිරීම හෝ ඔවුන් වහලුන් ලෙස යොදාගැනීම නොවේ. මිනිසත් බවින් ප්‍රයෝජනයක්‌ ගැනීමයි.

මිනිසා සියල්ලන්ටම වඩා උසස්‌යෑයි තමන් තුළ විශ්වාසයක්‌ ඇති කරගන්න. මෙවැනි විශ්වාස තුළ එල්ලී සිටීම පුද්ගල සංවර්ධනයට බාධාවක්‌.

කැලණිය විශ්ව විද්‍යාලයේ
සමාජ විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය
ජී.ඩී.එන්. සිසිර කුමාර
සාකච්ඡා කළා - චාමරි බණ්‌ඩාර නවලිය ලිපියකි
 
  • Like
Reactions: 1118lakmalkumara

nadun07

Member
Mar 17, 2008
10,852
686
0
http://
හොඳ post එකක් sis :) ඒත් මේකෙ තියෙන සමහර දේවල් වලට මට එකග වෙන්න බෑ.. හොල්මන් කෙසේ වෙතත් භූතයෝ සහ පෙරේතයො කියලා ජීවීන් කොටස් දෙකක් මේ ලෝකේ ඉන්නවා.. ඒ ගැන බුදුදහමේ පැහැදිලිව සඳහන් වෙනවා.. :yes: ඒ අය සමහරවිට මිනිසුන්ට පෙනෙන වෙලාවල් තියෙනවා.. දැන් බටහිර අධිමානසික විද්යාවෙන් පවා ඔය වගේ දේවල් ගැන පර්යේශන කරනවා..

සමහරු ඔවා කිව්වහම හිනා වෙන්නත් පුලුවන්.. හැබැයි මතක තියාගන්න, විද්යාවෙන් පැහැදිලි කරන්න බැරි දේවල් ඕනෙ තරම් මේ ලෝකෙ තියෙනව කියලා.. ඒ ගොඩක් දේවල් පැහැදිලිව බුදුදහමේ විස්තර කරලා තියෙනවා ( අනෙක් ආගම් වලත් සමහර විට ඇති :) )

මම පොඩි උදාහරනයක් දෙන්නම් :)
albert einstein සාපේක්ෂතාවාදය හොයා ගන්නකම් කවුරුත් හිතුවෙ නෑ කාලය සාපේක්ෂ දෙයක් වෙන්න පුලුවන් කියලා :P ඒත් බුදුහාමුදුරුවෝ ඉස්සර දේශනා කරල තිබුනා දිව්යලෝක වල කාලය යන්නෙ හෙමින් කියලා ( වෙන වචනවලින් කිව්වොත් කාලය සාපේක්ෂයි කියන එක තමයි :P)

මට නම් හිතෙන්නේ අමනුෂ්යයන් ගැන තියෙන විෂ්වාස සමාජ විද්යාත්මකව පමණක් හිතලා එක පාරටම බැහැර කරන්න බැහැ කියලයි..:no: නොදියුනු සමාජයේ මිත්යා විශ්වාසත් තියෙන්න ඇති.. සමහර ඒව ඇත්ත වෙන්නත් ඇති ;)
 
math vishwasa karanne na nahe

eth bududahame hatiyata inna one neda

good post :)
විශ්වාස නොකලත් මිනිසුන් සතුන් හැර වෙනත් නොපෙනෙන ජීවීන් සිටින බව බුදු දහමත්,නවීන විද්‍යාත්මකවත් ඔප්පුකරලා තියනවානේ.:)
 
nadun07

Member
Mar 17, 2008
10,852
686
0
http://
විශ්වාස නොකලත් මිනිසුන් සතුන් හැර වෙනත් නොපෙනෙන ජීවීන් සිටින බව බුදු දහමත්,නවීන විද්‍යාත්මකවත් ඔප්පුකරලා තියනවානේ.:)

:yes::yes:
 
අාහ් ...මෙන්න යමක් කමක් දන්න කොල්ලෙක්.ලස්සන කරුනු දැක්වීමක්.ස්තුතියි.! අනර්ඝයි.:)
ඒත් අපි සාමාන්‍යයෙන් අවතාර බූතයෝ හොල්මන් කියන්නේ බුදුන් ‍වදාළ යක්ෂ භූත පෙරේත කියන ජීවින්ම තමයි
 
1118lakmalkumara

Well-known member
  • May 21, 2009
    30,486
    3,169
    113
    斯里蘭卡
    විශ්වාස නොකලත් මිනිසුන් සතුන් හැර වෙනත් නොපෙනෙන ජීවීන් සිටින බව බුදු දහමත්,නවීන විද්‍යාත්මකවත් ඔප්පුකරලා තියනවානේ.:)

    :yes::yes:
     
    nadun07

    Member
    Mar 17, 2008
    10,852
    686
    0
    http://
    අාහ් ...මෙන්න යමක් කමක් දන්න කොල්ලෙක්.ලස්සන කරුනු දැක්වීමක්.ස්තුතියි.! අනර්ඝයි.:)
    ඒත් අපි සාමාන්‍යයෙන් අවතාර බූතයෝ හොල්මන් කියන්නේ බුදුන් ‍වදාළ යක්ෂ භූත පෙරේත කියන ජීවින්ම තමයි

    :D

    :yes: ඔව් ඒක ඇත්ත.. ඔය ජීවීන් මේ ලෝකෙ හැමතැනම ඉන්නවා.. ඒක නිසා වෙන්න ඇති ඕවා වැඩිය විශ්වාස නොකරන බටහිර රටවල් වලත් ඕවා ගැන කතා වෙන්නෙ ;)

    Edgar Cayce, Uri geller වගේ අය "චිත්ත ශක්තියෙන්" කරපු දේවල් නවීන විද්යාවෙන් පැහැදිලි කරන්න පුලුවන් උනාද? :P
    ඒ වගේ තව උදාහරන තව ඕනෙ තරම් දෙන්න පුලුවන්.. ජීවියෙක් මවු කුසේ පිලිසිඳ ගන්න "ගන්ධබ්බ" යෙක් ගේ පැමිණීම අවශ්යයි කියලා විද්යාත්මකව ඔප්පු කරන්න බෑ.. ඒත් බුදුදහමින් පුලුවන් ;)

    හැම දෙයකටම උත්තර science වලින් හොයන්න යන්න එපා කියලයි මට පෙන්නලා දෙන්න ඔනේ වුනේ

    discuss කරන්න වැදගත් post එකක් දැම්ම්ට thnx :D
     
    • Like
    Reactions: shammee

    නියම අදහස!:)+
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    this all makes so much sense...but ..the hell with it ..ghosts are cool hehe and you had to ruin that for us .. thanks for the article .. and btw we shouldn't really deny everything that science can't explain..don't forget that this centuries myths are next centuries science..may be they will find a way to explain freak occurrence in nature which now we preferred to as paranormal activities.
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    have you read "deviyo saha boothayo" sorry i don't know how to spell the name of the dude who wrote it . .that book has a collection of letters that address this subject matter ..and he, using psychological terms mostly, explains many paranormal occurence that took place in sri lanka..I'm pretty sure most of you have read it ..well do read it if you haven 't.