සංවේදී පාහරයොන්ගේ වැඩ
හම්බන්තොට නගරයේ පොදු අපේක්ෂක ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාගේ ප්රචාරක රැළියකට සහභාගීවීම සදහා යමින් සිටි ආධාරකරුවන් පිරිසකට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මැර පිරිසක් තැබූ වෙඩි පහරකින් එක් ආධාරකරුවකු මිය ගොස් තවත් අට දෙනෙකු පමණ තුවාළ ලබා ඇතැයි වාර්තාවේ.
තංගල්ල, රන්න ප්රදේශයේ අද පෙරවරු 11.00ට පමණ මෙම වෙඩි තැබීම සිදුකර ඇත. යතුරු පැදියකින් පැමිණි තංගල්ල හිටපු ප්රාදේශීය සභා සභාපතිවරයාගේ පුත්රයකු සමග පැමිණි මැරවරයෙක් මෙම වෙඩි තැබීම සිදුකළ බව ප්රදේශවාසීන් පවසයි. වෙඩි තැබීමෙන් තුවාල ලැබූ අය මේවන විට රෝහල්ගත කර තිබේ.
මේ සම්බන්ධයෙන් හුංගම පොලීසියට පැමිණිලි කර තිබේ.