SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
සිළුමිණ පුවත් පතේ පලවුනු සංවේගී පුවතක්..

මට හිතුනා උණුවන හදවත් ඇති අපේ අයටත් මේක පෙන්වන්න...

පුතා ගැන ඇති බලාපොරොත්තු අත් හරින්නේ නෑ
.... දරුණු රෝගයකින් පෙළෙන පුතු ගැන පියා පවසන අනුවේදනීය කතාව
hadawatha.jpg


පි හැමෝටම ළමා කාලයක් තියෙනවා. ඒ ළමා කාලේ මොනතරම් නම් සුන්දර ද කියලා අතීතයට හැරුණොත් ඔබට මතක් වේවි. ඔව්! ඒ සුන්දර අත්දැකීම සමහරවිට දෙමව්පියන් විදිහට අපේ අම්මටයි තාත්තටයි හුඟක් හොඳින් දැනෙන්න ඇති.

ඒ වාසනාව යම් කලක් ලබන්න ජීවනටත් ස්වර්ණාටත් හැකියාව උදාවුණේ නවෝධ්‍යා තත්සරණි දෝණි හන්දා. ඒ නිසාම මේ දෝණිගේ තනි නොතනියට 2007 අගෝස්තු මාසේ 08 දා පුංචි මල්ලියෙකුත් මේ අම්මයි තාත්තයි අරගෙන ආවා.

ඊට පස්සේ මේ පවුල තුළ ගොඩනැඟුණේ අපූරු සෙනෙහසක් වගේම සුන්දර බලාපොරොත්තු ගොන්නක්. ඒත් ඒ වාසනාව ලබන්න මේ පවුලට එතරම් කලක් හැකියාවක් ලැබුණේ නැත්තේ කවුරුත් නොසිතූ විදිහට මේ පුංචි පුතා විබෝධ සාරංග හිටි ගමන් ලෙඩ ඇඳට ඇද වැටුණු නිසයි.
ඇපලවත්ත, ඌරපොල, නිට්ටඹුව පදිංචි මේ පුංචි පුතාගේ කතාවයි මෙවර හදවතක වේදනාවේ හෙළිදරව්ව ලෙස අපට මුණගැහුණේ. අවුරුදු දෙකයි මාස පහක් වයසැති විබෝධ සාරංග පුතා මේ වන විටත් අක්මාව හා ප්ලිහාව ඉදිමී දරුණු රෝගයකට මුහුණ පා සිටිනවා.

එහෙත් මේ අම්මගෙයි තාත්තගෙයි එකම බලාපොරොත්තුව කෙසේ හෝ මේ පුංචි පුතා ඒ දරුණු රෝගයෙන් ගලවා ගන්න එක විතරමයි. ජීවන පුෂ්ප කුමාර මේ ආදරණීය පියා තම දරුවා වෙනුවෙන් මෙතෙක් කලක් කරමින් සිටි රැකියාවෙන් ද සමුගත්තේ වෙන කරන්නට දෙයක් ඔවුන්ට නොමැති නිසයි. ඒ ඇයි කියන දේ තීරණය කරන්න අපි ඔබට බාර කරනවා.

”කුඩා කාලේදීම පුතාගේ බඩ ප්‍රමාණය ටිකක් විශාලව තිබුණා. අපි ඒක එතරම් හිතුවේ නැහැ. මාස 9 ක් විතර ගියාට පස්සේ පුතාට උණයි හෙම්බිරිස්සාවයි හැදිලා අඩු වුනේම නැහැ. පස්සේ අපි පුතාව එක්කරගෙන බෙහෙත් ගන්න ගියා. ඒ ගියේ ගම්පහ රෝහලේ ළමා රෝග විශේෂඥ චූලනී සමරසිංහ වෛද්‍ය තුමිය ළඟට.
පස්සේ ඒ සඳහා බෙහෙත් දුන්නත් නැවත මේ උණ තත්වය මතු වෙන්න ගත්තා. ඉන්පසු ජගත් මුණසිංහ වගේම වතුපිටිවල රෝහලේ චිත්‍රා පෙරේරා වෛද්‍යවරුන් බලලා කිව්වේ අසාමාන්‍ය තත්වයක් පුතා තුළ තියෙනවා කියලයි.

ඊට පස්සෙයි ස්කෑන් පරීක්‍ෂණයකින් දැන ගත්තේ පුතාගේ අක්මාව ඉදිමිලා කියලා. තව ටික කලකින් සෑම ඉන්ද්‍රියකටම මේ තත්වය පැතිරෙන්න පුළුවන් කියලයි කිව්වේ.

av1001173-1.jpg
මේ අතරම ජීවනටත් ස්වර්ණාටත් රෝහලේදී තම එකම පිරිමි පුතා වෙනුවෙන් කිසිදාක අප ඔබ කවුරුත් අසන්නට අකැමැති නිගමනයකුත් ලැබෙන්න වුණා.
ඒ තවදුරටත් මේ පුංචි පුතා ගැන ඇති බලාපොරොත්තු අත්ඇරගන්න කියන එකයි. මේ කියමනෙන් මෙතුවක් කලක් දහසකුත් බලාපොරොත්තු පොදි බදින මේ අම්මගෙයි තාත්තගෙයි ආත්මයම දෙපාමුල කඩා වැටෙන්නට වුණා.

”මොනවා කරන්නද මහත්තයෝ අපි හීනෙකින්වත් මෙහම දේවල් බලාපොරොත්තු වුණේ නැහැ. මේක අපි පූරුවේ කරපු පවක් වෙන්න ඇති. ඒත් මම හැම මොහොතෙම හිතුවේ කොහොම හරි මගේ පුතා හොඳ කර ගන්නවා කියන එක විතරයි.
ඔය අතරෙදියි දවසක් මම පත්තරේ දැක්කේ මෙහෙම රෝගයක් තියෙන දරුවකුට බෙහෙත් කරනවා කියලා. පස්සේ මම ඒ ගෙදරට කතා කරලා විස්තර ඇහැව්වා. ඊට පස්සෙයි රජයේ වෛද්‍ය පර්යේෂණාගාරයේ සමරසිංහ වෛද්‍යතුමිය ළඟට පුතා අරගෙන ගියේ.”
කවුරු කොහොම මොනවා කිව්වත් මේ අසරණ අම්මගෙයි තාත්තගෙයි බලාපොරොත්තුව බිඳ දමන්න කෙසේවත් සමරසිංහ වෛද්‍ය තුමිය කැමැති වුණේ නැහැ. ඒ නිසාම මේ පුංචි පුතාගේ රෝගයට බෙහෙත් කරන්න ඇය බාර ගත්තා.

ඒ කිසිදු සැත්කමක් පුතාට නොකරමයි. වැලේ ගෙඩි වැලට බරක් නැතුවා සේ මේ අම්මයි තාත්තයි පුතාව හොඳ කරගන්න ලැබුණ හෝඩුවාවට දහස් වාරයක් පින් දුන්නා.
”අපි කොයි වෙලාවකවත් බලාපොරොත්තු අත්හැරියේ නැහැ. අපිට කිව්වේ පුතාගේ ලේවල හිමොග්ලොබින් ප්‍රමාණය පහත වැටිලා ඒ නිසා අක්මාවට බෙහෙත් කරන්න බැහැ කියලයි.

ඒ නිසා ලේවල කවුන්ට් එක වැඩිකරන්න බෙහෙත් දුන්නා. ඇත්තටම දැන් ලේවල ඒ තත්වය අඩුවැඩි වෙමින් තියෙන්නේ. මාස පහක් තිස්සේ දැන් පුතාට බෙහෙත් කරනවා. සතියෙන් සතිය අපි පුතාගේ ලේ පරික්‍ෂා කරන්න ඕන.”
මේ වන විටත් අවශ්‍ය ආහාර පුතාට ලබා දෙන්න මේ අම්මයි තාත්තයි ගන්නේ පුදුමාකාර උත්සාහයක්. එහෙත් තවමත් බත් ඇටයක රසය විඳින්න මේ පුංචි පුතා සමත් වෙලා නැහැ. මේ වන විටත් ඔහුගේ එකම ආහාරය කිරි පමණමයි. නමුත් බෙහෙත්වලටත් ලේ පරික්‍ෂාව සඳහාත් විශාල මුදලක් කැපකරන ජීවනට කිරිපිටිවලට ද දරාගන්න බැරි මුදලක් හොයන්නට වෙලා.


”පුතාට බෙහෙත් වර්ග හතරක් දෙන්න ඕන. ඇත්තටම මහත්තයෝ එක බෙහෙත් පෙත්තක මිල රුපියල් තුන්සියයකට වඩා වැඩියි. ඒ වගේම පැය දෙකෙන් දෙකට පුතා කිරි ඉල්ලනවා. ලොකු වියදමක් ඒ සඳහා දරන්න අපිට සිද්ධවෙලා තියෙනවා.”
තවදුරටත් මේ තත්වයේම ඉන්න මේ පුංචි පුතාගේ කුසේ ප්‍රමාණය අඟල් 22 ක් පමණ. ඒ වගේම පිට පෙදෙසේ ගෙඩියක් හා හිස තුළ ද අසාමාන්‍ය ගෙඩියක ස්වරූපය දකින්න ලැබෙනවා.
av1001173-2.jpg

මේ අතරම දෑස් දෙකම විශාල ලෙස ඉදිමී ඇති බව අපට දකින්නට ලැබුණා. නමුත් ඉතාම ඉක්මනින් විබෝධ පුතාගේ ලේවල තත්වය වැඩි දියුණු කරගත්තොත් මේ සියලු ලෙඩ රෝගවලින් පුංචි පුතාගේ ජීවිතය සුවපත් කරගන්නට හැකි බවයි වෛද්‍ය නිගමනය වී තිබෙන්නේ.
මම රැකියාවක් විදිහට පි‍්‍රන්ට් කෙයාර් ආයතනයේ වැඩ කළේ. ඒත් පුතාව හැමදාම ඉස්පිරිතාලේ ගෙනයන්න ඕන නිසා මම ඒ රැකියාවෙන් අයින් වුණා. සමහර දවස්වලට එළිවෙනකම් මමයි ස්වර්ණයි ඇහැරලා. පුතාගේ ඇඟ කසන නිසා එයාට නින්ද යන්නේ නැහැ. ඇත්තටම දැන් අපි ආර්ථික වශයෙන් හරිම අසරණ තත්වයකට මුහුණ දීලායි ඉන්නේ.”

දැන් මේ පුංචි පුතා ඉන්නේ බහතෝරන වයසේ. ඒ නිසාම හුරතල් කටහඬ වගේම දඟකාරකම්වලින් මේ නිවහන පිරිලා ගිහිල්ලා. ඒත් එය කොතරම් කාලයකටද යන්න හැමෝගේම හිත්වල ඇත්තේ ප්‍රශ්නාර්ථයක් විතරමයි. සිය පවුල මුහුණ පා ඉන්න මේ අසරණකමෙන් ගොඩ එන්න ජීවන ගේ බිරිය ස්වර්ණා නිදහස් ආයුර්වේද බෙහෙත් ශාලාවක රැකියාවක් කරනවා.

එහෙත් විබෝධ පුතාගේ බෙහෙත් හේත් වගේම කිරිපිටි වෙනුවෙන් මසකට රුපියල් දසදහසකට වැඩි මුදලක් ඔවුන් සොයාගතයුතුමයි. තවත් නොබෝ දිනකින් විබෝධගේ ආදරණීය අක්කා පෙරපාසල් යන්නටත් සූදානමින් ඉන්නවා. මේ සියල්ල මැද ඉතාම ඉක්මනින් විබෝධ පුංචි පුතාව මේ ඛේදවාචකයෙන් ගලවා ගත යුතුමයි.

ඒ සඳහා ඔවුන් ඔබෙන් සරණක් බලාපොරොත්තු වෙන්නේ වෙනකළ හැකි දෙයක් ඔවුන්ට නොමැති නිසාවෙන්.
දයාබර පින් සිත් ඇති ඔබේ දෑත් මේ අසරණ පවුල වගේම පුංචි පුතා වෙනුවෙන් දිගු කළොත් මේ දඟකාරකම්වලින් නැවතත් නිවහන සුන්දර වේවි. එහෙම වුණොත් මේ අම්මටයි තාත්තටයි අක්කටයි ආදරයෙන් සිහිපත් කරන්න විබෝධගේ් ළමා කාලයත් ඔවුන් ළඟ ඉතිරිවේවි. ඒ සඳහා සත්තකින්ම ඔබට සරණක් විය හැකි නම් ඒක ඔබ කරන ලොකු පිනක්.

දුරකතන :
0333 - 965959 / 0777 - 161649
 
Last edited:

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
Very nice thread. Thanks all.

I uploaded an album called "Mathrubumi Vandana". U can check it from here.

http://www.elakiri.com/forum/showthread.php?t=259348&page=8
බොහෝම ස්තූතියි මචං
ඔය ත්‍රෙඩ් එක මං දැම්ම සිංදුවක් මෙතනත් දාන්න හිතුවා
සුද්දා නැත්නම් අපේ රටේ කිසි දෙයක් නෑ කියලා හිතන ඔවුන් විසින්ම බෝ කළ කළු සුද්දන් ගේ ක්‍රියා දැකීමෙන් සංවේගයට පත් වෙලා මං ඒ ත්‍රෙඩ් එක බම්ප් කරේ :dull:
අහලා නැති අය අහන්න.සුනිල් එදිරිසිංහ මහත්තයාගේ හඩින් අද බොහෝ දෙනාට නොතේරෙන තේරුම් ගන්න නොහැකි වූ සත්‍යය මේකෙ කියවෙනවා


හත් මුහුදින් සුනිල් එදිරිසිංහ

හත් මුහුදින් එපිට ගුගුරුවා
බත රොයි උගුරු දන්ඩ...
හත් දෙය්යන් බලා ඉද්දි
මහත් වරුනි දන්නවාද සුද්දෝ ආවෙ රට කරන්න...

ඇත්දත් ගම් මිරිස් කුරුදු මැණික් අරන් එතෙර යන්න
ලක් මවුණගෙ දරු පැටවුන් වහල් කමේ තියා ගන්න
වැවු බිඳ රන් කොත බිමලා...............
දාගැබ පිට කොඩි දමන්න
මහත් වරුනි දන්නවාද සුද්දෝ ආවෙ රට කරන්න

යෝධ කදු වළලු වටලා වන හිස මුඩු බිම් කරන්න
කෝපි තේ රබර් වවලා එතෙර ඒ දේසෙට යවන්න
ඉර නොබහින පොළව වටේ................
කතිර කොඩිය ලෙළ දෙවන්න
මහත් වරුනි දන්නවාද සුද්දෝ ආවෙ රට කරන්න...

සත්තු වගේ මඩ කාගෙන දිව කාගෙන බර අදින්න
උත්තම අධිරාජ්ජෙකට ජීවිත පූජා කරන්න
අනේ අපොයි අපිත් ගියා...
පය පාමුල වාල් වෙන්න

හත් මුහුදින් එපිට ගුගුරුවා
බත රොයි උගුරු දන්ඩ...
හත් දෙය්යන් බලා ඉද්දි
මහත් වරුනි දන්නවාද සුද්දෝ ආවෙ රට කරන්න..

මහත් වරුනි පේනවාද අදත් එනවා රට කරන්න

..Sunil Edirisinghe Hath Muhudin Epita Guguruwa..

 
Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
1)Adara wiyo dukin
ma gayana me gee
nuba hata asewa ranahansiye...
Ranahansiye mage ranahansiye...

2)sanehe mal sinapa
oba langa innam ma
ma obei samada...
Hada uyane... Wihagaka se...
Yanawa pem charika...
Mahade pire adaree...
(uresha rawihari)
Ma sindu deka tiyanawanam danna
 
Last edited:
Jan 15, 2009
9,238
368
0
පැටියා;6401238 said:
1)Adara wiyo dukin
ma gayana me gee
nuba hata asewa ranahansiye...
Ranahansiye mage ranahansiye...

2)sanehe mal sinapa
oba langa innam ma
ma obei samada...
Hada uyane... Wihagaka se...
Yanawa pem charika...
Mahade pire adaree...
(uresha rawihari)
Ma sindu deka tiyanawanam danna

Adara Viyo Dukin
Wijaya Bandara Welithuduwa

 
Jan 15, 2009
9,238
368
0
පැටියා;6401238 said:
1)Adara wiyo dukin
ma gayana me gee
nuba hata asewa ranahansiye...
Ranahansiye mage ranahansiye...

2)sanehe mal sinapa
oba langa innam ma
ma obei samada...
Hada uyane... Wihagaka se...
Yanawa pem charika...
Mahade pire adaree...
(uresha rawihari)
Ma sindu deka tiyanawanam danna

Senehe Mal Sina
Uresha Ravihari


 

Kan Kuna

Member
Dec 23, 2009
29
2
0
ඒරොප්පේ
"සද්ධර්ම මකරන්ද පද රශ්මි ජාලා" කියන ගුණදාස කපුගේ ගැයූ, රඹුකන සිද්ධාර්ථ හිමියන් රචනා කල ගීතය ඔබ කවුරු හෝ ලඟ තියෙනවාද?

තෙවැනි වරටත් අසමි.
:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(
 

dhilruk

Member
Oct 22, 2008
339
9
0
KKumara , Ghost Rider sohoyuranan innawanam me Songs oyala langa nathinam ganna, Mata tika dawasakin enna une na, anith aya langath nathnam ganna ,
 
Status
Not open for further replies.