පුoචි පුතේ

Chathura141

Member
Jun 23, 2008
885
86
0
49
අවිස්සාවේල්ල
මගේ සුරතල් පුoචි පුතු ඉපැදුණේ 2009 - 12 -10. එදින මo ගොඩාක් සන්තෝෂ වුණු දවසක්. මටත් වඩා මගේ අම්මයි අප්පච්චියි. මo මේ කවි කීපය ලිව්වේ ඔහු වෙනුවෙන්.

සුරතල් පුතේ නුඹ ඉපැදුණු ඒ දවසේ
පුoචිම පුoචි අඩුවත් මැකුනයි නිවසේ
ඉඳ හිට හඬා වැඩියෙන් නිදියන දවසේ
නුඹ තව චූටි කොල්ලෙකි කිරි කැටි වයසේ

නම ගෙනියන්න සිය පරපුරෙ කුමරු වෙලා
නුඹ එන දවස එන තුරු දසැඟිලි ගැනලා
අත්තප්පච්චි, අත්තම්මා සිටියෙ බලා
නුඹ ඉපදුනේ මගෙ යුතුකම ඉටු කරලා

කිරි අම්මා දුටුව පළවැනි පුතු නෙ ඔයා
පුoචිලා දෙන්නගේ, නැන්දගෙ සතුට ඔයා
අම්මගෙ, අක්කගේ, මගෙ මුළු දිවිය ඔයා
පුතුනේ හැදෙන් අප හැමගේ කවිය වියා
 
nwnbs

Member
ගොඩක් සතුටුයි... :D කවියත් ගොඩක් ලස්සනයි... :D
පුංචි පුතාටත් ඔබ සැමටත් තෙරුවන් සරණයි...!!! :)

(ඔයා සින්හල ලියන්නෙ මධුර එකෙන්නම් බිංදුව ලියන්න q අකුර පාවිච්චි කරන්න. ඔන්ලයින් කන්වර්ටර් එකකින් නම් /n පාවිච්චි කරන්න)
 
සුබ පැතුම්.:) ඒ රන් පැටියා මතු දාක ඔබ සහ ඥාති වර්ගයාට සතුට පමණක් බෙදන තවත් එක් දරුවෙක් නොව රටටත් වැඩදායි මිනිසෙක් වේවා!
 
ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
ඉතාමත් අපුරුවට එලිසමය රැකගෙන ලියැවුන සැබෑ නිර්මානයක් සහෝදරයා..

සර්ව පිත්තල මලින් සරසා හැල්මේ බලු රේස් දුවන්න පුරුදු පුහුනූ කරන එක මෝස්තරයක් වී ඇති නුතන ගෝලීය ධනේශ්වර සමාජය තුල ඔබේ පුතා මඩ ගොහොරුවෙන් පැන නැගි සුගන්ධවත් සුපිපි අරවින්දයක්ම කරගන්නට ඔබට වෙර විර්ය නිරන්තරයෙන් ලැබේවා...

දිගටම නිර්මාන එලි දක්වන්න ...ඔබට ජය...
 
Last edited:

DiLakshika

Member
Nov 24, 2008
3,144
147
0
~~ Kandy ~~
හරිම අපූරුයි

අනේ වාසනාවන් !
පුංචි සුරතලා දවස මේ ලෝකයේ මනුස්සකම් දන්න මනුස්සයෙක් වේවා
 
Chathura141

Member
Jun 23, 2008
885
86
0
49
අවිස්සාවේල්ල
ගොඩක් සතුටුයි... :D කවියත් ගොඩක් ලස්සනයි... :D
පුංචි පුතාටත් ඔබ සැමටත් තෙරුවන් සරණයි...!!! :)

(ඔයා සින්හල ලියන්නෙ මධුර එකෙන්නම් බිංදුව ලියන්න q අකුර පාවිච්චි කරන්න. ඔන්ලයින් කන්වර්ටර් එකකින් නම් /n පාවිච්චි කරන්න)

ස්තූතියි ඔබේ ඇගයීමට.

මම පාවිච්චි කරන්නේ realtime singlish. ඒකෙ /n ගැහුවම වදින්නේ /න් කියලා. ඔයා මාව නිවැරදි කරන්න ගත්ත උත්සාහයට බොහොම ස්තූතියි. මේ වගේ උතුම් ගතිගුණ මම හදවතින්ම අගය කරනවා.
ඔබටත් තෙරුවන් සරණයි!
 
Chathura141

Member
Jun 23, 2008
885
86
0
49
අවිස්සාවේල්ල
සුබ පැතුම්.:) ඒ රන් පැටියා මතු දාක ඔබ සහ ඥාති වර්ගයාට සතුට පමණක් බෙදන තවත් එක් දරුවෙක් නොව රටටත් වැඩදායි මිනිසෙක් වේවා!

ඉතාමත් අපුරුවට එලිසමය රැකගෙන ලියැවුන සැබෑ නිර්මානයක් සහෝදරයා..

සර්ව පිත්තල මලින් සරසා හැල්මේ බලු රේස් දුවන්න පුරුදු පුහුනූ කරන එක මෝස්තරයක් වී ඇති නුතන ගෝලීය ධනේශ්වර සමාජය තුල ඔබේ පුතා මඩ ගොහොරුවෙන් පැන නැගි සුගන්ධවත් සුපිපි අරවින්දයක්ම කරගන්නට ඔබට වෙර විර්ය නිරන්තරයෙන් ලැබේවා...

දිගටම නිර්මාන එලි දක්වන්න ...ඔබට ජය...

හරිම අපූරුයි

අනේ වාසනාවන් !
පුංචි සුරතලා දවස මේ ලෝකයේ මනුස්සකම් දන්න මනුස්සයෙක් වේවා

මගෙත් ලොකුම බලාපොරොත්තුව ඒකයි. ඔයාලගේ ආශිර්වාදය ඒකට ශක්තියක් වේවි. ගොඩාක් ස්තූතියි යාළුවනේ