ප්‍රිය විප්පයෝගය!
ආදරය කියන්නෙ බැදීමක්...ඒ බැදීම තිබිය දී ආදරය කරන කෙනා අහිමි වීම හදවත දවා අලුකරන වේදනාවක් ජනිත කරවනවා... මේ ලෝකෙ හැමෝම පතන්නෙ කවදාවත් තමන් ආදරය කරන අය අහිමි වෙන්න එපා කියල යි. ඒත් ඒ පැතුම ඒ විදියට ම සිද්ධ වේවි ද....! ගැටලුවක්. අපි හිතන්න වත් අකමැති දෙයක්.
===========================================
පුංචි කතාවක් කියන්නම්.
ඔන්න එකමත් එක කාලෙක හිටිය අහිංසක කුරුලු ජෝඩුවක්. ඒ දෙන්න එකිනෙකාට හරිම ආදරෙයි. මේ දෙන්නට තිබුනෙ සුන්දර සිහින ලෝකයක්. ඒ සිහිනෙක පුංචි කැදැල්ලකුත් තිබුණ. මේ කුරුල්ලා ඒ කිරිල්ලි මුණගැහුණට පස්සෙ හිතුවෙ ආයෙ කවුරුවත් ඔන නෑ. මට හැමදේම ලැබුණ කියල. කිරිල්ලිය තමන්ගෙ ජීවිතේ රැක ගන්න, තමන්ට පිහිට වෙන කුරුල්ලට, තමන්ගෙ ආදරේට පණටත් වඩා ආදරේ කළා.

ඒත් දවසක්....!
මේ දෙන්න පාර හරහා ඉගිල ගියේ කැදැල්ලක් තනන්න තැනක් හොයාගෙන. ඒත්...වේගයෙන් ආපු යතුරු පැදියක් මේ දෙන්නගෙ ඇගේ වැදුනා. යතුරු පැදිය දිගටම ගියා. කුරුල්ලයි කිරිල්ලියි විසිවෙලා ගියා. කුරුල්ල ඔලුව උස්සල බලද්දි තමන්ට තුවාල නැති බව තේරුණා. ටිකක් පියාඹල බැලුවා. පියාඹන්න පුලුවන්. "ඒත් කෝ මයෙ කිරිල්ලි....!" හැම තැනම හෙව්ව. අන්තිමට දැක්ක, ඒ පාරෙම අයිනෙ වැටිල
ඉන්නව.
ඉන්නව.
"අනේ දෙයියනේ..මයෙ කිරිල්ලි...!" කුරුල්ලා හඩමින් ළගට ගියා. එයාට තුවාල වෙලා. හරිම පීඩාවෙන් කෙදිරි ගානවා. වටපිට බැලුව. කරකියාගන්න දෙයක් නෑ. කුරුල්ලගෙ මුලු හදවත ම වේදනාවෙන් පිච්චිල ගියා. කරන්න කියල කිසිම දෙයක් නෑ. අන්තිමට කුරුල්ල කිරිල්ලිට කෑම හොයාගෙන ඇවිත් එයාට කවන්න පටන් ගත්ත.
"අනේ මේ කෑම ටික කන්න...දෙයියන්ගෙ නාමෙට මැරෙන්න නම් එපා...ඔය ගලන ලේ නවත්තන්න මට තේරෙන්නෙ නෑ දෙයියනේ...කොහොම හරි සනීප වෙන්න ... මම ඔයා ළගින් ම ඉන්නම්...!"
කිරිල්ලිත් ටික ටික කුරුල්ල ගෙනත් දුන්න කෑම කෑව. ඒත් හරි ම අමාරුයි. කිරිල්ලිටත් ඕන ජීවත් වෙන්න. ඒත් වෙන මොනව කියල කරන්න ද?
ටික ටික කිරිල්ලිට කෑම කන්න අපහසු වුනා. කිරිල්ලිට තේරුණා එයාගෙ ඇග පණ නැති වේගෙන එනව කියල. එයා හෙමීට බිම දිගා වුනා.
කුරුල්ලාට මහා භයක් දැණුනා. මයෙ රත්තරං කිරිල්ලිට මොකක් හරි වුනාද කියල. කකුල් වලින් අල්ලල කිරිල්ලිගෙ සිරුර එහා මෙහා කරල බැලුව. ඒත් කිරිල්ලි කලින් වගේ ඔලුව උස්සල කතා කළේ නෑ. කිරිල්ලි තමන්ව දාල සදහටම යන්න ගියා කියල පිළිගන්න කුරුල්ල කැමති වුනේ නෑ. එයා හිතුවෙ කිරිල්ලිට හොද වෙයි කියල ම යි.
ටික ටික කිරිල්ලිට කෑම කන්න අපහසු වුනා. කිරිල්ලිට තේරුණා එයාගෙ ඇග පණ නැති වේගෙන එනව කියල. එයා හෙමීට බිම දිගා වුනා.
කිරිල්ලිය තමන්ගෙ අවසන් හුස්ම ටික හෙළන්න පටන් ගත්තා. පොළවේ වැතිරී සිටිය දී ම ඇයගෙ සිරුර නිසොල්මන් වුනා. දෑස් පියවුනා. අවසන් සුසුම් පොද වා තලයට මුසු වුනා.
කුරුල්ලාට මහා භයක් දැණුනා. මයෙ රත්තරං කිරිල්ලිට මොකක් හරි වුනාද කියල. කකුල් වලින් අල්ලල කිරිල්ලිගෙ සිරුර එහා මෙහා කරල බැලුව. ඒත් කිරිල්ලි කලින් වගේ ඔලුව උස්සල කතා කළේ නෑ. කිරිල්ලි තමන්ව දාල සදහටම යන්න ගියා කියල පිළිගන්න කුරුල්ල කැමති වුනේ නෑ. එයා හිතුවෙ කිරිල්ලිට හොද වෙයි කියල ම යි.
කුරුල්ල කිරිල්ලිගෙ නිසසල සිරුර අසළින් ඉදගෙන වේදනාවෙන් කෑගහන්න ගත්තා. කිරිල්ලිය නැගිට්ටෙ නෑ. සෑහෙන වෙලාවක් කුරුල්ලා කිරිල්ලිය ළග හිටියා. සෑහෙන වෙලාවක්. ඒත් කිරිල්ලිය නැගිට්ටෙ නෑ. ඒ කිරිල්ලිය මේ ලොකෙන් සදහටම සමු ගත්තා. කුරුල්ලා සිහිනෙකින් වත් නොසිතූ තරම් වේගයකිනුයි තමුන්ගෙ ආදරය බලාගෙන ඉද්දී අහිමි වෙලා ගියේ....!
=======================================
=======================================
ඇත්තට ම මේක කවද හරි සිද්ධ වෙන දෙයක්. අපි ආදරේ කරන අය අපිව මේ ලෝකෙ තනි කරල මැරිල යන දවසක් එනව. නැතිනම් අපිට අපි ආදරේ කරන අය ව තනි කරල මැරිල යන්න වෙන දවසක් එනව. මේ කොයි දේ සිද්ධ වුනත් අපිට ඇතිවෙන්නෙ ඉවසගන්න බැරි දුකක්.
ඒ දවසට මුහුණ දෙන්න ඔබ සූදානම් ද...? ඔබේ සිත ශක්තිමත් ද...? හඩන වැළපෙන දුක් සෝ සුසුමින් අප සැම මුදවා ගන්නා ධර්මය තමයි චතුරාර්ය සත්‍ය ධර්මය. දුක, දුකට හේතුව, දුක නැති කිරීම, සහ දුක නැති කරන මාර්ගය කියන මේ කාරණා හතර සහිත ඒ ධර්මය පුරුදු කළා නම්, එදාට අපි ශක්තිමත්.
අද ඔබ ජීවතුන් අතර....ඒත් හෙට...!
මොහොතක් දෑස් පියාගෙන සිතන්න. ඔබ දුකට මුහුණ දෙන්න සූදානම් ද...! දුකෙන් එතෙර වී වෙනස් වන ලෝකයට මුහුණ දෙනෙ එඩිතර කෙනෙක් වෙන්නේ කවදාද...! තීරණය ඔබ සතු යි. ඖෂධය බිහි වූයේ වසර 2553කට පෙර යි.
=================================
http://dhammamedicine.blogspot.com/2010/01/01.html

මේ වගේ දෙයක් උනාම තමයි ඉතින් දුක දැනෙන්නෙ.. ඒ වෙනකම් අපිට ඕක තේරෙන්නෙ නෑ.. ගැලවීමක් නැති තරමටම බැඳීම්.. "තණ්හාව" 