මාලිගාවත්තේ විහාරස්‌ථානයකින්
ජෙනරාල්ගේ ප්‍රචාරක පත්‍රිකා සමග අවි ආයුධ තොගයක් අත්අඩංගුවට
ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්, චමින්ද සිල්වා සහ නෝමන් පලිහවඩන
මාලිගාවත්ත බෝධිරාජාරාම විහාරස්‌ථානය තුළ සඟවා තිබූ ජනාධිපතිධුර අපේක්‌ෂක ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාගේ ප්‍රචාරක දැන්වීම් පත්‍රිකා සහ අවි ආයුධ, බෝම්බ තොගයක් සමග චීවරධාරීන් දෙදෙනකු ඇතුළු පුද්ගලයන් දසදෙනකු අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීහු කණ්‌ඩායමක් පෙරේදා (23 වැනිදා) සවස සමත්වූහ. එම බළකායට ලැබුණු තොරතුරකට අනුව එම විහාරස්‌ථානය වටකර පරීක්‌ෂා කිරීමෙන් පසු අදාළ සැකකරුවන් හා අවි ආයුධ තොගය සොයාගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අයි.එම්. කරුණාරත්න මහතා "දිවයින"ට පැවැසීය.
මෙම සෝදිසියේ දී අත්බෝම්බ පනස් හතරක්‌ද, දුම්බෝම්බ දෙකක්, ජනාධිපති ධුර අපේක්‌ෂක සරත් ෆොන්සේකා මහතාගේ ප්‍රචාරක දැන්වීම් පත්‍රිකා ටී පනස් හය ගිනි අවි දෙකක්, ටී පනස් හය මැගසින් හයක්, ටී 56 උණ්‌ඩ 120 ක්, මිලි මීටර් 7.6 ජීව උණ්‌ඩ 119 ක්, රුපියල් ලක්‌ෂ දෙකක මුදලක්, මයික්‍රෝ උණ්‌ඩ 7 ක්, මිලි මීටර් නවය උණ්‌ඩ 7 ක්, පුද්ගල හැඳුනුම්පත් කීපයක්, ඡන්ද පත්‍රිකා කීපයක්, සයනයිඩ් කරලක්, සැකකාර හිමි දෙනම විසින් පාවිච්චිකරන ලද ජංගම දුරකථන දෙකක්, ෆ්ලෙන්ටියම් 3 වර්ගයේ අයි. බී. එම්. පරිගණකයක්, වර්ගය හඳුනා නොගත් උණ්‌ඩ 42 ක්, හඬ පටිගතකරන යන්ත්‍රයක්, පොලිසිය විසින් සොයාගෙන ඇතැයි ද හෙතෙම කීය.
මෙම ගිනි අවි හා බෝම්බ කිසියම් කඩාකප්පල්කාරී ක්‍රියාවක් සිදුකිරීමට විහාරස්‌ථානය තුළ සඟවා තබන්නට ඇතැයි පොලිසිය සැක කරයි.පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් මෙහි වැඩිදුර පරීක්‌ෂණ සිදු කිරීමට අපරාධ පරීක්‌ෂණ දෙපාර්තමේන්තුවට භාර දී ඇත.