ර්පාක්ෂික පොදු අපේක්ෂක ජනරාල් සරත් ෆොන්සේකා මහතාට අපහාස වන අයුරින් සකස්කළ රූපවාහිනී වැඩසටහනක් හෙට රාත්‍රියේ ජාතික රූපවාහිනිය ඔස්සේ විකාශණය කිරීමට කටයුතු සකස්කර ඇති බව පොදු අපේක්ෂක මාධ්‍ය ඒකකය මැතිවරණ කොමසාරිස්වරයාට ලිපියක් යොමුකරමින් පවසයි.
මාධ්‍ය ඒකකය පවසන ආකාරයට මෙම වැඩ සටහන ගණිකාවක් යොදාගෙන සකස්කළ ඉතා පහත් ගණයේ වැඩසටහනකි. එය හෙට රාත්‍රී 8.30 ට පමණ ජාතික රූපවාහිනිය ඔස්සේ විකාශණය කිරීමට කටයුතු යොදා තිබේ. මෙම වැඩ සටහන මේවන විට රූපවාහිනියේ 3 වැනි මැදිරි ආලින්දයේ තිබෙන ඩිජිටල් පසු නිෂ්පාදන ඒකකය තුළ සංස්කරණය වෙමින් තිබේ.
මැතිවරණ නීති උල්ලංඝනය කරමින් පොදු අපේක්ෂක සරත් ෆොන්සේකා මහතාට අපහාසවන අයුරින් ප්‍රචාරය කිරීමට සැරසෙන මෙම වැඩ සටහන නතර කිරීම සදහා ගත හැකි සියලු ක්‍රියාමාර්ග ගන්නා ලෙස පොදු අපේක්ෂක මාධ්‍ය ඒකකය මැතිවරණ කොමසාරිස්වරයාගෙන් ඉල්ලා සිටී.