[FONT="]බොදු බැති ගීතාවලියට ඉතාම වටිනා ගීත දායාද කර ඇති බොදු බැති ගී කෙතේ ඉහලින්ම වැජඹෙන නමක් ලෙස මයිකල් පීරිස් මහතා හැඳින්වි හැකිය.[/FONT]
[FONT="]මයිකල් පීරිස් මහතා ගායනා කර ඇති බෞද්ධ බෞද්ධ දර්ශනය හා සම්බන්ධ[/FONT][FONT="]උපදේශාත්මක ගීත වන අතර ඉතා සරල භාෂාවෙන් ලියා ඇති මෙම ගීත බොහෝමයකම පද[/FONT][FONT="]රචනාව සහ සංගීතය කේ. සෙබස්තියන් පීරිස් මහතාගෙනි.[/FONT]
අපි අතරේ නිතරම රැව් දෙන "සංසාරේ බවේ දුකා, කවාලා විළඳ ජාතී," සහ නිතර අසන්නට නොලැබෙන " තනිවයි උපදින්නේ, මේ ගම්මානෙට, බෝධී සතා පුරාණේ, නින්දා ප්‍රශංසාව, රුව වඩා සුවඳ තවරා, මහ මායා බිසෝ කුසෙහි, කැළේ ගිජීදා ය වනසනවා, යන ගීත මෙතුමා අපට දායාද කළ වටිනා ගීත වලින් කිහිපයකි.
මෑත කාලයේ ඇතිවූ ගීත විකෘති කිරීමේ කලාවට මේ වටිනා ගීතද අසුවී තිබීම නම් ඉතාමත් කනගාටු දායක තත්වයක්.
විකෘති සංගීතයට ඉතාම අපහසුවෙන් මෙම ගීතද පැරණි තනුවෙන් පිට ගායනා කර ඇති අතර, ගායකයා බෙහෝවිට අදලා ස්වරවල පිහිටා ගායනා කිරීමට සිටීමට උත්සහා කළත්, සංගීතය සපයන්නන්ගේ මේ ගීත ගැන ඇති නොදැනුවත් කම සහ ඒවායේ වටිනාකම ගැන අබවෝධයක් නැති කමත් නියමෙටම මිශ්‍රකර ඉතා වටිනා ගීත සමුච්චියක් ඒවායේ අර්ථය සහ ගායකයාගේ නම පමණක් ඉතිරි කොට අපගේ නව පරපුර වෙනුවෙන් නිකුත් කර ඇත.
ගීතයේ අර්ථය හා සංගීතය අතර කිසිම ගැලපීමක් නැති ගීත අසමින් සිටිනා නව පරපුරට නියම තත්වයෙන් ඇති මේ වටිනා ගීත කිහිපය ලබා දෙන්න හිතුණා.
මෙවන් අසාහාය කළාකරුවන් ගායනා කළ අමා දහම් බිඳුවැනි වටිනා මෙවැනි පරුණි ගීත ඒ ආකාරයෙන්ම ඔබ සතුව ඇත්නම් ඒවා මේ සියළු දෙනා සමග බෙදා ගන්නා ලෙසන ඉල්ලා සිටින අතර, එය ඔබ විසින් සිදු කරනු ලබන මහඟු පුණ්‍ය කර්මයක් වේවි.
අපගේ බොඳු බැති ගී කෙතට සම්පතක් වූ මයිකල් පීරිස් මහතා වැනි කළාකරුවන්අප රටේ සිටීම අප ලද වාසනාවකි.
ඔබ සැමට තෙරුවන් සරණයි!
[FONT="]බෝධී සතා පුරාණේ....[/FONT]
[FONT="]චුල්ල පදූම කාලේ.....[/FONT]
[FONT="]කොටෙකුට ආලේ බැඳලා[/FONT]
[FONT="]රජිඳා මරන්ට සිතලා[/FONT]
[FONT="]කන්දෙන් හෙලා දමාලා[/FONT]
[FONT="]සුවසේ ගියේ කොටා[/FONT], [FONT="]ලා[/FONT]
[FONT="]කාන්තාරෙදී පිපාසේ[/FONT]
[FONT="]නිවනා ලෙසින් බිසවගේ[/FONT]
[FONT="]දුන්නේ උරේ පළාලා...[/FONT]
[FONT="]සලකා කෘතෝපකාරේ...[/FONT]
[FONT="]බෝධී සතා පුරාණේ[/FONT][FONT="]
මයිකල් පීරිස්[/FONT]
(Original Music)
Bodhi Satha Purane
Micheal Pieris