අපි පරාදයි

Anjala_88

Member
Oct 25, 2009
5,803
446
0
ƃuoႨәq ! әɹәႡʍәɯos
නියමයි..! අපිට ඕන මෙවැනි අදහස් මිසක් කල්ලි වලට බෙදිලා වාද කර ගන්න ඒවා නෙමේයි...අපි ඇත්තටම දිනුවද?? ඇත්තෙන්ම නැහැ... අපි ආයෙමත් මුල් තැනමයි අමතක කරන්න නරකයි... මිනිස්සුන්ගේ හිත් වලින් මැකිගෙන යන ඒ ඉලාම් සිතියම අයේ අයේත් ඈදීමේන් තවමත් සිහින දකින අයට මේක් හොද අවස්ථාවක් වෙන්න පුලුවන් ජනතාව අවුස්සන්න...එදා රට නිදහස් කරන්න උර දුන් විරුවෝ දෙන්නම අද බලතල වලට රණ්ඩු කරගෙන අයෙමත් රට දෙකට බෙදිලා මඩ නා ගන්නවා...මොකක් වෙනුවෙන්ද මේ?? හැම දෙකදීම කල්ලි බෙදෙන මිනිස්සුන්ගේ ආකල්ප වලයි වෙනසක් ඇති වෙන්න ඕන...තරුණ පරම්පරාව හැටියට අපේ වගකීම වෙන්නත් ඕන මේ නිදහස් කරගත් අපේ මව්බිම ආයේ දෙකඩ වෙන්න ඉඩ නොතියන එකයි...:yes: rep+
 
Jul 24, 2008
1,633
33
0
කවුරු දිනුවත් අපි පරාදයි කියන මතයෙ මම ඉන්නෙ ඇයි දන්නවද ?

මේ අමන දේශපාලන කරළියේ රටට ආදරය ඇති එකෙක්වත් නැති නිසයි. එන උන් එන්නේ උන්ගෙ මල්ල තර කරගන්න බලාගෙන මිසක් රටට ඇති ආදරයකට නෙමේ.....
පටන් ගත්ත දවසේ ඉදන් අද වෙනකම්ම සිද්ධ උනෙත් සිද්ධ වෙන්නෙත් ඕකමයි....මොකා ආවත්

එක්කො මේ රටට සැබෑවටම සේවය කරන්න කැමති එකා දේශපාලනයට එන්නෙ නෑ. නැත්තම් ඌ තාම ඉපදිලා නෑ....:yes::yes:

බලේ හිගාකාල උන්ගෙ මඩි තර කරගන්න මේ අමන දේශපාලනය නැතිඋන දවසට අපිත් දිනුම් රටත් දිනුම්....
:yes::yes:

nirmane wagema me comment ekath godak hodai..meka thamai sabama thathwaya...subapatum saho!!!
 

cspmaxx

Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    මේකයි සහෝ.. ඔයා ඔය එලියට අරගෙන තියෙන්නේ අළු යට තියෙන ගින්දරක්...

    මේ කාරණය ගැන අපේ නායකයෝ බලන්නේ හරිම පටු විදිහට. අවුරුදු 30 ක් තිස්සෙ විදවපු යුද්ධය ඇති වෙච්චි හේතුවත් නායකයන් සුළු ජාතීන්ගේ ඕනෑ එපාකම් එක්ක සෙල්ලම් කරපු හින්දයි.. සිංහල දෙමළ දෙගොල්ලන්ගෙම නායකයන්...

    සහෝ හැමදාමත් වගෙ කියන්න ඕනේ දේ කියලා තියෙනවා.. ඒ වෙනුවෙන් මගේ ආචාරය සහෝ...

    අපේ නායකයො හැමදාම කලේ තමන්ට බලය ලබා ගන්න දුර දිග නොබලා කටයුතු කරපු එක දැන් කරන්නෙත් ඒක.
    ජාතිවාදය දෙගොල්ලොම අවුස්සනවා

    බොහෝම ස්තුතියි සහෝ..
     
    • Like
    Reactions: Mindada hee sara..

    Meeeharaka

    Member
    Mar 5, 2009
    1,322
    154
    0
    Piliyandala
    Machan Mama Jafna giya ban,dawas 4kin witara awe eye,machan etta seen eka terum ganna mama hitanne somiyata hari A9 eka dige gihin ehe tamil jeewita diha balala enna one kiyalai.
    Api hitana widiha weradi ban,e minissu patta widihata telenawa ban....dekkama patta dukak ethi wenne....
    katandare henama wenas ban...ube kawiya etta tamai...eth machan e jeewita es dekenma dekkama oluwa wikarama wenawa ban..
     

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    මොනව කරන්නද?...... මේ ගැටළුව දිහා වගකිවයුතු හැමෝම (හැමෝම කියන්නෙ රටේ ජනතාවත් ඇතුළුව) හරියට ඇස් ඇරල බලනකම් ..... බලලා පවතින තත්වය වෙනස් කරන්න පියවරක් ගන්නකම් අපි පරාදයි.

    අපූරු කාලෝචිත නිර්මාණයක්........

    + රෙප්

    ඇත්තටම මේක අපේ සිතිවිලි වල ඉදන්ම වෙනස් කරගෙන මුහුණ දිය යුතු ප්‍රශ්නයක්

    එහෙම නැතිවුනොත් අපි ආයෙමත් පරාදයි.

    බොහෝම ස්තුතියි ඔයාට
     

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    2009 මැයි 18 මකලා දැම්ම ඊළාම් සිතියම ආපහු ඇතිවෙලා තියෙන්නේ නිකන්ම නෙවෙයි කියලයි මට හිතෙන්නේ. ඒවට විශාල හේතු තියනවා. රටේ බහුතරයකට පුලූල් මතයක් නැති එක ඒකට එක හේතුවක්. ඒ දුබල කමින් ප්‍රයෝජන ගන්න බලාගෙන ඉන්න. ඩොලර් කපුටෝ ඒකට තව හේතුවක්. කවුරැ දිනුවත් අපි පරාදයි කියන මතයට මට නම් එකගවෙන්න බෑ කොහොමත්. ඒක හරියට රට යකාට ගියත් අපිට මොකෝ කියන සිතුවිල්ලට යම් තරමක සමානකමක් තියනවා කියලයි මට හිතෙන්නේ.
    දේශපාලනය මෙහි සාකච්ඡා නොකලත් අද රටේ පෙර නොවූ විරෑ ලෙස ජාතිකත්වය, ජාත්යානුරාගය ඉස්මතු වෙලා තියෙන අවස්ථාවක්. මෑත ඉතිහාසයේ මේ සා හැගීමකින් රට අවධි වුනේ සුනාමි ව්යසනයෙන් අපි බැට කෑ අවස්ථාවේ විතරයි කියලයි මට හිතෙන්නේ. නමුත් වත්මන අප මාතෘ භූමිය පෙර නොවූ විරෑ අභියෝග රැසක් ජයගෙන ඉදිරියට යන අවස්ථාවක මිය ගිය ඊළාම් සංකල්පය යලි කරලියට ඇදෙන්නේ ප්‍රභල හේතු සාධක සහිතව බව මා හැගීමයි. එමනිසා ලක්වැසියන් හෝ ලක්බිමේ උපත ලද අප භූමියට සැබෑ ආදරය දක්වන දනා වඩාත් පුලුල්ව මෙම ගැටලුව සංවාදයට ලක් කිරීමට මෙය කාලය වනු ඇත...

    නිර්මානයක් ලෙස මෙය ඉදිරිපත් කර ඒ තැත දැරීමට ඔබ ගත් උත්සාහය අගය කරමි.....




    මෙහෙමයි සහෝ මෙතන තියෙන ගැටළුව තමයි දැන් ඊළමක් ගැන කතා කරන්නෙ අපේ කට්ටිය.හුදෙක් පටු දේශපාලනික වාසි වලට.අපි මහ ජාතිය වශයෙන් කල යුත්තේ ආපහු වෙන් වීමේ අදහස් සුළු ජාතීන් වල හිත් වලට ඇතුළු කිරීම නෙවෙයි නේද.අපිත් එක්ක එකම රටක සහෝදරත්වයෙන් ජීවත් වෙන හැගීමයි අපි ඇති කල යුත්තේ.
    මේ සම්බන්දව ගන්නා විසදුම ගැන මහ ජාතියෙ බහුතර මතයට සුළු ජාතීන් වල බහුතර මතය එකග විය යුතුමයි.
    ඇත්ත හැමෝගෙම හිත් වල ජාත්්‍යානුරාගය වැඩි වෙලා තමයි.ඒත් ඒක වැරදි විදිහට යෙදුවහොත් අපි ඉතිහාසයෙන් පාඩම් ඉගෙන නොගත්ත ජාතියක් වනු ඇත.


    බොහෝම ස්තුතියි සහෝගෙ අදහසට.
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    අවුරුදු තිස් ගනනක් ඊලම් සංකල්පයෙන් ඔලු සහ මොල ඔද්දල් කරගත්තු, උතුරේ දමිල ජනතාවත් ඔවුන්ගේ දු දරුවොත් වැරදි නායකත්වයක් යටතේ ජීවිත පූජාවෙන් ගොඩ නගන්න හදපු සිහිනය තවමත් ඔවුන්ගේ මනසින් සහමුලින් බොඳ වී ගිහින් නෑ...

    ඒකට හොඳ ඌණ පූරණයක් තමයි මෑතකදී නිමා කල මැතිවරනයේදී ඔවුන් බහුතරයකගේ මතය හා කැමැත්ත ප්‍රකාශ කල අන්දම..

    මේ පටු දේශපාලන වාසි හා ඊලම් සිහිනය නැවත අපේ රටේම තවත් පරපුරකින් වෙන ස්වරූපයකින් අපේ මාතෘ භූමිය තුල ස්ථාපිත කරන්නට බලවත් රටවල බලල් හස්තයන් දැනටමත් මහා පරිමානයෙන් පිඹුරුවත් සකස් කොට අවසන්...

    අපි එකාවන්ව අපිට රටක් ඉතුරු කරගන්න නම් නැගී සිටිය යුත්තේ හා සටන් කල යුත්තේ එතැනටයි..අදට වඩා තවත් සුදුසුම කාලයක් එයට නැත..

    පාට හා පක්ෂ සමඟ මෙය කිසිදා කල නොහැක්කක්.... ඇවැසි වන්නේ බහුතරය සන්ධානගත වී සුළුතරයේ වැඩි දෙනාගේ සහයෝගය මතින් ජාතික චින්තනයකින් හෙබි ජාතික පාලනයක් ඇති කිරීමයි........

    නැත්නම් අපේ මේ නිර්මානකරුවා කියා තිබෙන අන්දමට දිනුවත් අපි හොඳටම පැරදුම්..

    දිනල තියෙන්නේ විජාතික බලවේග විතරයි.....

    අපිට එදා තුවක්කු අතට ගත්තු බෙදුම්වාදීන් පිරිසක් වෙනම ලේබලයකින් LTTE නමින් හදූන්වා දෙන්න පුලුවන් කම තිබුනා...

    නමුත් අද වෙනකොට තුවක්කුව අතේ නැතත් ඊට එහා ගිය බිහිසුනු මනෝ මුලයන් රැසක් සිත්හී දරාගත් බෙදුම්වාදීන් පිරිසක් ප්‍රජාතන්ත්‍රවාදී පාර්ලිමේන්තු රාමුවට සැඟව ඒ තුල අපිට වින කටිමින් සිටිනා බව අපි ඔක්කොම අමතක කරලා..

    ප්‍රබල යුරෝපා,අමෙරිකානු හා
    ස්කැන්ඩිනේවියානු විජාතික බලවේගයන්ගේ සෘජු මෙහෙයවීම තුලින් පාර්ලිමේන්තුවේ ඉඳගෙනම ප්‍රභාකරන්ට තුවක්කුවෙන් ලබා ගන්නට බැරි වූ ඊලම කොයි ආකාරයෙන් හෝ ලබා දීමට කැස පට කවනා TNA සාමාජිකයින් සහ මනෝ ගනේෂන් වැනියවුන්ගේ සංවිධාන මේ අතර ප්‍රධාන භූමිකා රංගනයක අති සාර්ථක අන්දමින් යෙදී ඉන්නවා.....

    මොවුන් නියෝජනය කරන්නේ දෙමල බහුතරයකගේ ඉල්ලීම්ද නැත්නම් විජාතික කෝටිපති සංවිධානවල පරමාර්ථයන්ද? මෙය උතුරේ අය පවා නොමග යැවීමක්......ඔවුන් කරන්නේ හා කරමින් ඉන්නේ සදාකාලයට උතුරේ අහිංසක ජනතාවගේ ඇස් සිහිනයකින් බැඳ තැබීමක්.....

    මේවාට එරෙහි නොවී අපේ සිහල ජාතික බලවේග එදත් කලේ අදත් කරන්නේ පේන්න තිබුනත් ඇස් වහගෙන අත් පොරවගෙන ඉන්නා පිලිවෙතක් අනුගමනය කිරීමයි..එහෙම කරන්නේ එයින් කෙලින්ම තමන්ගේ මඩියට වෙන හානිය ගැන හිතලා හා දැනට ඔවුන් ඉන්නා පැන්ටසියෙන් මිදෙන්න ඇති බලවත් නොකැමැත්තත් නිසා....

    ප්‍රජාතාන්ත්‍රික වෙසින් පෙනී සිටිනා මෙම සුලුතර පක්ෂ විජාතික බලවේගයන්ගේ ඩොලර් කුට්ටි සිතු හැටියට අත දිගුකර සිමාවක් නැතිව බෙදා දෙමින් හා අනිසි ලෙස රට තුල පරිභෝජනය කරමින් ඔවුන්ගේ සිහිනයට වෙනත් අයුරකින් පන දෙන්නට අපේ මහතරය හා අනෙකුත් සුළුතර කොටස් ලවා මේ කාර්ය කරගන්නට උගුල අටවමින් ඉන්නා තීරණාත්මක මොහොතක්....

    අප රටක් වශයෙන් දිනන්න නම් දැන් වහ වහා කල යුත්තේ අවතැන් වී සිටිනා උතුරේ පිරිස් ඉතා කඩිනම් පිලිවෙත් යටතේ පුනරුත්ථාපනය කොට ඔවුනට ඇවැසි රැකියා ලබා දෙමින්..ජීවනෝපාය මාර්ග පුළුල් කරමින්.. බහුතරය සතුව ඇති මහා සම්පත් එක පිලකට බෙදීමකින් තොරව සමානාත්මතාවයෙන් ඔවුනතර බෙදා දී එකම රටක් ගොඩනැගීමේ ජාතික කර්තව්‍යයට කෙලින්ම ඔවුන්ව සම්බන්ධ කරගැනීමයි..එහිදී විශේෂයෙන් සැලකිල්ලට භාජනය කල යුතු වන්නේ අපේ සිංහල පවුල් උතුරේත් පදිංචි කරවමින් පුරාණ ඉතිහාසයේ කලා මෙන් සශ්‍රීක ගොවි ජනපද බිහිකරවා ඔවුනතර සාමය හා සහජීවනය වැපිරිමට කටයුතු කිරීමයි..එවිට එම පවුර කිසිවෙකුට කිසිදා බිඳිය නොහැකි වනු ඇත...

    ඉතාමත් කාලෝචිත සංවාදයකට නිමිත්තක් ලබා දුන් ඔබේ මේ නිර්මානය මා ඉතා අගේ කොට සලකමි....

    විය යුත්තේ මෙවන් අදහස්..මත..ප්‍රකාශ මෙවන් විවෘත වේදිකාවකින් කරලියට ගෙනැවිත් හරි මතය හා හරි අදහසට සැමගේ සහයෝගය ලබා දීමයි..

    අතීතයේ යුද්ධ හා අරගල තිබූ හැම රටක්ම අද ලබා තිබෙන දියුණුව ලඟා කර ගෙන ඇත්තේ තමන්ට වඩා රට පෙරට දා සිතීමෙ මහඟු වැඩ පිලිවෙල නිසයි...

    අද දවසේ අපේ රටට ඇවැසි වන්නේ උගතුන්ට වඩා බුද්ධිමතුන් පිරිසකි....

    අපිට එක්සත් රටක්!! ජය වේවා!!



     
    Last edited:

    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග


    මේ පටු දේශපාලන වාසි හා ඊලම් සිහිනය නැවත අපේ රටේම තවත් පරපුරකින් වෙන ස්වරූපයකින් අපේ මාතෘ භූමිය තුල ස්ථාපිත කරන්නට බලවත් රටවල බලල් හස්තයන් දැනටමත් මහා පරිමානයෙන් පිඹුරුවත් සකස් කොට අවසන්...


    සහතික ඇත්ත

    :yes::yes::yes:
    එය විටක දේශප්‍රේමි වෙසිනුත් තවත් විටක
    විජාතික වෙසිනුත් කරළියට එනවා
    බුද්ධිය අවශ්‍ය වන්නේ එවිටයි
    පටු හැගීම් වලට වහල් වෙනවාද නැද්ද
    (මෙය එක් උදාහරණයක් පමණයි - බුද්ධීයට)
    ලංකාවට හොදටම වැරදුනේ 58 යුගයේ
    රාජ්‍ය භාෂාව සිංහල කිරිම නිසා
    එය කරපු කෙනාත් ඔහුගේ දරැවන් 3 දෙනාට ඉංග්‍රීසි අධ්‍යාපනය දුන්නේ
    ඉතින් 58 දරැවන් අනාථයි ඔවුන්ගේ දරැවන් ගොඩ
     
    Last edited:

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    කවුරු දිනුවත් අපි පරාදයි කියන මතයෙ මම ඉන්නෙ ඇයි දන්නවද ?

    මේ අමන දේශපාලන කරළියේ රටට ආදරය ඇති එකෙක්වත් නැති නිසයි. එන උන් එන්නේ උන්ගෙ මල්ල තර කරගන්න බලාගෙන මිසක් රටට ඇති ආදරයකට නෙමේ.....
    පටන් ගත්ත දවසේ ඉදන් අද වෙනකම්ම සිද්ධ උනෙත් සිද්ධ වෙන්නෙත් ඕකමයි....මොකා ආවත්

    එක්කො මේ රටට සැබෑවටම සේවය කරන්න කැමති එකා දේශපාලනයට එන්නෙ නෑ. නැත්තම් ඌ තාම ඉපදිලා නෑ....

    බලේ හිගාකාල උන්ගෙ මඩි තර කරගන්න මේ අමන දේශපාලනය නැතිඋන දවසට අපිත් දිනුම් රටත් දිනුම්....

    ඒක නම් සම්පූර්ණ ඇත්ත.
    අපේ දේශපාලකයින්ට රට ගැන ජනතාව ගැන හැගීමක් තියෙන්නේ විපක්ශයේ ඉන්න කොට විතරයි.
    බලය ලැබුනාම ඔවුන්ට ඇති වෙන්නෙ තමන් ගැන ආලය.
    අපි ඔතනට ගියත් අපිටත් වෙන්නෙ ඔය ටික මයි කියලයි මට හිතෙන්නෙ....
     

    sri_lion

    Member
    Sep 14, 2006
    12,908
    102
    0
    Kuala Lumpur
    ජන්ද කාලෙ දාගෙන හිටපු පාට පාට කණ්ණාඩි ගලවල මේක කියවන්න..



    Mama nang meka piliganne na... e ai kiyala mama wena thread eka ka deergawa kiwwa..

    Ketiyen kiyanawa nang.. 70% ka tath wada Sinhala minissu saha anikuth jaathyeen inna rate 15% demala chanda hambune na kiyala, Maha jaathiya wena Sinhalayo paraadai kiyana eka therumak nathi kathawak!

    70% ka maha jaathieen ge balaya hondatama athi yamak karala pennana, maha jatheenge mathayata sulu jaatheen ekanga wela okkoma 100% perfect wena kal inna giyoth ithin hama daama bakan nila gena inna thama wenne! :lol:

    True fact is majority and minority will always have their differences (that's what makes them a minority and a majority in the first place), if minority isn't interested... majority has got to make a move! as simple as that!
     

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්


    එහෙම දවසක් කවදාවත් එන එකක් නැහැ
    "එක්කො මේ රටට සැබෑවටම සේවය කරන්න කැමති එකා දේශපාලනයට එන්නෙ නෑ. නැත්තම් ඌ තාම ඉපදිලා නෑ...."
    එහෙම නැත්නම් ඌට ඉපදෙන්න දෙන්නේ නැහැ

    :yes::yes:
     

    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    ජන්ද කාලෙ දාගෙන හිටපු පාට පාට කණ්ණාඩි ගලවල මේක කියවන්න..
    එහෙම කියන්නෙ කොහොමද මන් අදුනන සමහර මුස්ලිම් , දෙමළ යාළුවො හිටියා මහින්දට ඡන්දෙ දීපු .. අනික එස් එෆ් ට සිංහල මිනිස්සුත් සැලකිය යුතු ප්‍රමාණයක් ඡන්දෙ දුන්නනෙ ... මේක පදනම් විරහිත කතාවක්
    මෙහෙම උනු එකට හේතුව මේකෙ කලින් කියල තියෙන හේතුවම තමා ...බහුතරයක් සුළු ජාතීක ජනතාව පාට කන්නාඩි වලින් බැලීම
    :rolleyes: