--මහරජ ගැමුණ---

tchin123

Well-known member
  • May 29, 2009
    1,607
    72
    48
    44
    Colombo
    ජයන්ත චJද්‍රසිරිගේ

    මහරජ ගැමුණු
    සිනමා තිර රචනයේ නවකතා පරිවරතනය

    http://www.divaina.com


    යම් විහාරාරාමයක්‌ තුළ මහත් චිත්ත ඒකාග්‍රතාවකින් යුක්‌තව පිරිත් සඡ්Cධායනයේ යෙදෙන භික්‍ෂුන් පිරිසකි.

    ගිරිමානන්ද සූත්‍රයට අයත් මේ පිරිත් ඛණ්‌ඩවල සිංහල අර්ථය මෙසේ යත

    "..... ආනන්දයනි, මේ සස්‌නෙහි මහණවලට ගියේ වේවා, රුක්‌ මුලට, ශුන්‍යාගාරයට ගියේ වේවා, මෙසේ නුවණින් සලකව්. රූපය අනිත්‍යය, සංඥ අනිත්‍යය, සංස්‌කාරයන් අනිත්‍යය, විඥනය අනිත්‍යය, මෙසේ මේ පංච උපාදානස්‌කන්ධය අනිත්‍ය පදනම් කොට පවතියි.

    ආනන්දයනි, මෙය අනිත්‍ය සංඥ යෑයි කියනු ලැබේ.

    අනිත්‍ය සංඥාව මෙනෙහි කරන භික්‍ෂුන් වහන්සේගේ මේ ගම්භීර ස්‌වරයන් පැමිණෙන්නේ තිස්‌සමහාරාම විහාර සංකීර්ණය තුළ පිහිටි සිලාපස්‌සය පිරිවෙන තුළිනි.

    (රුහුණු රාජ්‍යයේ අගනුවර වූ මාගම ප්‍රදේශයේ පිහිටි සුදෝ සුදු තිස්‌සමහාරාම දාගැබ ඇතුළු විහාර සංකීර්ණය ගෞතම බුදුන් වහන්සේ මෙරටට වැඩම වූ ස්‌ථාන 16 න් එකක්‌ ලෙස සැලකෙයි. 10 වැනි සියවසට අයත් කිරින්ද සෙල් ලිපිය සඳහන් කරන්නේ මෙහි බුදුන් වහන්සේගේ යටි වම් දළදාව නිදන් කොට ඇති බව ය. විහාරය ඉදිකරන ලද්දේ ගැමුණු මහ රජුගේ පියාණන් වූ කාවන්තිස්‌ස රජතුමා විසින් යෑයි මහාවංශය සඳහන් කළත්, හෙන්රි පාකර්ගේ විශ්වාසයට අනුව එය කාවන්තිස්‌ස රජුගේ මුත්තා වූ ද, දේවානම්පියතිස්‌ස රජුගේ සොහොයුරකු වූද, මාගම රාජධානියේ නිර්මාතෘවරයා වශයෙන් සැලකෙන මහානාග යුව රජුගේ නිර්මාණයකි.)

    පිරිත ඇසෙන නො ඇසෙන දුරක සිට විහාර සංකීර්ණය වෙතට ගමන් ගන්නා ජවාධික සුදු අසුන් සිව්දෙනකු යෙදූ අශ්ව රථයත් ඒ පසු පස හැල්මේ යන ආරක්‍ෂක අශ්වාරෝහකයන් පිරිසත්ල ඊට පසුපසින් නොයෙකුත් බඩු භාණ්‌ඩ රැගෙන ගමන් ගන්නා අනෙක්‌ අශ්ව රථයත්ල දුරට විහිදුණු මාර්ගයේ තැනින් තැන දූලි වලා නංවයි.

    රන්මිණි කිකිණි දැලින් සරසන ලද පළමු අශ්ව රථය තුළවනල තරමක්‌ උස පර්යංකයක සිටින්නී තරුණ අභිශවෙර (විහාර මහා දේවි) කුමරියයි. කාවන්තිස්‌ස රජුගේ අග බිසවයි.

    බැලූ බැල්මටම පුන්‍ය මූර්තියක ස්‌වරූපය ප්‍රකට කරන චාරු දේහයකින් යුත් නව යොවුන් කාන්තාව අශ්ව රථයේ තමන්ට පහළ පර්යංකයක සිටිමින් තමා දෙස බලා සිටින සේවිකාවන් නොතකාම තමන්ටම මුමුණා ගන්නීය, ඒකපාත්‍ර භාෂණයක යෙදෙන්නීය.

    "අනේ පොඩි හාමුදුරුවනේ මගෙ පුතා වෙලා ඉපදෙන්න කැමති වෙන්න."

    වේගයෙන් දිවෙන රිය සක්‌ හඬට මුවා වී ඇය දිගටම මුමුණන්නී ය.

    "අනේ පොඩි හාමුදුරුවනේ මගෙ පුතා වෙලා ඉපදෙන්න කැමති වෙන්න."

    සිලාපස්‌සය පිරිවෙන ඇතුලේ කුඩා ශාලාවේ සයනයක දස හැවිරිදි සුමන සාමණේරයෝ සැතපී සිටිති. ඉතා අසාධ්‍ය තත්ත්වයේ සිටින උන්වහන්සේගේ දෙනෙත් පියන් අප්‍රාණිකය. එහෙත් එහි රැඳී තිබෙන අවධානයකි.
     
    • Like
    Reactions: nwnbs and panchaz

    tchin123

    Well-known member
  • May 29, 2009
    1,607
    72
    48
    44
    Colombo
    භික්‍ෂුන් වහන්සේ නොකඩවා පිරිත් සCධායනයේ යෙදෙති.

    විහාර සංකීර්ණය තුළට ඇතුළු කෙරෙන අශ්ව රථයේ අශ්වයෝ නතර කරනු ලැබෙත්.

    සේවකයන් විසින් විවර කරන ලද අශ්ව රථයේ දොරින් විහාර මහා දේවිය බිමට බසින්නීය. ඇයගේ මිරිවැඩිවලින් තොර දෙපා පිළිගැනීමට විහාර සංකීර්ණයේ සුවිමල පුලිනතලාව සූදානම් සේ ය.

    රජ බිසවට ආරක්‍ෂාව සලසන සන්නද්ධ ආරක්‍ෂකයන් තම සුපුරුදු ආරක්‍ෂාවරණයට සූදානම් වන අතර පරිවාර සේවක සේවිකාවෝ භාජන ආදී නොයෙක්‌ දෑ රැගෙන විහාරමහා දේවිය පසුපස යන්නෝය.

    ඵ ඵ ඵ ඵ ඵ ඵ

    තුනී සම් වෙළුමක්‌ සහිත පළිඟු කාචයක්‌ එක ඇසක රඳවාගෙන පැරණි පුස්‌කොල ලේඛනයක්‌ කියවමින් දික්‌සඟලා පුටුවක සිටින සිලාපස්‌ස පිරිවෙනේ මහා ස්‌ථවිරයන් වහන්සේ තමා ඉදිරියේ වැඳ නමස්‌කාර කරන විහාර මහා දේවිය දෙසට හැරෙයි.

    "අදත්?"

    විහාර මහා දේවිය නිහඬව එහෙත් අධිෂ්ඨාන පූර්වකව හිස සොලවනවා පමණි.

    මහාසිව මහා ස්‌ථවීරයෝ පළිඟු කාචයත් පුස්‌කොල පොතත් වුවමනාවට වැඩි ප්‍රවේශමකින් අසල මේසයේ පසෙකින් තබා නැඟී සිටිති

    "සුමන සාමණේර තැනට අද හොඳටම අසාධ්‍යයයි."

    ආවාසයෙන් එළියට පැමිණෙන මහා ස්‌ථවිරයන් පසුපසින් විහාරමහා දේවිය ගමන් ගන්නා අතර අනෙක්‌හු තමන් රැගෙන ආ නොයෙකුත් දෑ සමග ආවාසය තුළට ඇතුළු වෙති. දේවියත්, ස්‌ථවිරයනුත් පමණක්‌ වෙනත් ශාලාවක්‌ කරා ගමන් කරනු පෙනේ.

    ශාලාවට ඇතුළු වන විහාර මහා දේවියත්, ස්‌ථවිරයනුත් දෙස සඡ්Cධායනයේ යෙදෙන භික්‍ෂුහු නොබලති.

    ගිලන් සාමණේරයන්ට මඳක්‌ මෑතින් නතර වන මහා ස්‌ථවිරයෝ දේවියට ඉදිරියට යන ලෙසට සංඥ කරති.

    සුමන සාමණේරයන් සැතපී සිටින සයනය අසල බිම වාඩි වන දේවිය උන්වහන්සේට නමස්‌කාර කරයි. සාමනේරයෝ සුපුරුදු හිස්‌ බැල්මෙන් ම සිටිති.

    විහාර මහා දේවියගේ දෙනෙත් කඳුළින් තෙත් වෙයි. අපහසුවෙන් විවර වූ මුඛයෙන් ඇය යමක්‌ පවසනවාද නැද්ද කිසිවකුට ඇසෙන්නේ නැත. ඒ පිරිත් සඡ්Cධායනයේ හඬ නිසාම නොවේ.

    "අනේ පොඩි හාමුදුරුවනේ මම තුන්වැනි වතාවටත් ඉල්ලා හිටිනවා මගෙ පුතා වෙලා ඉපදෙන්න..... ඔබ වහන්සේ සාමාන්‍ය කෙනෙක්‌ නොවෙයි, හැමෝම එපා කියද්දීත් අනෙක්‌ අය වෙනුවෙන් වෙහෙසිලා වැඩ කළා. මගේ දෑහින් දැක්‌ක ආකාශ චෛත්‍යයට තනියම ගල් අදිනවා. ඒල සමහර විට මේ සංසාරය කියන මහා ගල ඇදීම නතර කිරීමට ඔබවහන්සේ තෝරාගත් භාවනාව වෙන්න ඇති. ඒත් දැන් තෙවැනි වතාවටත් අම්මා කෙනෙක්‌ ඇවිත් ඔබවහන්සේගේ භාවනාවට බාධා කරනවා වැළහින්නක්‌ වගේ..."

    සාමණේරයෝ යන්තම් අතක්‌ සොලවා තමන්ට නො ඇසුණු එහෙත් හොඳින්ම දැනුණු ඇයගේ ආයාචනය නවත්වති.

    දැඩි චිත්ත ඒකාග්‍රතාවකින් යුතුව පිරිත් සඡ්Cධායනයේ යෙදෙන භික්‍ෂුන් වහන්සේට සාවධානව සිටින සාමණේරයන් මේ ශ්‍රවණය කරන්නේ මහා සමය සූත්‍රයේ පහත සඳහන් කොටසය.
     

    tchin123

    Well-known member
  • May 29, 2009
    1,607
    72
    48
    44
    Colombo
    එහි අර්ථය මෙසේ ය,

    "ගන්ධර්වයනට අධිපති වූද, පෙරදිග පාලනය කරන්නා වූද, ධ්‍රතරාෂ්ට්‍ර මහ දෙවියෝ සහ මහ බලැති ඉJද්‍ර දෙවියෝ භික්‍ෂුන්ගේ ඇසුර ලැබීමට මහ වනය කරා පැමිණියහ...."

    විහාර මහා දේවිය එක්‌වරම තම හඬ අවදි කරන්නීය.

    "මගෙ කුසේ ඉපදෙන්න ඔබ වහන්සේට ආයාචනය කරන්න කියල මට කිව්වෙ ලොකු හාමුදුරුවො. කලින් දොහෙත් ඇවිත්, ඊටත් කලින් දොහෙත් ඇවිත් මම එහෙම කළා...."

    සාමණේරයෝ මුනිවතම රකිති. මහාසිව මහා ස්‌ථවිරයන් වහන්සේගෙන් ලැබෙන සංඥාවකට අනුව සාමණේරයන් වැඳ නැඟී සිටින විහාර මහා දේවිය බලාපොරොත්තු කඩ වූ මුහුණින් මහා ස්‌ථවිරයන් පසුපස ශාලාවෙන් එළියට පැමිණෙන්නීය.

    "මම හෙටත් නැවත එනවා."

    ගිම්හාන නියඟය ආරම්භ වූ බවට සලකුණක්‌ දක්‌වමින් අසල බෝ ගසින් එකවර ගිලිහී ගිය බෝ පත්‍ර රාශිය දෙස බලමින් සිටි මහා ස්‌ථවිරයෝ ආපසු හැරෙති.

    දේවිය කෙරෙහි වූ මහත් දාරක ස්‌නේහයක්‌ උන්වහන්සේ තුළ තිබේ. අත්ත සම්මාපණීධාන හෙවත් තමාගේ සිත ශීල ශ්‍රද්ධාදී ගුණයෙහි මනා කොට පිහිටුවීමෙන් ආත්ම භාවයක්‌ පාසා තමා සමඟ සසරේ ගමන් කරන නිධානයක්‌ බඳු පින මතු වී එන්නේ යෑයි තමන් මේ සුවිශේෂ රාජ මහේශිකාවට නිතර දේශනා කළ හැටි උන්වහන්සේට සිහිපත් වෙයි.

    එහෙත් එසේ කිරීමෙන් ඇය අපේක්‍ෂා කළ විශේෂ දෙයක්‌ තිබේ.

    දරු පැටියෙක්‌

    බිසෝවරුන් කිහිපදෙනකු සිටින රජකුගේ අග බිසව දරුවකුල විශේෂයෙන් පුත්‍රයකු බලාපොරොත්තු වීම දාරක ප්‍රේමයට අදාළ කාරණාවක්‌ සේම දේශපාලන කාරණාවක්‌ ද බව මහාසිව මහා ස්‌ථවිරයෝ නො දැන සිටියෝ නොවෙති. එහෙත් ඒ සියල්ලටත් එහා ගිය කාරණාවක්‌ ඈ ඒ අපේක්‍ෂාව කෙරෙහි දල්වන්නට සමත් වී සිටින බව උන්වහන්සේ දන්නේ ය.

    "මම හෙටත් නැවත එනවා."

    විහාර මහා දේවිය යළිත් කීවාය.

    "හෙටත් හරි නොගියොත් බිසවුන් වහන්සේ ඒක පරාජයක්‌ කියල හිතනවද?"

    "නැහැ .... අප පරාජය වෙලා බැහැ. අපට පරාජය වෙලා බලා ඉන්න කාලයක්‌ නැහැ. අප පරාජය වුණොත් මුළු ඉදිරි කාලයම පරාජය විසින් අයිතිකර ගනියි."

    මහාසිව මහා ස්‌ථවිරයෝ එක මොහොතකට මේ තමා ඉදිරියේ සිටින කාන්තාව කවුදැයි කල්පනා කරති. ඇය හැම විටම ගෞරවයෙන් අවවාද පිළිගන්නියක්‌ හෙවත් ප්‍රදක්‍ෂිණාග්‍රාහී පුද්ගලයකු බව සැබෑ ය. දැඩි ආවේගශීලී බවකින් තොර යුවතියක්‌ බව සැබෑ ය. එහෙත් කිසියම් අවට සමාජයක්‌ විසින් ඇය සතු ප්‍රතාපාග්නිය අවුලුවා තිබේ. එසේ වූ විට ඇයගේ මුහුණ රත්පැහැ ගැන්වෙයි. දිලිsසෙයි.

    ආර්යයන් මෙරටට පමණක්‌ නොව මේ කලාපයට පැමිණීමට ද බොහෝ කාලයකට පෙර පටන් මේ භූමියේ ගංගා ආශ්‍රිතව ජීවත් වූ ඉතාම ශිෂ්ට සම්පන්න වූත්, ගුණාත්මක වූත් ජීවිතයක්‌ ගත කළ නාගයන්ගේ ද, පසුව පැමිණි ආර්යයන්ගේ ද සම්මිශ්‍රණයේ ජීවමාන සංකේතයක්‌ බඳු වූ ඇය ප්‍රඥර්ථ චර්යාවෙන් ජීවත් වන්නියක්‌ බව ද පරාර්ථය වෙනුවෙන් දිවි පරදුවට තැබූ ගැහැනියක බව ද උන්වහන්සේ දනිති

    .

    දරුවකු නොමැතිව ලැබී ඇති සම්පත්වලින් කිසිදු ඵලක්‌ නැතැයි වරක්‌ ඇය තමන් වහන්සේට ප්‍රකාශ කළේ සාමාන්‍යයෙන් ඕනෑම ගැහැනියක සතු සිතිවිල්ලකින් ද? නො එසේවල දැන් මේ රට හමුවේ එක්‌තරා දුරකට දෘෂ්‍යමානයේaද, බොහෝ දුරට අදෘෂ්‍යමානයේ ද පවත්නා මහා අනතුරකට සූදානම් වීමක්‌ වශයෙන් ද?

    මහාසිව මහා ස්‌ථවිරයෝ මෙසේ අසන්නෝ ය.

    "රජරටින් ලැබෙන ආරංචි හුඟාක්‌ම නරකයි නේද?"

    "ඔවුන් ධර්මයේ ජීවමාන සංකේතය මුලට පොරව තබන්න යනවා."

    "ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ මුලට?"

    විහාරමහා දේවිය ඔව් යෑයි පැවසීමට හිස වනයි. මහා ස්‌ථවිරයෝ වික්‍ෂිප්තියටත්, කම්පාවටත් පත්වෙති. එක්‌වරම හමා ආ මහා සුළඟකින් පරිසරයේ සිදුවන විපර්යාසය දෙස විහාර මහා දේවිය බලා සිටින්නී ය.

    ගිලන් සයනයේ හුන් සාමණේරයන් එක්‌වරම මඳක්‌a වාරුවෙන් නැඟිට ශාලාවේ පිවිසුම් දොරටුව හෙවත් විහාර මහා දේවිය පිවිසුනු දොරටුව දෙස බලනු දැක සඡ්Cධායනයේ යෙදෙන ඇතැම් භික්‍ෂුහු කලබල වෙති.

    ප්‍රචණ්‌ඩ සුළඟට හසු වූ තම සිවුරුපට ආරක්‍ෂා කර ගනිමින් මහා ස්‌ථවිරයන් වහන්සේ විහාර මහා දේවියගෙන් ප්‍රශ්නයක්‌ නගන්නේ ය.

    "දේවීන් වහන්සේ කොහොමද ඒක දන්නේ?"

    "අනුරාධපුරේ ඉන්න නන්දි කියන රාක්‍ෂස අංගම්කාරයා එවපු තොරතුරුවලින්."

    "නන්දි"

    මහා ස්‌ථවිරයන් එම නම තොල් මතුරමින් යමක්‌ සිහිපත් කරන්නට උත්සාහ කරන අතරේ සුළඟ තවත් දැඩි වන්නේය. විහාරමහා දේවියට නිකමට මෙන් සාමණේරයන් සිටින ශාලාව දෙස බැලෙයි.

    සාමණේරයන් සුරතල් දරුවකු මෙන් තමා වෙත දිව එන ආකාරය දකින ඇය තිගැස්‌සෙයි.

    "පොඩි හාමුදුරුවෝෘ"

    එහෙත් එවන් දර්ශනයක්‌ නොදකින මහාසිව මහා ස්‌ථවිරයෝ විහාරමහා දේවිය තුළ වූ කැළඹීම දැක ඒ පිළිබඳ විමසිලිමත් වෙති.

    සාමණේරයෝ අපවත් වෙති. භික්‍ෂුන් විසින් පිරිත් සඡ්Cධායනය නතර කරනු ලැබේ.

    තමා වෙත දිව ආ සාමණේර රුව නොදැක එය කොහි ගියේදැයි වටපිට බලන විහාරමහා දේවියට එකෙණෙහිම තම කුස තුළ යම් විපර්යාසයක්‌ සිදුවූ බවක්‌ දැනෙයි.

    කිසි දිනෙක නූපන් හා නොවිඳි හැඟීමකින් ඇය තම කුස පිරිමදින්නීය.
     
    • Like
    Reactions: Planthis

    Planthis

    Member
    Sep 13, 2009
    3,684
    235
    0
    ~ On my Black Pearl ~
    ජාතිවාදය ඇවිලෙනවායැයි කියමින් ඉතිහාස පොත්වලින් පවා අයින් කල මෙම කතාව නැවතත් කරලියට ගෙන ඒමට තැත්කිරීම ගැන ඔබට මාගේ උපහාරය. මේ අප ජාතියේ නොමැකෙන මග සලකුණු නම් නොවේද....?
     

    tchin123

    Well-known member
  • May 29, 2009
    1,607
    72
    48
    44
    Colombo
    ජාතිවාදය ඇවිලෙනවායැයි කියමින් ඉතිහාස පොත්වලින් පවා අයින් කල මෙම කතාව නැවතත් කරලියට ගෙන ඒමට තැත්කිරීම ගැන ඔබට මාගේ උපහාරය. මේ අප ජාතියේ නොමැකෙන මග සලකුණු නම් නොවේද....?

    :yes::yes: ආඩම්බරෙන් රස විදින්න පුලුවන් උදාර අතිතයක්!
     
    • Like
    Reactions: Dreams001

    tchin123

    Well-known member
  • May 29, 2009
    1,607
    72
    48
    44
    Colombo
    02) කොටස

    එයට බෝධිය යෑයි කීවෝ බෞද්ධයෝය.

    ඔවුනට පෙර පැරැන්නන් විසින් බෝගස හඳුන්වන ලද්දේ ඇසතු ගස හෙවත් අශ්වස්‌ථ වෘක්‌ෂය නමිනි.

    දෙවියන් වැඩවසන මහානුභාව සම්පන්න වස්‌තුවක්‌ වශයෙන් වෛදික යුගයේදී සේම පශ්චාත් වෛදික යුගවලදීත් පැරැණි මනුෂ්‍යයන්ගේ මහත් වන්දනාමානයට පාත්‍ර වූ මේ සුවිශේෂ වෘක්‌ෂය බොදුනුවන්ගේ වන්දනාමානයට පාත්‍ර වන්නේ ඒ අර්ථයෙන් නොවේ.

    තම ශාස්‌තෘවරයාට සත්‍යාවබෝධය ලබාගැනීමට උපකාරීව, උන්වහන්සේගේ ගෞරවයට ද පාත්‍ර වූ වස්‌තුවක්‌ වශයෙනි.

    එපමණක්‌ද නොවේ,

    බුදුන් වහන්සේ දෙව්රම් වෙහෙරේහි වැඩවාසය කරන කාලයේ උන්වහන්aසේගේ කාර්ය බහුලත්වය නිසා ඇතැම් සැදැහැවතුන්ට ඔවුන් ඇතැම් විට මුණ නොගැසුණහ. මේ දුටු අනේපිඬුසිටුතුමා ඊට පිළියමක්‌ වශයෙන් බුදුන් වහන්සේගේ ධර්ම සංකේතයක්‌ ඉල්ලා දෙන ලෙසට ආනන්ද හිමියන් ඇයද සිටියේය. ආනන්ද හිමියන් මෙය බුදුන් වහන්සේට ඉදිරිපත් කළ කල්හි උන්වහන්සේ වදාළේ තමනට බුද්ධත්වයට පත්වීමට උපකාර කළ බෝධියේ ශාඛාවක්‌ ඒ සඳහා සුදුසුම පූජනීය වස්‌තුව බවය.

    අනතුරුව උන්වහන්සේ ආනන්ද හිමියන් විසින් ශ්‍රී මහා බෝධියේ බිජුවටකින් ගෙන දෙව්රම් වෙහෙර ප්‍රධාන දොරටුව අභියස රෝපණය කරන ලද ඒ බෝධි මූලයෙහි මුළු රැයක්‌ම සමවත් භාවනාවෙන්a වැඩසිටිමින් එය පූජනීයත්වයෙනුත් පූජනීයත්වයට පත් කළේ යෑයි කියෑවෙයි.

    ජය ශ්‍රී මහා බෝධියේ ශාඛාවක්‌ ශ්‍රී ලංකාවට වැඩම වීමේදී ඒ මහා පුන්‍ය පරිත්‍යාගය සිදුකරන අශෝක අධිරාජ්‍යයා මුහුණ පෑ බලවත් ගැටලුවක්‌ විය. එනම් මහා බෝධියෙන් ශාඛාවක්‌ සිඳින්නට රාජ නියෝගයකින් හෝ එකඟකර ගන්නට හැකි කෙනකු මුළු මහත් දඹදිවම නොසිටීමය.

    අවසානයේදී එය යථාර්ථයක්‌ බවට පත්වූයේ මොග්ගලී පුත්ත තිස්‌ස මහරහතන් වහන්සේගේ උපදේශයක්‌ අනුව සිදුකෙරුණු ඓශ්චර්යවත් ක්‍රියාවකින් අනතුරුව බව මුළු මහත් රජරට වැසියෝම දැනසිටියෝය.

    අතරින් පතර වැටෙන සඳ එළියෙන් දිදුලන පොරෝතල කීපයක්‌ වරෙක නැවතෙමින්ද වරෙක ඉක්‌මන් ගමනක යෙදෙමින්ද මේ ගමන් කරමින් තිබෙන්නේ ඒ උතුම් වෘක්‌ෂය කරාය.

    හොඳින් මුවහත් දිගු පොරෝද කෙටි පොරෝද රැගත් මිනිස්‌සු මුවපටකින් මුහුණු ආවරණය කොට සිටියහ. මුනකොන්තායුධ රැගත් සිව්දෙනෙක්‌ ඔවුන් සමඟ පිටුපසින් පැමිණියේ ඔවුන්ගේ ආරක්‍ෂාවට විය යුතුය.

    ඔවුහු ඓතිහාසික බෝධි වෘක්‌ෂයත් මහා විහාරයත් වෙන් කෙරෙන ගල්බැම්ම දිගේ දිව ආහ. අඳුන් දිවියන් දිවඑන කලෙක මෙන් ඔවුන්ගේ පා වලින් හඬක්‌ නොනැගිණ.

    ඊළඟ මොහොතේ බෝධිඝරයේ කෙටි බැම්මෙන් ඇතුලට පිනූ ඔවුහු පිරිසේa නායකයා යෑයි සැලකිය හැකි තැනැත්තා දුන් සංඥාවකට අනුව සෙල් රූ මෙන් නිසල වූහ.

    ඔවුන් දෙනෙත් අභියස මේ තිබෙන්නේ සුළඟට ලෙළ දෙමින් එකම රිද්මයානුකූල හඬක්‌ නගන සදාහරිත පත්‍රයන්ගෙන් සුසැදි මේ ලෝකයේ උතුම්ම වෘක්‌ෂයය. මිනිසාගේ විශිෂ්ටතම දාර්ශනික සොයා ගැනීමක ජීවමාන සංකේතයය.
     

    tchin123

    Well-known member
  • May 29, 2009
    1,607
    72
    48
    44
    Colombo
    භට්‌ටාර හරිචන්ද්‍ර ජිමුතවාහන ගේ අප්‍රවේශම් සහිත අතවැදී රන් බඳුනක්‌ පෙරළී ගියේය. නොසන්සුන්තාව මොහොතකට සමනය කරගනු වස්‌ ඔහු තම මුඩුහිස අතගෑවේය. මුඩුqහිස මුදුනේ ඉතිරි කරන ලද වැඩුණ කෙස්‌ රොදෙහි හෙවත් චූඩාවෙහි වැදීමෙන් අනතුරුව එය නතර විය.

    තම වමතෙහි රැඳුණු දීප්තිමත් පහන, දහදියෙන් තෙමුණු මුහුණෙන් ඈතට කර අල්ලාගත් භට්‌ටාර රාජ භාණ්‌ඩාගාරය සිසාරා බැලුවේය.

    එහි තැනින් තැන දිස්‌වන රන් භාජනද, රිදියෙන් සහ මානික්‍යයෙන් වැඩදැමූ නොයෙකුත් භාණ්‌ඩද තමා දෙස වියරුවෙන් මෙන් බලාසිටින්නේ යෑයි ඔහුට සිතුණේය.

    "මා දුවන්නේ මිථ්‍යාවක්‌ පසුපසද?

    ඔහු එසේ සිතුවේ නැත, එහෙත් එසේ සිතීමට ආසන්නයේ සිටියේය.

    ෆ ෆ ෆ

    ශ්‍රී මහා බෝධියට පහරදීමට පැමිණි චෝල "මරවර්" සෙබල මුළුවේ ප්‍රධානි කුක්‌කිරාමම් තම පිරිස බෝධිය වටා පෙළගැස්‌වීය. මෙතැනදී කිසිවෙකුත් තම තමන්ගේ හඬ අවදි නොකළ යුතුයෑයි සැලැස්‌මේදීම උපදෙස්‌ ලැබී තිබුණේ බෝධියේ නිල ආරක්‍ෂකයන්ගෙන් එල්ල වන ප්‍රතිප්‍රහාරයකට ඔවුන් සූදානම්ව සිටිය යුතු බැවිනි.

    එහෙත් එවැන්නක්‌ සිදුනොවූ බැවින් කුහන් නමැති සෙබලා තුළ වූ සතුට ඔහු දොඩමළු කරවන තරම් විය.

    "මහා පුදුමයක්‌"

    "මොන පුදුමයක්‌ද බොල"

    කුක්‌කිරාමම් ද නිහඬතාව බිඳහලේය.

    "කෝ මේක මුරකරන කඩුගන්නලා උන්ටික ?"

    "ඒ ගැන කරදර මොකටද උන් රෑ සැණකෙළියට යන්න ඇති"

    "එහෙනං පටන් ගනිමු"

    "පොඩ්ඩක්‌ හිටින් තවම සංඥව නැහැ"

    කුක්‌කිරාමම් කීවේ මඳක්‌ සැරෙනි.

    ෆ ෆ ෆ

    "මා දුවන්නේ මිථ්‍යාවක්‌ පසුපසද?

    භට්‌ටාර හරිචන්ද්‍ර ජිමුතවාහන හෙවත් එළාර රජුගේ රාජ්‍ය උපදේශක පුරෝහිත මෙවර තමන්ට ප්‍රකාශ කොට ගත්තේ හඬ නගාය. ඉතා දීර්ඝ වෙලාවක්‌ යමක්‌ නොඉවසිලිමත් ලෙස සෙවීමේ වෙහෙස ඔහුට ඔහුගේ කටහඬ තුළින්ම දැනිණි.

    ඔහු සිටියේ ඔහු විසින්ම නිදහසේ අවුල්කරන ලද බඩු භාණ්‌ඩ එකතුවක්‌ ඉදිරිපිටය.

    "මිථ්‍යාවක්‌ නැතිව ජීවත්වෙන එක මේ රටේ උන්ට බතක්‌ නොකා ඉන්නව වගේ වැඩක්‌. ඒවා ඇත්තදැයි හොයන්ඩ යන එක තමයි අපි අපිටම කරගන්න විකාරේ."

    භට්‌ටාරයෝ හදිසියේම පසෙක මුළුගන්වා තිබූ කුඩා ප්‍රමාණයේ දාගැබක්‌ වැනි යමක්‌ දුටහ. දේවානම්පියතිස්‌ස රජුගේ පටන් මේ දක්‌වා මේ මාළිගය පරිහරණය කළ කිසිවකුත් මෙබඳු සංකේතමය වස්‌තුවක්‌ මකුළුදැල් බැඳෙන්නට ඉඩහැර මුල්ලකට අතහරින්නේ නැත. එහෙත් සූරතිස්‌ස රජු මරා දමා මේ මාළිගය අල්ලාගත් සේන හා ගුත්තික රජවරුන් අතින් එවැන්නක්‌ විය නොහැකිද?

    කුඩා දාගැබ අතට ගත් භට්‌ටාරට එය රන්කරඬුවක්‌ බව වැටහී යැමට එතරම් කාලයක්‌ ගියේ නැත.

    "මං හිතන්නෙ අශ්ව වෙළෙඳ දෙබෑයන්ගෙන් පස්‌සෙ මෙහෙ හිටපු අසේල රජ්ජුරුවො වුණත් මේක දකින්න නැතුව ඇති.

    මේ නොයෙක්‌ දේ කල්පනා කරන අතරේ භට්‌ටාර කරඬුව කැරකුවේය.

    එය දෙකට ගැලවිණි.

    කරඬුවේ දාගැබ වන් කොටස පසෙකින් තැබූ භට්‌ටාර කරඬුව තුළ රෝල්කොට තිබූ යමක්‌ ප්‍රවේශමෙන් එළියට ගත්තේය.

    එය රන්පතකි.

    එසේම, ක්‍රිස්‌තු පූර්ව තෙවන සියවසට අයත් ලක්‌දිව බ්‍රාහ්මීය අක්‌ෂරයන්ගෙන් සටහන් තබන ලද ලියෑවිල්ලකි.

    එහි අර්ථය මෙසේය.

    රත්නමාලී මහා දාගැබ ගොඩනංවන මාගේ මුනුපුරු දෙවනපිය ගාමණී අබය නම් මහරජුට ඉඩහසර පිණිස දෙවනපිය තිස්‌ස මහරජු වන මම ඒ සඳහා සීමා, මායිම් සළකුණු කළෙමි.

    හොඳටම තිගැස්‌සුණු හට්‌ටාරට මේ මොහොතේ තමාට තම මුහුණ කැඩපතකින් බලාගැනීමට තිබුණේ නම් කොපමණ හොඳදැයි වශයෙන් වන විකාර සිතිවිලි මාලාවක්‌ පහළ විය.

    "හරි වැරදියිෘ ඔහු තමාටම කියා ගත්තේය.

    " රජවරු සිටින්නේ අනාගතයේ වන දේවල් රන්පත් ඉරුවල ලියන්න නොවෙයි. හොඳින් රාජ්‍ය විචාරා සෑහෙන තරමේ ප්‍රසිද්ධියකින් යුක්‌තව මරණයට පත්වෙන්න."

    ෆ ෆ ෆ

    ක්‍රි. පූර්ව දෙවන සියවසට පෙර පටන්මත් අනුරාධපුරය ඉතා ප්‍රසිද්ධ නගරයක්‌ සේම ජනප්‍රිය නගරයක්‌ වශයෙන්ද ග්‍රීසිය සහ රෝමය වැනි ඉතාම ඈත රාජ්‍ය කරාද පැතිරුණු නමක්‌ හිමිකරගෙන සිටියේය. එය ඉතා බලසම්පන්න වෙළෙඳ පුරවරයක්‌ වශයෙන් නොහඳුනන මහා වාණිජ්‍යයෝ කිසිවකුත් මෙකල්හි මේ කලාපයේ නොවූහ.

    ජාත්‍යන්තර වෙළෙඳ ගමන් මාර්ගයක නොවරදින හා මඟහැර යා නොහැකි නොනිඳන තොටමුණක්‌ වූ එය ස්‌ථාවර දේශපාලන බලමධ්‍යස්‌ථානයක්‌ වශයෙන්ද විදේශින්ගේ විශ්වාසයට ලක්‌වූ එකක්‌ විය.

    යටත් පිරිසෙයින්, ස්‌වකීය ගම්භීර ඇතුළු නුවර ප්‍රකාරයෙන් පිටත පිහිටි ද්වාරග්‍රාම දෙකක්‌වත් මෙහි දිවා රාත්‍රි වෙළෙඳ මධ්‍යස්‌ථාන විය.

    මින් එකක්‌ හඳුන්වන ලද්දේ කාලසුමන වෙළෙඳ ග්‍රාමය නමින් වූ අතර අනෙක මහ බතික වෙළෙඳ ග්‍රාමය විය.

    අප දැන් සිටින්නේ කාලසුමන වෙළෙඳ පළේය. මේ රාත්‍රි කාලයයි.

    සල්පිලේ කුඩා එහෙත් අලංකාර මණ්‌ඩපයක්‌ මත අතිශය ශාංගාරාත්මක නර්තනයක යෙදෙන නාටිකාංගනාවකි.

    නර්තනයට සංගීතය සපයන වාදකයන් අත පැරැණි බෞද්ධ යුගයේ ඉන්දියානු වීණාවද, රන් සින්නම්, රිදී සින්නම්, සක්‌සින්නම්, වැනි ඉපියා දෙකේ නළා වර්ගද තිබේ. වස්‌කුළල් සහ යතුරු කුළල් වැනි බටනළා වර්ගද තිබේ.

    සුරාවෙන් මත්වී සිටින රෝමානුකයෙක්‌ අත හාප් (Haරච) එකකි. එහෙත් එතැන ඇති කිසිඳු බෙර වර්ගයක්‌ කිසිවකු විසින් වාදනය කරනු නොලැබේ.

    "ජසීරත් අල්යකුත්ෘ (රත්නදීපයෘ) කෝ නුෙඕ බෙර" යෑයි පවසමින් අරාබියෙක්‌ තමා අසල ඇති කරඩි බෙරයකට තට්‌ටුවක්‌ දැමීමට උත්සාහ කරන්නේ ඒ නිසාය.

    එහෙත් බෙරකරුවෝ බෙර නොවයති. අරාබියා යළිත් කුම්භ බෙරයකට හෝ බුම්මැඩියකට හෝ තලන්නට සැරසුණු කල්හි බෙරවායෝ එයද වළක්‌වති.

    "මේක මහා උමතුවක්‌ නේ, නාදය තියෙනවා, තාලය නැහැ."

    යම් රහසිගත රාජකාරියකට අදාලව කටයුතු කරන බව පෙනෙන සේන නමැති එළාර රාජ්‍ය සභාවේ සුළු සෙනෙවියා විසින් බෙර වැයීම සඳහා දැන් සංඥාව ලබා දෙන්නේ අරාබියාගේ පෙරැත්තය නිසා නොවේ.

    මහ හඬින් බෙර වැයේ. අනෙකුත් සංගීත භාණ්‌ඩද උත්කර්ෂවත් ලෙස වැයෙන අතර නර්තනයද මහජයටය.
     

    tchin123

    Well-known member
  • May 29, 2009
    1,607
    72
    48
    44
    Colombo
    ඈත කාලසුමන වෙළෙඳ සල්පිල පැත්තෙන් ඇසෙන බෙර හඬින් උදම්වන කුහන් කුක්‌කිරාමම් දෙස බලයි.

    "අන්න බෙර ගහනවාෘ"

    කුක්‌කිරාමම් සිටියේ තමන්ට හදිසියේ දැනුණු කුමක්‌දෝ අනතුරක ඉවකිනි.

    එහෙත් බෝධිය අසල වැලිමළුවේ වැලි අතර සිදුවෙමින් පවතින විපර්යාසය ඔහු දුටුවේ නැත.

    කිසිදු හඬක්‌ නොනැගෙන සේ යම් සර්ප විශේෂයක්‌ මෙන් බඩගාමින් ඉදිරියට ඇදෙන පිරිසක්‌ වැලිමළුවේ වැලි අතර සිටිති. හඳුනාගත නොහැකි වනසේ අඳුරු වර්ණ වලින් මුහුණු පාටකරගත් ඔවුන් බැලූබැල්මට රකුසන් වැනිය, නැත, වලසුන් වැනිය.

    "අන්න බෙර ගහනවා ෘ" කුහන් යළිත් කීවේය.

    "හොඳයි එහෙනං පටන් ගනිල්ලා."

    කුක්‌කිරාමම් අණ දුන්නේය.

    බෝධියට පහර දෙනු පිණිස සියල්ලෝම එකවර පොරෝ ඔසවති. නගරය දෙවනත් කරන බෙරහඬ නිසා පොරෝ පහර වදින ශබ්දය කිසිවකුට නෑසෙනු ඇත.

    එහෙත්, මේ වනවිට වැලි මතුයෙහි බඩ ගා පැමිණි අය හරියටම පොරෝ කරුවන්ගේ දෙපා අසලය. ඔවුන්ගේ දෑත් යකඩ දඬු බඳුය.

    ඒ ශක්‌තිමත් දෑත් විසින් ඊළඟ මොහොතේ පොරෝ කරුවන්ගේ දෙපා දැඩි ග්‍රහණයකට හසුකරගන්නා අතර නිමේෂයක්‌ ගතවීමට පෙර ඒ සියල්ලන්ම කපා හෙලූ ගස්‌ බවට පත්කරනු ලැබේ. ඔවුන් අතින් ගිළිහුණු පොරෝ තන්හි තන්හි වැටෙන අතර කිසිවකුට ඒවා නැවත ලබාගැනීමට හෝ ඒවාට සමීප වීමකටවත් ඉඩනොලැබෙන්නේ සර්පයන් මෙන් පැමිණි උන් වළසුන් මෙන් මරවර් වරුන්ගේ සිරුරු මතට පැන සිටින නිසාය.

    මූනකොන්තායුධ රැගත් අය ඒවාද සමඟ ඔසොවා විසිකෙරෙන අතර අහම්බයකින් මෙන් ගැලවෙන කුහන් දකින්නේ තමන් කිසිදිනෙක දැක තබා අසාවත් නැති ආයුධ රහිත පහරදීමක අතිබිහිසුණුq දර්ශනයකි. රාක්‌ෂස අංගම් කරුවකුගේ ලිස්‌සා ගිය ග්‍රහණයෙන් යන්තම් පණබේරා ගත් කුහන් මහා විහාර පවුර දිගේ වේගයෙන් දිවයන්නේය.

    රාක්‍ෂස අංගම් කණ්‌ඩායමේ නායකයා හෙවත් නන්දි විසින් ඒ දකිනු ලැබේ.

    විශ්මය ජනක වේගයකින් පවුර වෙතට පනින නන්දි කුහන් ලුහුබඳියි.

    ඒ වැඩිවෙලා කළ ලුහුබැදීමක්‌ නොවේ. වළසකු මෙන් කුහන් වෙතට පනින නන්දි ඔහුද පෙරළාගෙන මහා විහාර පවුරෙන් පහළට වැටේ.

    කුහන් මරළතෝනියක්‌ නගයි. මහා විහාරයේ කුටියක බණපොත් වනපොත් කරමින් සිටින තරුණ භික්‍ෂූන් වහන්සේ දෙනමක්‌ ශබ්දය ආ දෙසට තම අවධානය යොමු කරති.

    දරුණු ලෙස තුවාල ලබා අඩපණව සිටින කුහන් වෙතට පැමිණෙන, ඇද වැටීම නිසා කිසිදු තුවාලයක්‌ නොලැබූ නන්දි කුහන් වෙතට සමීප වෙයි.

    නොයෙකුත් සුනු වර්ග, මැලියම් වර්ග මඩ වර්ග මිශ්‍රකොට තැනූ වර්ණ බදාමයන්ගෙන් වසංකරනු ලැබූ නන්දිගේ මුහුණ ඔහු තමාට සමීපවත්ම කවුදැයි නිවැරදිව හඳුනා ගැනීමට කුහන්ට අපහසු වන්නේ නැත.

    "මේ නන්දිෘ එළාර රජතුමාගේ විශේෂ ප්‍රහාරක අංශයක්‌ භාරව සිටින මිත්‍ර සෙනවිතුමාගේ නැගණියගේ ස්‌වාමි පුරුෂයා."

    නන්දි හඳුනාගැනීම නිසා පහළ වූ අධික භීතියෙන් කුහන් ගොඩ දැමූ මසකු මෙන් වේගයෙන් ගැහෙන්නට වෙයි.

    ශූර මරවර් සෙබළයකු වූ කුහන් රාක්‍ෂස අංගම් ශිල්පය නොදැන සිsටියද. අනුරාධපුරයේ රහසිගතව ක්‍රියාත්මක වන මේ සුවිශේෂ සටන්කරුවන් පිළිබඳව වූ බොහෝ දේ දැන සිටියේය.

    ඉතා අතීතයේ පටන්ම දේශීය රාක්‍ෂස ගෝත්‍රික ජන කණ්‌ඩායම් අතරට පමණක්‌ සීමාවී තිබූ මෙම සටන් ක්‍රමයේ ඉතා ප්‍රකටම ලක්‍ෂණයක්‌ නම් තම ප්‍රතිවාදීන් එක්‌වරම දෙපයින් අල්ලා ඔසොවා පොළොවේ ගැසීමය. ප්‍රතිවාදියා තම යකඩ බඳු දෑත් වලට අසුවන අසූවන තැනින් ඇද ඉරාදැමීම එහි අනෙක්‌ ලක්‍ෂණය වෙයි. කොහොමටත් වෘත්තීය සටන්කරුවන් වූ ඔවුන්ගේ එක්‌ පාරම්පරික ගම්මානයක්‌ වූයේ නැගෙනහිර කන්දරාජියය. අනුරාධපුර රාජ්‍ය විචාළ ඕනෑම දේශීය රජකුට මහත් හිත පක්‍ෂපාතීව කටයුතු කළ මේ නිර්භීත මිනිස්‌සු, අසේල රජු ආක්‍රමණික එළාර රජුට පරාජය වීමත් සමඟ රාජ්‍ය සේවය හැරදා යටිබිම් ගත වූහ.

    එහෙත්, ඔවුන් අතරින් එකම එක මිනිසකු පමණක්‌ එසේ නොකළේය. ඔහු එළාර රජු සමඟ එකතු වූවා පමණක්‌ නොව ස්‌වකීය දස්‌කම් විස්‌කම් නිසාම එළාර නව ආරක්‍ෂක ව්‍යqහයේ ඉහළම සෙනෙවි තනතුරක්‌ද ලද්දේය.

    ඔහු නමින් මිත්‍රය.

    නන්දි යනු මිත්‍රගේ සොහොයුරියගේ ස්‌වාමි පුරුෂයාය.

    "තා මා හැඳින්නාද?"

    නන්දි කුහන්ගේ කණට කර ගුගුලේය.

    "නැහැ"

    විපතකට පත්වූවකුගෙන් ඇසුණු හඬ ආ දෙස බලමින් භික්‍ෂුන් දෙනම ආරාමයෙන් පිටතට පිවිසෙති.

    "මා ඉරා දමන්නට එපා, ඔබට ඕනෑ කාරණය මා කියන්නම්."

    කුහන් වෙව්ලන තොල්පටවල් පිළිවෙළකට තබා ගැනීමට උත්සාහ කරමින් පැවැසුවේය. ඒ වනවිටත් තම සුරත විසින් සොයාගෙන තිබූ කුහන්ගේ දකුණු පයේ මැද ඇඟිල්ල වටා පිහිටි මර්මය හෙවත් තාලහෘදය මර්මයට යෙදූ පීඩනය ළිහිල් කළ නන්දි ඔහුට කතා කරන්නට ඉඩහළේය.

    "අපව එවුවෙ භට්‌ටාර හරිචන්ද්‍ර ජිමුතවාහන තුමා......"

    කුහන් තව බොහෝ දේ කියන්නට උත්සාහ කළමුත් ඊට සවන්දීමේ උවමනාවක්‌ නන්දිට නොතිබුණේය. නැතහොත් මේ ඒ සඳහා කාලය නොවීය. එහෙයින් හේ කුහන් අමතා මෙසේ කීවේය.

    "ඇතිෘ මැරෙන්ට ලැහැස්‌ති වෙයං"

    "එහෙමයි"

    භික්‍ෂූන් වහන්සේ දෙනම විමසිල්ලෙන් ඈත් මෑත් බලමින් තමන් වෙත පැමිණෙනු කුහන් විසින් හදිසියේම දකිනු ලබන්නේ මේ අතරය.

    "අනේ හාමුදුරුවනේ මාව බේරාගන්ඩ"

    කුහන් තමන් දන්නා ශබ්දයෙන් කෑගසන්නේය.

    භික්‌ෂූන්වහන්සේ දැක පහරදීම නතර කරන නන්දි සැණෙකින් අඳුරට වැදී නොපෙනී යන්නේය.

    තව සුළු මොහොතකින් අඩපණයා වෙතට පැමිණෙන භික්‍ෂූන් වහන්සේ ඔහු වත්තම් කොටගෙන ප්‍රථමාධාර සඳහා ආරාමය තුළට රැගෙන යනු ඇත.

    ඉක්‌බිති එහි රැස්‌වන භික්‍ෂූන්ට ඔහු සත්‍ය සඟවා ඔවුන්ගේ අනුකම්පාව ලබාගනු ඇත.

    එදින රාත්‍රියේම හෝ පසුදා අළුයම හෝ බෝධිය අසලට යන කිසිවකුත් බෝධියට පහර දීමට පැමිණි කිසිදු "මරවර්" වරයකුගේ මළ සිරුරක්‌ හෝ, පොරෝ තලයක්‌ හෝ තබා අවුල්වී ගිය වැලිතලාවක්‌වත් නොදකිනු ඇත.

    ඒ තමා නන්දි
     
    • Like
    Reactions: Amalka101

    Planthis

    Member
    Sep 13, 2009
    3,684
    235
    0
    ~ On my Black Pearl ~
    11.gif
    11.gif
     

    tchin123

    Well-known member
  • May 29, 2009
    1,607
    72
    48
    44
    Colombo
    (03) කොටස

    එළාර රඡ්ජුරුවෝ තමන් මෙතෙක්‌ වේලා හුන් තම පෞද්ගලික සැරසුම් මණ්‌ඩපයේ අසුනෙන් නැගී සිටියහ.

    දැන්, සර්වාභරණයෙන් විභූෂිතව සිටින ඔහු ඉදිරියෙන් සුළු අතවැස්‌සන් දෙදෙනකු සිටි අතර ඔවුන් විසින් විශාල ප්‍රමාණයේ කැඩපතක්‌ අල්වා සිටිනු ලැබීය.

    රඡ්ජුරුවෝ ඉන් තම රාජ ස්‌වරූපය සිත් සේ කිරා මැන බලා ගත්හ.

    ඔහුට රාජාභරණ පැළඳ ගැනීමට සහාය වූ සේවක සේවිකාවෝ මේ වන විට තම කාර්යය අවසන් ව සිටි මුත් කාර්යභාර උසස්‌ නිලධාරියාගෙන් අවසර නොමැතිව පිට වී යා නොහැකි හෙයින් නවාගත් හිස්‌වලින් යුක්‌තව රජු ආසන්නයටම වී සිටියහ.

    මේ විවිධ වෘත්තීය මට්‌ටම්වල සේවක සේවිකාවන් පමණක්‌ නොව සන්තිකාවචරයන් නමින් හඳුන්වනු ලැබූ රජු ළඟින්ම හැසිරෙන ඔහුගේ ඉතාම කුළුපඟ නිලධාරීහු ද මේ මොහොතේ එතැන සිටියහ.

    එළාරගේ රජ මාලිගය තුළත්, රාජ සභාව තුළත් නිලතල දැරූ බොහෝ නිලධාරීන් සහ සේවකයන් චෝලයන් වූවත් ඉහත දැක්‌වූ පිරිස අතරේ කිසිදු චෝලයකු නොවීම විශේෂයකි. ඒ ඔහු චෝලයකු නොවූ නිසා පමණක්‌ නොවේල තම සන්නද්ධ චෝල සේනාව මිළදී ගත් සේනාවක්‌ ය යන්න ඔහු කිසිදු මොහොතක අමතක නොකළ නිසා ද වේ.

    සන්තිකාවචරයන් හෙවත් ඔහු පාමුල හැසිරෙන්නවුන් සියල්ලෝම පාහේ ඔහු මෙන්ම කාලිංගයෝ වූහ. රජුගේ විශ්වාසවන්තයන් අතර ඉතාම විශ්වාසවන්තයන් වූ ඔවුහු රජවරු යනු මනුෂ්‍ය රූපයෙන් පෙනී සිටියද මහත් බල ඇති දෙවිවරුන්ය යන කාලිංග රාජ්‍ය සේවයට අදාළ සිතිවිල්ලෙන් කොයියම්ම විටෙක හෝ නොබිඳුණෝ ද වූහ.

    ඔවුන් විසින් මෙහෙයවන ලද සුළු සේවකයෝ රජු ස්‌පර්ශ වීමේ භාග්‍යය ලද්දෝ වූහ. එහෙත්ල එළාර නළල මත තිලකය තැබීමේ රාජකාරිය හිමි වූයේ ඔහු අග බිසව වූ ධරත්‍රියට පමණක්‌ ම විය.

    ධරත්‍රි තමා අත වූ කුඩා බඳුන් කීපයක්‌ සහිත පැතලි රන් බඳුනේ දබරඟිල්ලක්‌ රුවා එහි තුඩට තවරාගත් අපූරු සුවඳක්‌ සහිත ද්‍රව්‍යයයෙන් එළාරගේ පුළුල් නළල් තලය මත තිලකයක්‌ තැබුවාය.

    ඇයට සෙනෙහෙබර කෘතඥපූර්වක බැල්මකින් සංග්‍රහ කළ එළාර රජුගේ දෙනෙත් කැඩපත වෙත යළිත් යොමුවනු වෙනුවට යොමු වූයේ මඳක්‌ එහායින් වූ අසුනක හිඳ සිටින භට්‌ටාර හරිචන්ද්‍ර ජිමතවාහන පුරෝහිතතුමා දෙසට ය.

    ජෛන පූජක වේශධාරියා ඒ මොහොතේ ද ඉතාම පිරිසිදු ශ්වේත වස්‌ත්‍රයකින් සැරසී සිටියේය. සැබවින්ම ජෛන පූජකයකු නොවූවත්, පූජක ප්‍රතිරූපකයකු පමණක්‌ ම වුවත් මෙතැන ඔහුට වෙන් කළ තැනක්‌ තිබිණි. මෙතැන පමණක්‌ නොව සමස්‌ත එළාර පරිපාලනය තුළ ම ඔහුට වෙන් වූ තැනක්‌ තිබිණි.

    ඔහු කෙරෙන් වූ පමණට වඩා සුදුමැලි මලානික ස්‌වභාවයත්, ඊට නොගැලපෙන අංග චලනයත් කෙනකු තුළ යම් හාස්‍යයක්‌ මතු කළේ වුවද, ඊට සිනාසීමේ අයිතියක්‌ කිසිවකුටවත් නොමැති බව සියල්ලෝ ම දැක සිටියහ.

    එහෙත් එළාර රජු එබඳු නීතියක්‌ තමාට පණවාගෙන සිටියේ නැත.

    එහෙයින් භට්‌ටාර කෙරෙහි වූ එතුමාගේ ආමන්ත්‍රණය තරමක්‌ සාවඥ ස්‌ථරයකට අයත් එකක්‌ විය.

    "ඔබ මගේ චානක්‍ය, ඔබ මගේ විෂ්ණු ගුප්ත ඔබ මගේ කෞටිල්‍ය, නොසඟවා කතා කරන්න ඔබට පුළුවන්."

    "ප්‍රහාරය අසාර්ථකයි" භට්‌ටාර නොපමාවම කීවේය.

    විශ්මයට පත්වීමක්‌ හෝ කළකිරුණු බවක්‌ හෝ එළාර රජු කෙරෙන් නොවීය.

    "මං දන්නවා ගුරුදේව, මගේ ප්‍රශ්නය ඒක නොවෙයි."

    එහෙත් එළාර විශ්මයට පත්කිරීමේ උවමනාවක්‌ භට්‌ටාරට විය.

    "බෝගස ළඟ කිසිම මරවර් සෙබලකුගේ සිරුරක්‌ නැහැ. අඩුම තරමින් එතැන සටනක්‌ සිද්ධ වෙච්ච බවට සලකුණක්‌වත් නැහැ."

    විශ්මයට පත්වනු වෙනුවට එළාර කෝපයට පත්විය.

    "ඒකත් මම දන්නවාෘ එA කතාව ඔබ නැවත කියන්නේ අපේ සෙබළුන්ව එතැනින් අතුරුදන් කළේ මොවුන්ගේ අර තිස්‌තුන් කෝටියක්‌ දෙවියෝ ය කියල මට ඔප්පු කරවන්නද?"

    "නැහැ....."

    භට්‌ටාර ද කෝපයෙන් ගුගුළේය.

    "නැහැ.......ෘ අපට පාලනය කරන්න බැරි එකම එක කණ්‌ඩායමක්‌ මේ අනුරාධපුරේ ඉන්නව කියල කියන්න, ඒ අය හරිම භයානක කණ්‌ඩායමක්‌ කියල කියන්න."

    එළාර තම කෝපය හකුළුවා ගත්තේය.

    "භට්‌ටාර හරිචJද්‍ර ජිමුතවාහනෘ ඔබ මගේ චාණක්‍ය, ඔබ මගේ විෂ්ණු ගුප්ත, ඔබ මගේ කෞටිල්‍ය නොසඟවා කතා කරන්න ඔබට පුළුවන්."

    භට්‌ටාර ඉන් පසු තම තරුණ මුදු ස්‌වරයෙන් කතා කරන්නට පටන් ගත්තේය.

    "මරවර්ලව බෝගස ළඟට යවලා මම ඊයේ මුළු රාත්‍රියම ගත කළේ භාණ්‌ඩාගාරයේ."

    "පුදුමයි එය පොත්ගුලක්‌ නොවීත්...?"

    "මට දේවානම්පියතිස්‌ස ලියපු රන්පත හම්බවුණා"

    කොහොමටත් සෘජු ශරීරයකින් යුත් එළාර රඡ්ජුරුවෝ තවත් සෘජු වූහ. තමාට එසේ වනු ඔහුද කැඩපත තුළින් දිටීය.

    ඉතාම විශ්වාසවන්ත සන්තිකාවචරයන්ට ද සැරසුම් මණ්‌ඩපයෙන් පිටවන ලෙසට හේ සංඥ කළේය.
     

    tchin123

    Well-known member
  • May 29, 2009
    1,607
    72
    48
    44
    Colombo
    ධරත්‍රිය පමණක්‌ එහි රඳවා ගැනිණි.

    "දේවානම්පියතිස්‌ස කොටවපු ශිලා ස්‌ථම්භය දුටුවාය කියන්නෙත් ඔබමයි. මට වෙන මොකක්‌වත් දැන ගන්න උවමනා නැහැ. මට දැනගන්න උවමනා එක දෙයයි."

    "ඔව් දේවයන්වහන්ස, මහාමේඝ වනයේ ශිලා ස්‌ථම්භයේ තිබුණු කතාවම මේකෙත් තියෙනවා."

    තම ශ්වේත සිවුරුපට තුළට සුරත යවන භට්‌ටාර මෙතෙක්‌ හිණතුර සඟවා සිටි කරඬුවෙන් රන්පත එළියට ගෙන එළාර වෙතට දිගු කළේය.

    යම් හේතුවක්‌ නිසා එළාර එය අතට ගත්තේ නැත. තමා එසේ කළේ ඇයි දැයි කල්පනා කිරීම ඔහු පසුවට කල් තැබීය.

    "රත්නමාලී කියල චෛත්‍යයක්‌ හදන ගාමණී කියල රජෙක්‌ ගැන ඕකෙත් තියෙනවා?"

    ඔහු කෑගසා ඇසුවේය.

    තම බිහිසුණු සොයා ගැනීම ඉදිරිපත් කිරීමට තිබූ උද්ෙH`ගය භට්‌ටාර වෙතින් පහව යමින් තිබිණි.

    "මේ පරණ අක්‍ෂර කියන්නේ ඒ කතාවම තමයි."

    තම ජව සම්පන්න තරුණ මුහුණේ ලේ සිඳී යන ආකාරය දකින්නට, සුළු අතවැස්‌සන් ආපසු රැගෙන ගොස්‌ පසෙකින් තැබූ කැඩපත කරා යන්නට එළාර රජුට සිතිණි.

    "ඒත්... ඉතිං භයවෙන්න මොකටද එහෙම රජෙක්‌ තියා කුමාරයෙක්‌වත් මේ අහල පහළ රාජධානියක නැහැ. කාවන්තිස්‌සගෙ පුතාගෙ නම දීඝාභය."

    තමා තුළ වූ තැතිගැන්ම භට්‌ටාරට හැඟුණේ නම් අපරාධයකැයි එළාරට සිතිණි. භට්‌ටාරගේ කතාව ඇත්තය. මේ මනඃකල්පිත අනාවැකිවල සඳහන් ආකාරයේ රජකු හෝ කුමාරයකු හෝ දකුණේ කිසිම රාජ්‍යයක නැත. මාගම ද නැතල කල්‍යාණියේ ද නැතල ගිරි නුවර ද නැතල සෝම නුවර ද නැතල තම පරණ ස්‌වාමියා වූ කාලිංග ධාරවේල මහ අධිරාජ්‍යයාගේ අණසක යටතේ පවතින අල්ලපු දක්‍ෂිණ පථයේ කිසිම යටත් රාජ්‍යයක ද නැත.

    එහෙත් භට්‌ඨාරගෙන් අසන්නට ඔහුට ප්‍රශ්නයක්‌ තිබිණි.

    පුදුමයකට මෙන් ඒ ප්‍රශ්නය නැගුවේ ධරත්‍රියය.

    "දීඝාභය කියන්නේ කාවන්තිස්‌සගේ වෙන බිසවකගේ දරුවෙක්‌. අග බිසවට දරුවන් නැහැ නේද?

    "නැහැ"

    භට්‌ටාර කීවේ ලැබෙන එකකුත් නැහැ වැනි ස්‌වරයකිනි.

    අනතුර පහ වී යන ලකුණු යන්තම් දුටු වහාම අනතුර පහ වී ගියේ යෑයි විශ්වාස කරන සාමාන්‍ය මිනිසුන් සේම එළාර රජුජුරුවෝ ද මෙහිදී සැනසුම් සුසුමක්‌ හෙලූහ.

    ආක්‍රමණිකයකු වශයෙන් පැමිණ මෙහි සියලුම දැ අත්පත් කර ගැනීමට පෙර එළාර වරක්‌ මෙහි පැමිණ සිටියේය. ඒ තමන් සේම කාලිංග වාණිජ්‍යයන් දෙපළක්‌ වූ සේන සහ ගුත්තික දෙබෑයන් මෙම භූමිය අත්පත් කොට ගෙන රාජ්‍ය කරන කාලයේ ය. ඛාරවේල මහ රජුගේ චරපුරුෂ සේවයෙන් ඉවත් වී වෙළෙඳ නාවුකයකු වීමත්, අනතුරුව වෙළෙඳ නාවුක නායකයකු වශයෙන් රට රටවල සංචාරය කිරිමත් එකල්හි ඔහුගේ ජීවිතය විය. ඒ ජීවිතය සතුටින් ද නිදහසින් ද පිරී තිබුණේය. අද එය නොසතුටින්ද, නොඉවසිල්ලකින් ද පිරී තිබෙයි.

    ඔහු භට්‌ටාරට මෙසේ කීවේය.

    "ගුරු භට්‌ටාර මේ රටේ මිනිස්‌සු වගේම, උන්ගෙ හිටපු රජවරුත් හරිම කතන්දරකාරයො.

    මේ සේරමල කටින් කට අරන් ආව කතන්දර සමහර වෙලාවට අපව භයකරවනවා. ඒත් මම කතන්දරවලට කැමතියි. මං ගැනත් කතන්දර හැදෙනවාට මං කැමතියි.

    ගුරු භට්‌ටාර ඔබ මගේ චාණක්‍ය. ඔබ මගේ විෂ්ණු ගුප්ත, ඔබ මගේ කෞටිල්‍ය ඒත් මේ රටේ මිනිස්‌සු ගැන තවමත් ඔබට නොතේරෙන දෙය මම කියන්නම්. මෙය නපුර පරාජය කරන භූමියක්‌ වශයෙන් ඔවුන් තුළ තිබෙන විශ්වාසය සුළු කොට තකන්න එපා.

    මොවුන් කිසිවිටෙක කඩුවෙන් අවනත කරගත නොහැකියි. ධාර්මික බවෙන් පමණක්‌ම අවනත කර ගත හැකියි...."

    රජුගේ ස්‌වරයේ යම් බිඳීමක්‌ සිදුවනු භට්‌ටාරටත් ධරත්‍රියටත් දැනිණි.

    "ගුරු භට්‌ටාර, ඔබ මගේ චානක්‍ය කියන්න. මහලු අසේල ඝාතනය කිරීමේ පාපය සේදී යැම සඳහා මා කෙතරම් හැඬිය යුතුද? මා ආක්‍රමණිකයකු නොව ධාර්මික මනුෂ්‍යයකු බව කීම සඳහා මොවුන් කෙතරම් නම් සංඛ්‍යාවක දෙපා නැමදිය යුතුද?

    භට්‌ටාර හරිචJද්‍ර සැබෑ තීර්ථකයකු (ජෛන සාධුවරයකු) නොවන බව දැන දැනම එළාර ඔහුගේ තීර්ථශ්‍රාවකයකු වශයෙන් කටයුතු කිරීම මුලදී ධරත්‍රියට මහත් ගැටලුවක්‌ විය. එහෙත් එය වූ කලී මේ අති සමීප දෙමිතුරන් නියෑළී සිටින රාජ්‍යසව්‍යාජයට (උපක්‍රමික රාජ්‍ය පාලනයට) අතිශයින්ම අදාළ කාරණාවක්‌ බව තේරුම් ගැනීමට ඇයට එතරම් කාලයක්‌ ගත වූයේ නැත.

    බොහෝ දෙනා දැන නොසිටිය ද බොහෝ දෙනාට දැන ගැනීමට ඇති ඉඩකඩ වසා තැබුවද, තමන් කවුදැයි යන්න මේ දෙමිතුරෝ කොයි කලෙකවත් අමතක නොකළහ. නව යොවුන් වියේදීම තමන් නියෑළී එක්‌තරා සුවිශේෂී වෘත්තියක පළපුරුද්ද හැම කල්හිම ඔවුන් කෙරෙහි විය. ඒ නම් සත්ත්‍රී චරපුරුෂයන් වශයෙන් විටෙකත්, සංචාරක චරපුරුෂයන් වශයෙන් තවත් විටෙකත් ඛාරවේල අධිරාජ්‍යාට කළ සේවය තුළ ඔවුන් ලැබූ පළපුරුද්දය. තම කාර්යයන් ඛාරවේල වෙනුවෙන් ඉතාම ශූර ලෙස ඉටු කළ දෙමිතුරෝ ඒ කාලයේ කෞටිල්‍ය පඬිවරයාගේ අර්ථශාස්‌ත්‍රය ද මනා කොට හැදැරූහ.

    චාණක්‍ය විෂ්ණුගුප්ත ආදී වෙනත් නම් වලින් ද හඳුන්වනු ලබන කෞටිල්‍ය වූ කලී ක්‍රි. පූර්ව තෙවන සියවසේ භාරතයේ මහා බලසම්පන්න රජකු වූ චJද්‍රගුප්ත ගේ රාජ්‍ය උපදේශකයා ය. මගධ පාඨලිපුත්‍රයෙහි නන්දි රාජවංශය පරාජය කොට එය අත්පත් කොට ගැනීමට චJද්‍රගුප්තට සහාය වූ ප්‍රාඥයා වූයේ ඔහුය..

    එළාර මහත් අභිරුචියෙන් භට්‌ටාර කෞටිල්‍යයට සමාන කරන්නට ගන්නා උත්සාහය තුළ හැමවිටම නොකියා කියෑවුණේ තමා චJද්‍රගුප්ත අධිරාජයාය යන එළාරගේ අදහසම බැවින් ඉන් ඔහු ලබන සතුටට බාධාවක්‌ කරන්නට භට්‌ඨාර කිසි විටෙක කල්පනා කළේ නැත.

    රන්පත එයට හිමි කරඬුව තුළ රුවමින් භට්‌ටාර මෙසේ කීවේය.

    "කලබල නොවනු මැනවි. හෙටින් පස්‌සේ මේ මුළු රටේම මිනිස්‌සු, ඒ කියන්නේ මෙහෙත් මාගමත් කල්‍යාණියේත් හැම තැනකමත් මිනිස්‌සු ඔබේ ධාර්මිකකම ගැන කතා කරාවි. ඔබේ නිහතමානීකම ගැන කතා කරාවි.

    "මේ මුළු භූමියම මා අතට පත්වන දිනය තෙක්‌ම? මා හැම තිස්‌සෙම තැතිගන්වන මාගම රාජධානියත් මා අතට පත්වන දිනය තෙක්‌ම?"

    "ඊටත් පසුවත්ෘ"

    භට්‌ටාර සිනාසී කීවේ තම සැලසුම් කවරේද යන්න පිළිබඳව විමසිය යුතු නැතැයි යන ඉඟිය ද ඉදිරිපත් කරමිනි.

    "කොහොමද ඒක කරන්නෙ කියල මම අහන්නෙ නැහැ. ඔබ එය කරන බව මා දන්නවා. ඔබ ඉතාම ශ්‍රේෂ්ඨ තොරතුරු පතුරුවා හරින්නෙක්‌ බව මා දන්නවා."

    "මේ දූපත්වාසීන්ගේ මිථ්‍යා කතාවලට තවත් බයවෙන්න එපා. මෙහි සියලුම මිථ්‍යාවන් මේ වගේ රන් කරඬුවල දමා සඟවා තබා ගන්න. ගාමණි නමැති රජෙක්‌ ගැන පවත්නා විහිළුවට හොඳටම හිනාවෙන්න.

    එළාර භට්‌ටාර දුන් කරඬුව සුරතට ගෙන එය ධරත්‍රිය අතට දෙයි.

    දැන් ඔහු රාජ්‍ය සභාවට යා යුතුය

    "ගාමණී කියන්නෙ රජෙකුගේ නමක්‌ නොවෙයි විහිළුවක නමක්‌"

    භට්‌ටාර ඉතාමත් සැහැල්ලුවෙන් ප්‍රකාශ කරනුයේ සැරසුම් මණ්‌ඩපයෙන් පිටතට යන එළාරට හොඳටම ඇසුණේය.
     

    tchin123

    Well-known member
  • May 29, 2009
    1,607
    72
    48
    44
    Colombo
    සිදුවීම් නිදිගත විය. එළාර රජතුමා පිළිබඳ වීරාභිවාදනයන්ගෙන් ද එතුමාගේ යුක්‌තිගරුක භාවය සහ ගුණගරුක බව අරභයා වූ නිමක්‌ නැති කටකතාවලින් ද පිහිටි රටේ දවස්‌ ගෙවී ගියේය. මේ කතා රුහුණු රටට පැමිණියේ තවත් එකතු කරන ලද අලංකාරයන්ද සමගය. වෙළෙන්දෝත් චරපුරුෂයෝත් මේ කතාවලට අත්තටු සවි කළහ. මේ ක්‍රියාවලිය නිසාම ජනප්‍රිය කතාකාරයන් බවට පත් වූ වෙළෙන්දෝ ද චරපුරුයෝ ද සිටියහ.

    එළාර රජුගේ සයනය අසල එල්ලා තිබෙන යුක්‌තියේ ඝාණ්‌ඨාරයට අදාළ කඹයේ කෙළවර අනුරාධපුර රජවාසලේ දොරටුව අසල එල්ලා තිබෙන බව පිහිටි රටේ ගව මහීෂාධීන්ට දැනුම් දුන්නේ කවුදැයි ප්‍රශ්න කළ කොලු ගැටයකු ඒ පාප කර්මය නිසා පොළාව පළා අපායට ගිය පුවතක්‌ ද ඒ සමගම අසන්නට ලැබුණේය.

    මේ සියලු විප්‍රකාර මැද හරියටම මාස නවයක්‌ ගෙවී ගියේය.

    ෆ ෆ ෆ ෆ

    මහත් කරුණාර්ක රශ්මියක්‌ විහිදුවමින් මෙන් විහාරමහා දේවිය ශාලව තුළට පිවිසියාය.

    කුඩා සිනිඳු පිළියෙන් ඔතන ලද නව දිනක්‌ වයසැති සිඟිත්තා ඇයගේ ළමැදට ද දෙඅත් අතරට ද තුරුළු වී සිටියේය.

    සේවිකාවන් කීපදෙනකුම ඇය පරිවාරයේ සිටියත් ඒ කිසිවකුට සිඟිත්තා ඔසොවා ගැනීමට අවස්‌ථාවක්‌ නොලැබී ඇති බව ඔවුන්ගේ නොඉවසුම් සහගත සෙනෛහස පිරුණු මුහුණු කියාපෑවේය.

    භික්‍ෂුන් වහන්සේ පිරිසක්‌ සෙත් පිරිත් සඡ්ජායනය ආරම්භ කළ අතර, විහාරමහා දේවිය මහත් ප්‍රවේශමෙන් සිඟිත්තා තරුණ කාවන්තිස්‌ස රජු දෝතට පත් කළාය. අනතුරුව ඇය ද එතැන සිටින අන් සියලු ප්‍රභූවරුන්, කුමාරිකාවන්, රාජ්‍ය නිලධාරීන්, සෙනෙවිවරුන් මෙන් බිම වාඩුවූවාය.

    මේ ඉරියව්ව හැඳින්වෙන්නේ මෙහෙණින් වහන්සේලා වාඩිවන ඉරියව්ව නමින් වේ.

    සෙත් පිරිත් සඡ්ජායනය නිමා වූ අතර ත්‍රිපිටක තිස්‌ස මහස්‌ථවිරයන් වහන්සේ පුවක්‌ මල් කිනිත්තකින් පිරිත් පැන් මඳක්‌ ඉස සිඟිත්තා දෙස බලා සිටියෝ ය.

    විහාර මහා දේවිය මහාසිට මහාස්‌ථවිරයන් දෙපා තෙවරක්‌ නමැද නැගී සිටියාය.

    කිසිවකු කතාවක්‌, ශබ්දයක්‌ නොකළ අතර ඒ පුදුම නිහඬතාව බිඳිමින් ශබ්ද පුරවනු ලැබුයේ බ්‍රාහ්මණ වේශයෙන් සිටි නැකත් ඇදුරන් කීපදෙනකු සෙමෙන් සෙමෙන් සිදුකිරීමට පටන් ගත් සාකච්ඡාවෙනි.

    කාවන්තිස්‌ස රඡ්ජුරුවෝ තමා අසල සිටි වයෝවෘධ ප්‍රභූවරයෙකුගේ කනට කොට යමක්‌ කීහ.

    නැකත් ඇදුරෙක්‌ තම කටහඬ අවදි කළේය.

    "දේවයන්වහන්ස, කුමාරයාට යෙදෙන නම ගාමණී විය යුතුය."

    "ගාමණි" රඡ්ජුරුවෝ එයම ප්‍රතිරාවය කළහ.

    "ගාමණි..... ග්‍රාමණි...... ඒ කියන්නේ ග්‍රාමයේ නායකයා කියන එක. ප්‍රදේශයේ නායකයා කියන එක. ඒක අපට බොහෝම හුරු නමක්‌..... කමක්‌ නැහැ. නමුත් මගේ පියා ගෝඨාභයගේ නමේ කොටසකුත් එයට එකතු වෙන්න ඕනෑ."

    මහාසිව මහා ස්‌ථවිරයෝ එකල්හි මෙසේ කීහ.

    "ඒ කියන්නේ කුමාරයාගේ නම ගාමණී අභය" නැකැත් ඇදුරා එයට විරුද්ධ විය.

    "අභය යන්න නොයෙදෙයි."

    "මොකද නොයෙදෙන්නේ ගාමණී අභය කියන එක කදිමයි."

    ස්‌ථවිරයෝ එකහෙළා ප්‍රකාශ කළෝය.

    නැකැත් ඇදුරන් කිසිවෙකුත් මහාස්‌ථවිරයන් ගේ අදහසට විරුද්ධ යමක්‌ ප්‍රකාශ කිරිමට උත්සාහ නොකළෝය.

    එහෙයින් ඔවුහු ගෝඨාභය රජු කෙරෙහි තමන් තුළ පැවැති අකමැත්ත වහාම සඟවා ගත්තෝය.

    "ගාමණී අභය"

    විහාර මහා දේවිය යළිත් රජු වෙතින් තමා අතට පත් සිඟිත්තා සෙමින් සිපගනිමින් රහසින් මෙන් ඔහුට කොඳුළාය.

    ඇය තවත් සෙමෙන් ඇසෙන නො ඇසන ස්‌වරයෙන් යළිත් මෙසේ කීවාය.

    "මහරජ ගාමණී"
     
    • Like
    Reactions: urbanlogo