--මහරජ ගැමුණ---

tchin123

Well-known member
  • May 29, 2009
    1,607
    72
    48
    44
    Colombo
    04 කොටස

    "තා උපන් බිම කොහිද?"

    මිත්‍ර සෙනෙවි තමා ඉදිරියට පමුණුවා ඇති කුහන්ගෙන් ප්‍රශ්න කළේ මඳ සැරෙනි.

    සාමාන්‍යයෙන් ඉහළ ශ්‍රේණිවල සෙනෙවිවරු පහළ ශ්‍රේණිවල සෙබළුන් අමතන ඕනෑම විටෙක කිසියම් දෘඪ ස්‌වරයක්‌ පවත්වා ගැනීම සිරිතකි. සෙබළා කෙරෙහි විශේෂ කෝපයක්‌ සෙනෙවියා තුළ ඇතැයි ඉන් අදහස්‌ නොකෙරෙයි. එහෙත්, තම සේනාංකයට අයත් නොවූ සහ කුක්‌කිරාමම් නමැති අතිශූර චෝල සෙනවියකු අතින් පාලනය වූ විශේෂ ප්‍රහාරක සේනාංකයකට අයත් මේ තැතිගැනුණු සෙබලා කෙරෙහි වන යම් කෝපයක්‌ මිත්‍ර කෙරෙහි විය.

    මීට මාස නවයකට පෙර වූ යම් සිදුවීමක්‌ පිළිබඳව වැඩිදුර ක්‍රියාමාර්ගයක්‌ අනුගමනය කරනු වස්‌ ඔහු මිත්‍ර ඉදිරියට පමුණුවනු ලැබ තිබේ. ඒ එළාර රජුගේ අණසුන් පතක්‌ද (රාජ නියෝගය ඇතුලත් ලියෑවිල්ලක්‌) රැගත් රජුගේ සමීපතම සුළු සෙනෙවියකු වූ උපවර්ණ නමැති පාණ්‌ඩ්‍යයාද සමඟය.

    මේ මිනිසා තමාට අනවශ්‍ය කරදරයක්‌ ගෙනාවේය යන සිතිවිල්ලෙන් මිත්‍ර පීඩා විඳිමින් සිටියේය. එහෙයින්, ඔහුගේ හෙŒ රළු බවද, නොරිස්‌සුම් බව ද දැඩි විය.

    "මං ඇහුවෙ තා උපන් බිම කොහේද බොල?"

    "මා චෝල රටේ නාට්‌කෝණම් ප්‍රදේශයේ කැල්ලුරල් ගමේ..."

    "ඉතිරි හරියත් කියාපිය"

    මිත්‍ර ගුගුළේය.

    "ඒ කාලයේ අපව යටත් කරගෙන පාලනය කළේ උරියාවේ මහරඡ්ජුරුවෝයි" (කාලිංගයේ ඛාරවේල රඡ්ජුරුවෝ යන්නය.)

    "ඉතිං....?"

    ".... මම උන්වහන්සේගේ හමුදාවට බැඳුණා. මාව බඳවා ගත්තේ කුක්‌කිරාමම් සෙනවිතුමා. ඔහොම කාලයක්‌ යනකොට මට ඒ හමුදාව එපාවුණා."

    "ඒ මොකද බොල?"

    "අපි යටත් හමුදාවක්‌ නිසා ඛාරවේල රජතුමාගෙ මහ සෙනෙවිවරු අපට හරියට සැලකුවේ නැහැ. එළාර කියන නැව්පතියා හොඳ වැටුප් ගෙවා මහ සේනාවක්‌ හදනවය කියන ආරංචිය ආවෙ ඔය අතරයි. කුක්‌කිරාම් කිව්වා අපි ගිහින් එතුමාට සේවය කරමු කියලා..."

    "ඇතිෘ"

    මිත්‍ර සෙනෙවිගේ ප්‍රශ්න කිරීම දැන් ගමන් කරන්නේ වැරදි මාර්ගයක යෑයි පාණ්‌ඩ්‍ය සෙනෙවියාගේ ප්‍රත්‍යක්‍ෂය විය. කුහන් තිගැස්‌සීමකට පත්කරමින් ඔහු ඔහුට බාධා කළේ එහෙයිනි. එහෙත් එය, මිත්‍රගේ උදහසට හේතු විය. තම අතැස්‌මේ (කඩුව එල්ලා ගැනීම සඳහා ඉනේ බඳින පටියේ) එල්ලා වැටෙන කඩුවේ මිටේ වූ කඩු පොහොට්‌ටුව මිරිකමින් ඔහු සුළු සෙනෙවි උපවර්ණයාට මෙසේ කීවේය.

    "මුගේ උත්තර ළඟට කෙළින්ම යනවාද වටෙන් යනවාද තීරණය කරන්නේ මම තේරුණාද? මම විතරමයිෘ"

    උපවර්ණ මඳ රැවීමකින් තම කෝපය පිටකළා නම් ඒ ද කුහන් දෙසම බලාගෙනමය. කුහන් ඊළඟ මොහොතේ ප්‍රශ්න නොලබාම උත්තර නිකුත් කරන්නට පටන් ගත්තේ දිගට හරහටය.

    "එළාර නැව්පතිතුමා සිංහලද්වීපය අල්ලාගන්නට යනව කියන ආරංචියට අපි මත්වෙලා හිටියෙ. ඒකෙ පය තබන තබන තැන තිබෙන්නෙ මුතු, මැණික්‌, බලන බලන තැන ඉන්නෙ දිව්‍යාංගනාවො වගේ ගැහැණු. ඒක මේ ලෝකෙ තියෙන විශාලම රට හින්දා අපි හැම කෙනකුටම විශාල බිම් කඩක්‌ බැගින් ලැබෙනවා. ඔන්න ඔය වාගේ ආසාවල් හින්දා චෝල අප විතරක්‌ නොවෙයි, තරුණ ෙච්රයෝ පල්ලවයෝ, පාණ්‌ඩවයෝ, කාලිංගයෝ බොහෝ දෙනෙක්‌ එතුමාගේ හමුදාවට බැඳිලා හිටියා. අපි නැව් හැත්තෑවකින් පිටත්වුණා. ජම්බකෝලපට්‌ටනයෙන් සිංහලදීපයට ගොඩබැස්‌සා එදා තමයි..."

    "ඇතිෘ"

    මිත්‍ර ලඡ්ජාවට පත්ව සිටියේය. කුහන් මේ කියන කාලයට ටික කාලයකට පසු උදාවූ එක්‌තරා සුවිශේෂ දිනයක අනුරාධපුර රජ මාලිගා අංගනයේ පැවැත්වූ අවි සිප් තරගයකදී තමා සිංහලයන් වෙනුවෙන් ශිල්ප දැක්‌වීමට ඉදිරිපත්වූ සැටිත්, එහිදී චෝල පාණ්‌ඩ්‍ය, ෙච්ර, පල්ලව ආදී රණශූරයන් පරාජයට පත්කරමින් ජයගත් සැටිත් ඔහුට සිහිපත් විය. තම ජයග්‍රහණ ඉතා උනන්දුවෙන් නරඹමින් සිටි එළාර රජතුමාත් භට්‌ටාර පුරෝහිතතුමාත්, දීගජන්තු නන්දසාරථී වැනි එළාරගේ කාලිංග මහ සෙනෙවිවරුත් අත්පොළොසන් දුන් ආකාරයන් ඔහුට සිහිපත් විය.

    ඊළඟට ඔහුට සිහිපත් වූයේ තම උපන් ගම වූ කන්දරාජියේ මිනිසුන් පමණක්‌ නොව අසල්වැසි මිස්‌සකපව්ව පැත්තේ මිනිසුන්ද කෝපයට හා ශෝකයට පත්කරමින් තමා එළාර රජුගේ ආරාධනය පරිදි ඔහුගේ සෙනෙවියකු වශයෙන් රාජ්‍ය සේවයට එක්‌වූ දිනයය.

    එහිදී තම නැගණියගේ ස්‌වාමිපුරුෂයා වූ නන්දි තරම් කෝපයට පත්ව සිටි මිනිසකු ඔහුට සිතාගත නොහැකිය.

    තමා මෙන්ම රාක්‌ෂසයකු වූ ඒ සුන්දර මිනිසා කඳුළු සළනු ඔහු ඉන් පෙර කිසි දිනෙක දැක තිබුණේද නැත.

    එහෙත්, උසස්‌ රාජ්‍ය නිලධාරියකු වශයෙන් ඔහු ලද ඓශ්චර්යය එළාර රජතුමා නිසා උදාවූවකි. සිංහල පාලකයකු තම සමත්කම් උදෙසා නිසි තැන ලබා නොදුන්නේ යෑයි ඔහු හෘදය සාක්‌ෂියට බැණ වදිමින් එයට අඟුළු දැමුවේය. ඔවුන් තම ගෝත්‍රය නොසලකා හරින ලද්දේ යෑයි අනතුරුව ඔහු තම හෘදය සාක්‌ෂියට පහරදී තමාට ලැබුණ කුඩා මන්දිරයේ දොරටුවක එල්ලා තැබුවේය. අන්තිමේදී එක්‌තරා දවසක තම හෘදය සාක්‌ෂිය මරණයට පත්වූ බව ඔහුට දැනිණි. එතැන් පටන් ඔහු සිටියේ සතුටිනි.

    එහෙත් දැන් ඒ සතුට කා දමන්නට මළ යක්‌ෂයකු පැමිණ සිටියි.

    "බෝගස ළඟදී එදා මොකද වුණේ?"

    උපවර්ණයාද සතුටට පත්කරමින් මිත්‍ර තමාට පැවරුණු නියම රාජකාරියට පිවිසියේය.

    "ඔවුන් අප සියල්ලන් ඉතා සුළු මොහොතකින් ඝාතනය කළා."

    "කවුද ඔවුන් කියන්නේ?"

    "රාක්‌ෂසයන්, රාක්‌ෂස අංගම්කාරයන්"

    මිත්‍ර තිගැස්‌සිණි. කුහන් සෘජුවම සහ ස්‌ථිරවම එසේ පවසනු ඇතැයි ඔහු බලාපොරොත්තු නොවීය.

    "කොහොමද එහෙම කියන්නේ?"

    "මා මට පහර දුන් පුද්ගලයා හඳුනා ගත්තා."

    "කවුද?"

    "නන්දි"

    "නන්දි?"
     

    tchin123

    Well-known member
  • May 29, 2009
    1,607
    72
    48
    44
    Colombo
    මුවින් වරක්‌ ප්‍රතිරාවය වූ ඒ හඬ මිත්‍රගේ චිත්තාභ්‍යන්තරයෙහි යළි යළිත් ප්‍රතිරාවය විය. තමන් උගුලක හසු වූ සෙයක්‌ ඔහුට දැනිණි, එළාර කුහන්ගෙන් ප්‍රශ්න කිරිමට තමන් යෙදුවේ ඇයිද යන්න දැන් පැහැදිලිය. ඔහු තමා පරීක්‍ෂා කරයි. තමාගේ පක්‍ෂපාතිත්වය, රාජපාක්‌ෂික භාවය තියුණු පරීක්‍ෂණයකට ලක්‌කරයි. පරීක්‍ෂණයේ ප්‍රතිඵල වශයෙන් නන්දි ඇතුළු කණ්‌ඩායම විනාශ කිරීමේ මෙහෙයුම තමන්ට පැවරෙනු ඇත. එළාර රජු එක ගලෙන් කුරුල්ලන් දෙදෙනකු නොව රංචුවක්‌ම බිම දැමීමට සැරසී සිටියි.

    "ඉතින් තා පුර පෝය නවයක්‌ම මේ බව අපට හෙළිනොකර සිටියේ මන්ද? සැඟවී සිටියේ මන්ද?

    "මගෙ පණ බේරුවෙ හාමුදුරුවරු ආයිබෝවන්ඩ, මුලදි මම බොරු කියලා උන්වහන්සේලා රැවැට්‌ටුවා. ඒත් ටික දොහක්‌ යනකොට මට ඒක කරන්න බැරුව ගියා. මගෙ කැඩුණ ඉළ ඇට අත පය සනීප වෙනකොට මට බොරු කියන්න බැරුව ගියා. මම දෙවියන්ටත් යාච්ඥා කළා. අනේ දෙවියනේ ඇත්ත නොකියවෙන්න මගේ දිව නමන්න කියලා. ඒත් මොන පිස්‌සුද දවසක්‌ මට හාමුදුරුවන් වහන්සේලා ඉදිරිපිට සේරම කියෑවුණා. මම බලාපොරොත්තුවුණා උන්වහන්සේලා රාක්‌ෂසයන්ට මේක දැනුම් දීලා, මාව උන්ට අල්ලා දීලා මාව මරා දමයි කියලා. ඒ වුණාට එහෙම වුණේ නැහැ. උන්වහන්සේලා මට කරපු සාත්තුව නතර කළෙත් නැහැ. මට කීවෙ එක දෙයයි. ඒ වගේ පව්කාර වැඩවලට සම්බන්ධ නොවී ආව දිහාවකටම පලයං කියලා විතරයි. අනේ උන්වහන්සේලා රජතුමාගෙ මිනිසුන්ටත් හොරෙන් රාක්‌ෂස මිනිසුන්ටත් හොරෙන් මාව මාන්තොටට යවන්න සූදානම් කළා. එතනින් වෙළෙඳ නැවක නැගිලා ආයෙමත් මගේ ගමට යන්නයි මම හිතුවෙ...."

    "මූ නැවකට නගින්න ඔන්න මෙන්න තියෙද්දි තමයි මට අහුවුණේ"

    උපවර්ණ කීවේ ජයග්‍රාහී ලීලාවෙනි. අනතුරුව හේ එළාර රජු මිත්‍රට ලබාදෙන සේ තමන් සමඟ එවූ අණසුන් පත කිසියම් ගම්භීර ආකාරයකින් ඔහු අතට පත් කළේය.

    මිත්‍ර එය කියෑවූයේ සැලෙන හදිනි.

    "මේ වැදගත් සාක්‌ෂිකරුවා සමඟ ඔබ කළ පරීක්‍ෂණයේදී හෙළිදරව්වන රාජෙද්‍රdaහියා හෝ ෙද්‍රdaහීන් කණ්‌ඩායම කවුරුන් වුවත් ඔවුන් ඒ ආකාරයෙන්ම විනාශ කිරීම ඔබට පැවරෙන රාජකාරියයි.ෘ

    ෆ ෆ ෆ ෆ ෆ ෆ ෆ

    වල් අලින් නිදහසේ වනාන්තරයේද ගැමියන් නිදහසේ තම ගෙවල්වලද ගත කළ මේ කාලයේ මේ ද්වවිධ ප්‍රාණීන්ට එකිනෙකාගෙන් හිරිහැරයක්‌ තිබුණේ නැත. එහෙත් ඉතාම කලාතුරකින් ලුණු කෑමට ඇබ්බැහි වූ අලියකු ගැමි නිවසක මුළුතැන්ගෙය තුළට තම හොඬවැල ඔබයි. ලුණු පොල්කට්‌ට සැණෙකින් උරාබොයි. ඌ වළක්‌වන්නට සමහර ගැමියෝ තම නිවෙස්‌ වටා දඬු වැටක්‌ බැන්දහ.

    කන්දරාජියේ එබඳු දඬුවැටක්‌ සහිත ගොවි නිවසක්‌ වෙතට මේ පැමිණෙමින් සිටින්නේ එබඳු අලියෙකු නොවේ. අසරුවන් පිරිසකි.

    රෝහිණී නමැති තරුණ කාන්තාව ගොම මැටි පිරියම් කළ සීතල ගෙබිම මත එලන ලද පන් පැදුරක තම දෙහැවිරිදි ළදරුවා හොවා සිටියාය. නන්දිමිත්‍ර නමැති ගමේ කවුරුත් දන්නා මේ සුරතලා නින්දට යෑවීම අසීරු කාර්යයකි. තම පියා වූ නන්දිගේ නම ද තම මාමා වූ මිත්‍රගේ නමද එක්‌කොට තැනුණු නන්දිමිත්‍ර නමින් හැම විටම අමතනු ලැබූ දරුවා කොයි මොහොතකවත් නමේ කොටසකින් සුරතලයට හෝ අමතනු නොලද්දේය.

    ඒ නිහඬ, නිසල රාත්‍රියේ නන්දිමිත්‍රයාට යන්තම් ඇස්‌ පියවුණා පමණි.

    "කවුද?"

    රෝහිණිය තරමක්‌ එහායින් ඇති දඬුවැට අසල සෙලවෙන අඳුරු ඡායාවන් රාශිය දෙස බලා ඇසුවාය.

    "මමෘ"

    පිළිතුර නිකුත් කළ හඬ ඇය මහා සොම්නසකට පත්කළේය."

    "අනේ මිත්‍ර අයියන්ඩි" ඇයට කියෑවිණි.

    එළාරගේ රාජ්‍ය සේවයට ගිය පසු ඔහු නැවත කිසි දිනෙක තම නිවසට පැමිණ නැත. තමන්ද කෙදිනකවත් ඇතුළු නුවර පිටත උතුරු දොරටුව අසල පිහිටි ඔහුගේ මන්දිරයට ගොස්‌ නැත.

    දෙමස්‌සිනාවරුන් අතර පැවැති විරසකය කුමක්‌ වුවද ඇයට තම ආදරණීයයා සමඟ අමතක කළ නොහැකි අතීතයක්‌ තිබේ. වෙල් ඉපනැල්ලේ දිව යමින් කෙළි සෙල්ලම් කළ මතක සේම මවටත් පියාටත් තුරුළුව එකම ගුලියක්‌ව නිදාසිටි ආකාරයේ මතකද ඇයගේ චිත්aතසන්තානය සතුය.

    මිත්‍ර පැමිණ සිටියේ අශ්වාරෝහක සෙබළ මුලක්‌ද කැටිවය. මේ අශ්වාරෝහක සෙබළෝ අමුතුම මිනිසුන් වූහ. අඳුරේ පෙනෙන සෙල් රූ මෙන් දිස්‌වූ ඔවුන් එකිනෙකා සමඟ හෝ කතා බහෙන් තොරවූහ. හැම කෙනකුගේම පිටේ එල්ලා තිබෙන ඊතල කොපුවත් උර හරහට දමාගෙන තිබුණු විශාල දුනුත් කියාපෑවේ ඔවුන් ඒ ක්‍ෂේත්‍රයේ අතිශය ප්‍රවීණයන් බවය. කිසිවකු දඬුවැට නොඉක්‌මවූ අතර මිත්‍ර පමණක්‌ම පෙරමඟට පිවිසෙන රෝහිණිය වෙතට පැමිණියේය.

    "දෙවි හාමුදුරුවනේ අපේ අයියන්ඩි බොහෝම කාලෙකට පස්‌සෙ, නන්දිමිත්‍රයාට දැනුයි නින්ද ගියේ. අපේ මහයා ඔන්න අංගංපිටියේ."

    රෝහිණීගේ අවසන් වැකිය තොරතුරක්‌ වශයෙන් සිතට ගනිමින් මිත්‍ර උළුවස්‌සෙන් නැවී ගෙතුලට පිවිසියේය.

    "සුනංගු වෙන්ඩ බෑ, ආවෙ රාජකාරියකට."

    "රාජකාරියකට ආවත් මෙහාටත් ගොඩවෙලා යන්න ආ එක කොච්චර දෙයක්‌ද?"

    සඟවාගත නොහැකි කණස්‌සල්ලකින් මිත්‍රට මෙසේ මැතිරිණ.

    "නෑ නෑ මං මෙහාටම තමයි රාජකාරියට ආවෙ"

    මිත්‍රට සංග්‍රහ සත්කාර කිරීමේ කලබලයෙන් සිටි රෝහිණියට එය ඇසුණේ නැත. පෙරළී නිදා සිටින නන්දිමිත්‍ර දෙස මොහොතක්‌ බලා සිටි හේ යළිත් තමාටම මෙසේ කොඳුලා ගත්තේය.

    "මම නුඹලා අසරණ වෙන්න ඉඩ තියන්නේ නෑ. මගෙ ළඟට ගන්නවා, ඔව්. ඒක සහතිකයි.ෘ"
     

    tchin123

    Well-known member
  • May 29, 2009
    1,607
    72
    48
    44
    Colombo
    උදිතෝදිතයා හතිලමින් දිව එනවිට නන්දි සිටියේ රාක්‌ෂස අංගම් ශිල්පයේ ගැඹුරුම රහස්‌ කීපයක්‌ තම සිසුන් හමුවේ ලෙහමිනි.

    "මාමණ්‌ඩි, මිත්‍ර මාමණ්‌ඩි එනවාෘ" සිසුවාගේ පණිවිඩය මිත්‍ර තුළ මඳ නැතිගැන්මක්‌වත් ඇති කළේ නැත. ඒ වෙනුවට ඔහු තම සිරුරත්, මනසත් නිහඬ යුද පිටියකට සූදානම් කළේය.

    "නෑකම් නොකියා බොලාගේ වැඩක්‌ බලාගනිල්ලා."

    ඊළඟ මොහොතේ මිත්‍ර පැමිණියේය. එහෙත්, ඔහු සමඟ වූ අසරුවෝ පැමිණියෝ නොවෙති. අංගම්පිටිය වැටළුවෝ වෙති. එසේ වුවද රාක්‌ෂස අංගම් ශිල්පියෝ කිසිවකුත් එය ගණනකට නොගත්හ. කලබලයකටද නොපත්හ.

    නන්දි සන්සුන්ව හිනෙන් ගත් බුලත්විටක්‌ මුව තුළ රුවා සපන්නට පටන් ගත්තේය. ඒ සන්සුන්කමත්, නිහඬකමත් මිත්‍රගේ හද ගැස්‌ම වැඩි කළේය. කිසිවක්‌ සිදු නොවූ අතර කිසිවෙක්‌ කිසිවක්‌ම නොදොඩාද සිටියහ. අන්තිමේදී ශබ්ද පුරවන්නට වූයේ නන්දිටමය.

    "මොකද මේ? නෑකමට එනවා නම් ගෙදරට එමු."

    "මම නෑකමයි රාජකාරියයි පටලවා ගන්නේ නැහැ අයියන්ඩි. ඔබ ඒක දන්නවා"

    "දැන් මොකක්‌ද මෙතන රාජකාරිය?"

    "මීට පොහොය නවයකට කලිsන් එළාර මහරඡ්ජුරුවන්ගේ විශේෂ සේනාංකයේ සෙබළු රංචුවක්‌ම අතුරුදහන් වුණා."

    නන්දි හොඳ බුලත් කෙළ පහරක්‌ දෑඟිලි අතරින් ඈතට විද්දේය. අනතුරුව මුව පුරා විසුරුණු බුලත් හප එක්‌රැස්‌කර ගැනීමට මුඛය හැඩ වැඩ කර ගනිමින් මෙසේ කීවේය.

    "මොකෝ, මාගම පැත්තෙ රිංගන්ට ගොහින්ද?"

    "එහෙම වුණා නම් අපට ඒක තේරුම් ගන්ඩ පුළුවන්. මේක වෙලා තියෙන්නෙ මාගමදී නොවෙයි, අනුරාධපුරේදිෘ ශ්‍රී මහා බෝධීන් වහන්සේ ළඟදීෘ"

    නන්දි ඇත්තටම මෙන් සිනාසුණේය.

    "කවදා අහපු කතා ද මේ? එහෙමනං ඕක මෙහෙම වෙන්න ඇති"

    "කොහොමද?"

    "වඳින්න ආව සර්දාව නිසා සේරමලාව දෙවියෝ අතුරුදහන් කරවන්න ඇති, දිව්‍යලෝකෙට පණපිටින්ම ගෙන්න ගන්න.

    මිත්‍ර පෞද්ගලික කෝපයකට වඩා නැගී ආ රාජකාරීමය කෝපයකින් මෙසේ කීවේය.

    "වෙන්න ඇතිෘ හැබැයි ඒ දෙවියෝ කවුද කියන එක රජවාසල අඳුරගෙන."

    හදිසි යුද්ධයේ ආරම්භක සංඥාව නිකුත්වී ඇති බව නන්දිට වැටහිණ. හිස මඳකුදු නොසොල්වා දෙනෙත් පමණක්‌ම සොලවා ඔහු ක්‌ෂණයකින් තමා සහ තම සිසු පිරිස ස්‌ථානගතව සිටින සැටිත්ල සතුරන් සියල්ලන්ම ස්‌ථානගතව සිටින සැටිත්ල නිරීක්‍ෂණය කළේය.

    නිරායුදව වුව සතුරන් වෙත කඩාපැන සුළු මොහොතකින් ඔවුන් විනාශ කිරීමේ විශ්මයජනක හැකියාවක්‌ ඕනෑම විටක රාක්‌ෂස අංගම් ශිල්පීන් සතුව පැවතිණ. එය නාගයන් හෝ යක්‌ෂයන් සතුව පැවති ඕනෑම සටන් ක්‍රමයකටද වඩා විශිෂ්ට වූවක්‌ වූ අතර ෙච්ර, පාණ්‌ඩ්‍ය, චෝල, කාලිංග, කලභ්‍ර, පල්ලව ආදී ඕනෑම විදේශිකයකු නොඇසූ නුදුටු වික්‍රමයක්‌ද විය.

    එහෙත් මෙතැන ප්‍රශ්නයක්‌ තිබිණි. ඒ වන විටද කාලිංග දුනුවායෝ දුනුදිය ඇද තම තමන්ගේ ඉලක්‌ක කෙරෙහි චිත්ත ඒකාග්‍රතාවකින් යුක්‌තව සිටියහ.

    අධික වේගයකින් දුනුදිය සූදානම් කිරීමටත්, ඊතල නොවරදින ලෙස ඉලක්‌ක කරා යෑවීමටත් විශ්මයජනක හැකියාවක්‌ තිබූ මොවුන් සමඟ කෙරෙන සටන ඉතාම අසමාන සටනක්‌ විය හැකි බව නන්දි පළපුරුද්දෙන්ම දැන සිටියේය.

    කිසිවක්‌ම නොමැති විට දක්‌ෂ සටන්කරුවන් විසින් ලබා ගන්නට උත්සාහ කරන්නේ කාලයය.

    සමහරවිට කාලය ඔවුනට විශ්මයජනක දේ ලබාදෙනු ඇත.

    කාලය ලබාගැනීම සඳහා අර්ථාන්විතව හැසිරීමද, නිවැරදිව වචන භාවිතා කිරීමද අවශ්‍යය. නන්දි මෙසේ කීවේයá

    "අපව කුදලාන යන්ඩ නම් බැරිවෙයි. කුදලාන ගියත් හිරේ විලංගුවෙ දාල වහල තියන්න බැරිවෙයි. මස්‌සිනන්ඩි දන්නවනේ අපි කොයිවගේ හටන්කාරයෝද කියලා..."

    කතාකරන අතර නන්දිගේ උපනෙත යොමුව තිබුණේ මිත්‍ර නැගී සිටින අසුගේ කණ වෙතය. කන්ගැට්‌ටට සිංහල පරමාණු දහසක්‌ මෙහායින් තිබෙන මාරක ස්‌ථානය තරමක්‌ දුරකින් සිට වුවද හඳුනා ගැනීම ඔහුට අපහසු නොවීය.

    එහෙත්.....
     

    Planthis

    Member
    Sep 13, 2009
    3,684
    235
    0
    ~ On my Black Pearl ~
    ඔහොම යමු සහෝදරයා. නියමයි....
    11.gif
    11.gif
     

    nwnbs

    Member
    බොහොමත්ම ස්තුතියි යාළුවා... :D
    11.gif
    11.gif
    11.gif

    කතාව නම් නියමයි. රඟපෑම් එහෙම කෙරෙනකොට තත්වෙ කොහොම වෙයිද දන්නෙ නෑ. කොහොම උනත් හොඳ වැඩක්...
    (සමාවෙන්න ඕනෙ.මම අදයි මේක දැක්කෙ...)
     

    tchin123

    Well-known member
  • May 29, 2009
    1,607
    72
    48
    44
    Colombo
    මුල් විනාශකිරීමේ රුදාව...

    05 කොටස

    එතැනට පැන අසුට පහරක්‌ එල්ල කිරීමට පෙර මේ ශරවේදී ධනුර්ධරයන් විදුලි වේගය අභිබවා යන වේගයෙන් එවන හීසර හතකටවත් තමා ලක්‌වන බව නන්දිට වැටහිණි.

    ආසන්න විදමන නමින් හඳුන්වන මේ කෙටි ප්‍රහාරක විලාසයට අනුව ශූර ශරවේදී දුනුවායකුට විදුලි කොටන ආලෝකයක්‌ නිමාවීමට පෙර පිටෙහි එල්ලා ඇති හියවුරෙන් (හී කොපුවෙන්) ඇද ගන්නා හී දෙකක්‌ වත් තම ඉලක්‌කයට එල්ල කළ හැකිය.

    හදිසියේම ඔහු තව යමක්‌ දුටුවේය. එය නම් මේ සෑම ඊදණ්‌ඩකම කෙළවර සමන්විත වූයේ කපුටු පිහාටුවලින් බවය. ඉන් කියෑවුණේ මේ සියලුම ඊ මූණත් විෂ පොවා ඇති බවය. එහි ඇති අති බිහිසුණු බව නම් යොදා ඇති විෂ වර්ගයට අනුව හීසර පහර ලබන්නාගේ මරණයේ ක්‍ෂණික බව තීන්දුවීමය.

    නන්දි දැන සිටි අන්දමට අසේල රජුගේ මොනම සේනාංකයක හෝ, එසේත් නැතහොත් ඔහු යටතේ සිටි පරුමකවරුන්ගේ මොනම සේනාංකයක හෝ මෙබඳු විෂ අවි භාවිතා කිරීමක්‌ නොවීය. තමන් බඳු රාක්‍ෂසයන් අතර තබා යම් යම් හේතු කාරණා නිසා තමන් සමග පයුරු පාසානම් නොපැවැත්වූ යක්‍ෂ ගෝත්‍රික කණ්‌ඩායම් අතර හෝ එබඳුq සාහසික භාවිතයක්‌ නොවීය.

    විෂ වෙදකම හොඳින්ම දැන සිටි මෙහි මිනිසුනට සතුරන්ට පහර දීම සඳහා ආයුධවලට විෂ යොදා ගැනීම මහ අරුමයක්‌ විය හැකි නොවුවත් ඔවුහු කිසි කලෙක එය නොකළහ. නැතහොත් තම මුතුන් මිත්තන්ගේ සම්ප්‍රදාය තුළ කිසි කලෙක එවැන්නක්‌ නොදුටහ.

    මිත්‍ර කෙරෙහි උපන් කෝපයෙන් පිපිරී ගිය නන්aදි වියරු වූ ව්‍යාඝ්‍රයකු මෙන්ද ඔහු කලින් අදහස්‌ කළාක්‌ මෙන් රුදුරු හීසර සතක්‌ ලබාගනිමින්ම ද මිත්‍රගේ අසු වෙතට පැන උගේ කන අසල මර්මස්‌ථානයට මාරක පහරක්‌ එල්ල කළේය. අසු මිත්‍ර ද පෙරළාගෙන ඇද වැටෙනවිට මිත්‍රගේ බොටුව වෙත පැනීම ඔහුගේ අපේක්‍ෂාව වූවද, ශරවේදියෝ ඒ වනවිට තමන් නිකුත් කොට තිබූ හීසර ප්‍රමාණය සියයද ඉක්‌මවා සිටියෝය.

    නන්දි ද ඔහුගේ ශිෂ්‍යයන් හා සහායකයන් ද බිම වැටෙන" විටත් මළකඳන් බවට පත්වී තිබුණු බව සැබෑවකි. එහෙත්, නන්දි තම අසුට එල්ල කළ අනපේක්‍ෂිත ප්‍රහාරයෙන් බිම වැටී තෝන්තු වී සිටි මිත්‍ර කල්පනා කළේ තව එක්‌ මොහොතක අවස්‌ථාවක්‌ නන්දිට ලැබිණි නම් තමාගේ ඉරණම කුමක්‌ විය හැකිව තිබුණේද යන්නය.

    දුනුවායෝ පැමිණ මිත්‍ර නැගිටුවා ගත්හ.

    කාල වර්ණ ඇඳුම්වලින් සැරසුණ කාලවර්ණ වූ පිරිසක්‌ ඒ සමඟම එතැනට පැමිණ සිටියහ.

    "ගැල් සූදානම් මහ සෙනෙවිතුමනි"

    ඔවුහු කීවෝය.

    මිත්‍ර නිහඬව ධනුර්ධරයන් විසින් සපයනු ලැබූ නව අසකු මතට නැග්ගේය.

    "එක ලේ පැල්ලමක්‌වත් තිබෙන්නට බැහැ."

    ඔහු, දැන් පැමිණිය වුන් දෙස බලා අණ කළේය.

    "අශ්වයා පණ අදිනවා"

    එක මිනිසකු මහත් ඕනෑකමකින් කීවේය.

    "එක්‌කෝ ඌ තොපගේ යාගයකට, නැතිනම් තොපගේ කුසට"

    මිත්‍ර ද ඔහු පිරිවරාගත් ධනුර්ධරයෝ ද ආපසු හැරුණහ.



    මේ මහ රාත්‍රියේ කන්දරාජිය හරහා ගැල් කීපයක්‌ ගමන් කරන්නේ කොහේටදැයි කල්පනා කරමින් රෝහිණි ගැල් පසු කරමින් ඉදිරියට ආවාය.

    ගැල් හොඳින් වසා ආවරණය කොට තිබූ අතර ඒවා සමඟ ගමන් කළ වුන් මේ මෑතකදී පිහිටි රටට පැමිණි චෝල වෙළෙඳුන් කණ්‌ඩායමක්‌ වන්නට ඇතැයි ඇය කල්පනා කළාය.

    හුළු අත්තද වනමින් අංගංපිටියට පිවිසෙන රෝහිණී පුදුමයෙනුත් පුදුමයට පත්වන්නේ එහි තම සැමියා ඇතුළු කිසිවකුත් නොසිටින නිසාම නොවේ. ඔවුන්ගේ විවිධ ආයුද ද, උපකරණද, ඔහේ වැටුණු වැටුණු තැන්වලම තිබෙන්නට හැර තිබෙන නිසාය.

    ජීවිතයේ හැමදෙයම ඉතාම පිළිවෙළකට කළ නන්දි තම ජීවිතය තුළ වූ විනය අන් හැමදෙනා තුළම පිහිටුවීමටද උත්සාහ කළේය. ඔහුගෙන් රාක්‍ෂස අංගම් ඉගෙන ගැනීමේ වරප්‍රසාදය ලැබුණේ ඒ විනයට එකZඟ වන්නන්ට පමණක්‌ම විය.

    ඔවුන් කිසි විටක කඩුවක්‌ තබා තමන් භාවිතා කළ කෝටු කැබැල්ලක්‌වත් ඔහේa බිම දමා නොගියහ.

    එහෙත්, දැන් එවැන්නක්‌ දක්‌නට තිබෙයි. ඇය දැන් සෙවිල්ලෙන් අංගංපිටියේ එහාට යයි, මෙහාට යයි, අනතුරුව එය එහාට මෙහාට දිව යැමක්‌ බවට පත්වෙයි. එහෙත් කිසිවක්‌අමුතුවෙන් වටහා ගැනීමට ඇය සමත් නොවෙයි.

    නැත, ඇය යමක්‌ දුටුවාය. සීතලට පෑගුණු වැලි පදාසය තෙත් වී ඇත්තේ රුධිරයෙන් බව වටහා ගත්තාය. වැලි අතර සැඟවී තිබෙන හී දණ්‌ඩක්‌, දෙකක්‌........

    රෝහිණී මහ හඬින් මොර දුන්නාය.
     

    tchin123

    Well-known member
  • May 29, 2009
    1,607
    72
    48
    44
    Colombo
    ළදරු නන්දිමිත්‍රයෝ ගැස්‌සී අවදි වුහ.

    ඔහු නිදි කරවන්නට ඉතාම අසීරු දරුවෙකි. එසේම, නින්දට පත් කළ අවදි කරවන්නටද අසීරු දරුවෙකි.

    ¥ ¥ ¥ ¥ ¥ ¥

    කන්දරාජිගේ නැගෙනහිර කොටසේ සුන්දර භූමියක වූ කුඩා ගෙපැලේ සිට අනුරාධපුර ඇතුළු නුවර පිටත උතුරු දොරටුව අසල පිහිටි ස්‌වකීය මාමණ්‌ඩිය වූ මිත්‍රගේ රැකවරණය යටතට ගෙන යන කාලය වනවිට නන්දිමිත්‍රට යන්තම් තෙවසරක්‌ වූවා පමණකි.

    ඔහු මිත්‍ර මන්දිරය තුළ සුවසේ නිදා ගත්තේය. ඔහුට බාධා කරන්නට කෙනකු එහි නොසිටියා සේම, ඔහු සුරතල් කරන්නට ද කෙනකු එහි සිටියේ නැත.

    මිත්‍ර එළාර රජුගේ ප්‍රියතම සෙනෙවියකු හා ඉතා විශ්වාස කටයුතු අයෙකු ද වූ බැවින් කීපවිටක්‌ රජ මාළිගාවට යැමේ අවස්‌ථාවද නන්දිමිත්‍ර ට හිමි විය. එවිට ඔහු සොළොස්‌වන වියේ පසු විය.

    භට්‌ටාර හරිචන්ද්‍රතුමා දිනක්‌ එසේ මිත්‍ර සෙනෙවි සමග පැමිණි නන්දි මිත්‍ර ගැටයාට රාජකීය උයනෙන් ලැබුණු අඹ ගෙඩියක්‌ දුන්නේය. එහෙත්, ඊට වඩා දෙයක්‌ ඔහුට දෙන්නට ඔහු පිළිබඳව පරීක්‍ෂාවෙන් සිටි පිරිසක්‌ අනුරාධපුරයේ සිටියේය.

    තමා රාක්‍ෂසයකුයි වරක්‌ අභය වැව අසලදී සම්මුඛ වී තමාට මහත් දයාවෙන් ප්‍රකාශ කළ එකකුට ඔහු හොක්‌ක පොඩි වෙන්නට පහර දුන්නේය.

    එහෙත්. ඒ හේතුව නිසාවත් රහසේ ඔහු සොයා එන පිරිස ඔහු සොයා ඒම අතහැරියේ නැත.

    වසර විසිහතරක්‌ම ඔවුහු නන්දිමිත්‍ර පිළිබඳව සෙවිල්ලෙන් සිටියහ.

    නන්දිමිත්‍ර රාක්‍ෂසයකැයි ආදි වශයෙන් වන ඕනෑ නැති කතා කියන්නට ගොස්‌ ඔහුගෙන් හොක්‌ක තලාගත් මිනිසා අන්තිමේදී දවසක්‌ නන්දිමිත්‍රගේ කණින් රිංගා ගලනාලය දිගේ පහලට බැස ඔහුගේ හදවත අභියස පෙනී සිටියේය.

    ඒ හදවතේ වසා දමා තිබූ දොරක්‌ විය. ඔහු දොරට තට්‌ටු කළේය.
     

    tchin123

    Well-known member
  • May 29, 2009
    1,607
    72
    48
    44
    Colombo
    ගාමණී අබය කුමාරයෝ "හ්ම්....යන ශබ්දයෙන්, තමා ඉදිරියේ හිස නමා ආචාර කොට, තවමත් හිස පහත් කොට සිටින මිනිසාට හිස ඔසොවන්නට සංඥ කළෝය.

    නන්දිමිත්‍ර හිස ඔසොවා එකත්පස්‌ විය.

    පියරජතුමා විසින් ගාමණි අබය ඉදිරියට පමුණුවනු ලැබූ මේ මිනිසා ඉතාම විශේෂ පුද්ගලයකු වශයෙන් එතුමන් විසින් හඳුන්වා දෙනු ලැබ තිබිණි.

    "කුමාරයාණෙනි..." වශයෙන් අමතා නන්දිමිත්‍රයෝ දීර්ඝ කතාවකට මුල පිරූහ.

    "මඳක්‌ ඉන්න ඔබ උදෑසන ආහාර ගෙන නැහැ නේද?"

    රාජකීයයකු එසේ විමසූ කළ යමකු ආහාර ගෙන සිටියේ නම් ඒ බව නොවළහා ප්‍රකාශ කිරීමද ආහාර ගෙන නොසිටියේ නම් කිසිවක්‌ නොදොඩා මුණිවත රැකීමද සිරිතක්‌ විය.

    "රාජකීය භෝජනාගාරය ඔබ එනතුරු බලා සිටිනු ඇත."

    ඉතාම ප්‍රියමනාප ලෙස ප්‍රකාශකළ ගාමණි අබය එතැනින් ඉවත් විය.

    නන්දිමිත්‍ර රාජපුරුෂයන්ගේ මඟ පෙන්වීම ඔස්‌සේ මාගම රජ මාළිගයේ රාජකීය භෝජන ශාලාව කරා ගමන් කරන්නට විය.

    අනුරාධපුර රජ මාළිගයේ සැරිසරා පුරුදු ඔහුට මෙය පුදුමයකි.

    එහි තිබෙන සියලු රාජ උෂ්ණයක්‌ම මෙහි තිබේ. රාජකීය චාරිත්‍ර විධි. මාළිගය තුලට අදාළ නීතිරීති, සම්ප්‍රදායන් ආදී සියල්ලද ඉහළින්ම මෙහි තිබේ. එහෙත් එහි නොමැති ලෙන්ගතුකමක්‌ සමීප බවක්‌ ඔහුට මෙහි දැනිණ.

    ගාමණී අබය පමණක්‌ නොව සුළු නිලධාරීන් පවා මෙහි උස්‌ හඬින් කතා කළහ. අනුරාධපුර මාළිගය තුළ එය තහනම් කාරණයකි. එහි උස්‌ හඬින් කතා කළේ භට්‌ටාර හරිචන්ද්‍ර පමණි. රජු වුවද එළාර පවා බොහෝ විට කතා කළේ මන්ද්‍ර ස්‌වරයකිනි.

    තොරතෝන්චියක්‌ නොමැතිව සිනාසෙන සේවිකාවන් පිරිසක්‌ දෙස පුදුමයෙන් බලමින් නන්දිමිත්‍ර භෝජන ශාලාවට ඇතුළු විය. පසෙක කුඩා මේසයක්‌ කරා ඔහු කැඳවාගෙන යනු ලැබූ අතර මහ සෙනෙවිවරුන් වෙනුවෙන් වෙන්කොට තිබූ දිගු මේසයක්‌ අසළ අසුන්ගෙන ආහාර ගනිමින් සිටින හැඩිදැඩි සිරුරක්‌ සහිත තරමක්‌ වයෝවෘධ මිනිසා එක්‌වරම ඔහුගේ අවධානයට යොමු විය.

    "වේළුසුමන සේනාපතිතුමා"

    රාජපුරුෂයෙක්‌ නන්දිමිත්‍රගේ කණට කොට තෙපුළේය.

    මහරජුගේ මහසෙනෙවියා දැකීම නන්දිමිත්‍ර තුළ තැති ගැන්මක්‌ ඇති කළේය. වරක්‌ අනුරාධපුර රාජධානියට කඩා පැන එළාර රජුගේ මහ සෙනෙවි නන්දසාරථි මරා දමා ඔහුගේ හිසත්, අසුත් යන දෙකම රැගෙන යළි මාගමට පළා ගිය මේ මිනිසා පිළිබඳ කතා පුවත් ඔහු කුඩා කල පටන් අසා තිබේ. තම මව තමාට නින්ද යනතුරු පැවසූ නොයෙකුත් කතාන්දරවල සිටි යෝධයාගේ ස්‌වභාවය නන්දිමිත්‍ර මෙතෙක්‌ දැක තිබුණේ එළාර රජුගේ දීඝජන්තු මහසෙනෙවි වෙතිනි. එහෙත්, මෙන්න තව නියම යෝධයෙක්‌.

    "කොල්ලෝ ඕක ගෙනෙන් බාං"

    වේළුසුමන ඉතාම සුළු සේවකයකු අමතන ආකාරය නන්දිමිත්‍ර පුදුමයෙනුත් පුදුමයට පත් කළේය. දීඝ ජන්තු සුළු සේවකයකු පමණක්‌ නොව සුළු සෙනෙවියකු පවා හැමවිටම අමතන්නේ "ගෙනෙව්, ගෙනෙනු, වැනි වදන් වැලකින් වන අතර දැඩි ස්‌වරයකින්ද වේ.

    හැමතැනම දකින්නට තිබුණු ලෙන්ගතුකම නිසා නන්දිමිත්‍ර කෙතරම් කැළඹී සිටියේද යත් ඔහුට කිරිබත් සමග තිබුණු කිතුල් හකුරු රසබැලීමටද අමතක විය.

    බැලු බැල්මටම අනුරාධපුර රාජධානිය සහ මාගම රාජධානිය අතර එතරම් වෙනසක්‌ පැවතියේ නැත. රාජකීය ගොඩනැගිලිවල තබා සාමාන්‍ය මිනිසුන්ගේ නිවාසවල වුවද එතරම් වෙනසක්‌ තිබුණේ නැත.

    එහෙත්, අනුරාධපුර නගරයේ විවිධ ඇඳුම් පැළඳුම්වලින් සැරසුණු විවිධ වර්ගවල මිනිසුන් සිටියහ. මේ බොහෝ අය සේන -ගුත්තික, එළාර යන අයවලුන්ගේ ආක්‍රමණික හමුදාවල සාමාජිකයන් වූ අතර ඔවුන් බැලූ බැල්මට චෝළ, ෙච්ර, පාණ්‌ඩ්‍යය, කලභ්‍ර, කාලිංග, පල්ලව ආදි වශයෙන් වෙන් වෙන්ව හඳුනා ගත හැකි වූයේද නැත. එහෙත්, සිව ආගම ඇදහු අය වශයෙන් ද, විෂ්ණු ඇදහූ අය වශයෙන් සහ ජෛන ආගම ඇදහූ අය වශයෙන් ඔවුන් ඉක්‌මනින් හඳුනාගත හැකිව තිබිණි. ඔවුන් අතර බෞද්ධයන් යම් ප්‍රමාණයක්‌ හෝ සිටියේ නම් ඒ කාලිංගයන් සහ පල්ලවයන් අතර පමණක්‌ම විය.

    මාගම රාජධානිය මේ තත්ත්වයෙන් මුළුමනින්ම පාහේ වෙනස්‌ විය. සම්පූර්ණ වශයෙන්ම බෞද්ධ ජනයාගෙන් සුසැඳි රාජ්‍යයක්‌ වූ එය මේ කාලයේ අනුරාධපුරයේ දක්‌නට ලැබුණු බ්‍රාහ්මණ සංස්‌කෘතික ලක්‍ෂණවලින්ද මුළුමනින්ම වෙනස්‌ වී සිටියේය.

    සාමාන්‍යයෙන් මාගම යනු ස්‌වාධීන රාජ්‍යයක්‌ නොවේ. එය හැමවිටම අනුරාධපුර ප්‍රධාන රාජ්‍යයේ උප රාජ්‍යයක්‌ විය. එහෙත්. ඒ යම් විදේශ ආක්‍රමණිකයකු අනුරාධපුරය අල්ලා ගන්නා තුරු පමණකි. එසේ වූ ඕනෑම විටෙක එය අනුරාධපුර රාජ්‍යයෙන් වෙන්වී ස්‌වාධීනව කටයුතු කළේය.

    දැන් මේ උදා වී තිබුණේ එබඳු කාලයකි. යුද උණුසුමක්‌ නොපැවතියද රාජ්‍ය දෙකම දැඩි ලෙස තම තමන්ගේ දේශ සීමා ආරක්‍ෂා කළහ. අනුරාධපුරයෙන් මාගමටත්, මාගමින් අනුරාධපුරයටත් ඉඳහිට හෝ ගමන් කළේ වෙළෙන්දන් සහ වන්දනාකරුවන් පමණකි.

    අනෙක්‌ අතට දකුණේ පැවතියේ මාගම රාජ්‍යය පමණක්‌මද නොවේ. මේ වනවිට බටහිරට වන්නට පිහිටි කල්Hdණි රාජ්‍යයද, කතරගම ක්‌ෂත්‍රියයන් සතුව පැවැති කාචරග්‍රාම රාජ්‍යයද මාගම රාජධානියට නතුව පැවතියද සේරු සහ සෝම යනුවෙන් හඳුන්වනු ලැබූ තවත් කුඩා රාජ්‍ය දෙකක්‌ද දකුණේ විය. එහෙත්, දකුණේ මහරජු වූ කාවන්තිස්‌ස ගේ ඥතීන් විසින් පාලනය කරන ලද මේ රාජ්‍ය අතර බරපතල දේශපාලන අර්බුද පැවතියේ නැත.
     

    tchin123

    Well-known member
  • May 29, 2009
    1,607
    72
    48
    44
    Colombo
    කුස පුරවාගත් නන්දිමිත්‍රයෝ සිත පුරවාගනු පිණිස යළිත් ගාමණි අබය තරුණ කුමාරයා වෙත පමුණුවන ලදහ.

    ඔහු තම ජීවිත කතාවත්, මාගමට පළාඒමට සිදුවූ හේතුවත් ගාමණි අබයට පැහැදිලි කළේය. කළින් මෙන් නොව දැන් මෙතැන මහ සෙනෙවි වේළුසුමනද සෙනෙවි සුරනිමලද ගාමණි අබය සොහොයුරු තිස්‌ස කුමරුද විය.

    "එපමණද?"

    ගාමණි අබය කුමරුවෝ සැහැල්ලූ ලෙස සිනාසී ඇසූහ.

    "... නැහැෘ මං ඊට පස්‌සෙ මිත්‍ර මාමණ්‌ඩි යටතේ එළාර රජු ළඟ සේවය කළා."

    "ඒක අප දන්නවා, අය්යණ්‌ඩි අහන්නෙ ඊට පස්‌සෙ කරපු දේවල් ගැන"

    තිස්‌ස කුමාරයා කීවේය.

    "ඉතුරුවෙලා හිටපු අප්පච්චිගෙ අංගක්‌කාරයෝ මාව ඔවුන්ගේ නායකයා කරගත්තා. මිනියවත් හොයාගන්න බැරිවෙච්ච අප්පච්චිගෙ මරණෙ සිදුවුණේ කොහොමද කියල ඔවුන් මට කියල දුන්නා.."

    කී නන්දිමිත්‍ර තරමක්‌ සෙමෙන් මෙසේද කීවේය.

    "අපි ඊට පස්‌සෙ කාටත් හොරෙන් අපේ රාජකාරිය පටන් ගත්තා."

    "රාජකාරිය කිව්වෙ?"

    ගාමණි අබය ඇසුවේය.

    "අපි බෝධීන් වහන්සේ ළඟ රැකලා හිටියා"

    "නමුත්... ඔබගේ පියාගේ කාලෙ අර සිද්ධියෙන් පස්‌සෙ බෝධීන් වහන්සේ කපාහෙලන්න කවුරුවත් ආවා කියලා දැනගන්න නැහැ.."

    "ඇත්තෘ ඊට පස්‌සෙ උන් ආවෙ බෝධිය කපාහෙලන්න නොවෙයි, විෂ යොදන්න, මුල් විනාශ කරන්න වගේ දේවලට.."

    "බොහෝ දෙනාට තිබෙන්නේ මුල් විනාශ කිරීමේ රුදාව තමා" සිනාසී කී ගාමණී අබය ඉතා තියුණු ලෙස මෙසේ ඇසුවේය.

    "ඒ ආව කාටවත් ඒවා කරන්න ඔබ ඉඩදුන්නේ නැහැ?"

    "එහෙමයිෘ"

    "ඒ කියන්නෙ ඒ ආපු අය ආපසු පණපිටින් ගියෙත් නැහැ"

    "එහෙමයිෘ"

    "නන්දි මිත්‍රෘ හතුරකු තබා කුරාකුහුඹුවකුවත් ඝාතනය කිරීමට අපගේ ධර්මයෙන් අපට අවසරයක්‌ නැහැ. අපේ ධර්මය, එය විනාශ කිරීමට පැමිණෙන්නාටත් පෙරළා පහරදීමට අවසර නොදෙන අහිංසක ධර්මයක්‌. අප පණපුදා හෝ එය රැකගැනීමට තැත්කරන හේතුව එයයි..."

    ගාමණි අබයගේ ස්‌වරය තමන් වශීකරන මන්ත්‍රයක්‌ මෙනැයි නන්දිමිත්‍රට සිතිණි.

    සැහැල්ලූ සරල සිනාකරුවා දැන් තම නියම චරිතයට ආරූඪ වී සිටියි.

    "... ඒත් මේ පණපිදීමෙන් අපි අපේ ආත්ම විමුක්‌තියෙන් ඈතට යයි. නිර්වාණයෙන් ඈතට යයි..."

    "අපි, අනෙක්‌ අයගේ නිර්වාණ සුවය වෙනුවෙන් අපේ නිර්වාණ සුවය පරිත්‍යාග කරන අය කුමාරයාණනිෘ"

    ගාමණි අබය ආවේශ වූ කලෙක මෙන් නැගී සිටියේය. මහා සංසාරයක්‌ මුළුල්ලේ තමන් හොඳින් ඇසූ යමක්‌, තම චිත්ත සන්තානයේ රැඳි තිබුණ යමක්‌ දැන් කෙනකු විසින් ඔහු ඉදිරියේ ප්‍රකාශ කරනු ලැබ තිබේ.

    "නන්දිමිත්‍ර... ඔබලාට මේ දර්ශණය උගැන්වූයේ කවුද? අනෙක්‌ අයගේ නිවන වෙනුවෙන් ඔබලාගේ නිවන පරිත්‍යාග කරන්න ඔබලාට උගැන්වූයේ කවුද, අනෙක්‌ අය වෙනුවෙන් ධර්මය ආරක්‌ෂා කිරීම උදෙසා තමන්ගේ ජීවිත පරිත්‍යාග කරන්න ඔබලාට උගැන්වූයේ කවුද?"

    ලබන සතියේ තවත් කොටසක්‌