අවිශ්වාසයක් හිත් හි මවාගෙන
විකල්ව මේ මිනිසා
බලත්ව යන සැටි මේ විලසා
අවිශ්වාසේ මන ශාන්ති නසයි,
දන ප්‍රේම රසේ මනරම්
රකුසෙකු අති රුදු ඝෝර භිරම්
නෑ සැනසීමක් ඔහු හද මැඳුරේ
යාවී උමතුව මහ ගන අඳුරේ
භේද අවුල් සදනා මෙම රකුසා
මේ වුව විස්වාසේ
වනසයි මනු ලොව මධුර රසේ
පෙම් යුවලක හෝ අඹුසැමි
දෙදෙනෙකු අතරෙහි බැඳි ප්‍රේමේ
බිඳ හෙල දමයි මේ රකුසු තෙමේ
මෝහය මුල් වී මේ හදි සෑදේ
මේ සංසාරෙහි මේ මයි සැමදේ
පහදා ඇති මුත් මෙය මුණි දහමේ
මොහු නම් නොදනී එය වෙයි කරුමේ
ජීවන නම් වූ මේ රඟ මඩලේ
රඟනා නළුවෙකු මොහු සිහි විකලේ......




Thanks Suranga...






