mama song ekak hoyanawa ,tiyena kenek meka dennako.( premaya usai...susum nam wisai)
mama elakiri ekata aluth,mata song eka ona...tiyena kenek meka dennako.( premaya usai...susum nam wisai)
kawuruth naddo mata me sng eka hoyala denna
mama song ekak hoyanawa ,tiyena kenek meka dennako.( premaya usai...susum nam wisai)
Nadee Ganga Tharanaye
Nadeeka Jayawardena
Me Song eka tiyanawanam denna.............
Pls................
Menna Methana thiyanawa Bro http://www.elakiri.com/forum/showpost.php?p=6147852&postcount=60863
රොන් සොයුර, අද ඔබ මේ හුයේ නොමැති වුවත් ඔබගේ සුභ පැතුමට මාගේ ප්‍රණාමය. මම ආරාධනා කරනවා නැවතත් අප අතරට එන ලෙසට.
මේ හුයට එක්වුනු දැහැමි සිත් ගොන්න, පවුළක හැඟීමෙන් දැහැනක බඳවා තබන්නට පුරෝගාමී උනේ ඔබයි අයියේ..සහෝදරයෙකුට වඩා, පියෙකුට මෙන් අපි ඔබට සියලු කල්හි ගරු කරමු..
ඔබෙන් ආශිර්වාදයක්, දිරිගැන්වීමක්, සැප දුක් විමසීමක් නොලද කිසිඳු සහෝදරයෙක් හෝ සහෝදරියක්, මේ මහගෙදර නොමැති තරම් ..
තරුණ පරපුරට ඔබ දායාද කල දැනුම , මගපෙන්වීම අසීමිතයි..ඔබගේ අදහසකට අනුව, ඔබේ අනුශසාසකත්වයෙන් අප දියත් කල, රණවිරු පරිත්යාගයේ සත්කාර්යය, අප පව්ළේ එකමුතු කමේ සංකේතයයි..
අභිනිශ්ක්‍රමණයට සතර පෙරනිමිති දුටු, ඔබේ සිත වෙනස් කිරීමට ප්‍රාතිහාර්යයක් පාන්නට තරම් බලයක් මට නැහැ අයියේ..එහෙත් මෙ හුයෙන් මෙතෙක් ඉටුවුනු යහපත් සේවයේත්, ගොඩනැගුනු මිතුදම් වලත් සත්යක්‍රියා බලයෙන් ,ඔබගේ සිත වෙනස් වී, නැවත අප අතරට එන ලෙස ඉතාමත් බැගෑපත් ආයාචනයක් කරන්නට මම කැමැත්තෙමි..
සියල්ල යහපතට හැරී, බිඳුනු සිත් පිලිසකර වී, වැරදි වැටහීම් පහව, සියලු සිත් පැහැදිලිවී, සාමයේ නැවුම් සිතිවිලි වලින් පිබිදුනු පිංබිමක, නිම්නාද දෙන, මියුරු සත්සර රාවයට, සවන් දෙන්නට, ඔබ නැවත එන තුරා, බලාපොරොත්තුවේ පහන් දල්වා අප පෙරමඟ බලා සිටිමු..
ඔබට තෙරුවන් සරණයි..
දවසේ වැඩ කටයුතු අතර, පුංචි ඉඩක් ලද වෙලාවක,මේ රසවත්, අහිංසක, සරල දෙබස අහන්න..
කියන්න මගෙ සුදු පුංචි කුමාරය
මා හමුවන්නට මෙහි ආ කාරිය
අසන්න මගෙ සුදු පුංචි කුමාරිය
මමවත් නොදනිමි මා ආ කාරිය
ඔබේ ලසෝ ගිනි තැවුල් නිවලන
ඔසුවක් ඇතිදැයි අසමි දයාවෙන
මදෙස බලා ඉනු මැන කරුණාවෙන
එයයි මගේ ගිනි නිවන නවාතැන
දෙනෝ දහක් දෙන සිටින ලොවේ හිඳ
කුමට මගේ පිලිසරණ පතන්නෙද
දෙපා සතුන් ගෙන් බැට කන මාහද
ඔබේ සරණ නිබඳව නොසොයාවිද
...කියන්න මගෙ සුදු - වික්ටර් රත්නායක සමඟ නිරංජලා සරෝජිනී..
සැමට ප්‍රබෝදමත් දවසක්!
කාලයට ඉඩදී............
පසුගිය මසක්වැනි කෙටිකාල සීමාවක් තුලදී අප අතර සිදුවූ අදහස් දැක්වීම්, තර්ක විතර්ක, සංවාද, යෝජනා හා චෝදනා වලඅවසාන ප්‍රතිඵලයපුස්ස බින්දා වගේ කියලයි මාගේ හැගීම...බුද්ධිගෝචරව කල්පනා කලහොත් සංවාද තුලින් අප කල යුත්තේ බුද්ධිමත්වහා උපේක්ෂා සහගතව අපතුල පවතින දුර්වලතා නිවැරදි කරගැනීමට පන්නරයක් ලබාගැනීමයි.එය එසේ වියයුතු වුවත්, හැගීම්වලට නතුවී අදහස් දක්වීම තුලින් සිදුවූ යටගියාව මාහට ඇතිකලේ මහත් කනගාටුවක්. මෙහි සිදුවූ යම් යම් දේවලට මට පෞද්ගලිකව එකඟ වෙන්න බැහැ. නමුත් මින් ඉදිරියට මා මෙහි අදහස් ප්‍රකාශ නොකරන්නට ඉටා ගතමි.කෙසේ වෙතත් මාගේ පෞද්ගලික ගරුත්වය අනිවර්යෙන් ඔබටද හිමියි.
මා ඔබඅප සියලු දෙනාම හදුනාගත්තෙ SLOH තුලදිවීම මා දකින විශේෂත්වයක්!! එතනදි හමුවෙලා එතනදීම සිත් තැවුල් හා කනගාටුවක් නිසා වෙන් වෙනවානම්... මොකක්දඒ හදුනාගැනීමේදි අපහැම ඇතිකරගත් මිතුදම හා බැදීම. පසුතැවීමක්, කලකිරීමක් පමණද?
මා හිතදර මිතුර මිතුරිය, අතීතය වැලලෙන්නට ඉඩ හරිමු. නැවත ඔබ සියලු දෙනහට මෙහි පැමිණෙන්නට කරන කාරුණික ආයාචනය මගෙන්!
(බුද්ධියෙන් විමසා) ප්‍රතිචාරය ඔබෙන්.....
20/01/2010 දින මා කල ආයාචනය නැවතත්...රොන් සිල්වා සොයුර, මෙය මේ මහගෙදරට යන එන සියලු සහෝදර සහෝදරියන්ගේම ,අදත් සිත් වල ඇති කාරුණික ආයාචනයයි.....







