ආන්ඩුව තමන්ගෙ රට වැසියාගෙ බුද්ධිය ගැන තක්සේරු කරන ආකාරය දැකල උන්ගෙ බොරුවලට රැවටෙන එවුන් ගැන වෙලාවකට මට දුකත් හිතෙනව.
උදාහරණයකට ඉඩී අමීන් ෆිල්ම් එක ගමු.. ඒකෙ ගැඹුරු යටිපෙල අර්ථය සම්පූර්ණයෙන්ම සමපාත වෙන්නෙ මහින්ද ප්රමුඛ ආන්ඩුවෙ ක්‍රියා පිළිවෙතට.. ඉඩී අමීන් කිව්වෙත් අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ ගැන.. බැන්නෙ බ්‍රිතාන්‍යට.. පෙනී හිටියෙ දේශීයත්වය වෙනුවෙන්. නමුත් ෆිල්ම් එකේ උඩින් පේන ඉඩී අමීන්ගෙ හමුදා ඇඳුම නිසා මිනිස්සු ඒකට අනුව කථාව තේරුම් ගනියි කියල තමයි ආන්ඩුව හිතුවෙ.
මුන් විශ්වාස කරනවනම් මේ රටේ ඉන්නෙ බුද්ධිමත් ජනතාවක් කියල කවදාවත් ඔය වගේ ෆිල්ම් එකක් දාන්නෙ නැහැ. ඒවගේම හොර ගිවිසුමක් කියල ආර්. සම්බන්ධන් වගේ කෙනෙක් සිංහලෙන් අත්සන් කරපු කොල කෑල්ලක් බෙදා හරින්නෙත් නැහැ.
මහින්දට කඩේ යමින් එයා වටේ ඉන්න චිත්රපටිකාරයොත් මේ රටේ ඉන්නෙ චිත්‍රපටියක යටි පෙළ අර්ථය තේරුම් ගන්න බැරි මිනිස්සු කියල හිතනවද දන්නෙ නෑ. අනේ මෙහෙමත් කාලකන්නි කලාකාරයො.