මහ රජ්ජුරුවන්ට එළාර වැහෙයි - Maxa Talk Ekkak
සරත් ෆොන්සේකා අත්අඩංගුවට ගැනීම පිටුපස කිසිදු පළිගැනීමේ චේතනාවක්, වෛරී දේශපාලනයක් හෝ කළ ගුණ නො සැලකීමක් හෝ නැති බව රජයේ නිලධාරීන්, දේශපාලනඥයන් සහ වෙනත් අය පවසති. ඔවුන් කියනවා නම් එය ඉතින් බොරුවක් වන්නට බැරි ය.
අප සිතන්නේ මහ රජතුමා නිතිය අකුරට ම ක්‍රියාත්මක කර එළාර රජ්ජුරුවන් සේ වැඩ පෙන්නීමට යනු ඇත කියා ය. අස්ස කරත්තයෙන් රේස් යන්නට ගොස් වසු පැටවකු යට කර මරා දැමූ පුත්‍රයා ද අස්ස කරත්තයට යට කර මරා දමන්නට තරම් ඔහු යුක්ති ගරුක කෙනෙකු වු බව මහාවංශය පවසයි.
මහංන පැමිණිලි කෙළින් ම යොමු කිරීම සඳහා මාළිගාවේ සීනුවක් එල්ලා තිබුණු බව ද එළදෙන සිය පැමිණිල්ල යොමු කළේ එසේ බව ද මහාවංශය කියයි. සීනුව ජේවීපීකාරයන්ගේ ඡන්ද ලකුණ නිසා මහ මැතිවරණය අස්සේ සීනු එල්ලන්නට යාම හොඳ නැත. අපේ මහ රජතුමා අපට නිතර නිතර එස්.එම්.එස් එවන නිසා අපට ද එස්.එම්.එස්. ඔස්සේ මහරජ්ජුරුන්ට පැමිණිලි කරන්නට ඇත්නම් හොඳා ය.
එහෙත්, සරත් ෆොන්සේකා කළ වරද වන හමුදාවේ සිට දේශපාලනය කිරීම ආණ්ඩුව පැත්තට කළ රාජ පුත්‍ර යෝෂිත රාජපක්ෂ ද, අමාත්‍යංශ ලේකම්වරුන්ට අකැප දේශපාලනය කළ රාජ සහෝදර ගෝඨාභය රාජපක්ෂ ද ඇතුළු එවැනි වැරදිකරුවන් සරත් ෆොන්සේකා මෙන් සිරගත කරන්නට යන එක නම් අප සිතන්නේ එතරම් හොද නැති ය කියා ය. මන්ද, ලංකාවේ ඔය සුළු සුළු නීති කඩන කොයි එකාවත් හිර කරන්නට ගියොත් මුළු ලංකාව ම එළිමහන් සිර කඳවුරක් කරන්නට සිදු වනු ඇත. ඔබතුමා දැනටමත් එසේ කර ඇති බව විපක්ෂයේ බල්ලෝ පවසති. අනේ උන්ගේ අම්මලාට.......කොහොමත් ඔය බලු ගැත්තන්ට හිරේ සහ එළියේ වෙනසක් තේරෙන්නේ නැත. ප්රශ්නය එය නොව මැති ඇමතිවරුන් කර තිබෙන දේවල හැටියට උන් උල තියන්නට වුණොත් රට කරවන්නේ කවුරුද?
ඔබ වහන්සේගේ මහා කරුණාව කරුණාට යොමු වන ආකාරය ගැන මුන්ට තේරුමක් නැත. දළදා මාළිගාවට බෝම්බ ගැසීම ඔය තරම් දෙයක් ද? මල්වත්තේ නායක හාමුදුරුවන්ගේ කට හොඳ නැති නිසා එක අතකට කරුණාට ඉලක්කය මාරු වී ඇතැයි ද අපට සිතේ. යටත් වූ පොලිස්කාරයන් 600ක් මරණ එක, හාමුදුරුවන් බුරුත්තක් මරන එක, පල්ලියේ යාඥා කරමින් සිටි ඉස්ලාම් බැතිමතුන් සිය ගනනක් මරන එක ඔය තරම් දේවල් ද? ප්රභාකරන් මැරීමට උදව් කිරීම නිසා මේ සියල්ලට කරුණාට සමාව දිය හැකි බව අපි ද පිළිගනිමු.
එතකොට ප්රභාකරන් මැරුවේ කවුරුද? මේ සරත් ෆොන්සේකා කියන්නේ යුද්ධ කළේ ඔහු ය කියා ය. ඔහු යුද්ධ කරන්නට ඇත. එහෙත් යුද්ධයට නායකත්වය දුන්නේ ඔහු නොවේ. මේජර් ජනරාල් විමල් වීරවංශ ය. සරත් ෆොන්සේකා අද මෙන් ම එදා කර තිබෙන්නේ ද කුමන්ත්‍රණ ය.
Source

niyama talks I like that word... මේජර් ජනරාල් විමල් වීරවංශ