මහ රජ්ජුරුවන්ට එළාර වැහෙයි - Maxa Talk Ekkak

Bigspin

Well-known member
  • May 27, 2007
    4,241
    3,798
    113
    LONDON
    මහ රජ්ජුරුවන්ට එළාර වැහෙයි - Maxa Talk Ekkak

    සරත් ෆොන්සේකා අත්අඩංගුවට ගැනීම පිටුපස කිසිදු පළිගැනීමේ චේතනාවක්, වෛරී දේශපාලනයක් හෝ කළ ගුණ නො සැලකීමක් හෝ නැති බව රජයේ නිලධාරීන්, දේශපාලනඥයන් සහ වෙනත් අය පවසති. ඔවුන් කියනවා නම් එය ඉතින් බොරුවක් වන්නට බැරි ය.

    අප සිතන්නේ මහ රජතුමා නිතිය අකුරට ම ක්‍රියාත්මක කර එළාර රජ්ජුරුවන් සේ වැඩ පෙන්නීමට යනු ඇත කියා ය. අස්ස කරත්තයෙන් රේස් යන්නට ගොස් වසු පැටවකු යට කර මරා දැමූ පුත්‍රයා ද අස්ස කරත්තයට යට කර මරා දමන්නට තරම් ඔහු යුක්ති ගරුක කෙනෙකු වු බව මහාවංශය පවසයි.

    මහංන පැමිණිලි කෙළින් ම යොමු කිරීම සඳහා මාළිගාවේ සීනුවක් එල්ලා තිබුණු බව ද එළදෙන සිය පැමිණිල්ල යොමු කළේ එසේ බව ද මහාවංශය කියයි. සීනුව ජේවීපීකාරයන්ගේ ඡන්ද ලකුණ නිසා මහ මැතිවරණය අස්සේ සීනු එල්ලන්නට යාම හොඳ නැත. අපේ මහ රජතුමා අපට නිතර නිතර එස්.එම්.එස් එවන නිසා අපට ද එස්.එම්.එස්. ඔස්සේ මහරජ්ජුරුන්ට පැමිණිලි කරන්නට ඇත්නම් හොඳා ය.

    එහෙත්, සරත් ෆොන්සේකා කළ වරද වන හමුදාවේ සිට දේශපාලනය කිරීම ආණ්ඩුව පැත්තට කළ රාජ පුත්‍ර යෝෂිත රාජපක්ෂ ද, අමාත්‍යංශ ලේකම්වරුන්ට අකැප දේශපාලනය කළ රාජ සහෝදර ගෝඨාභය රාජපක්ෂ ද ඇතුළු එවැනි වැරදිකරුවන් සරත් ෆොන්සේකා මෙන් සිරගත කරන්නට යන එක නම් අප සිතන්නේ එතරම් හොද නැති ය කියා ය. මන්ද, ලංකාවේ ඔය සුළු සුළු නීති කඩන කොයි එකාවත් හිර කරන්නට ගියොත් මුළු ලංකාව ම එළිමහන් සිර කඳවුරක් කරන්නට සිදු වනු ඇත. ඔබතුමා දැනටමත් එසේ කර ඇති බව විපක්ෂයේ බල්ලෝ පවසති. අනේ උන්ගේ අම්මලාට.......කොහොමත් ඔය බලු ගැත්තන්ට හිරේ සහ එළියේ වෙනසක් තේරෙන්නේ නැත. ප්‍රශ්නය එය නොව මැති ඇමතිවරුන් කර තිබෙන දේවල හැටියට උන් උල තියන්නට වුණොත් රට කරවන්නේ කවුරුද?

    ඔබ වහන්සේගේ මහා කරුණාව කරුණාට යොමු වන ආකාරය ගැන මුන්ට තේරුමක් නැත. දළදා මාළිගාවට බෝම්බ ගැසීම ඔය තරම් දෙයක් ද? මල්වත්තේ නායක හාමුදුරුවන්ගේ කට හොඳ නැති නිසා එක අතකට කරුණාට ඉලක්කය මාරු වී ඇතැයි ද අපට සිතේ. යටත් වූ පොලිස්කාරයන් 600ක් මරණ එක, හාමුදුරුවන් බුරුත්තක් මරන එක, පල්ලියේ යාඥා කරමින් සිටි ඉස්ලාම් බැතිමතුන් සිය ගනනක් මරන එක ඔය තරම් දේවල් ද? ප්‍රභාකරන් මැරීමට උදව් කිරීම නිසා මේ සියල්ලට කරුණාට සමාව දිය හැකි බව අපි ද පිළිගනිමු.

    එතකොට ප්‍රභාකරන් මැරුවේ කවුරුද? මේ සරත් ෆොන්සේකා කියන්නේ යුද්ධ කළේ ඔහු ය කියා ය. ඔහු යුද්ධ කරන්නට ඇත. එහෙත් යුද්ධයට නායකත්වය දුන්නේ ඔහු නොවේ. මේජර් ජනරාල් විමල් වීරවංශ ය. සරත් ෆොන්සේකා අද මෙන් ම එදා කර තිබෙන්නේ ද කුමන්ත්‍රණ ය.

    Source

    :lol::lol::lol::lol::lol::lol::lol::lol:
     

    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    sfanduwata giyan nam oya mokuth ana ban
    ehenam eyath me rate loku desa premiyek :lol:
     

    Santa

    Well-known member
  • Mar 15, 2007
    8,483
    247
    63
    ශැණ්ඨාළණ්ථේ
    ජනාධිපතිවරණය හමාර වී දෙසතියක් ගෙවී යෑමටත් පෙර මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ මීළඟ ධුරකාලය සම්බන්ධව යම් අදහසක් ජනතාවට ලැබෙමින් පවතී.
    ඊයේ රාත්‍රියේදී විපක්ෂයේ පොදු අපේක්ෂක, දේශයේ වීර සෙන්පති ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා යුද හමුදාව අත්අඩංගුවට ගන්නා ලද බව රටම දනී. විවිධ චෝදනා ගොනු කරමින්, විදේස් ගමන් තහනම් කරමින්, හමුදා නිලධාරීන් එහා මෙහා කරමින් ආණ්ඩුව යම් කලෙක සිට මීට අර ඇද්දේය, මේ අත්අඩංගුවට ගැනීම ගැන ගෝඨාභය රාජපක්ෂ සහ ලක්ෂමන් හුළුගල්ල වැනි මහත්වරුන්ද විටින් විට ඉඟි පළ කළේය. 1982 ජනාධිපතිවරණයෙන් අනතුරුව සිදු වූ “නැක්සලයිට්” සිද්ධියෙන්ද සිදු වූයේ මෙයමය. ජේ.ආර්. ජනාධිපතිතුමා මැතිවරණ ජයෙන් ඉක්බිතිව විපක්ෂය මැඩලන්නට ඉටා ගත්තේය. එහි ප්‍රතිඵලයක් ලෙස ආරාජිකත්ව කුමන්ත්‍රණයක් (නැක්සලයිට් කුමන්ත්‍රණයක්) කෙළේ යැයි චෝදනා ගොනු කරමින් විජය කුමාරණතුංග ඇතුළු පිරිසක් අත්තනෝමතික ලෙස හිරබාරයට ගන්නා ලද අතර එය දඩමීමා කරගෙන පාර්ලිමේන්තුවේ කාලය දීර්ඝ කරගැනීමට අර ඇද්දේය. අවසානයේ විජය ඇතුළු පිරිස චෝදනා රහිතව නිදොස් කොට නිදහස් කෙරුණි. 1982න් අවුරුදු 28කට පසුව දිගහැරෙන්නේ එකම ඒකාධිපති, ප්‍රජාතන්ත්‍ර විරෝධී ජවනිකාවදැයි යන්න ජනතාව ඇසීම සාධාරණ නොවේද??
    ආණ්ඩුව ජනවාරි 27න් පසු වැඩ ඇල්ලුවේ මාධ්‍යයට ගහලාය. ලංකා-ඊ-නිවුස් ලේඛක ප්‍රගීත් එක්නැලිගොඩ ගැන අදටත් කිසිඳු හෝඩුවාවක් නැත, ලංකා පුවත්පතේ කර්තෘ චන්දන සිරිමල්වත්ත තවමත් සිරගතව ඇත. ලංකා පුවත්පත සීල් තැබූ නමුත් අධිකරණ තීන්දුවක් මත එම තීරණය වෙනස් කෙරුණි. යුද හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසකට විශ්‍රාම යන ලෙස ආණ්ඩුවෙන් නියෝග නිකුත් කෙරිණි. විශේෂත්වය වන්නේ ඊට හේතුව ඔවුන් නිල ඇඳුම පැළැඳ දේශපාලනය කිරීම බව සඳහන් වීමයි, එතකොට රූපවාහිණියේ, ITN එකේ අලුයම සිට රෑ පහන් වන තුරු ආණ්ඩුවේ රෙදි ඇපිල්ලූ, ආණ්ඩුවට කඩේ ගිය හමුදා නිලධාරීන් කළේ දේශපාලනය නොවේද?? පුදුම සහගත කරුණ නම් මෙම නිලධරීන්ට උසස්වීම් පිරිනැමෙද්දී අනෙකුත් නිලධාරීන්ට හමුදා ඉතිහාසයේ වසර 18කට පසුව පළමු වරට හමුදාවෙන් විශ්‍රාම යන ලෙස රජයකින් නියෝග නිකුත් වීමයි.
    එපමණක් නොව පොලිසියේ ස්ථාන මාරුවීම් රැසක් සිදු කර ඇති අතර රජයේ ආයතන රැසක, සේවකයින් රැසකට විශ්‍රාම යන්නට නියෝග දී ඇත. බොහෝ රජයේ ආයතන වල යූඇන්පී, ජේවීපී ක්‍රියාකාරීන්ට විවිධ අකටයුතුකම් සිදුවී තිබේ. මේ පොරොන්දු වූ සුබ අනාගතයද යන්න සැක සහිතය.
    බුලත් කොළයට ඡන්දය දුන් ජනතාව ඡන්දය දුන්නේ මෙවැනි පාපයන්ට කරගහන්නට නොවන බව මගේ විශ්වාසයයි. අපි එක්සත් ජාතික පාක්ෂිකයන් වුවද 82 ජනාධිපතිවරණයෙන් ඉක්බිතිව ජේ.ආර්. ප්‍රජාතන්ත්‍ර විරෝධීව ක්‍රියාකළ ආකාරය හෙළා දකිමු. දැන් දැන් රට ඇදී යන්නේ ඒ මාවතට බව හැඟීම සාධාරණය, එදා ඇත්ත පත්තරයට සීල් තැබුවා සේ අද ලංකා පත්තරයට සීල් තැබුවේය, එදා නැක්සලයිට් චෝදනා යටතේ විජය කුමාරණතුංග සිරභාරයට ගත් පරිදි අද ජෙනරල් ෆොන්සේකා සිරගත කොට ඇත. තත්ත්වය යහපත් වනු ඇතැයි අප එක්සිත්ව ප්‍රාර්ථනා කරමු. අසාධාරණයට, අයුක්තියට වැඩි ආයුෂ නැත, කවුරුන් නැතත් ලෝක ධර්මයා විසින් මීට පිළිතුරු සපයනු ඇත. අවසාන වශයෙන් අහන්නට ඇත්තේ ඉඩි අමීන්ව දිගින් දිගටම පෙන්වා අර ඇද්දේ මේකටද යන්නයි?? ඉන්දියන් සාගරයේ මුතුඇටය සේ ප්‍රචලිත අපේ මාතෲභූමිය පැසිස්ට්වාදී පාලනයක් කරා පා තැබීම කණගාටුවට කරුණක් නොවන්නේද??
    නන්දා මාලිනී ගයන සුනිල් ආරියරත්නයන්ගේ පබැඳුමක කොටසකින් අපි මේ ලිපිය හමාර කරමු
    අළුත් ලොවක් ගැන සිතීම දඬුවම් දෙන වරද නන්
    කුමට එරට අධිකරණය නීතිය සහ විනිසුරන්…..

    Source