Questions and Answers About Buddhism

ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
තව සමහරු බලං ඉන්නෙ මොකක් හරි ඇදයක් අල්ලගන්න. විහිලුවක් කළත්, ට්‍රිප් එකක් යන අතරතුර සින්දුවක් කිව්වත් නැටුවත්, එයාල කඩාගෙන පනිනව, හානේ, පන්සල් යන සිල් රකින කෙනා නේද මේ කියල. :rolleyes:

:lol::lol:
 
ඕවායෙ එල්බ ගත්තොත් ප්‍රශ්න කරදර වැඩි..මොනා වුනත් ඈත් වෙලා ඉන්න එක හොදයි..(අවබෝධයෙන්)
 
sudunone

Member
May 23, 2009
3,781
121
0
මටත් මේ දවස් වල සිත විසිරිලා..සංවරකම හීන වෙලා..:dull::dull:

හ්ම්. කාලෙන් කාලෙට ඔහොම වෙනවා. ඒත් එහෙම විසිරිලා බවවත් ඔයාට පේනවනෙ.
මගෙත් භාවනාව අත හැරිලා. හිස් වචන කතා කරන එක අත හැරගන්න බැරි වුණා තවම. වෙලාවකට තේරෙන්නෙත් නෑ මේ කියන්නෙ හිස් වචන කියල. දැන් ආපස්සට හිතනකොට තමයි පෙනෙන්නෙ. :baffled:
 
sudunone

Member
May 23, 2009
3,781
121
0
ඕවායෙ එල්බ ගත්තොත් ප්‍රශ්න කරදර වැඩි..මොනා වුනත් ඈත් වෙලා ඉන්න එක හොදයි..(අවබෝධයෙන්)

මොකෙන්ද ඈත් වෙන්න ඕනය කිව්වෙ?
 
ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
හ්ම්. කාලෙන් කාලෙට ඔහොම වෙනවා. ඒත් එහෙම විසිරිලා බවවත් ඔයාට පේනවනෙ.
මගෙත් භාවනාව අත හැරිලා. හිස් වචන කතා කරන එක අත හැරගන්න බැරි වුණා තවම. වෙලාවකට තේරෙන්නෙත් නෑ මේ කියන්නෙ හිස් වචන කියල. දැන් ආපස්සට හිතනකොට තමයි පෙනෙන්නෙ. :baffled:

විසිරුණු සිත ස්පර්ශයේ ගැටෙනවා..තවතවත් විසිරෙනවා..:dull:
 
sudunone

Member
May 23, 2009
3,781
121
0
කාම ආශාවල් වලින්..

:shocked:

ඈත් වෙන්නනම් ඕනෙ තමයි. ඒ වුණාට මං කිව්වෙ, මං මල් කඩ කඩ පාරෙ යන කෙනෙක් කියල. :rofl:

මම සින්දු කියන්න, හිනා වෙන්න කැමතියි. ලස්සන වටාපිටාවල් බලන්න කැමතියි. ඒ දේවල් කරාය කියල සිල් බිඳෙන්නෙ නෑනෙ. :no: (විහිලු කරනකොට තමයි ටිකක් සීමාව ඉක්මවා යන්නෙ.) :oo:

ආස කරන දේවල් ලබා ගන්න කියල, ඒ පසුපස අසීමිත තණ්හාවකින් ලුහුබැඳ යන්නෙ නැත්නම්, ගිහියෙක් මේ දේවල් කිරීම වරදක් නොවෙයි, නේද?
 
ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
:shocked:

ඈත් වෙන්නනම් ඕනෙ තමයි. ඒ වුණාට මං කිව්වෙ, මං මල් කඩ කඩ පාරෙ යන කෙනෙක් කියල. :rofl:

මම සින්දු කියන්න, හිනා වෙන්න කැමතියි. ලස්සන වටාපිටාවල් බලන්න කැමතියි. ඒ දේවල් කරාය කියල සිල් බිඳෙන්නෙ නෑනෙ. :no: (විහිලු කරනකොට තමයි ටිකක් සීමාව ඉක්මවා යන්නෙ.) :oo:

සිල් බිදෙන් නෑ..ඒත් ඒ දේවල් අනිත්‍යයයි නෙ..අනිත්‍ය දේ දුක් සහිතයි..

කිව්වට මොකෝ මටත් ඔය ආශාවල් 100% ප්‍රහීන වෙලා නෑ..
 
Jamison

Member
May 19, 2009
287
7
0
Homagama
සිත ගැන පොඩ්ඩක් කථා කරමුද?
සිත ඇත්තටම තියෙන්නේ කොහේද?

දූරං ගමං ඒක චරං කියන ගාථාව විස්තර කරලා දෙන්න.

තෙරැවන් සරණයි!
 
ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
සිත ගැන පොඩ්ඩක් කථා කරමුද?
සිත ඇත්තටම තියෙන්නේ කොහේද?

දූරං ගමං ඒක චරං කියන ගාථාව විස්තර කරලා දෙන්න.

තෙරැවන් සරණයි!

දූරඞ්ගමං -දුරගමන් යන
ඒක චරං - තනිව හැසිරෙන
අසරීරං
-ශරීරයක් නැති
ගුහාසයං - (ශරීරය නැමැති) ගුහාව ඇසුරු කරගෙන වාසය කරන.
චිත්තං -(මේ) සිත
යේ සඤ්ඤංමෙස්සන්ති
- යමෙක් සංවර කරන්නේද
මාරබන්ධනා-ඔවුහු මාර බන්ධනයන්ගෙන් (කෙලෙස් වලින්) මොන්ඛන්ති - මිදෙත්.

මෙතන මාර බන්ධනයෙන් මිදෙනවා කියන්නෙ නිවන් අවබෝධ කරගන්නවා කියලා.:yes:
 
sudunone

Member
May 23, 2009
3,781
121
0
සිත කොහේද තියෙන්නෙ?

මම අහලා තියෙනවා රුධිරය ආශ්‍රිතව කියල ධර්මයේ දක්වා තිබෙන බව. (මම අදාළ සූත්‍රය කියවලනම් නෑ. හාමුදුරුකෙනෙක් කිව්ව කතාවක්)

මොළයේ යම් යම් ආබාධ ඇති වුණාම සිතන ක්‍රමය වෙනස් වෙන නිසා, සිත මොළය ආශ්‍රිතව තියෙනවා විය හැකියි. නමුත් රුධිරයේ සම්බන්ධයත් ඉතා වැදගත්: රුධිර සැපයුම නතර වුණොත් මොළය මැරෙනවා; රුධිරයේ යම් යම් විෂ ද්‍රව්‍ය/ රසායන ද්‍රව්‍ය තිබුණොත් මොළයට, සිතුවිලිවලට එය තදින් බලපානවා.
 
Jamison

Member
May 19, 2009
287
7
0
Homagama
දූරඞ්ගමං -දුරගමන් යන
ඒක චරං - තනිව හැසිරෙන
අසරීරං -ශරීරයක් නැති
ගුහාසයං - (ශරීරය නැමැති) ගුහාව ඇසුරු කරගෙන වාසය කරන.
චිත්තං -(මේ) සිත
යේ සඤ්ඤංමෙස්සන්ති- යමෙක් සංවර කරන්නේද
මාරබන්ධනා-ඔවුහු මාර බන්ධනයන්ගෙන් (කෙලෙස් වලින්) මොන්ඛන්ති - මිදෙත්.

මෙතන මාර බන්ධනයෙන් මිදෙනවා කියන්නෙ නිවන් අවබෝධ කරගන්නවා කියලා.:yes:

බොහොම පිං ඔබට
 
Jamison

Member
May 19, 2009
287
7
0
Homagama
සිත කොහේද තියෙන්නෙ?

මම අහලා තියෙනවා රුධිරය ආශ්‍රිතව කියල ධර්මයේ දක්වා තිබෙන බව. (මම අදාළ සූත්‍රය කියවලනම් නෑ. හාමුදුරුකෙනෙක් කිව්ව කතාවක්)

මොළයේ යම් යම් ආබාධ ඇති වුණාම සිතන ක්‍රමය වෙනස් වෙන නිසා, සිත මොළය ආශ්‍රිතව තියෙනවා විය හැකියි. නමුත් රුධිරයේ සම්බන්ධයත් ඉතා වැදගත්: රුධිර සැපයුම නතර වුණොත් මොළය මැරෙනවා; රුධිරයේ යම් යම් විෂ ද්‍රව්‍ය/ රසායන ද්‍රව්‍ය තිබුණොත් මොළයට, සිතුවිලිවලට එය තදින් බලපානවා.

හ්ම්... බොහොම පැහැදිලියි.
පිං සිදුවෙනවා කරැණු දැක්වීම වෙනුවෙන්
 
Ayyandi

Member
Apr 14, 2009
282
124
0
තම්බපණ්ණියේ
සිත යනු කුමක් ද?

සිත ගැන පොඩ්ඩක් කථා කරමුද?
සිත ඇත්තටම තියෙන්නේ කොහේද?

දූරං ගමං ඒක චරං කියන ගාථාව විස්තර කරලා දෙන්න.

තෙරැවන් සරණයි!

:)

සිත කොහේද තියෙන්නෙ?

මම අහලා තියෙනවා රුධිරය ආශ්‍රිතව කියල ධර්මයේ දක්වා තිබෙන බව. (මම අදාළ සූත්‍රය කියවලනම් නෑ. හාමුදුරුකෙනෙක් කිව්ව කතාවක්)

මොළයේ යම් යම් ආබාධ ඇති වුණාම සිතන ක්‍රමය වෙනස් වෙන නිසා, සිත මොළය ආශ්‍රිතව තියෙනවා විය හැකියි. නමුත් රුධිරයේ සම්බන්ධයත් ඉතා වැදගත්: රුධිර සැපයුම නතර වුණොත් මොළය මැරෙනවා; රුධිරයේ යම් යම් විෂ ද්‍රව්‍ය/ රසායන ද්‍රව්‍ය තිබුණොත් මොළයට, සිතුවිලිවලට එය තදින් බලපානවා.
:baffled:

හ්ම්... බොහොම පැහැදිලියි.
පිං සිදුවෙනවා කරැණු දැක්වීම වෙනුවෙන්
:dull:

සිත යනු කුමක් ද?

Jamison සහෝදරයා අහල තියෙන්නෙ හොද ප්‍රශ්නයක්. ඇත්තටම අපි වැඩිය හිතන්නෙ නැති
දෙයක් තමයි සිත කියන්නේ. ඒත් sudunone සහෝදරයා දුන්න උත්තරයට නම් මම පුද්ගලිකව
සතුටු නැහැ. ඒකට හේතුවක් තියෙනවා. ඒ නිසා දෙන්නටම මම ධර්මයේ තියෙන ආකාරයට මේක
විස්තර කරන්නං.

මුලින් ම කියන්න ඕන. සිත තියෙන්නෙ රුධිරයේ යැයි කියා ඇති කතාව ධර්මයට පටහැනි බව.
සිත තියෙන්නේ රුධිරය ආශ්‍රිතව කියා බුද්ධ දේශනාවක නැහැ. එය එසේ වුව හොත් ඩයලයිසිස්
කිරීමේ කටයුතු වලදී මහා අකරතැබ්බයකට මුහුණ දෙන්න සිදු වෙනවා. ලේ දෙන එක මහා
ප්‍රශ්නයක් වෙනවා නේද? ඒ නිසා හාමුදුරුවරු කියන කතා බුද්ධ දේශනාවේ තියෙන තැනත් එක්ක
අහන්න පුරුදු වුනොත්, උන්වහන්සේලා පවා තමන්ගේ මතය කියන්නෙ නැතුව ශාස්තෘන්වහන්සේ
ගේ දේශනාව කියන්න පුරුදු වේවි.

සිත හැසිරෙන තැන් දහ අටක් තිබෙනවා. ඒ ගැන විස්තර වෙන ‍දේශනාවක් තමයි
සළායතන විභංග සූත්‍රය කියන්නේ. ඔව්...ඡචක්ක සූත්‍රයෙත් තියෙනවා. :)

"අට්ඨාරස මනෝපවිචාරා වේදිතබ්බා."
"සිත හැසිරෙන තැන් දහඅට ගැන ඔබ දැන සිටිය යුතු යි."

මෙහෙම දේශනා කරමින් උන්වහන්සේ, සිත හැසිරෙන තැන් දහඅට ගැන දේශනා කරනවා.

"(01)ඇසින් රූපයක් දැක්කට පස්සේ, මානසික සැපය (සොම්නස) ඇතිවෙන කරුණක් තියෙනවා නම්,
ඒ රූපයේ සිත හැසිරෙනවා. (02) මානසික දුක (දොම්නස) ඇතිවෙන කරුණක් තියෙනවා නම් ඒ රූපයේ
සිත හැසිරෙනවා. (03) මනස තුළ විශේෂ සතුටකුත් ඇති නොවන, විශේෂ දුකකුත් ඇති නොවන, එනම්..
උපේක්ෂාව ඇතිවන කරුණක් තියෙනවා නම් ඒ රූපයේ සිත හැසිරෙනවා.

(04)කණින් ශබ්දයක් ඇසුවට පස්සේ, මානසික සැපය (සොම්නස) ඇතිවෙන කරුණක් තියෙනවා නම්,
ඒ ශබ්දයේ සිත හැසිරෙනවා. (05) මානසික දුක (දොම්නස) ඇතිවෙන කරුණක් තියෙනවා නම් ඒ ශබ්දයේ
සිත හැසිරෙනවා. (06) මනස තුළ විශේෂ සතුටකුත් ඇති නොවන, විශේෂ දුකකුත් ඇති නොවන, එනම්..
උපේක්ෂාව ඇතිවන කරුණක් තියෙනවා නම් ඒ ශබ්දයේ සිත හැසිරෙනවා.

(07)නාසයෙන් යම් ගද සුවදක් වින්දට පස්සේ, මානසික සැපය (සොම්නස) ඇතිවෙන කරුණක් තියෙනවා නම්,
ඒ ගද සුවද තුළ සිත හැසිරෙනවා. (08) මානසික දුක (දොම්නස) ඇතිවෙන කරුණක් තියෙනවා නම් ඒ ගද සුවද තුළ
සිත හැසිරෙනවා. (09) මනස තුළ විශේෂ සතුටකුත් ඇති නොවන, විශේෂ දුකකුත් ඇති නොවන, එනම්..
උපේක්ෂාව ඇතිවන කරුණක් තියෙනවා නම් ඒ ගද සුවද තුළ සිත හැසිරෙනවා.

(10)දිවෙන් යම් රසයක් වින්දට පස්සේ, මානසික සැපය (සොම්නස) ඇතිවෙන කරුණක් තියෙනවා නම්,
ඒ රසය තුළ සිත හැසිරෙනවා. (11) මානසික දුක (දොම්නස) ඇතිවෙන කරුණක් තියෙනවා නම් ඒ රසය තුළ
සිත හැසිරෙනවා. (12) මනස තුළ විශේෂ සතුටකුත් ඇති නොවන, විශේෂ දුකකුත් ඇති නොවන, එනම්..
උපේක්ෂාව ඇතිවන කරුණක් තියෙනවා නම් ඒ රසය තුළ සිත හැසිරෙනවා.

(13)කයෙන් යම් පහසක් වින්දට පස්සේ, මානසික සැපය (සොම්නස) ඇතිවෙන කරුණක් තියෙනවා නම්,
ඒ පහස තුළ සිත හැසිරෙනවා. (14) මානසික දුක (දොම්නස) ඇතිවෙන කරුණක් තියෙනවා නම් අන්න ඒ පහස තුළ
සිත හැසිරෙනවා. (15) මනස තුළ විශේෂ සතුටකුත් ඇති නොවන, විශේෂ දුකකුත් ඇති නොවන, එනම්..
උපේක්ෂාව ඇතිවන කරුණක් තියෙනවා නම් ඒ පහස තුළ සිත හැසිරෙනවා.

(16)මනසින් යම් සිතිවිල්ලක් සිතුවට පස්සේ, මානසික සැපය (සොම්නස) ඇතිවෙන කරුණක් තියෙනවා නම්,
ඒ සිතිවිල්ල තුළ සිත හැසිරෙනවා. (17) මානසික දුක (දොම්නස) ඇතිවෙන කරුණක් තියෙනවා නම් ඒ සිතිවිල්ල තුළ
සිත හැසිරෙනවා. (18) මනස තුළ විශේෂ සතුටකුත් ඇති නොවන, විශේෂ දුකකුත් ඇති නොවන, එනම්..
උපේක්ෂාව ඇතිවන කරුණක් තියෙනවා නම් අන්න ඒ සිතිවිල්ල තුළත් සිත හැසිරෙනවා."

(සළායතන විභංග සූත්‍රය - මජ්ඣිම නිකාය 3)

ඉතිරිය ඊළග පොස්ට් එකේ....:nerd:
 
  • Like
Reactions: ela_eluwa120

Ayyandi

Member
Apr 14, 2009
282
124
0
තම්බපණ්ණියේ
සිත යනු කුමක් ද?

ඇත්තටම මෙන්න මෙහෙමයි...සිතේ හැසිරීම ගැන බුදු රජාණන් වහන්සේ දේශනා කොට වදාළේ.
"දූරං ගමං" කියල බුදු රජාණන් වහන්සේ සිත හදුන්වා දී තිබෙනවා. ඒ කියන්නේ...මේ සිතට දුර
ගමන් තිබෙනවා කියන එකයි. ඒ දුර ගමන් පිටත් වන්නේ මේ දේශනාවේ තියෙන අවකාශ 18
හරහා ය.

අපි ඒක තේරුම් ගන්න උත්සාහ කරමු.

ඔන්න ඔබ පා‍ර අයිනේ බස් නැවතුම් පළක නැවතිලා ඉන්නවා. හදිසියේ ම ඔබ නොයන පාරක යන
බස් එකක් ඇවිල්ල එතන නවත්තනවා. මේ බස් එකේ...ඔබට හිතාගන්නවත් බැරි තරමින් ලස්සන
රූමත් තරුණියක් ජනේලය අයිනේ ආසයේ ම ඉදගෙන සිටිනවා. ඔබ ඇයව දකිනවා. මේ වෙනකං
ඔබ කුමක් හිත හිත හිටියත්...මෙතැන් සිට ඔබේ සිතට කුමක් සිදු වේද..?

දැන් අර දේශනාව මතක් කරගන්න....

"(01) ඇසින් රූපයක් දැක්කට පස්සේ, මානසික සැපය (සොම්නස) ඇතිවෙන කරුණක් තියෙනවා නම්,
ඒ රූපයේ සිත හැසිරෙනවා."

බලන්න...දැන් ඔබේ ඇස රූපයක් දකිනවා. ඒ රූපය ඔබේ මනස තුළ සැපය ඇතිකරවන රූපයක්.
ඉතින් දැන් මීට කලින් ඔබේ සිත කොහේ තිබුණත් දැන් ඒ සිත හැසිරෙන්න ගන්නේ ඒ රූපයේ නේද?

ඒ වෙලාවෙ සිත ඒ රූපයේ තමයි හැසිරෙන්නේ..."ශා....හ්...! මාර ලස්සන කෙල්ලෙක්නෙ. කියල
වැඩක් නෑ. මොකදද දන්නෙ ‍නෑ නම? සිරා ඇස් දෙක..! මූණ හරියට හින්දි නිළියෙකුගෙ වගේ...!
හිනා වෙද්දි මාර ලස්සනයි. ගෙවල් කොහෙද දන්නෙ නෑ. කොල්ලෙක් ඉන්නවද දන්නෙ නෑ"
මෙහෙම හිතෙනව නේද? බලන්න දැන් සතුට ඇතිවන රූපය ඔස්සේ හිත හැසිරෙන්නට පටන් ගත්තා.
දැන් සිත ටිකක් දුර ගියා.

දැන් බැරි වෙලාවත් ඒ කෙල්ල ඔබ දෙස බැලුවොත්. "පිස්සු හැදෙයි...මෙන්න මෙයා මං දිහා බැලුවා."
"මාර ලස්සන ඇස් දෙක" "බලං ඉන්නත් ලැජ්ජයි...අහක බලන්නත් ලොභයි" දැන් කලින්ට වඩා
හිත දුර ගියා නේද? දැන් මේ අස්සෙ මේ ලස්සන ගෑණු ළමය හිනා වුනොත් මොනවයින් මොනව
වෙයි ද? දැන් ගමන්ගෙ ගමන යන්න පරක්කු වෙලා බස් එක එනකං හිටියේ. ඒ ගැනයි හිත හිත
හිටියේ..!

"මල කෙළියයි..! හිනාවුනා නේද..!" "මොන ක්ලාස්ද කොල්ලෝ...නැගපං බස් එකට. ගිහිං තනියම
හරි පොඩ්ඩක් පස්සෙන් පළ" දැන් මොනව වෙයි ද...! දැන් අර තමන් කලින් හිත හිත හිටි
පරක්කුවත් අමතකයි දැන් සිත ගියේ අර සතුට ඇතිවුණ රූපය ඔස්සේ..!
මතකනෙ, අපි කතාවටත් කියන්නේ...හිත ගියතැන මාළිගාව කියලා..:)

ඔන්න බස් එක ගියා...නැගගන්න බැරිවුනා. දැන් මොකද වෙන්නේ..! හිතේ දුකක් ඇති වෙනවා.
ඒ කෙනාව ආයෙ කවද දකින්නද කියල මානසික දුකක් ඇති වෙනවා.

දැන් පාඩම් කරන්නත් බෑ. ඒ රූපය සිහි වෙනවා. කන්නත් බෑ. ඒ හිනාව සිහි වෙනවා. ඊ ළගට
නිදා ගන්නත් බෑ. ඒ මුහුණ මතක් වෙනවා. හීනෙනුත් පේනවා. පැය ගණන් කල්පනා කරනවා.
දැන් ඔන්න මනසත් එක්කයි යුද්ධෙ. දැන් මනසට එයා ගැන සතු‍ට ඇති වෙන සිතිවිල්ලක්
ඇති වුනොත් ඒ ඔස්සේ හිත හැසිරෙන්න පටන් ගන්නවා.

"(16)මනසින් යම් සිතිවිල්ලක් සිතුවට පස්සේ, මානසික සැපය (සොම්නස) ඇතිවෙන කරුණක් තියෙනවා නම්,
ඒ සිතිවිල්ල තුළ සිත හැසිරෙනවා."

ඉතින් මොකද වෙන්නේ...පැය ගණන් මනෝ පාර. :eek:

දැන් දවසට කිලෝමිටර් ගාණක් හිත දුවනවා. හනිමුන් වලට පැරිස් යාවි. බබාට බේත් ගන්න
සිංගප්පුරු යාවි. නෑයො බලන්න ජීප් එකෙන් යාවි. අවුරුද්දකට සැරයක් මාළිගාවට යාවි.
බලන්න සිහින මන්දිර බදිමින් සිත දුවන දිවිල්ල...!

මේ වගේම තමයි අනිත් ආකාර දා හත ඔස්සේත් හිත හැසිරෙන්නේ...! ඉතින් ඒව ගැන
උදාහරණ කල්පනා කරන්න මේ ඇසෙන් දකින රූපය ඔස්සේ සතුටක් ඇතිවෙන අවස්ථාව
ගැන වදාළ ධර්ම පාඨයට මම දුන්න උදාහරණෙත් භා‍විතා කරන්න පුලුවන්නෙ..:nerd:
හිතල බලන්න. අනිත් තැන් වලටත් හොද උදාහරණ මතක් වෙනව නං ලස්සනට ගලපලා
මෙහි දාන්න. අපි හැමෝම ධර්මය කියවලා සතුටු වෙන්න කැමතියි.

ඔන්න "දූරං ගමං" කියන එක දැන් පැහැදිලි ඇති නේද :) "ඒක චරං" කියන්නේ..
තනිව හැසිරෙනවා කියන එකයි. බලන්න...:nerd: මේ හැම තැනම සිත යන්නෙ තනියම නෙ.
දෙන්නව පැරිස් එක්ක ගියෙත් ඔබේ සිතයි. ඒ වෙලාවෙ අනිත් කෙනා මොනව හිතුවත් ඔබේ සිත
හැසිරෙන්නෙ තනිව යි. එ‍කිනෙකාගෙ සිත් වෙනස්. ඒ සිත් දෙක එකක් කියල හිතුවත් ඇත්තටම
දෙකක්. තනි තනිවයි හැසිරෙන්නේ.

හිතේ ස්වභාවය ගැන තව විශාල ප්‍රමාණයක් බුද්ධ දේශනා පවතිනවා. ඒ නිසා, මේ පුංචි
දහම් කරුණු ටික සිත හැසිරෙන තැන් ගැන තේරුම් ගැනීම පිණිස ඔබට උපකාරී වේවි යැයි
මා සිතනවා. බලන්න මේ ආකාර දහ අටේ නේද දවස තිස්සේ අපේ සිත තියෙන්නේ...!

*මෙහි මනස යනුවෙන් සදහන් වනුයේ...ඇස කණ ආදී වශයෙන් පවතින ආයතනයකි.
එය ද හේතු ඵල පැවැත්මක් සහිත දෙයක්. සිත සහ මනස කියන්නේ දෙකක්. ඒ ගැනත්
පැහැදිලි විස්තර සහිත බුද්ධ දේශනා තිබෙනවා.

ඔබ සැමට තෙරුවන් සරණයි...!

ජය වේවා..!

අයියණ්ඩි
:nerd::nerd::nerd::nerd:
 
  • Like
Reactions: one_genuine
අයියණ්ඩි...
සිත ගැන කියලා තියෙන කාරණා ටිකනම් හරිම අගෙයි...:)
ඇත්තටම කියනවානම් හිතට වැදුනා කිව්වොත් හරියටම හරි..
මේවගේ පැහැදිලි කිරීම් ගොඩක් අයියණ්ඩිගේ ලිපි වල දැකලා තියෙනවා.
බොහොම පිං ඔබට
තෙරුවන් සරණයි..!
 
  • Like
Reactions: Elcid

ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
ස්තූතියි අයියණ්ඩි මේ පැහැදිලි කිරීමට..මට මේක තරමක් දුරට පැටලිලා තිබ්බේ..ඊට හේතුව මම සිත හා මනස කියන්නෙ එකක් කියලා හිතන් හිටපු නිසා..දැන් හරි..එළකිරි!!!!!
 
  • Like
Reactions: Elcid

ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
මොළයේ යම් යම් ආබාධ ඇති වුණාම සිතන ක්‍රමය වෙනස් වෙන නිසා, සිත මොළය ආශ්‍රිතව තියෙනවා විය හැකියි. නමුත් රුධිරයේ සම්බන්ධයත් ඉතා වැදගත්: රුධිර සැපයුම නතර වුණොත් මොළය මැරෙනවා; රුධිරයේ යම් යම් විෂ ද්‍රව්‍ය/ රසායන ද්‍රව්‍ය තිබුණොත් මොළයට, සිතුවිලිවලට එය තදින් බලපානවා.

ඉහි ඉහි..ඔය cognitive scientistsලා කියන දේවල් ගැන වැඩිය හිතන් එපා..