kamak na kiyannako balanna....
සඳක් බැස ගියා අවරගිරේ ඉරක් උදා කරලා
මටත් ලොවක් තිබුණා මතකයි මම ඉමි සිහිරලා
දෙළුම් මල් පිපුණු දෙවැට දිගේ පාසැල් ගිය කාලේ
මල් වගේ සිනාසුනු කෙල්ලන් හා මතකයි මගෙ බාලේ
විවේකයක් ලද විටදි අපී දුවපැන ඇවිදිනවා
ගණං තමයි මගෙ සිතට වදේ නිතරම වරදිනවා
ගමේ පාසැලේ වැඩක අපි පෙරමුණ ගෙන යනවා
තවත් වරක් - තවත් වරක් මට පාසැල් යන්නට ලැබුනොත් මම යනවා
ඉමක් කොනක් නැති අහස වගේ කෙළිලොල් දිවිය මගේ
මලක් පිපී සුවඳින් පිරුණා සේ මුහුණේ සිනහ රැඳේ
දුකක් සිතේ දැනුනේ නෑ මා හට අද මට දැනෙනු වගේ
තවත් වරක් - තවත් වරක් මට පාසැල් යන්නට ලැබුනොත් හරිම අගේ
දෙළුම් මල් පිපුණු දෙවැට දිගේ පාසැල් ගිය කාලේ
මල් වගේ සිනාසුනු කෙල්ලන් හා මතකයි මගෙ බාලේ
මල් වගේ සිනාසුනු කෙල්ලන් හා මතකයි මගෙ බාලේ - පොඩි කාලේ.
