යක්ෂයෝ.!!!

Core

Member
Jan 23, 2010
3,120
195
0
Milky Way/Local Cluster/Local Sol/Earth
මරණයෙන් පසු කර්මානුරූපව උපත ලබන භවයන්හි ස්වභාවයන් ද විවිධාකාර වේ. මහිද්ධික නම් වූ පේ‍්‍රතාත්මයේ උපත ලබන සත්ත්වයාට අතීතය ද අනාගතය ද යම් යම් ප‍්‍රමාණයකින් පෙනේ. එය ඇත්තට ම ධ්‍යාන ශක්තියෙන් ලබා ගත් ඉද්ධියක් නොව ඒ භවයේ ස්වභාවයයි. පක්ෂීන්ට අහසින් ගමන් කිරීමට ඇති හැකියාවත්, බකමූණන්ට රාති‍්‍ර කාලයට පෙනීම ලැබීමේ හැකියාවන් හා සමාන වේ. සමහර පේ‍්‍රතයෝ ද අහසින් ගමන් කරති. එසේ ම යම් යම් ආගම් අදහා ගෙන සිටින මිනිසුන් මරණයෙන් පසු අමනුස්ස හෝ දේව නිකායක උපත ලැබූවත් ඔවුහු මිනිස් භවයේ ලැබූ ආගමික දෘෂ්ටියේ ම පිහිටා සිටිති.

සමහර භූතයෝ තෙරුවන් ගුණයට අවනත වන අතර තවත් සමහරෙක් කුරුසියට අවනත වෙති. ඒ දෘෂ්ටි ගතවීමේ ස්වභාවය අනුව ය. සෑම අමනුෂ්‍යයෙක් ම තෙරුවන් ගුණයට අවනත නොවන බව ආටානාටිය සූත‍්‍රයෙන් පැහැදිලි වේ. ඒ බව උතුරට අධිපති වූ ධනයට අධිපති වූ අමනුෂ්‍යයනට අධිපති වූ වෛශ‍්‍රවන දෙවියෝ මෙසේ ප‍්‍රකාශ කරති.

ස්වාමිනි! භාග්‍යවතුන් වහන්ස! භාග්‍යවතුන් (ඔබ) කෙරෙහි අප‍්‍රසන්න වූ මහේශාක්‍ය යක්ෂයෝ සිටිති. එසේ ම ඔබ වහන්සේ කෙරෙහි ප‍්‍රසන්න වූ මහේශාක්‍ය යක්ෂයෝ ද සිටිති. මධ්‍යම ආනුභාව සම්පන්න යක්ෂයෝ ද නීච යක්ෂයෝ ද ඔබ වහන්සේ කෙරෙහි ප‍්‍රසන්න වූවෝ ද අප‍්‍රසන්න වූවෝ ද සිටිති. ඒ පාණාතිපාත, අදින්නාදානා ආදී පස් පවෙහි ආදීනව දේශනා කරන නිසා ය. ඊට කැමැත්තෝ ද අකැමැත්තෝ ද සිටිති.

වෛශ‍්‍රවන වරම් දෙවියනට අවනත වන්නා වූ යක්ෂයෝ මෙන් ම අවනත නොවන්නා වූ කට්ට කෛරාටික යක්ෂයෝ ද සිටිති. එසේ අවනත නොවන යක්ෂයන් පාලනය කිරීම සඳහා වෛශ‍්‍රවන දෙවියෝ තෙරුවන් සරණ ගිය යක්ෂ සේනාධිපතියන් ලවා කරවමිනි.

එසේ ම ස්තී‍්‍රන් වාහනය කැරගත් යක්ෂයෝ ද පුරුෂයන් වාහනය කැර ගත් යක්ෂයෝ ද සිටිති. ස්තී‍්‍රන්ට ආවේශ වුණා ය පුරුෂයන්ට ආවේශ වුණා ය කියන්නේ එවිට ය. කුමාරයන් හා කුමාරියන් වාහනය කර ගත් අමනුෂ්‍යයෝ ද සිටිති. ඇතුන් අශ්වයින් ආදී සතුන් වාහනය කර ගන්නා අමනුෂ්‍යයෝ ද සිටිති. එසේ කරනුයේ ඒ ඒ අමනුෂ්‍යයන් ගේ උවමනා ඉටු කැර ගැනීම සඳහා ය.

සමනළයන් වසන්නේ මල්වලට ය. එහෙත් මළ සිරුරුවලට ද සමනළයන් වසන අවස්ථා දැක ගන්නට ඇත. මළ සිරුරකට දෙවියෝ නම් පැත්ත පළාතේ එන්නේ නැත. සමහර අමනුෂ්‍යයන් මිය ගිය පුද්ගලයාට ඇති සම්බන්ධතා අනුව සමනළයන් වාහනය කැර ගෙන පැමිණෙනවා විය හැකිය.

එක්තරා සංගීත ගුරුවරයකු මිය ගිය පසු ඔහුගේ මළ සිරුරට බොහෝ සමනළයන් වැසු කතාව මතුගම ප‍්‍රදේශයේ ඉතා ප‍්‍රසිද්ධ සිද්ධියකි.

එසේ ම හදිසි අනතුරකින් මිය ගිය තරුණයකු මළවුන් ගෙන් වන තැනක දී තමන් මතක බණ අහන්නට එන බව පැවසූ විට “ඔබ එන බව අප දැන ගන්නේ කෙසේදැ”යි ඇසූ කල සමනළයකු ලෙස එන බව කියා ඇත. ඒ පරිදි ම මතක බණ දා ධර්ම දේශකයන් වහන්සේ වැඩම කළ පසු විශාල සමනළයකු (සළබයෙකු) පැමිණ ධර්මාසනය අසල බිත්තියේ වැසූවේය. එය අප විසින් ලියන ලද “මනෝකාය” ග‍්‍රන්ථයේ විස්තර කොට ඇත.

හූනා “චිº චිº” යැයි හැඬීම ගැන ද අපේ පැරැන්නෝ විශ්වාසයක් තැබූහ. හූනන්ට ශාස්ත‍්‍ර කිය හැකි දැයි කෙනෙක් තර්ක කරති.

එය ද යම් යම් ගුප්ත බලපෑම් මගින් හූනන් ලවා කරවන දෙයකැයි සිතේ. මේ එවැනි කතාවකි. මෙය මාවනැල්ල ප‍්‍රදේශයේ සිදු වූවකි.

එක්තරා වයස් ගත පුද්ගලයෙක් රෝගාතුර වීය. ඔහු යහනේ සිටිය දී ඒ අසල බිත්තිය දිගේ හූනෙක් පැමිණ උගේ හ¾ඩින් කෑ ගසන්නට වීය. අවසානයේ රෝගියා ගේ ඇඟට පැන කීප පොළක් සපා කා පැන ගියේය. හූනෙක් මෙසේ පැමිණ සපා කා පැන යෑම ඉතා ම දුර්ලභ සිද්ධියකි. කෙසේ නමුත් ඒ වයස් ගත රෝගියා දින කීපයකින් මිය ගියේ ය. හූනු කතාව ද යට ගියේ ය.

එහෙත් ඔහුගේ සත් දින පිංකමේ දී ද එවැන්නක් සිදු වීය. මතක බණ සඳහා ධර්ම දේශකයන් වහන්සේ වැඩම කොට ධර්ම දේශනයට සූදානම් වූහ. පිරිස ඉතා නිහඬ ය. හූනා බිත්තිය දිගේ පැමිණ තොර තෝංචියක් නැතිව හැඬුවේය. පසුව බිමට බැස්සේ ය. බිම දිගේ දුවගෙන ආවේ ය. මිය ගිය පුද්ගලයා ගේ බිරිය ඉදිරියට පැමිණ හිස ඔසවා බලා චිº චිº ගෑවේය.

“හූනා අදත් ඇවිල්ලා” යි ඇයට කියවිනි. මඳක් බලා සිටි හූනා දෙස විස්මිතව බලා සිටි පිරිස මැද්දෙන් ඌ ආපසු යන්නට ගියේය. ඉන් පසු ඌ පැමිණියේ ම නැතැයි කියති.

මෙය ගලිගමුවේ ඥානදීප හිමියන් මා සමඟ පැවසූ කතාවකි. කෑගල්ල ප‍්‍රදේශයේ කැලයක වල් වැදී සිටි ගවයෙක් කුලප්පු වී නගරයට කඩා වැදුණේය. මිනිස්සු බිය පත්ව ආරක්ෂාව පතා දුවන්නට වූහ.

මේ කුළු හරකා දෙනෝ දහක් මිනිසුන් අතරින් දුව ගෙන ගොස් හෝටලයක් තුළට රිංගා එහි තේ බොමින් සිටි තරුණයකුට ඇන්නේ ය. එසේ තුවාල කර ඇන පලා ගියේ ය. නගරයේ බොහෝ මිනිසුන් සිටියදී හෝටලයක් තුළ සිටි කෙනකුට ම ගොනා ඇන්නේ ඇයි? තවමත් ගැටලුවකි
 

Core

Member
Jan 23, 2010
3,120
195
0
Milky Way/Local Cluster/Local Sol/Earth
මේ අදින් වසර තිහකට පමණ පෙර පොලොන්නරු දිස්ති‍්‍රක්කයේ එක්තරා ගම්මානයක සිදු වූවකි. මේ ගමේ ගෙදරක කිරි එළදෙනක් සිටියා ය. දිනක් මේ කිරි එළදෙන නිවසින් යාර තුන්සීයක් පමණ දුරින් වැව් ඉස්මත්තක ලන්දේ තණ කෑම සඳහා දිගේලි කැර සිටියාය. මාසයක් පමණ වයසැති වසු පැටියා ඒ ගෙදර මිදුලේ බැඳ සිටියේය.

දහවල හිටි හැටියේ ම මේ වසු පැටියා හඬන්නට වීය. එය කුස ගින්නට වෙනදා හඬන හැඬීම ද නොවීය. නිවැසියෝ මේ වසු පැටියාගේ අස්වාභාවික හැඬීම ගැන පුදුමයට පත්ව බලා සිටියහ. වසු පැටවා හඬන හැ¾ඩිල්ල ඇසී මවු එළදෙන ප‍්‍රතිචාර දක්වා නොහඬන්නේ ඇයි දැයි කෙනෙක් ප‍්‍රශ්න කළේය. ඒ අනුව එළදෙන ආපසු ගෙන ඒම සඳහා කෙනෙක් වැව් ඉස්මත්තට ගියේය. අනේ දෙය්යනේ! ඒ වන විටත් කිරි එළදෙන මරා මස් කොට ගෝනිවල දමා ගෙන ගොස් හමාර ය. මේ වසු පැටියා හඬා ඇත්තේ මවු එළදෙන මරන වේලාවේ ය. පුදුමය එය නොවේ ඊළඟ සිද්ධියය.

මේ එළදෙන මරා තිබුණේ ගවයන් මරා මසට විකුණන පුද්ගලයෙකි. ඔහු ගවයන් මිලට ගෙන මස් කඩයට විකිණීම ද හොරෙන් හරක් විකිණීම ද කරන්නෙකි. කාලය අවුරුදු වලින් පහක් ගත වී ගියේය. අර වසු පැටවා දැන් තරුණ ගොන් නාම්බෙකි. දිනක් ගමේ පාරට මඳක් ඈතින් මේ ගොන් නාම්බා දිගේලි කැර සිටියේය. පාරේ ඈතින් යමෙකු එනු දැක ගොන් නාම්බා දඟලා කෙසේ හෝ කබය කඩා ගත්තේ ය.

පාරේ පැමිණෙමින් සිටි පුද්ගලයා වෙත දුව ගොස් ඇන්නේ ය. පන්න පන්නා ඇන්නේ ය. බිම වැටුණ පසු ද ඇන්නේය. මැරෙන තුරු ම ඇන්නේය. ඒ පුද්ගලයා උගේ මවු එළදෙන මැරූ මාරයා බව ගම්මු දනිති.

මෙය කපුටු කතාවකි. බටහිර වෙරළබඩ ගම්මානයක සිදු වූවකි. ඒ ව්‍යාපාරික පවුලක් ජීවත් වූ නිවාසයකි. කුඩා ඉඩම් කොටසක තාප්ප බැඳ ඒ මැද ඉදිකළ නව නිවසකි. හිටි හැටියේ ම දිනක් මේ නිවසේ අයට කපුටෙක් කොටන්නට පටන් ගත්තේය. ඔවුහු ගෙට වැදී දොර ජනෙල් වසා ගත්හ. ගේ දොරකඩ රැක සිටි කපුටා හැන්දෑවේ ආපසු ඉගිල ගියේය. පසු දින පාන්දරින් කපුටා යළිත් පැමිණියේය. නිවසේ අය දොර ජනෙල් වසා සිටියදී වීදුරු ජනේල වලට කොටමින් ඇතුළු වෙන්නට තැත් කළේය. පිටස්තර අයට මේ කපුටා කෙටුවේ නැත.

මෙය මුහුදු කරයේ නිවසක් බැවින් නිවැසියෝ මුහුදු දැල් ගෙනැවිත් තාප්පයේ සිට වහලය දක්වා දැල්වලින් ආවරණය කළහ. කපුටාට ඒ දැල ප‍්‍රශ්නයක් වූයේ නැත.

ඌ දැල කපා ගෙන ඇතුළු වූයේ ය. දැන් මේ නිවසේ ජනෙල් කපුටාගේ කි‍්‍රයා කලාපය නිසා අපවිත‍්‍ර වී ඇත. ඔවුන් ඊළඟට කළේ ඇඳ ඇතිරිලිවලින් වීදුරු ජනෙල් ආවරණය කිරීමය.

කපුටා හොඳ පළපුරුදු කාරයකු මෙන් ඇඳ ඇතිරිලි එල්ලූ ගැට හොටෙක් ලිහා ඇතිරිලි බිමට දැම්මේය.

මේ අතර නිවැසියෝ පල්ලියට ගොස් යාඥා කළහ. එයින් ප‍්‍රතිඵලයක් නැති තැන යකැදුරුකම් ද කළහ. බෞද්ධ පිළිවෙත් ද කළහ. කිසිවකින් පලක් වූයේ නැත. කෙසේ නමුත් කපුටු කෙටිල්ල හිටි හැටියේ නතර වීය. සොයා බලන විට කපුටා ඒ නිවසේ ළිඳේ මැරී වැටී සිටියේය. ඌ ළිඳ තුළට මැරී වැටුණා ද නිවැසියකු බැරිම තැන රහසේ පහර දී මරා දැම්මා දැයි කිසිවෙක් නොදනිති. එහෙත් මේ කපුටු වෛරය නම් පුදුමයකි.

එවැනි සිද්ධීන් දෙස විමසිලිමත්ව බලන විට අපට නොපෙනෙන ලෝකයේ අමනුස්සයන් ගේ කි‍්‍රයාකාරකම් නොතකා හරිනු නොහැකි ය. පෘතග්ජන වූ අප පමණක් නොව කෙලෙස් නැසූ අග‍්‍ර ශ‍්‍රාවක මුගලන් මහ රහතන් වහන්සේට පවා දුසී නම් මාරයා ගෙන් පීඩා විඳින්නට සිදු වූ බව සඳහන් වේ. ආරණ්‍ය සේනාසන ගතව භාවනාවේ යෙදුණු ශ‍්‍රාවකයන් වහන්සේට පවා අමනුෂ්‍යයෝ පීඩා හිරිහැර කළහ.

මේ හේතුව නිසා ම වෛශ‍්‍රවන දෙවි අණින් වරම් දෙවිවරු ද සමඟ බුදුරජාණන් වහන්සේ වෙත පැමිණ ආටානාටිය සූත‍්‍රය අනුමත කරවා ගත්හ. එයින් කියැවෙනුයේ පස් පවෙන් වැළකුණු සිල්වත් සිව් පිරිසට එවැනි අමනුෂ්‍ය කරදරයක් වූ විට එම සීලය ම අධිෂ්ඨාන කරමින් වෛශ‍්‍රවන දෙවියන් අමතා හඬ නගා පැමිණිලි කරන ලෙස ය.

තෙරුවන් සරණ ගිය සිල්වත් වූ කෙනෙකුට අමනුෂ්‍ය බලපෑමක් වේ ද, අමනුෂ්‍යයා ඔහු සමඟ යන්නේ වේ ද, සමීපව සිටින්නේ වේ ද, සමීපව හිඳගෙන සිටින්නේ වේ ද, නිදන විට සමීපව නිදන්නේ වේ ද, ඒ හිරිහැරයෙන් මිදීම් වස් මේ මහා යක්ෂයනට, යක්ෂ සේනාධිපතිනට, මහා සේනාධිපතිනට ඇසෙන සේ හඬ ගා මුරගා කියන ලෙස, පැමිණිලි කරන ලෙස වෛශ‍්‍රවන දෙවියෝ කියා සිටියහ.

“අයං යක්ඛෝ ගණ්හාති, අයං යක්ඛෝ ආවිසනි, අයං යක්ඛෝ හේඨේති, අයං යක්ඛෝ විහේඨේති, අයං යක්ඛෝ හිංසති, අයං යක්ඛෝ විහිංසති, අයං යක්ඛෝ න මුඤ්චතීනි” කිය යුතු ය. හඬ නඟා කිය යුතුය.

“මේ යක්ෂයා මා අල්වා ගෙන සිටී. මේ යක්ෂයා ආවේශ වන්නේ ය. මේ යක්ෂයා උපන්නා වූ රෝග වර්ධනය කරමින් පීඩා කරන්නේ ය. මේ යක්ෂයා විශේෂයෙන් පීඩා කරන්නේ ය. මේ යක්ෂයා හිංසා කරන්නේ ය. මේ යක්ෂයා විශේෂයෙන් හිංසා කරන්නේ ය. මේ යක්ෂයා මා අත්නොහැර සිටින්නේ යැයි හඬ නඟා කී විට, එසේ කියූ පුද්ගලයා තෙරුවන් සරණ ගිය සිල්වතෙක් නම් වෛශ‍්‍රවන දෙවියෝ හෝ ඒ දෙවියන් ගේ යක්ෂ සේනාපතියෝ එම අමනුෂ්‍යයන් වළකාලන්නාහ. එසේ නො වළකී නම් එම අමනුෂ්‍යයන්ට දැඩි දඬුවම් දෙන්නේ ය. එයින් භික්ෂු - භික්ෂුණි - උපාසක - උපාසිකා - යන සිව් පිරිස ආරක්ෂා කරන්නේ ය.
 

dumasrc

Member
Oct 6, 2009
3,768
365
0
apoi uba me katha me welawe kiyanna epa mama vitharai gedara inne ekath eliyata wela midule bankuwak udata wela inne baya hithenawa ban
 

Core

Member
Jan 23, 2010
3,120
195
0
Milky Way/Local Cluster/Local Sol/Earth
mehe light kanu yata gonnu innawa evidin pahara deida danne ne matama


ux_a06091500ux0080_ux_n.jpg

ux_a08091300ux0008_ux_n.jpg