මරණයෙන් පසු කර්මානුරූපව උපත ලබන භවයන්හි ස්වභාවයන් ද විවිධාකාර වේ. මහිද්ධික නම් වූ පේ‍්‍රතාත්මයේ උපත ලබන සත්ත්වයාට අතීතය ද අනාගතය ද යම් යම් ප‍්‍රමාණයකින් පෙනේ. එය ඇත්තට ම ධ්‍යාන ශක්තියෙන් ලබා ගත් ඉද්ධියක් නොව ඒ භවයේ ස්වභාවයයි. පක්ෂීන්ට අහසින් ගමන් කිරීමට ඇති හැකියාවත්, බකමූණන්ට රාති‍්‍ර කාලයට පෙනීම ලැබීමේ හැකියාවන් හා සමාන වේ. සමහර පේ‍්‍රතයෝ ද අහසින් ගමන් කරති. එසේ ම යම් යම් ආගම් අදහා ගෙන සිටින මිනිසුන් මරණයෙන් පසු අමනුස්ස හෝ දේව නිකායක උපත ලැබූවත් ඔවුහු මිනිස් භවයේ ලැබූ ආගමික දෘෂ්ටියේ ම පිහිටා සිටිති.
සමහර භූතයෝ තෙරුවන් ගුණයට අවනත වන අතර තවත් සමහරෙක් කුරුසියට අවනත වෙති. ඒ දෘෂ්ටි ගතවීමේ ස්වභාවය අනුව ය. සෑම අමනුෂ්‍යයෙක් ම තෙරුවන් ගුණයට අවනත නොවන බව ආටානාටිය සූත‍්‍රයෙන් පැහැදිලි වේ. ඒ බව උතුරට අධිපති වූ ධනයට අධිපති වූ අමනුෂ්‍යයනට අධිපති වූ වෛශ‍්‍රවන දෙවියෝ මෙසේ ප‍්‍රකාශ කරති.
ස්වාමිනි! භාග්‍යවතුන් වහන්ස! භාග්‍යවතුන් (ඔබ) කෙරෙහි අප‍්‍රසන්න වූ මහේශාක්‍ය යක්ෂයෝ සිටිති. එසේ ම ඔබ වහන්සේ කෙරෙහි ප‍්‍රසන්න වූ මහේශාක්‍ය යක්ෂයෝ ද සිටිති. මධ්‍යම ආනුභාව සම්පන්න යක්ෂයෝ ද නීච යක්ෂයෝ ද ඔබ වහන්සේ කෙරෙහි ප‍්‍රසන්න වූවෝ ද අප‍්‍රසන්න වූවෝ ද සිටිති. ඒ පාණාතිපාත, අදින්නාදානා ආදී පස් පවෙහි ආදීනව දේශනා කරන නිසා ය. ඊට කැමැත්තෝ ද අකැමැත්තෝ ද සිටිති.
වෛශ‍්‍රවන වරම් දෙවියනට අවනත වන්නා වූ යක්ෂයෝ මෙන් ම අවනත නොවන්නා වූ කට්ට කෛරාටික යක්ෂයෝ ද සිටිති. එසේ අවනත නොවන යක්ෂයන් පාලනය කිරීම සඳහා වෛශ‍්‍රවන දෙවියෝ තෙරුවන් සරණ ගිය යක්ෂ සේනාධිපතියන් ලවා කරවමිනි.
එසේ ම ස්තී‍්‍රන් වාහනය කැරගත් යක්ෂයෝ ද පුරුෂයන් වාහනය කැර ගත් යක්ෂයෝ ද සිටිති. ස්තී‍්‍රන්ට ආවේශ වුණා ය පුරුෂයන්ට ආවේශ වුණා ය කියන්නේ එවිට ය. කුමාරයන් හා කුමාරියන් වාහනය කර ගත් අමනුෂ්‍යයෝ ද සිටිති. ඇතුන් අශ්වයින් ආදී සතුන් වාහනය කර ගන්නා අමනුෂ්‍යයෝ ද සිටිති. එසේ කරනුයේ ඒ ඒ අමනුෂ්‍යයන් ගේ උවමනා ඉටු කැර ගැනීම සඳහා ය.
සමනළයන් වසන්නේ මල්වලට ය. එහෙත් මළ සිරුරුවලට ද සමනළයන් වසන අවස්ථා දැක ගන්නට ඇත. මළ සිරුරකට දෙවියෝ නම් පැත්ත පළාතේ එන්නේ නැත. සමහර අමනුෂ්‍යයන් මිය ගිය පුද්ගලයාට ඇති සම්බන්ධතා අනුව සමනළයන් වාහනය කැර ගෙන පැමිණෙනවා විය හැකිය.
එක්තරා සංගීත ගුරුවරයකු මිය ගිය පසු ඔහුගේ මළ සිරුරට බොහෝ සමනළයන් වැසු කතාව මතුගම ප‍්‍රදේශයේ ඉතා ප‍්‍රසිද්ධ සිද්ධියකි.
එසේ ම හදිසි අනතුරකින් මිය ගිය තරුණයකු මළවුන් ගෙන් වන තැනක දී තමන් මතක බණ අහන්නට එන බව පැවසූ විට “ඔබ එන බව අප දැන ගන්නේ කෙසේදැ”යි ඇසූ කල සමනළයකු ලෙස එන බව කියා ඇත. ඒ පරිදි ම මතක බණ දා ධර්ම දේශකයන් වහන්සේ වැඩම කළ පසු විශාල සමනළයකු (සළබයෙකු) පැමිණ ධර්මාසනය අසල බිත්තියේ වැසූවේය. එය අප විසින් ලියන ලද “මනෝකාය” ග‍්‍රන්ථයේ විස්තර කොට ඇත.
හූනා “චිº චිº” යැයි හැඬීම ගැන ද අපේ පැරැන්නෝ විශ්වාසයක් තැබූහ. හූනන්ට ශාස්ත‍්‍ර කිය හැකි දැයි කෙනෙක් තර්ක කරති.
එය ද යම් යම් ගුප්ත බලපෑම් මගින් හූනන් ලවා කරවන දෙයකැයි සිතේ. මේ එවැනි කතාවකි. මෙය මාවනැල්ල ප‍්‍රදේශයේ සිදු වූවකි.
එක්තරා වයස් ගත පුද්ගලයෙක් රෝගාතුර වීය. ඔහු යහනේ සිටිය දී ඒ අසල බිත්තිය දිගේ හූනෙක් පැමිණ උගේ හ¾ඩින් කෑ ගසන්නට වීය. අවසානයේ රෝගියා ගේ ඇඟට පැන කීප පොළක් සපා කා පැන ගියේය. හූනෙක් මෙසේ පැමිණ සපා කා පැන යෑම ඉතා ම දුර්ලභ සිද්ධියකි. කෙසේ නමුත් ඒ වයස් ගත රෝගියා දින කීපයකින් මිය ගියේ ය. හූනු කතාව ද යට ගියේ ය.
එහෙත් ඔහුගේ සත් දින පිංකමේ දී ද එවැන්නක් සිදු වීය. මතක බණ සඳහා ධර්ම දේශකයන් වහන්සේ වැඩම කොට ධර්ම දේශනයට සූදානම් වූහ. පිරිස ඉතා නිහඬ ය. හූනා බිත්තිය දිගේ පැමිණ තොර තෝංචියක් නැතිව හැඬුවේය. පසුව බිමට බැස්සේ ය. බිම දිගේ දුවගෙන ආවේ ය. මිය ගිය පුද්ගලයා ගේ බිරිය ඉදිරියට පැමිණ හිස ඔසවා බලා චිº චිº ගෑවේය.
“හූනා අදත් ඇවිල්ලා” යි ඇයට කියවිනි. මඳක් බලා සිටි හූනා දෙස විස්මිතව බලා සිටි පිරිස මැද්දෙන් ඌ ආපසු යන්නට ගියේය. ඉන් පසු ඌ පැමිණියේ ම නැතැයි කියති.
මෙය ගලිගමුවේ ඥානදීප හිමියන් මා සමඟ පැවසූ කතාවකි. කෑගල්ල ප‍්‍රදේශයේ කැලයක වල් වැදී සිටි ගවයෙක් කුලප්පු වී නගරයට කඩා වැදුණේය. මිනිස්සු බිය පත්ව ආරක්ෂාව පතා දුවන්නට වූහ.
මේ කුළු හරකා දෙනෝ දහක් මිනිසුන් අතරින් දුව ගෙන ගොස් හෝටලයක් තුළට රිංගා එහි තේ බොමින් සිටි තරුණයකුට ඇන්නේ ය. එසේ තුවාල කර ඇන පලා ගියේ ය. නගරයේ බොහෝ මිනිසුන් සිටියදී හෝටලයක් තුළ සිටි කෙනකුට ම ගොනා ඇන්නේ ඇයි? තවමත් ගැටලුවකි