මේ ගැන දැනගැන හිටීම වැදගත් යැයි සිතමි 

මංගල චාරිත්‍ර
සුද්ද රිවි කුල ඉපිද බෝසත් කුමර සිදුහත් මංගලම්
ලුද්ද වඩවා මාර දෙවිඳුන් පරාජය කළ මංගලම්
සිද්ද මේ සිරිලකට වැඩ දම් දෙසු දින සුබ මංගලම්
බුද්ද රත්නෙ අනුහසින් මේ යුවතිපති හට මංගල
විවාහ මංගල්‍යය අනෙක් සෑම මංගල අවස්ථාවකටම වඩා වෙනස් හෙළ කුල සිරිතට අනුව ඉෂ්ට සිද්ද වන්නාවූ උත්සවයකි.එහි ඉටු කරන චාරිත්‍ර අතුරින් මංගල පෝරුවට හිමි වන්නෙ සුවිශේෂි ස්ථානයකි.
පෝරුවේ චාරිත්‍ර හා බැදුණු පැරණි මත
පෝරුවේ උපත කවදා කොතැනකදී සිදුවීද යන්නට පැහැදිලි සාක්ෂි නොමැති හෙයින් ඒ පිළිබඳ විවිධ මත පළ වී ඇත.මහ සම්මත රජ දවස සිට පෝරුව පැවත එන බවත් මහ සම්මත රජු සහා මැණික්පාල කුමරිය නොහොත් මුතුකෙලී කුමරියගේ විවාහ මංගල්‍යය සඳහා චන්දගිරි පර්වතයේ වෙසෙන විස්කම් දිව්යරාජෝත්තමයන් නරලොවට පැමිණ ප්‍රථම මංගල පෝරුව නිර්මාණය කළ බව සඳහන් වන අතර නෙළුම් පත්මයක ඕපපාතිකව උපන් පත්මාවති කුමරිය බරණැස් රජුට සරණ පාවා දුන් තැන් සිට පෝරුව පැවත එන බවත් පත පොතේ සඳහන් වේ.සිද්ධාර්ථ - යශෝදරා කුමරියගේ විවාහ මංගල්‍යයේ පටන් පෝරුව පැවත එන බවටද මතයක් පවති.පෝරුව යුවතිපති දෙපළට සෙත් ශාන්තියක් උදා කරන තැනකි. පොළවට මඳක් ඉහළික් සකස් කරන ලද පුවරුව පෝරුව යන්නෙන් හඳුන්වන අතර මල් ලියකම් වලින් එය අලංකාර කර ඇත.
මංගල පෝරුව චාරිත්‍ර සඳහා අවශ්‍ය දව්‍ය
සුදු රෙදි යාර 2 සුදු හාල් කැලෝ 1
ලදපස් මල් පැකට් 1
පඬුරැ 21
බුලත් අත්7
පිරිත් නූල් කැබැල්ලක්
කෙන්ඩියක් හො සංඛයක්
පැන් වැඩිමට භාජනයක්
පොල් මල් 4
පොල් ගෙඩියක්
මැටි පහන් 4
පහන් තිර පැකට් 1
පොල් තෙල් බෝතල් 1/2
කැත්තක්
මනාලයා විසින් ගෙන ආ යුතු කළමනා
හඟල හුරැලු සඳහා බුලත් කච්චි හේලය (මනාලියගෙ මෑණියන්ට පිදිමට)
මංගල මුදු
තැල්ල
පිළි (දෙවැනි ගමන සඳහා )
පුරාණයේ නම් කිරිබත්,කැවුම්,කෙසෙල්,තැඹිලි ආදිය පෝරුව මත තැන්පත් කරන ලද බව සඳහන් වන අතර වත්කමේ හැටියට රන්,රිදි,මුතු,මැණික්,පස්ලො කාසි ඒ මත ඇතිරැ බවටද කියැවේ.
ප්‍රථමයෙන් සුඛ මූර්ති චාරිත්‍රයන් උදෙසා නව ජයම්පතින් පෝරු මස්තකාරෑඩ කරනු ලැබේ.

Last edited:
thanks
Good thread