Api Katath Me Gana Danagena Siteema wedagath

1118lakmalkumara

Well-known member
  • May 21, 2009
    30,472
    3,165
    113
    斯里蘭卡
    මේ ගැන දැනගැන හිටීම වැදගත් යැයි සිතමි ;);)

    මංගල චාරිත්‍ර

    සුද්ද රිවි කුල ඉපිද බෝසත් කුමර සිදුහත් මංගලම්
    ලුද්ද වඩවා මාර දෙවිඳුන් පරාජය කළ මංගලම්

    සිද්ද මේ සිරිලකට වැඩ දම් දෙසු දින සුබ මංගලම්

    බුද්ද රත්නෙ අනුහසින් මේ යුවතිපති හට මංගල


    විවාහ මංගල්‍යය අනෙක් සෑම මංගල අවස්ථාවකටම වඩා වෙනස් හෙළ කුල සිරිතට අනුව ඉෂ්ට සිද්ද වන්නාවූ උත්සවයකි.එහි ඉටු කරන චාරිත්‍ර අතුරින් මංගල පෝරුවට හිමි වන්නෙ සුවිශේෂි ස්ථානයකි.


    Jayani.jpg


    පෝරුවේ ‍චාරිත්‍ර හා බැදුණු පැරණි මත


    පෝරුවේ උපත කවදා කොතැනකදී සිදුවීද යන්නට පැහැදිලි සාක්ෂි නොමැති හෙයින් ඒ පිළිබඳ විවිධ මත පළ වී ඇත.මහ සම්මත රජ දවස සි‍ට පෝරුව පැවත එන බවත් මහ සම්මත රජු සහා මැණික්පාල කුමරිය නොහොත් මුතුකෙලී කුමරියගේ විවාහ මංගල්‍යය සඳහා චන්දගිරි පර්වතයේ වෙසෙන විස්කම් දිව්‍යරාජෝත්තමයන් නරලොවට පැමිණ ප්‍රථම මංගල පෝරුව නිර්මාණය කළ බව සඳහන් වන අතර නෙළුම් පත්මයක ඕපපාතිකව උපන් පත්මාවති කුමරිය බරණැස් රජුට සරණ පාවා දුන් තැන් සිට පෝරුව පැවත එන බවත් පත පොතේ සඳහන් වේ.සිද්ධාර්ථ - යශෝදරා කුමරියගේ විවාහ මංගල්‍යයේ පටන් පෝරුව පැවත එන බවටද මතයක් පවති.පෝරුව යුවතිපති දෙපළට සෙත් ශාන්තියක් උදා කරන තැනකි. පොළවට මඳක් ඉහළික් සකස් කරන ලද පුවරුව පෝරුව යන්නෙන් හඳුන්වන අතර මල් ලියකම් වලින් එය අලංකාර කර ඇත.


    මංගල පෝරුව චාරිත්‍ර සඳහා අවශ්‍ය දව්‍ය

    සුදු රෙදි යාර 2
    සුදු හාල් කැලෝ 1
    ලදපස් මල් පැකට් 1
    පඬුරැ 21
    බුලත් අත්7
    පිරිත් නූල් කැබැල්ලක්
    කෙන්ඩියක් හො සංඛයක්
    පැන් වැඩිමට භාජනයක්
    පොල් මල් 4
    පොල් ගෙඩියක්
    මැ‍ටි පහන් 4
    පහන් තිර පැකට් 1
    පොල් තෙල් බෝතල් 1/2
    කැත්තක්

    මනාලයා විසින් ගෙන ආ යුතු කළමනා


    හඟල හුරැලු සඳහා බුලත්
    කච්චි හේලය (මනාලියගෙ මෑණියන්ට පිදිමට)
    මංගල මුදු
    තැල්ල
    පිළි (‍දෙවැනි ගමන සඳහා )


    පුරාණයේ නම් කිරිබත්,කැවුම්,කෙසෙල්,තැඹිලි ආදිය පෝරුව මත තැන්පත් කරන ලද බව සඳහන් වන අතර වත්කමේ හැටියට රන්,රිදි,මුතු,මැණික්,පස්ලො කාසි ඒ මත ඇතිරැ බවටද කියැවේ.

    ප්‍රථමයෙන් සුඛ මූර්ති චාරිත්‍රයන් උදෙසා නව ජයම්පතින් පෝරු මස්තකාරෑඩ කරනු ලැබේ.


    Iresha.jpg


     
    Last edited:

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,472
    3,165
    113
    斯里蘭卡
    සතර වරම් දෙවියන් උදෙසා පහන් දැල්වීම


    පෝරුව සිව් කොනෙහි ධෘතරාෂ්ට, විරෑඬ,විරෑපාක්ෂ, වෛශ්‍රවණ යන සතර වරම් දිව්‍යරාජෝත්තමයන් වහන්සේලා උදෙසා පුන් කලස් මත පහන් දැල්වීම.




    ත්‍රිවිධ රත්න නමස්කාරය

    ත්‍රිවිධ රත්න නමස්කාර‍යෙන් සහ සර්වදේව අවසරයෙන් පසුව හෙළ සංස්කෘතික ‍පෞඨත්වය විදහාපාමින් මංගල බෙරසක් හඬ මැද දකුණු පාදය පෙරට තබා නව ජයම්පතින් පෝරු මස්තකාරෑඩ කරනු ලැබේ.




    දළු මුර පිදීම

    බුලත් හුරැල්ලක් මත පඬුරක් තබා යුවළගෙ අතට දී ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයත් දිව්‍යරාජෝත්තමයන් වහන්සේලාගේ ආශිර්වාදයත් ලබා ගනි. බුලත් කොළ 40කින් සමන්විත වේ.




    භූම දිව්‍යරාජෝත්තමයන්ගෙන් අවසර ලබා ගැනීම

    බුලත් හුරැල්ලක් යුවළගෙ අතටදී දිව්‍ය රාජෝත්තමයන්ගෙන් ආශිර්වාද ලබා ගැනීමේ ස්ත්‍රෝත ගායනා කිරීමත් සමඟ බුලත් හුරැල්ල පෝරුව මත පතිත කළ යුතුය.




    මංගල මුදු පැළඳවීම


    තැල්ල හා පිළි ඇන්දවීම


    අත් කවුතුක බැඳීම


    යුවළගෙ දකුණු අතේ දෙසුළැඟිලි පිරිත් නූල් කැබැල්ලකින් බන්ධන කරනු ලැබේ.


    wed_front.jpg


     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,472
    3,165
    113
    斯里蘭卡
    පැන් වැඩිම

    පිරිත් නූල් කැබැල්ලකින් බන්ධන කරනු ලැබු යුවළගෙ දකුණු අතේ දෙසුළැඟිලි පියාණන් අතින් පැන් වැඩිම සිදු කරයි. තමන්ට අයිති වස්තුවක්අන් අයෙකුට පවරා දීමේදී මෙසේ පැන් වඩා භාර දුන් බව ඉතිහාසය සාක්ෂි දරයි.

    බාලිකාවන් විසින් ජය මංගල ගී ගායනය

    Kanchu.jpg


    හඟල හුරැළු පිදීම

    හත්මුතු පරම්පරාවක් සිහිපත් කිරීම උදෙසා බුලත් හුරැළු 7ක් පෝරුව මත පතිත කිරීම කරනු ලැබේ.


    බුලත් හුරැළු ගෙන නව ජයම්පතින්ට සුභ පැතීම


    කිරිකඩ හේලය පිදීම

    මේ කිරිකඩ හේලය හෙවත් කච්චි හේලය හෙවත් කච්චි කිරිකඩ මනාලියගෙ මෑණියන්ට පෝරුවේදි පිදිම ඉතා ගෞරවනීය ලෙස ඉටු කළ චාරිත්‍රයකි. සිය මනාලියට මනාලියගෙ මෑණියන් පෙවූ කිරි වල පව් අරවා ගන්නට මනාලයා විසින් කිරිකඩ හේලය පිදු බව කියැවේ. මෙයට ඇතැම් පළාත්වල කිරිකඩ කච්චිය හෝ ගෙටදෙන සේළය යැයිද කියති. ඇතැම් පළාතක කච්චි කිරිකඩක් සමග ගිරයක් හා හුණු කිල්ලෝටයක් ද වේ.


    දෑවැද්ද

    මනාලියගේ පියා විසින් මනාලයාට තෑගි දෙන ක්‍රමයක්ද තිබේ. කැත්තක්, උදැල්ලක්, හරක් බානක් හෝ දෙකක්, තුවක්කුවක් සහ රිදී හවඩියක් ද මේ තෑගි අතරට අයත්ය.
    මෙය දෑවැද්ද දීමේ ආරම්භයයි. ඇතැම්විට මෙම දෑවැද්දට ඉඩකඩම්, මිළ මුදල් පවා අයත් විය.



    පෝරුවෙන් බැස්සවීම


    පුරාණයේ සිටම පෝරුව සශ්‍රීකත්වය සංකේතවත් වන ලෙස සකස් කළ බව පැහැදිලිය.ඵසේ හෙයින් ඵම චාරිත්‍ර හෙට දවස වෙනුවෙන් රැක ගැනීම අප සතු යුතුකමකි.

    Thanu.jpg